Thursday, April 9, 2015

සීයා වෙනුවෙන්

කතාවක් ඇත
වදන් කරනට නොහෙන
සිතේ පෑරුම තවම
සුව ව නැති නිසා..
ලියන්නෙමි දිනක
නුඹ ගැන මම
අද නොලිව්වාට
දුක වැඩිකමට..

අදට අවුරුදු දෙකකට කලින් එළඹුණු ඒ මූසල අප්‍රේල් 9 වෙනිදාව උදා නොවුණා නම්..අදත් සීයා ජීවතුන් අතර..ලියන්නට පොත් පිරෙන්න දේ ඇතත් ලියාගන්න බැරි හිතක් බරට සිතුවිලි ටික තවමත් රිදුම ඇති නිසා හිතේ...
සීයේ ඔබ උතුම් වී නිවනින්ම සැනසේවා..!එතෙක් සසර මග කොතැනක උන්නද නිදුක් නිරෝගි සුවය සහනය සතුට ලැබේවා! 


22 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි උපේක්ෂා..

      Delete
  2. සීයා හොඳ තැනක් ඇති. ඒ ගැන දුක් වෙන්න එපා. ජීවිතේ හැටි... අපි කිව්වට දුක දරාගන්න ඕන තත්වෙට මුහුණ දෙන මිනිස්සු ..... එත් උඹට දරාගන්න පුළුවන්නේ... සීයා නැතිවෙලා දැන් අවුරුදු දෙකයි නේ .... හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ගල් බැම්මකට වුණත් තුවාල කරන්න පුළුවන් ආයුධ තියෙනවා..මේකත් ඒ වගේ..අවුරුදු 20කින් විතරවත් බලමු..
      බොහොම ස්තූතියි මචන්

      Delete
    2. උඹෙ හිත ගලක් කිව්වා නෙවෙයි මචො, එත් මම දන්න උඹට යමක් දරාගන්න හැකියාව තියෙනවා , හිතේ කැලඹීම පිටට නොපෙන්වා ඉන්න අඩුගානේ උඹට පුලුවන්... අවුල් ගියානම් සමාවෙයන්

      Delete
    3. නෑ නෑ අවුලක් නෙවෙයි මචන්..උඹ දැන් සාත්තරත් කියනවා නේ? :P

      Delete
  3. ඔහුට නිවන් සුව පතනවා... හැමදේම දවසක අපිටත් දාල යන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සජ්ජා..ප්‍රියයන් සමීපතමයින් සේරටම කලින් අපිට යන්න පුළුවන් නම්..

      Delete
  4. Replies
    1. බොහොම ස්තූතියි කඩයිමේ ගොයියෝ..

      Delete
  5. මට කවදාවත්ම සීයා කෙනෙක්ගේ ආදයක් ලැබිලා නැහැනේ.. ඒ අතින් උඹ වාසනාවන්තයි.. සීයාට නිවන් සුව..

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඒ ගැන කණගාටුයි මචන්..
      ඔව් ඒ අතින් මම වාසනාවන්තයි..

      Delete
  6. සීයේ නිවන් සුව වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුට්ටෝ

      Delete
  7. තනි තරුවගේ සීයාට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩූඩ්.

      Delete
  8. තරු අක්කේ මේ සට හන කියවද්දී දවසක මළගෙදරක දැක්ක එක වාක්‍යක් මතක් උනා .

    "සෑම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවරවේ "

    ජීවිතේ අපට හමුවන සමීප වන බොහෝදෙනෙක් අපි කැමති උනත් අකමැති උනත් කවදා හරි වෙන් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.බොහොම ස්තූතියි හංසි නංගි.

      Delete
  9. හ්ම්ම්, අවුරුද්ද ලංවෙනකොට සීයාගේ ආදරණීය මතකය දුමීටත් දැනෙනනවා.....දුමීගේ සීයා නැති උනේ අප්‍රේල් 17 වෙනිදාට එළිවන ජාමෙදි....

    ReplyDelete
    Replies
    1. ඔව්.අපේ සීයත් නැති උනේ 9 වෙනිදට එළිවෙන්න. :(

      Delete
  10. ගස් ලබ්බටත් සීයෙක් ඉඳල නෑ නෙ.ඒ නිසා උඹ වාසනාවන්තයි සීයෙක් ලබන්න.සීයා වාසනාවන්තයි උඹ වගේ කෙනෙක් ලබන්න.උඹ තවත් වාසනාවන්තයි 'මරණය' කියන එකට හිත හුරු කරගන්න අවස්ථාවක් ලබන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං..මම වාසනාවන්තයි ඒ වගේ සීයෙක් ලබන්න.මරණය කියන දේ තේරෙන කාලේදි දෙදරලා යන්න දැනුණ වෙලාවක්..ඒකට හුරුවෙන්න අමාරුයි මචං..බැඳීම වැඩි තරමට දැනීම වැඩී..

      Delete