Saturday, March 28, 2020

Pablo Escobar - My father by Juan Pablo Escobar



1949 දෙසැම්බර් 1දා කොළොම්බියාවේදි උපන් Pablo Escobar කොළොම්බියාවේ සිටි මත්කුඩු ජාවාරමේ මහමොළකරුවෙක්, අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක් නැත්නම් කොළොම්බියානු කුඩු රජෙක් හැටියටයි සැලකෙන්නේ. 1993 දෙසැම්බර් 2දා ඝාතනයට ලක්වූ පැබ්ලෝගේ එතෙක් ගණනය කරන ලද වත්කම (1993දී) ඩොලර් මිලියන 30කට ආසන්න වූ බව සඳහන්. ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවක් වන Narcos පැබ්ලෝගේ චරිතය වටා ගෙතුණක්.

මේ පොත පැබ්ලෝගේ පුත්‍රයා විසින් තම පියාණෝ පිළිබඳව ලියැවූවක්. පැබ්ලෝ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූවාට දිළිඳු කොළොම්බියානුවන් අතර ඉතා ජනප්‍රිය වූ ඔවුන්ට විශාල වශයෙන් උදව් උපකාර කළ පුද්ගලයෙක් බව කියැවෙනවා. ඒ වගේම ඔහු තමාගේ සහ තම භාර්යාවගේ පවුලේ සියලු දෙනාටම ඉහළින් සැලකූ බවත් ඔවුන්ට සැප පහසුකම් සැලසූ බවත් කියවෙනවා. නමුත් අවසානයේ ඔහුව පාවාදෙන්නට මූලිකත්වය ගන්නේ ඔහුගේම සහෝදරයා වූ Roberto Escobar බව හෙළි වෙනවා. අන්කල් සෑම්ගේ දායකත්වයත් නොඅඩුව ලැබී තියෙන අතරේ පැබ්ලෝගේ සතුරන්ගෙන් ජීවිත බේරාගැනීමට උපකාර ඉල්ලාසිටින්නට Juan Pablo Escobar කොළොම්බියාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයට යොමු කරවන්නේ Roberto. එතැනදී Joe Toft නමැති ලතින් ඇමරිකා කලාපයේ DEA අධ්‍යක්ෂවරයා ඔහුට පවසන්නේ පැබ්ලෝගේ ෆයිල් ඔහුට ලබාදෙනවා නම් ඇමරිකානු වීසා ලබාදෙන්නට කටයුතු කළ හැකි බවයි. එසේම පැබ්ලෝගේ බිරිඳ, දුව, පුතා සහ පුතාගේ පෙම්වතිය යන හතරදෙනාටම ඇමරිකානු වීසා ලබාදීමටත් ඔවුන්ගේ මුදල් සියල්ල රටින් පිට කරගෙන ඇමරිකානු රජයේ කිසිදු බලපෑමකින් තොරව ඒවා පරිහරණය කිරීමේ නිදහසත් එක්තරා කොන්දේසියක් මත Roberto, පැබ්ලෝගේ මව, පැබ්ලෝගේ සහෝදරියන් හරහා Juan වෙත පිරිනැමෙනවා. ඒ පැබ්ලෝ සම්බන්ධයෙන් පොතක් ලිවිය යුතුයි, ඒ පොතේ අනිවාර්යයෙන්ම හිටපු පේරු ජනාධිපති Alberto Fujimoriට පැබ්ලෝ පළමු ජනාධිපතිවරණයට මුදල් දුන් බවත්, පේරු රහස් ඔත්තු සේවයේ ප්‍රධානී Vladimiro Montesinos සමගත් Fujimori සමගත් ඉතා සමීප සම්බන්ධතා පැවැත්වූ බවත් ලිවිය යුතුයි යන කොන්දේසි. නමුත් Juan සහ ඔහුගේ මව එම කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇති බව කියවෙනවා. නමුත් පසුකාලීනව එම කොන්දේසිවලට අනුගාමීව Roberto විසින් My Brother Pablo යනුවෙන් පිටු 186ක පොතක් එලිදක්වා තිබෙනවා.
පැබ්ලෝගේ බිරිඳ, දුව සහ පුතා හැරුණු විට වෙනත් කිසිදු පැබ්ලෝගේ ඥාතියෙකු පිටුවහල් කිරීමකට ලක්ව නොමැති අතර පැබ්ලෝගේ මවට පවා පැබ්ලෝගේ මරණයෙන් වසරක්වත් ගෙවෙන්නට පෙර අන්කල් සෑම්ගේ රැකවරණය හිමිව තිබෙනවා.

රජෙක් වුණත් බිම හෙළන්න මූලිකත්වය ගන්නේ ඔහු වැඩියෙන්ම විශ්වාස කරන අය වෙන්න පුළුවන්.




No comments:

Post a Comment