Saturday, April 4, 2015

සාතනීය ප්‍රේමය

දෙව් පුත්‍ර වෙස් ගත්
සාතන් නුඹට..
මම පෙම් කෙරූවෙමි
කල්ප කාලාන්තරයක් 
ඉක්ම යන්නට කලින්..
ප්‍රේමයක අඳුරෙන්
වැසූණු කල නෙත
නුදුටුවෙමි දෙව් පුතුන්
සාතන්ලාට ජනිත 
විය නොහැකි බව...
යක් ලෙය මිනිස් රත
නොගන්නා බව වෙසෙසින්ම..
පමා වූ නමුත්
සාතන් ඉතින් මම
දැන් නුඹ හඳුනමි..







15 comments:

  1. සාතන් කියන්නෙත් කාලෙකට කලින් සුරදූතයෙකුට නේ?

    ReplyDelete
    Replies
    1. Some religious groups teach that he originated as an angel who fell out of favor with God, seducing humanity into the ways of sin, and who has power in the fallen world.
      -http://en.wikipedia.org/wiki/Satan

      එහෙමත් කියනවා තමා..:)

      Delete
  2. අප්පට බොල, තනියා නියම කිවිඳියක් නේ ..... එල

    ඒ කියන්නේ උඹ දැන් මට පෙම් කරන්නේ නෑ?? හොඳයි බලාගමු :P

    ReplyDelete
    Replies
    1. ඒ.. මූ බැලලයිකාව වයන්න කතා කොළාද ???

      Delete
    2. ඉවාන් :හෑ? උඹේ නම සාතන් ද? දෙයියෝ සාක්කි! ඔන්න බලමු නමක් ගමක් නොදැන පෙම් කොරන්න ගියාම වෙන දේ..:D

      සජ්ජා: සිරාවට මූ ඔය නම දාගත්තේ ඒ සිංදුව අහලද දන්නේ නෑ නේ?
      ඉවාන් ඇත්තටම ඒක ද හේතුව?

      Delete
  3. සත්‍යාවබෝධය ලැබිලා.... නිසඳස එල!!!!

    ReplyDelete
    Replies
    1. එසේය එසේය...සත්‍ය ගවේෂණයේ අවසන් පියවරට සපැමිණියෙමි..තැන්කූ වේවා!

      Delete
  4. හුඟක් දේවල් තේරුම් ගන්න කොහොමත් වෙලා යනවා.. මොනා කරන්නද ඉතින්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මොකෝ මලයා උඹ මේ ටිකේ නිකං මෙලෝ රහක් නෑ වගේ ඉන්නේ?

      Delete
  5. මට අගක් මුලක් තේරෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නේ නැහැ මචං..:)

      Delete
  6. අපි 'ඉන්නද යන්නද' කියලා අන්තිම ලාස්ට් චාන්ස් එකත් දෙනකොට.... මූ කෙලින්ම සාතනීකරණය කරලා.මේ දවස් වල ඉර පායන්නෙ හිස් මුදුනට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං..මේ දවස්වල ඉර පායන්නේ ඉස් මුදුනට..මම ඒ කතාවට කැමතියි උඩින්ම! :)

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි අජිත්..:)

      Delete