බට නලාව, වයලීනය සහ සිතාරය...
ඒ හඬ තරම් මා මුසපත් කිරීමේ හැකියාවක් වෙනත් කිසිවකට නෑ...
සාමාන්‍ය පෙළ තෙක් පෙරදිග සංගීතය හැදෑරු මට ඔය භාණ්ඩ තුන වාදනය කිරීමේ හැකියාවක් නැතිවුනත් (අවාසනාවකට වගේ) ඒ හඬ දවසේ ඕනෑම මොහොතක දෑස් පියා රස විඳීමේ හැකියාවක් තියෙනවා..
බටනලාවට මගේ ප්‍රේමය ඇතිවුනේ මගේ මතකයේ හැටියට තරමක් කුඩා කාලයේදි.ඒ තණමල්විල ප්‍රදේශයේ තිබෙන මගේ ඥාතිවරයෙකුට හිමි අවන්හලකදි ඇසුණු බටනලා හඬක් නිසා.එහි සේවයේ නියුතු මැදිවියේ පුද්ගලයෙකු මහ රැයක බොහොම අපූරුවට බටනලාව වයා පෙන්නුවේ අපව සැබැවින්ම ආනන්දයට පත්කරවමින්..ඒ ශෝකි හඬ රැයේ නිහඬ බව සමග මුසුවී මැවූ ඒ හැඟීම සැබැවින්ම සිතක් සංවේදී කරනා තරම් සුන්දරයි.
එදා සිට බටනලාවක් වාදනය කිරීමේ නොහිම් උන්මාදයකින් මා පෙළුණා..
මගේ සීයාගේ මල්ලි, ඒ කියන්නේ අපේ පුංචි සීයා බොහොම කලාවට ලැදි පුද්ගලයෙක්.වේදිකා නාට්‍යකරණයේත් නියැලුණු ඔහුට තියෙනවා සංගීත ආශ්‍රමයක වගේ භාණ්ඩ එකතුවක් සහ ඒ හැම භාණ්ඩයක්ම වාදනය කිරීමේ මනා නිපුණතාවක්.මුලින්ම මට බටනලාවක් තෑගි ලැබුණේ පුංචි සීයාගෙන්.සීයාගේ ගෙදර එක් බිත්තියක එක් එක් ප්‍රමාණයේ බටනලා එල්ලා තිබෙනවා.ඒවායෙන් ඇස් ඉවතට ගැනීම ඒ කාලයේ තිබූ උන්මාදයේ හැටියට හරි අපහසු කාරණාවක්..සීයා බොහෝසෙයින් ප්‍රිය කළ ඒ එකතුවෙන් එකක් මට තෑගි දෙන්නට තරම් ඔහු නිර්ලෝභී වූයේ මගේ තරුණ ඇස්වල දිලිසුණු ඒ බටනලා උන්මාදය ඔහුත් හොඳහැටි දුටු නිසා විය යුතුයි...
එදා සිට බටනලා හඬ මා මහ මගක නවතන්නට පවා සමත් හඬක් බවට පත්වුණා කිව්වොත් නිවැරදියි.කොළඹ කොටුවේ කාර්ගිල්ස් බිල්ඩිමේ බොහෝ වෙලාවට රැඳෙන අන්ධ යුවළක් සිටිනවා.ඒ අන්ධ පුරුෂයාත් බොහොම ලස්සනට බටනලාව වයනවා..දවසක එතැනින් යද්දි එක්වණම නැගුණු ඒ හඬ මගේ දෙපා මට නොදැනීම නවතාලන්නට සමත්වුණා.යායුතු කටයුත්ත මොහොතකට නවතා ඒ හඬ රස විඳ හැකි අයුරින් මුදල් ආධාරයක් කොට මා එතැනින් නික්මුණේ සිතකින් නම් නොවෙයි..
ඒ වාගේමයි වයලීනය..
හොඳින් තත් සුසර කළ වයලීනයකින් වැයෙන හිත පාරවන විරහී හඬට මම හරිම ලෙන්ගතුයි..
සාමාන්‍ය පෙළ පෙරදිග සංගීතය ප්‍රායෝගික විභාගය වෙනුවෙන් අපට අංශ2ක් තිබුණා :ගායනය සහ වාදනය වශයෙන්.වයලීනයට තිබූ ඇල්ම කොතරම්දැයි කිව්වොත් වයලීනය වාදනය උගැන්මට පංතියකටත් ගියා.ඒ ආසාව නිසාම මට අපේ සීයා වයලීනයක් මිලදී ගෙන දුන්නේ සංගීතයට ඔහු තුළ දැඩි ඇල්මක් තිවූ නිසා සහ ඔහුගේ දරු මුණුපුරන් සංගීතය විඳිනු, ගයනු වයනු දැකීමෙන් ඔහු තුළ ඇතිවූ නිම් නොවන සන්තෘෂ්ටිය නිසා විය යුතුයි.
ඉන්පසු දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ වයලීන සහ සංගීත පංතිවලට මාස කීපයක් සහභාගිවුවත් වයලීනය නම් හරි හැටි උගැන්මක් වුණේ නෑ.ඒත් අපේ නංගීට නම් වයලීනය වැයීමේ සහජ දක්ෂතාවක් තිබෙනවා.අවංකවම කියනවානම් එයින් නිසි ප්‍රයෝජනය අරගත්තේ ඈ යි.
සිතාරයට බොහොම ප්‍රිය වුණත් ඒ වාදනය කිරීමේ අවස්ථාවක් නම් මට හිමිවෙලා නැහැ.ඊට හේතුව බටනලා හා වයලීන ප්‍රේමය එය යටපත් කරගෙන නැගී සිටි නිසා වන්නටත් පුළුවන්.අනික් කාරණය සිතාරය තරමක් අසීරු භාණ්ඩයක් වීම.කුඩාම කාලයේ නම් මටත් වඩා උසැති සිතාරයක් පුංචි සීයලාගේ ගෙදරදි අත ගා බැළු මතකයක ඡායාවක් මගේ හිත් කොණක තිබෙනවා.
මගේ සීයා නිතරම කියූ එක කියමනක් මේ ලියන මොහොතේ මගේ සිහියට නැගෙනවා.ඒ 'සංගීත රසාස්වාදනයක් නොමැති පුද්ගලයෙකුගේ ජීවිතය සැබැවින්ම අසම්පූර්ණ බව'යි.ඒ කතාව කොයිතරම් සත්‍යක්දැයි සිතෙන්නේ හැමදා දුවනා මේ තරඟයෙන් හති වැටුණු මොහොතක සංගීතය වෙහෙසෙ නිවනා හැටි හරියටම අත්දැකි මොහොතකයි.මනස සන්සුන් කරන්නට සංගීතය තරම් දිව ඔසුවක් තවත් නැති බව කියැවෙන්නේ ඒ නිසා විය යුතුයි.

//හැමදා දුවනා මේ තරඟයෙන් හති වැටුණු මොහොතක සංගීතය වෙහෙසෙ නිවනා හැටි// මෙතන ගීතය කියල තිබුණ නම් මටත් මෙහෙම ම කියන්න පුළුවන්.
ReplyDeleteගීතය සහ සංගීතය එක මගක අත්පටලවා යන දෙදෙනෙක් නේ දිලිනියෝ.ඒක නිසා ඔබ කියන්නට එකඟයි:)
Deleteබටනළාවට සහ වයලීයනයට බැඳි පෙම මටත් සිතාර් වාදනය උගැන්ම අමතක කලා. මීට අමතරව පියානෝව හැදෑරුවත් තාමත් මගේ ආදරය හිමිවෙන්නේ නම් වයලීනයට.
ReplyDeleteවයලීනය වයන්න පුළුවන්වීම සත්තකින්ම වාසනාවක් බස්සි!:)
Deleteපාළුවේ දෙවියා බටනලාව නේ.. වියෝවේ දෙවියා වයලීනය... දුකේ දෙවියා සිතාරය..
ReplyDeleteෂා! නියම කතාව! :)
Deleteලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteපැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්
සුභ පැතුමට ස්තූතියි! ඔබටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!
Delete