Sunday, April 19, 2020

The God of small things - Arundhati Roy

රසවත් පොතක් හම්බවුණාම එක හුස්මට කියවනවද නැත්නම් හිමින් හිමින් හැම වචනයක්ම රස විඳ විඳ කියවනවද?

මේක හැම වචනයක්ම රස විඳ විඳ කියවන්න පුළුවන් පොතක්. ඒ ලියවිල්ල හරියට චිත්‍රපටයක් බලනවා වගේ, මවාගන්න කලින් රූප මැවෙන.

The God of small things, අරුන්දතී රෝයිගේ ප්‍රථම නවකතාව. පොත ලියන්න පටන් අරන් තියෙන්නේ 1992, අවුරුදු 4ක් ගත කරලා (පොතටම කාලය ගෙව්වා ද දන්නේ නෑ හැබැයි) 1996 පොත සම්පූර්ණ කළා කියලායි කියවෙන්නේ. ඇයව ජාත්‍යන්තර කීර්තියට පත් කරන්න මේ නවකතාව සමත් වෙලා තියෙනවා. 1997දී Booker Prize එකත් දිනාගෙන The New York Timesවල වැඩිම අවධානය දිනාගත් පොත් ලැයිස්තුවට ඇතුළත් වෙන්නත් මේ පොත සමත් වෙලා තියෙනවා. ඒ වගේම The New York Times Bestsellers ලැයිස්තුවේ 4වන තැනටත් පත්වෙලා තියෙනවා. 

දැනට 57වන වියේ පසුවන අරුන්දතී ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ ශිලොංවල. ඇගේ මව මලයාලි ක්‍රිස්තියානි කාන්තාවක් වීමත් පියා කල්කටාවෙන් පැමිණ බෙංගාලි ජාතික තේ වැවිලිකරුවෙක් වීමත් ඇයට වයස අවුරුදු දෙකේදී දෙමව්පියන් වෙන්වීම නිසා නැවත මවගේ දෙමව්පියන් වෙත පැමිණීමත් ආදී වශයෙන් වූ ඇගේ ජීවිතයේ චරිත සහ අවස්ථා බොහොමයක් නවකතාවේ ලියැවී තිබෙනවා. සමහරවිට ඇය වටා වූ චරිතවල පිළිබිඹු සහ ආභාෂයන් නිසා වෙන්නට ඇති නවකතාව මේ තරම් රසවත් සහ සජීවී බවක් දරන්නේ.

The God of small things කියවද්දී මතකයට එන්නේම අපේ සුනේත්‍රා රාජකරුණා මහත්මියගේ ලිවීමේ රටාව. එක වගේම නැතත් බොහෝ සමීපබවක් දෙදෙනාගෙම තියෙනවා. විශේෂයෙන්ම ලිවීමේ සජීවීබව, ඇංග්ලෝ ක්‍රිස්තියානි පසුබිම් සහිත දේශීය පවුල්වල ඇවතුම් පැවතුම් සහ සම්බන්ධ සිදුවීම් පැහැදිලි කරනා ආකාරය ආදියේ සමානකම් තියෙනවා.

ඇයගේ දෙවැනි නවකතාව The Ministry of utmost happiness 2017 ජූනි මාසයේ දී ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

පොත බාගත කළේ anybooks app එකෙන්.






No comments:

Post a Comment