Tuesday, February 3, 2015

අමුඩ රෙද්දෙන් පිට්ටු තැම්බීම

බුකිය දැන් එකම විකාරයකි.දේශපාලන මත ඉවසන්නට බැරි සමහර ගිනිපුක්ගායකාරයන් කොරනා විහිළුවලට මට හිටං හිනාය.යකෝ මම ලියන්නේ මගේ තාප්පේය, මම පෝස්ටර් ගහන්නේ මගේ තාප්පේය.කොහෙවත් යන උන්ට රුදාවය! ඒකත් හිනාව බඩයන්නට ගන්නේ ජනවාරි 9වෙනිදා තෙක් ඡන්දයක් ගැන මුකුත් නොදන්නා සේ හිටි පතෝල කරල්ද දැන් නයි කොච්චි වී ඇති හැටි දැකලාය.අම්මපල්ලා මට නම් මේ දැනුත් හිනාය!උන් උන්ගේ පු**වල් සපාගෙන සැරට දනෝ දනෝ කියා මගේ තාප්පේට චූ කරන්න එන්නෝය..! යහපාලනේ එච්චරකට නැගලා යන්නේය..!

උන්ට කියන්නට ඇත්තේ:

මගේ කැමැත්තට මම කවි පබඳින්නේ
මගේ තාප්පේ මගෙ ඩාටා යන්නේ
දිරවන්නේ නැති යමෙක් නම් මෙහි ගැවසෙන්නේ
මං මක් කොරන්නද නැත මා උන් කැඳවන්නේ

තුන්සක රියක පිටුපස ගහලා තිබුණේ
නිසි වදනමයි එයමයි මට සිහිවන්නේ
"ළිඳ මගේ නම් මම ළිදේ නම් ඉන්නේ
වෙන කවුරුවත් මොටදෝ මේ දුක්ගන්නේ"

මම දකිනා මට දිරවනා යහපාලනයක මූලික ලක්ෂණය ඔහොම නෙවේය.ඒ වුණාට පහුගිය කාලයේ රත්වූ මා ඇතුළු 58ලක්ෂයකගේ ලේ පිරිසිදු කරනුවස් යහපාලනයේ නාඩගම නැගලා යනවාය.ඒ නාඩගමේ තරමට මට සුන්දර හීනත් පෙනෙනවාය.එව්වා මරුය..මම හැමදාම රෑට නිදාගන්නේ යහපාලන හීනයක් පෙනීයන් කියාය.සූනියම් පෙට්ටියේ 7ට, 8ට, 10ට පෙන්වන යහපාලන පුවත් බැලූකල තවත් ආතල්ය.ඒක නිසා මම එව්වා බල බලා නිදන්නට යනවාය.ඉස්සර හංස බෙටි ඇහිලූ උන්දැලාට තිබූ ලොකුම විප්පයෝගය, හංසයාට වඩා බුලතා පෙට්ටියේ ඉන්නවා කියන එකය.කොයිතරම්ද කිවහොත්, උන්දැලා රාජ්‍ය මාජ්ජ ආයතන පරිපාලනය පිළිබඳව විජේවීර ලොක්කා වගේ දේශනා තියන්නටද තැතනුවෝය.මම නම් කියන්නේ දැන් රාජ්ජ මාද්දිය පමණක් නොවේය අනික් එව්වාත් සිරිසේනකරණීය වෙලාය.පෞද්ගලීකරණයේ මෑණියෝ වන දෝන විස්කි චන්දිරිකා රෝස කුමාරිහාමිගේ ගෝල මිස්ටර් ප්‍රසිඩන්ට් පඹතුමාට ඔහොම සප් එකක් හම්බුවීමේ පුදුමෙකුත් නැත්තේය.ඒ වුණාට යහපාලනය බොක්කෙන් අනුගමනය කරනා ඉතුරු ලක්ෂ62ට පුදුමය, හෙන අවුල්ය! උන් එච්චරටම සුද්දවන්තයෝය! මේ මාජ්ජ නිදහස සිරිසේනකරණීයවීමට විරුද්ධව උන් දැන් මෝඩ ගඩොල් එකතු කිරීමේ ව්‍යාපාරයක් කරන්නෝය.ලොකුම ගඩොල එක් වූ නැකතට ගල් ගැහීම පටන් ගන්නට නියමිතය! 

අර දින 100ක කියා හෙන ගනකම් පත්තර පිටු 4ක් බෙදබෙදා ගිය හංසයෝ කලේ මහ අපරාධයකි.අපේ ගෙදරත් ඒ පත්තර පිටුවෙන් මම මැස්සෙකු මැරූ නිසා විසික් කොරලාය.නැත්නම් දැන් දින 100ක වැඩක් පලක් වෙනවාද කියා මට ද රිපෝර්ට් කොරන්නට තිබුණාය.කොහොම වුණත් මට නම් දැන් ඒකේ තිබූ ඒවාට වඩා වෙනස් වෙනස් බහුභූත දකින්නට ලැබෙන්නේය.

මුල පටන්ම කොළේ කසිප්පු අල්ලන්න පනින පොලෝසියේ භූමිකාවය.අම්මපා ඒ අතින් නම් රනිලයානෝ මාර ලකීය.මන්ද යත්, උන්දැ පඹාධිපතිට කියා ටොක්කක් අන්නවන්නට කලින්, උන්දෑගේ ගෝලයෝ රොත්ත සරම් කරට ගෙන පැනලා හොරු සේරෝම අල්ලන නිසාය..මෙහෙව් ප්‍රීතියක් රට වැසි අපට නම් කාලෙකින් ලැබිලා නැත්තේය.ඒ නිසා අපි හුරේ තියමින් ප්‍රවෘත්ති කියා අලුතින් පෙන්වන මෙගා නටාකේ බලන්නෙමුය.මං නම් ආසම වන්ෂොට් අයියාට සහ සුජීටය.එයාලා මාරම දක්ෂය.මහින්ද මාමාගේ මූණු තියෙන ඔරලෝසුවක් හොයාගත්ත දවසට, ලිතක් හොයගත් දවසට එයාල කතා කරන හැටියට මගේ ඇස්වල හදවත් ලකුණු මතුවෙනවාය..තව කී දෙනෙකුට එහෙම වෙනවාද දන්නේ නැතිය..අප වැනි ලේ මාපිල්ලුන්ට එහෙම වූවාට හංස බෙටි ඇහිලූ උන්ට එහෙම වෙලා නැත.හරි පුදුමය!



ඒ විතරක් නම් මදිය.මම නම් කොහොමහරි බලාඉන්නේ අසාද් සාලි වැනි ජාතික වීරවරයෙක්ට සැට්වෙන්නටය.උන්දැගේ සුරුවිරුකම් කෙතරම්ද යත්, අගවිනිසුරුට ගෙදරට ගොසින් තග දාලාත්, ඌට විරුද්ධ ඇක්ෂන් එකක් ගත හැකි එක බල්ලෙක් ලක් පොළොව මත හිටියේ නැත.ඒ වෙනුවට අපගේ රටට හිතැති තෙතැති ඔතෑනි පඹාධිපති ලියුම් කරදහියකින් ශිරාණි ඇන්ටි ගෙන්වා අගවිනිසුරු කෙරුවේය.ඒ උන්දැගේ අවාසනාවත් පශ්චිම භාගයට අගවිනිසුරු ආසනයෙන් එක දවසක නාමික සැපක් දෙන්නටය.මරු කියන්නේ මට නම් හිතෙන්නේ මේ සිරස සුපර් ස්ටාර්වලට වඩා සුපිරි අළුත් රියැලිටි නාඩගමක් කියාය.දැන් මාගේ ඒකායන පරමාර්ථය සිරීගෙන් ලියුමක් ගෙන ඔය වාගේ පට්ට උස තනතුරකට දවසකට පත්වී පැය 24ක පොඩි ආතල් එකක් ගන්න එකය.ශිරාණිට වඩා මම හැඩ නිසා එච්චර ගේමක් නැතිය!

අර සමහර මෙගාවල අද ඉන්න නිළිය හෙට නැතිවෙලාය.අම්මපා අපේ උසාවිවලත් එක ගෑණියෙක් ඇස් වහන් ඉන්නාවිට එකියෙක් ඇවිත් හොරෙන් වාඩිවෙලා හිඳ බැහැලත් ගිහිල්ලාය..!

අපේ සයිබරයේ ඉවාන් ලියූ චිට් එකක කතාවක් මට මතකය..අනේ අපි නොහිතූ ලෙස යහපාලනේත් චිට් එකකින් කෙරුණාය. ප්‍රීති! ප්‍රීති!!ප්‍රීතී!

ඇයි ඒ විතරද? තෙවරප්පෙරුමගේ සීන් කෝන් එක ඊටත් වඩා ආතල්ය.අළුත්ගම බෞද්ධ-මුස්ලිම් ගැටුම වෙලාවේ තෙවරප්පෙරුම ගොසින් මුස්ලිම්වරු රැක්කේ කිකිළි බිත්තර රකින්නා වාගේය.එහෙව් කිකිළි, නැත කුකුළා මහ දවාලේ දෙමළ ප්‍රාදේශීය සභා මංත්‍රීවරයෙක්ට ටවුමක් මැද දණගස්සා පහර දුන්නේය..එතකොට එය පුදුමාකාර යහපාලන තියරියකි!ටවුමක් මැද මෙගා ෆෝනයකින් කුනුහප්ප කියූ තෙවරේ විහිළු නොදන්නා උන්ට ආදර්ශයකි!

තෙවරේගේ ගෝලයෙක්ද මන්දා පස්සේ වත්තල ප්‍රදේශීය සභාවට පැන හුරතල් වුණේය.මට යන්න බෑ බෑ කියද්දි ප්‍රදේශීය සභාපතිට තොත්තු දෙන්න ගිය හැටි අපි වීඩියෝවලින් දුටුවෙමු ය.මෙව්වා සේරෝම බලාගෙන රනිල් සුදා පාර්ලිමේන්තුවේ ටොකු අන්නන සිඟිති ආතල් ගන්නා හැටි මරුය.එයා කොහොමත් ඉංගිරිසියෙන් හිතා සිංහලට පරිවර්තනය කොරනවා තමාය..ඒත් ඔය කතාව ඉංගිරිසියෙන් හිතුවේ කොහොමද කියා දැනගන්න මාත් ආසය.අනේ එයා හලී ශ්වීට් ය..!

යහපාලනේ නිසා දැන් නම් මගේ ඔළුගෙඩිය එන්න එන්න අවුල් වෙනවාය.බුලතේ හිටපු ලේකමා ආප්ප කා පැනගොස් හංසයෙක් අටවාගත්තෝය..! අටවාගත් හංසයා උදේ හවා ගඳ ගහන ගූ හැලියක් අටවා ගත්තේය!දැන් එතකොට එයා පඹාධිපති තැන්පත් ලෙස පත්වූයේය.උන්දැට සප් එක දුන් අලි රැල මේන් රෝල් එකට අවතීර්ණ වී ඇමැතිකම් ලබාගත්තෝය.ඇමතිකම් ස්ථිර කරන්නත් කලින් කට්ටිය හොරා-පොලිස්, රොබින්-මැරියන් කරන්නට ගත්තෝය..මහින්ද මාමා වටේ හිඳ කෑ හැකි තරමක් හොරා කෑ උත්තමයෝ උස්සාගත් සරම් බිමට පාත්කරගෙන සිරිසේනට අල්ලන්න ආවෝය.සිරිසේනත් බෑයි නොකියා හායි කීවේය..දැන් උන් සිරිසේනගෙ සරමෙන් මොට්ටැක්කිලි ඇඳගෙන අප්පච්චි මලා, අප්පච්චි හොරා, ඕකා අපිව කෑවා, ඕකා මට ගැහුවා කියා හොටු පෙර පෙරා අඬන්නට ගත්තෝය..! ඔක්කෝටම වඩා ගැරහුමට ලක්වුණු අපේ අහිංසක කොටි පැටියා වන කරුණා අම්මාන්, මැරකමේ පියා වන හුලිජ්ජගේ මැරවින්, සිරිසේනගේ සරම් කූඩාරමට රිංගා ගත් හැටි නම් මාර ආතල්ය..ඉස්සර කරුණාට කොටියා කොටියා කියූ හංස බෙට්ටෝ දැන් හ්ම්ම් සද්දක් නැත.කොටියා පූසා වෙලා වන්නට ඇත්තේය..

ඊටත් පස්සේ හංස ලකුණින් ආ පඹාධිපතිට කලින් හිටි බුලතේ සභාපතිකමත් ඕනෑ වූයේය.! අම්මපා බල තණ්හාවකට හෙම නොවේය..හුදී ජනයාගේ අහවල් සංවේගය උදෙසාය..! දැන් එතකොට මට මේක මහ අවුල් ජාලයක්ය..අලි අච්චර ගිරිය කඩන් කෑගහලා කඩේ ගියේ බුලතේ ලේකමා රජකොරන්නට ය! ලේකමා දැන් සභාපතියාය..! එතකොට සිරිසේන හංස පූට්ටුවේ නොව බුලතේ නියෝජිතයාය..එතකොට කෝ යකෝ හංසයා?? රනිල් අප්පුඩි තලතලා අපේ ආණ්ඩුවයි ගයන්නෝය..! ඒවුණාට ජනාධිපතිවරණයේදි අලියෙක් අපි නම් හීනෙන්වත් දැක්කේ නැත..කොළ අලියා ලිංගික විපර්යාසයකින් සුදු හංසයෙක් බවට පත්වෙලා ද කොහෙදෝ තිබුණේය..එතකොට කොහොමද යකෝ අලි ආණ්ඩුවක් වෙන්නේ???

ඉස්සර මහා ඡන්දෙට මක්කාවත් නොකරන බව කියූ රටේ පඹාධිපති පස්සේ දවසක කිව්වේ බුලත නියෝජනය කරන බවය..! අම්මපා එතකොට කෝ හංසයා සහ ගූ හැලිය??

මේක මාරම මාර විගඩමකි..ඒ අස්සේ රෙද්ද හදාගත් නිමල් සිරිපාලයාණෝ දුටු තැන්හී වරදේ බැඳෙන්නෝ, සිරී අපේයැයි අපේ සිරීයැයි කියා කට පිහ ගත්තෝය..! දැන් බහු භාර්යා සීන් එකක්ය...සිරිසේන හංසයාත් අලියාත් බැඳගෙන ඇත්තේ බුලත දික්කසාද නොකොටය..! යකඩෝ..ඒක නම් සුවර් එකටම මුස්ලිම් නීතියේ හැටියට කොරගත් එකකි..!

ඊටත් හපන් හිනා යන කාරණය, අලි සේරෝම බුලතේ හිටපු ලේකමා රජ කොරන්නට පැට්ටෝල් පුච්චාගෙන, අවුරුදු ගාණක් තිස්සේ රනිල්ගේ සිඟිති ආතල් ඉවසා දරාගෙන හෙන කට්ටක් කෑ අලියාගේ හිටි ලේකමා හිරේ තැප්පවීමය..!!


අහ්හ් තව ඩිංගෙන් අමතක වෙනවාය...ඇයි හත් දෙවියනේ, හිරුණිකා...!! තමන් දණින් වැටී වැඳගෙන ඉඳලාත් දුමීට දඬුවම් නුදුන් නිසා මහින්ද මාමාව අතැර ජනේලයෙන් පැනගොහින් හංසයාට දුන් හිරුණිකාගේ ඒකායන පරමාර්ථය වූයේ දුමීට කෙළකිරීමය..ඒත් තවම නම් ඒකත් වෙලා නැත්තේය..සිරිසේන පඹාධිපතිවූවාට පසු බුලතේ සභාපතිකමටද විද්දත් තාම දුමී එහේ ඉන්නවාය..හිරුණිකාත් වටේ ගොස් ආයෙත් දුමී ඉන්නා පක්සෙටම ආ එක ඊටත් වඩා ආතල් ය..දුමීට ඕන නම් මෙහෙම කියතහැකිය "මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී.."
මට ඇති ප්‍රශ්නය, 'හිරුණිකා මගේ හීරෝ කියන විස්කිටවත් අම්මපා බැරිවුණාද සිරිසේනගෙන් තුණ්ඩු කෑල්ලක් අරන් දීලා දුමී එලවන්න?'

ඒ අල්ල පනල්ලේ කොළොන්නාවේ කස්ටියක් සංවිධායක ධූරයෙන් දුමී අයින් කොට හිරුණිකා පත්කරන්නැයි ගිරි කඩාගෙන කෑ ගැසුවෝය..හැබැයි හිරුණිකා ඒ බව දන්නේ නැතිය! හරිම පව් ය! එක ගැහැණියෙක් මීගමුවෙන් කුලියට ගෙනල්ලා වාගේ පොළොවේ හැපි හැපී අපිට හිරුණිකා දෙන්න කියා ගැහූ විලාපයට එවෙලේ රූප පෙට්ටිය ලඟ හිටි මගේ කණක් නෑසී ගියේය..ඒත් සුදු නංගී ඕවා දන්නේ නැත්තේය...දන්නවා නම් 'අනී' කියා උඩ පැන සිනහ පාන්නට තිබුණාය...

හිනා වෙන්නම හිටං ඉඳලා අමාරුය..මම පොඩිත්තකට වාඩි වෙන්න යනවාය..!

85 comments:

  1. කොහොමත් උඹලට අංගොඩින් මෙහා තැනක් නම් හම්බ වෙන එකක් නෑ.. තව ටික දවසකින් හැදෙනවා පාචනේ, හෙවත් නොනවත්වා බඩ යෑම. ඊළඟට නින්දෙන් බිය වීම. ඊළඟට මැදමූලනග්ගාය.. අන්තිමට පිස්සු ට්‍රිබල් වෙලා අර එස් බීත් එක්ක හෙළුවෙන් දිවීම. මැද මාවතේ හිටියන් අවුලක් නෑ.. ඕනවට වඩා දෙන්න ගියහම ඔහොම වෙනවා..

    ReplyDelete
    Replies
    1. අනේ මාතේ ඔය සරම පහලට දාන්නකෝ..කැතයි ගඳයිනේ අනේ..චී..!

      මචං මම මැද මාවත උඹට වඩා නම් දන්නවා..මට කිව්වට උඹත් මැද මාවත දන්නේ නෑ..ඒ වග ඉතින් මුල පටන් පෝස්ටු කියෙව්වම තේරෙනවනේ..:)
      මම නම් කාටවත් තාම දෙන්න ගිහින් නෑ මචං අවවාදෙට නම් තැන්කූ..අත්දැකීම් සහිත වැඩිහිටියෝ යමක් කිව්වම මම පිළිගන්නවා..

      Delete
    2. මම සරම් අඳින්නේ නෑ මචං.. උඹලා වගේ සරම් බැනියන් ගහන ගෝත්‍රිකයෝ නෙමෙයි අපි.. සුද්දෝ වගේ මිනිස්සු..

      Delete
    3. අප්පට සිරි! උඹ පොෂ් ඈ! අනේ සමාව භාජනේකට දාගන් මචෝ...මාත් සරම් බැනියම් නම් අඳින්නේ නෑ...:D

      Delete
    4. සරම් අඳින්නේ හැබෑවට නෙමෙයි.. මනසින්.. අමුඩ ගහන මහත්වරු..

      Delete
    5. ඒකත් ඇත්ත..බ්ලොග්වල වැඩි හරියක් ඉන්නේ හුඟක් දේවල් මනසින් කරගන්න කට්ටිය නේන්නම්..! මනසින් අමුඩ අඳින එකත් මරු ඇති නේ මචං..?

      Delete
    6. මාතලන් මාමා ටිකක් නෝන්ඩි වෙලාද කොහේද....!

      Delete
    7. මාමා මාව හම්බුණොත් ඩෙවල් දානවා ෂුවර්! හැක් හැක් හැක්!

      Delete
  2. යාන්තම් ඇති.... නැවත ප්‍රකුර්ති තත්වයට.... සැවොම එක්වී යහපාලනයට දිනපතා ජම්බු දෙමු....

    පොලොන්නරුව පැත්තෙන් ගෙන ආ සේනා...
    අලි බෙට්ටක් ගිල්ලා වාගේ පේනා....
    ලොල්ලන් සමග නිදි වැද පුරු පුරු ගානා
    පරයන් හට රට දෙනවා වර වානා


    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රකෘතිය තවෙකෙකුගේ ප්‍රකෘතිය නැතිකරන්නේය..ඕන්න දේශප්‍රේමී වැඩිහිටියා මට ඇඩ්ඩයිස් එකක් දීල ගොහින්..

      Delete
    2. ඒ අලි බෙට්ට ගෙන ආවා ලොකු නෝනා
      ''හෙළ'' ලුණු දමා පෑවා රාජිත ''නානා''
      මෝදිගෙ හැට්ටෙ ගලවපු සුන්දර හූනා
      ගිලදා බෙට්ට කීවා ''නිමලුත් ඕනා!''

      Delete
    3. gayathri +++++++++

      දෑතින් රැගෙන උපහාසේ රන් කඩුව
      ගෙනයමු ඉදිරියට යහපාලන කවිමඩුව...

      Delete
    4. ගයත්රිගේ කවි හැකියාවට ප්‍රණාමය. කොමෙන්ට් බලනෙක මෙච්චර ෆන් කියල අක්වුරුත් කිව්ව්වේ නැත්ද?

      Delete
    5. අනිවාර්යෙන්ම ගයාත්‍රිගේ හැකියාව අගය කළ යුතුමයි අජිත්..කොහෙන් ඔහොම වචන එනවද මන්දා..කමෙන්ට් කියවන එක ෆන් මොකද කට්ටියගේ අදහස් මතිමතාන්තර බොහොම ලස්සනට ගැලපිලා එන්නේ එතනදි නිසා..:D

      Delete
  3. ඔච්චර හදිස්සි වෙන්න දෙයක් නැහැ තරුව..... අපි අවුරුදු ගානක් සද්ද නැතුවා කලින් උන්දැගේ නාඩගං බලාන උන්නානේ... උන්දැගේ විතරක් නම් කමක් නැහැ.... ගෝඨා අයියා මිනීමරපුවා... බැසිල් ගසා කාපුවා.... නාමල් යුවරජ වෙන්න හදපුවා.. යෝෂිත නාවික හමුදාවම නටවපුවා.... රෝහිත ගුවන්ගත කරපුවා.... අයියාගේ පුතා දේවාල කරපුවා.... තව ඒමට මචං.....

    මේ අාණ්ඩුව සීයට සීයක් හරි නැහැ තමයි... ඒත් ඔය තරම් ෆෝම් වෙලා කෑ ගහන්න තරම් දෙයක් තාම වුනේ නැහැ... උඹලාට කලිං කට පියං ඉන්න පුළුවන් වුණානම් අැයි දැන් බැරි..... යකෝ තාම පටං ගත්තා විතරයි..... තව හොරු ඒහෙම්මම.... පවුලේ හොරකම් තාම අැල්ලුවේවත් නැහැ... තාම දුමින්දලා.. තිස්සලා යන්නේ............

    ReplyDelete
    Replies
    1. හදිස්සියක් නෑ මචං කිසිම..අන්න ඔය කියන ඒවා ඔප්පු කළා නම් හොඳ නැද්ද? බලන්නකෝ ඔය දෙකයි පණහේ පොඩි පොඩි එව්වා නෙවෙයි අපිට ඕන ලොකු ලොකු වැඩ..
      මම තාම නම් ෆෝම් වුණේ නෑ මචං..අනික ඉස්සරත් මම කට පියන් හිටියේ නෑ..වැරැද්දට වැරද්ද කියල මම ඕන තැනක කතා කරලා තියෙනවා..බ්ලොග් ලියන්න කලින් නම් බුකිය පට්ට ගහලා තියෙනවා..
      මෙහෙමයි මචං හොරා පොලිස් සෙල්ලමේ අමුතු ආතල් එකක් තියෙනවා..හැබැයි මිනිස්සු ආණ්ඩුවකින් බලාපොරොත්තුවෙන්නේ ඒක විතරක් නෙවෙයි..දැන් ඒ ආතල් එක ඇතිවෙලා තියෙන්නේ..අනික මචං හොඳට බලපන් අද මාධ්‍ය මැදිහත්ද කියලා..ඔය ඔක්කෝම චැනල් ටික දාලා..එහෙම වෙද්දි සිරිසේන මට හිස් එක්සිලන්සි කියන්න එපා, මගේ කටවුට් ගහන්න එපා කියලා හරියන්නේ නෑ නේ? අනික රූපවාහිනියටයි අයිටීඇන් එකටයි දැම්මේ ගොට්ටෝ නෙවෙයිද? ටෙලිකොම් එකට දැම්මේ මල්ලි? මොනාද ටෙක්නිකල් සුදුසුකම් වගයක් නම් කවුද දීලා තිබ්බා කොළයක් පුරවන්න..ඒත් ඒකේ විනිවිද භාවය මොකද්ද?එතකොට ටෙලිකොම් චීෆ් ඔෆිසර්ට වරායේ හිටි මෙලෝ හසරක් ටෙලිකොම් ගැන නොදන්න එකෙක් දාන්න යෑමේ තේරුම මොකද්ද?තාම පටන් ගත්තා විතරයි තමයි, හැබැයි මචං පැච් ගාණ වැඩියි..

      මලිත්ට ගැහුවම ඇයි බං චංචලා අඬන්නේ?

      Delete
    2. මචං මලිත්ට ගැහුවාම චංචලා අඩන්නේ අැයි කියලා නම් අපි දන්නේ නැහැ... ඒත් මාතාට උඹ බැන්නා ම නෙමෙයි අපි මේ පෝස්ටුව දැම්මේ අපි මේ පෝස්ටුව කොටලා දාන්න කලින් මාතා ඒක දාලා ගිහිල්ලා... අනික උඹ බැනපු පාරට මාතා පව් කියලා අපි පෝස්ට් දාන්නෙත් නැහැ..... ඒහෙනම් අපි පෝස්ට් ඒකක් දාන්න ඔ්නේ නැහැ මචං.. මොකද උඹ බැනලා නැහැනේ.... කන අතගාගෙන විතරයිනේ......

      අනික බං මලිත්ට ගැහුවාම චංචලා අඩනවා අැති.... ඒහෙම අඩන්න මාතා අපේ මිනිහාද.... අපි මාතාගේ ගෑණිද???? උඹලාගේ වැරැද්ද ඔ්ක තමා.... උඹට කඩේ ගියානම් හරි... වැරැද්දක් අඩුවක් පෙන්නද්දි ඒක තේරුම් ගන්න බැහැ.. ඒකට කැමති නැහැ... මචං ඔ්කම තමා උඹලාගේ ලොක්කට වුනෙත්... මිනිහත් කඩේ යන වන්දිබට්ට සෙට් ඒක වට කරගෙන අාතල් ගත්තා.. අන්තිමට නැට්ට ගිනිගන්නකල් මිනිහා දන්නෑ.... විමල්ලා වගේ වන්දිබට්ටයින් විතරයි හරි කියලා හිතං හිටියා... අන්තිමට වුන දේ දැක්කානේ...... උඹටත් මේ පල්ලෙහා කඩේ යන ඒකා හරි... අපි වැරදියි.....

      මචං විවේචන නැතුව උඹට ම කඩේ යන ඒවා දකින්න අවශ්‍යනම් බොරුවට බ්ලොගයක් කරගෙන යන්න ඒපා... අපරාදේ සල්ලි.... මේටික කොලේක ලියලා නිදියන අැදට උඩින් ගහගනින්.... පස්සේ උඹට ම ඒවා බලබල ස්වයං අාතල් ඒකක් ගන්න පුළුවන්......... ඒතකොට විවේචන නැහැ...... ගුණවැයුම් විතරයි......... තවත් ඔ්න නම් මහා පුරුෂ ජැක්සන් අැන්තනීට කියලා හීනෙන් ගුණ වැයුමකුත් කරගන්න පුළුවන් වෙයි..........

      Delete
    3. මචං උඹ වලිගේ පාගගත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ..අනික මම කිව්ව කතාවට මාතේගේ කිසිම සම්බන්ධයක් නෑ..උඹ මාව එච්චර නර්සරි මට්ටමකට දාගත්තු එක නම් බොහොම කණගාටුයි..මාතේගෙයි මගෙයි කතාව වෙනයි, ඒක ගියේ 8 .30 බෙල්ට් එකේ..උඹෙයි මගෙයි කතාව යන්නේ 9.00 බෙල්ට් එකේ..
      මගේ කතාවේ තේරුම උඹට තේරුම් ගැනීමට නැවත ලියන්න සිද්ද වෙච්ච එකේ මගේ වැරැද්දක් නෙවෙයි, මාතෙක් මෙතනට දාගෙන තියෙන්නේ උඹ හින්දයි ආයේ කියන්නේ...මම මලිත් කියලා අදහස් කලේ යහපාලන ආණ්ඩුවයි...ඉඩමට උඩින් ගිය මාතේ නෙවෙයි...දැන්වත් වලිගේ උඩින් අහක් වෙයන්..

      මම බ්ලොග් එකක් කරන්නේ මටම කඩේ යවාගන්න නම් නෙවෙයි..ඒක උඹේ උපකල්පනයක් නම් ඒක බොහොම අසාර්ථක උපකල්පනයක්..මම බ්ලොග් ලියන්නේ මගේ ආතල් එකට තමයි..ඒක කියෝලා සමහරු ආතල් ගනී..තව සමහරු මගේ අම්මා අප්පටත් බැණ බැණ යයි..ඒක මට නවත්තන්න බෑ..මං ලියන ඒවාට එක කමෙන්ට් එකක් නැතිවුණත් මම ලියනවා..උඹට ඕන නම් කලින් ඒවාට ගිහින් බලපන්..හැබැයි බිත්තියේ ගහන් ස්වයං ආතල් ගන්න ඕනකමක් දැනට නැහැ..ඕන වුණොත් මම ඒක කරගන්නම්...

      Delete
    4. //උඹටත් මේ පල්ලෙහා කඩේ යන ඒකා හරි... අපි වැරදියි.....//
      මචං විදින්න පුළුවන් වුනාට හතර වටේටම චූ විදින්න එපා..දැන් උඹ මාත් එක්ක කතා කරන ගමන් උඩටත් විදලා පහළටත් විදලනේ..උඩ මාතේගේ සංවාදය වෙනයි..පහළ සාරසගේ සංවාදය වෙනයි..උඹයි මමයි මැදට වෙලා කරන සංවාදය වෙනයි...එහෙම පටලවගන්න එපා..උඹව ඒකට පටලවගන්න ඕන උණා නම් කකුස්සිය වටේට කරන්නේ නෑ බං මම එහෙනම් එවෙලෙම කියනවා මේක කිව්වේ මේ හින්දයි කියලා..

      විවේචන කරපන්..හැබැයි පොඩ්ඩක් උඩ බිමත් බලපන්..නිකං මං නොකිව් දේකට ගිනිපුක්ගාය ඇතිකරන් වැඩක් නෑ..:D

      Delete
    5. මචං................... උඹේ ගෙදර ඔරලෝසුවේ අවුලක් වගේ.. වෙලාව ගැන අාපහු ගිහිං බලපං ඒතකොට තේරෙයි......8.30 ද 9.00 ද කියලා........

      උඹ අංගොඩ ගැන කියකිය හැමතැනම අඩන ඒකේ අපිටත් ඒකම තමයි කියලා තියෙන්නේ බොල....... උඹ මලිත් කියලා හිතුවේ කවුද කියලා උඹට ඔ්නේ ඒකක් කියන්න පුළුවන්.... අපිටත් ඔ්න ඒකක් හිතාගන්න පුළුවං. මචං උඹේ කතාවට බැන්නේ අපි විතරක් නෙමෙයිනේ.. ඉතින් අපි විතරද චංචලා....... අනේ මචං පාග ගන්න උඹට වගේ අපිට නැට්ටක් නැහැ.... ලැජ්ජාව වහ ගන්න ලොරි ටෝක්ස් දෙන්න ඒපා.. උඹට කමෙන්ට්ස් ඔ්නත් නැත්තං... විවර්ස්ලා ඔ්නත් නැත්තං... අපි කලින් කියුව වැඩේ තමයි හරියට ම හරි යන්නේ...............

      Delete
    6. අනේ මචං උඹේ දෙවැනි ටෝක් ඒක බලපං...... සාරසා ද කොහෙදෝ කියන උන්දෑ කියලා තියෙන කතා උඹේ කතාවට ඒකග නිසා උඹට ඒක හරි .... යන්තම් හරි විවේචනයක් දැක්කොත් උඹ උඩ පැන පැන කෑ ගහනවා.... යකෝ වත්ත වටේ චූ කරලා තියෙන්නේ මම නෙමෙයි උඹ...

      //කමක් නෑ මචං අපි ඔක්කෝම අංගොඩ ගියාම බලන්න එන්න කට්ටිය ඉන්නවා//

      //මම පැය 24කට හරි අංගොඩ ගේට්ටුව ලඟට වෙලා ඉඳලා එනවා//

      දැන් කියපං කෝ මේ වත්ත වටේ රීලා නෙමෙයිද කියලා.. අපිද රෙන්නේ උඹද???????

      Delete
    7. උඹට මං කිව්ව ඒ උදාහරණේ තේරිලාත් නැහැ නේ! යකෝ 8.30 9.00 බෙල්ට්ස් කිව්වේ නාට්‍යවලට දෙන time slots! :D

      ඔව් උඹටත් ඕන එකක් හිතාගන්න පුළුවන් මටත් ඕන දෙයක් කියන්න පුළුවන්..උඹේ හිතේ තිබ්බ දේ අනුව උඹට රිදෙන්න ඇති..හැබැයි මට නම් උඹෙයි මාතෙගෙයි කිසි සම්බන්ධයක් මෙතන පෙනුනේ නෑ..දැන් උඹ කතා කරන හැටියට නම් මට හිතන්න වෙනවා උඹේ හිතේ එහෙම දෙයක් තිබ්බා කියලා..මචං මම ලැජ්ජාව වහගන්න ලොරි ටෝක්ස් දෙන්නෙ නෑ..දීලත් නෑ..මගේ පැත්තෙන් ඇත්ත මම උඹට කිව්වා..උඹට ඕන නම් පිළිගනිං නැත්නම් නිකං හිටපං..මට පාන්යැ..!

      මගේ නැට්ට නම් උඹ තාම දැකලා නෑ..ඒක දිග වැඩි හින්දා කැපුවා..ඕකමයි මටත් වුණේ ඉස්සර, පෑගුණා උඹට වගේම..

      එහෙම ඕන වුණොත් මචං මම බිත්තියේ ගහගන්නම්..බොහොම ස්තූතියි අදහසට.උඹල ඔක්කෝම එකම මතේ ඉන්නවා නම් මට කරන්න දෙයක් නෑ හැබැයි මචං මීටපස්සෙවත් මේ ඉඩම ගැන වැටෙන් ඇතුළේ ඉඳන් කතා කරපන්..එහ ඉඩම ඇතුළේ කතා වෙච්චා මෙතනට අදාළ නෑ කියන එක මතක තියගනිං...උඹට කැමති නම් කමෙන්ට් නොකර හිටපං...කැමති නම් කමෙන්ට් කරපං..

      Delete
    8. මචං උඹටත් ඔන්න රෙන්න පුළුවන්..ඒක මම දන්නවා..මමයි සාරසයි කතා කරලා තියෙන්නේ මාතේ ගැන..උඹ ගැන නෙවෙයි...එතනදි කතා කරපුවා උඹට වැඩක් නෑ, ඒක මගෙයි උගෙයි කතාවක්..උඹත් දැන් නිකන් ලිඳ ලඟ සංගමයක් වෙන්න යනවනේ බං...

      Delete
    9. ඔය ලෙඩේ උඹටත් තියෙනවා කියලා මම දැනං හිටියේ නෑ අද වෙනකල්..විවේචනවලට උඩ පැනපැන කෑ ගැහුවේ කොතනද? උඹ මෛත්‍රියෙන් යුතුව මේ සංවාදය සහ එහි කරුණු නැවත කියවා බලහන් ඔය බොයිල් වෙන ලේ ටික නිවුණම...එතකොට උඹට තේරෙයි..මට මචං මේ සංවාදය තිබ්බේ උඹයි මමයි අතරේ...උඹ ඒකට අහල පහල හිටි උන් ගාවගෙන දැන් මට කියන්න එපා වත්ත වටේ කරලා කියලා...:D

      Delete
    10. මෙතනින් ඒහාට ඒ ගැන කතාවක් නැහැ මචං........... උඹට තේරුම් කරන්න ගිය දේ උඹ තේරුම් අරං.... සද්දෙත් අඩුවෙලා නෙවැ....... දැන්වත් තේරුම්ගනින් අපි කවුරුත් සීයට සීයක් හරි නැහැ... හැම දෙයක් ම ඒහෙමම තමා..... රූල් ගහලා පෙළගස්සන්න බැහැ කිසි දෙයක්.. විශේෂයෙන් දේශපාලනය....

      මචං දේශපාලනය කියන්නේ අපි ගණං හදනවා වගේ අන්තිම පිළිවෙලට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි... සමාජයීය විද්‍යාවන් සියල්ලම ඒහෙම තමා.. ඒකයි ඒවාට සමාජයීය විද්‍යාවන් කියන්නේම... දේශපාලනය කියන්නේ ඔය සමාජයීය විද්‍යාවන් අතර තියෙන පුරෝකථනය සහ අර්ථගැන්වීම ඉතාම අපහසු විද්‍යාවක්.....

      අැත්තට ම හිතුවොත් මෙෙත්‍රීට උදව් කරපු අයගෙනුත් 80% ක්වත් විශ්වාස කරේ නැහැ මෙෙත්‍රී දිනයි කියලා... ඒතකොට මහින්දගේ පාක්ෂිකයෝ ගැන කතා කරලා වැඩක් නැහැනේ.... මේක තමයි දේශපාලනයේ අැත්ත... ඉතින් ඒක දරා ගන්න බහුතරයට අමාරුයි..... අනික සීතල රටවල වගේ නෙමෙයි අපි වගේ උෂ්ණ රටවල දේශපාලනයත් හරිම සක්‍රීයයි... ඒ නිසා ම මේ වගේ දේවල් සාමාන්‍යයි... මෙතැනදී මචං මහින්දගෙන් වෙච්චි අඩුපාඩු නැති අාණ්ඩුවක් අපි හදාගන්න ඔ්න... අපි ඒක පවුලක් හෝ පුද්ගලයෙක් හෝ අාණ්ඩුවක් බදාගෙන හිටියාට රටේ දේශපාලනය සංවර්ධනය වෙන්නෑ මචං... ඒකට කාලෙන් කාලේට අවශ්‍ය වෙනස්කම් කරගන්න ඔ්නේ.. ඒක කරගන්න තරම් රටේ ජනතාව බුද්ධිමත් වෙන්න ඔ්නේ... ඒකම රජෙක් දිහා බලාගෙන හිටියේ අතීතයේ.. දැන් ඒ කාලේ ඉවරයි.. අපි වැඩවසම් යුගයෙන් උඩට අාපු මිනිස්සු...........

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. උඹට වැරදිලා! සද්දේ අඩුවෙලා නෑ! මගේ වැරැද්දක් නැත්නම් මගේ සද්දේ අඩුවෙන්නේ නෑ..උඹ ඔය සද්දේ මැන්නේ දොරේ හඬින් ද? මගේ වැරැද්දක් තියෙනවා නම් මම ඒක පිළිගන්නවා..ඒක බ්ලොග් එකේ නෙවෙයි හැබෑ ජීවිතෙත් එහෙම තමයි..ඒත් අපි උඹලා හැබෑ ජීවිතේ දන්නේ නැති හින්ද උඹ ගැන මාත් මම ගැන උඹත් මෙහෙම තමයි නිගමනවලට එළඹෙන්නේ..

      ඔව් උඹ කියන කතාව හරි..දේශපාලනය කොටුරූල් පොතක් නෙවෙයි..ඒ වගේම බොට්නි පොතකුත් නෙවෙයි හිතු හිතූ ඕන තැනක ලියන්න පුළුවන්..මහින්දගෙන් වෙච්ච අඩුපාඩු හදාගන්න ඕන නම් මචං ඔය ආණ්ඩුවට තව සෑහෙන්න හැදෙන්න වෙනවා..පළවෙනිම කාරණේ මහින්දව නැති කරපු හැත්ත සරම අස්සේ දාගන්න එක නැවැත්තුවොත් චාන්ස් එකක් තියෙයි..රජ කාලෙත් එකම රජෙක් දිහා බලන් ඉඳලා නැහැ මිනිස්සු..ඒ බව ඉතිහාසය දිහා බැලුවම තේරෙනවා..ඒ වගේම හැම රජාම හොඳවෙලත් නෑ..ඔය අතීතෙම තමයි අපේ මිනිස්සු ඉඟුරු දීල මිරිස් අරන් තියෙන්නෙත්..ඒකත් අමතක කරන්න එපා..දැන් වෙනස කරපු උඹලා ආණ්ඩුව කරන හැමදේම හොඳයි කියන්න ගියොත් වෙන්නේ උඹලත් වන්දිභට්ටයෝ වෙන එකයි..මා පෙන්නුව වැරදිවලට උඹට ඩෝං ගියා නම් කොහොමද ඕවා හැදෙන්නේ? ඕකම තමයි බුකියේ උන්ටත් වෙලා තියෙන්නේ..

      Delete
    13. මචං බුකිය කියන්නේ අපි පය ගහන තැනක් නෙමෙයි... ඒ වෙන මොකවත් නිසා නෙමෙයි අනවශ්‍ය තැනක් නිසයි..... ඉතින් බුකියේ උන් ඒක්ක අපිව සංසන්දනය කරනවාට අපි කැමති නැහැ මචං......

      http://kurutugegeepawra.blogspot.com/2015/01/blog-post_14.html

      http://kurutugegeepawra.blogspot.com/2015/01/blog-post_15.html

      http://kurutugegeepawra.blogspot.com/2015/01/blog-post_27.html

      මේ දැම්මේ ඡන්දයෙන් පස්සේ අපි ලියපු ලියැවිලි ටිකක්... වෙලාවක් තිබුනොත් ගිහිං බලහං.. ඒතකොට තේරෙයි අපි වන්දිබට්ටයෝද කියලා...

      උඹත් ඒක්ක සදාචාර සම්පන්න සාකච්ඡාවක් කරන්න පටං ගත්තා උඹ ඒකට ඒකග නැහැ වගේ.. කමක් නැහැ මචං... අපි මේ කතාව දැන් නවත්තමු..... සංවාදයක් කළ යුත්තේ ඊට සුදානම් ඒකෙක් ඒක්ක විතරයි.. නැත්තං අපි දෙන්නගේ ම කාලය අපතේ යනවා... ඊළග පොස්ටුවෙන් හමුවෙමු............. ජයවේවා

      Delete
    14. //උඹත් ඒක්ක සදාචාර සම්පන්න සාකච්ඡාවක් කරන්න පටං ගත්තා උඹ ඒකට ඒකග නැහැ වගේ// මේකෙ පදනම කරුණාකරල විස්තර කරන්න පුළුවන් ද මහත්මයා?
      මාත් පටන් ගත්තේ එහෙම එකක්...හැබැයි ඒකට මේ අහක යන නයෙක් ගාවගත්තේ ඔබතුමාම තමයි...

      මේ මහත්මයා මම කියන සේරම අනික් පැත්තට ගන්නා එකට නම් මගේ කිස්ම මනාපයක් නැත..//දැන් වෙනස කරපු උඹලා ආණ්ඩුව කරන හැමදේම හොඳයි කියන්න ගියොත් වෙන්නේ උඹලත් වන්දිභට්ටයෝ වෙන එකයි// මෙය හරියට කියවා අවබෝධකරගන්න..ඔබලා වන්දිභට්ටයෝය කියා මා කියා නැත..කියා ඇත්තේ වැරදි නොපෙන්වා නොපිළිගෙනා සුද්ද කරන්නට "ගියොත්" සිද්ද වන්නේ ඒ තත්වයට පත්වීම කියාය..
      ලින්කුවල ස්තූතියි..මම කියවා බලන්නම්..

      Delete
    15. //ඉතින් බුකියේ උන් ඒක්ක අපිව සංසන්දනය කරනවාට අපි කැමති නැහැ මචං....//
      කලින් ඒ බවක් දැන් නොසිටියෙමි..ඔබත් බුකියේ තත්වය දන්නවා ඇත යන්න උපකල්පනය කොට කළ ප්‍රකාශයට සමාව ඉල්ලා සිටිමි..

      Delete
    16. මචං ............. නවත්තන්න ගියාට උඹ ඒකට ඉඩ දෙන්නැනේ.........

      උඹ අායෙත් ගියොත් කියලා වචනයක් අල්ලං වෙනමම තර්කයක් හදනවා... මචං වචන අල්ලං තර්ක කරලා උඹ හරිය කියලා ඔප්පු කරන්න ගියට ඒතන කිසිම සංවාදයක් නැහැ මචං... ඒකට තමයි විවාදය කියන්නේ.. විවාදයක දී දෙපාර්ශවයම දගලන්නේ දිනන්න... කවුරුත් තමන් වැරදියි හෝ තමන්ගේ දෙයක් හදාගන්න අැතිය කියන දේ පිලිගන්න කැමති නැහැ... ඒත් සංවාදය ඒහෙම නෙමෙයි මචං... දෙපාර්ශවය මාතෘකාවක් ගැන තම අදහස් පළ කරමින් අනෙකා විවේචනයෙන් තොරව සිදුවන දෙයක්....

      අපි ඒක තැනකදී ඒකට ප්‍රවේශයක් ගත්තා. ඒත් උඹ ඒකග නැහැ කියලා තේරුණා.. උඹත් හොදට කියවලා බලපං... ඒක ඔ්නේ ඒකෙකුට තේරෙනවා... ඉතින් උඹ සූදානම් නැතිනම් අපි කාලය නොකා නවත්තමු කිව්වේ ඒකයි... වචන අල්ලං තර්ක කරාට ලැබෙන දෙයක් නැහැ.. බුද්ධිම සංවාදය කියන්නේ ඊට ඒහා ගිය දේකට.. අපිට තිස්ස අත්තනායක අල්ලපු ඒක ගැන කතා කරන්න පුළුවන්.. ඒහෙනම් ෙජනරාල් හිර කරපු ඒක ගැන කතා කරන්නත් පුළුවන්.. දුමින්ද අල්ලන්න යන ඒක ගැන කතා කරන්න පුළුවන්.. ඒහෙනම් මහ පාරේ මරාදාපු ලසන්ත ගැනත් කතා කරන්න පුළුවනි... ඒවා සිදුවීම් විතරයි මචං... ඒ සිදුවීම් වලට ඒහා ගිය තත්වයන් ගැනයි අපි කතා කරන්න ඔ්නේ... සිදුවීම් ගැන තර්ක කරාට වෙන දෙයක් නැහැ... ඒත් තත්වයන් තේරුම් ගන්නවානම් අපිට මතවාදීමය සංවාදයන් කරන්න හැකියි.... වැදගත් වෙන්නේ ඒ බුද්ධිමය සංවාදයයි.. ඒක තමයි අනාගතය ගොඩනගන්නට වැදගත්................

      අපි දැන් කතා කරන්න උවමනා වෙන්නේ අපේ රටට වැදගත් වෙන ඊළග ඡන්දය සමග මෙම තත්වයන් සමපාත කොට බැලීමයි... ඒත් අපි කරන්නේ ඒක නෙමෙයි මචං.. සිද්ධි අල්ලං මැරෙන්න හදනවා.. ඒකේ බලපෑම සහ ඒයින් වෙන හොද නරක ගැන අපි සංවාද කරන්නේ නැහැ....

      බුකිය කියන්නේ බ්ලොග් තරම්වත් සංවාදයක් ගොඩනැගෙන තැනක් නෙමෙයි.. හැම බල්ලයි පුසයි ඒක්කම බුද්ධිමය සංවාදයන් කරන්න බැහැ... අපි බුකියේ නැත්තේ ඒකයි. ඒක අපේ තීරණයක්.. මේ වෙනකල් අපි බුකියට නොගියේ ඒකයි............

      අනේ මන්දා බං මේ විවාදය අදට අැති... උඹට ඔ්නේ දෙයක් කියපං... අපි ඒකේ හරි වැරදි අායේ බලන්නට ඒන්නෑ... ඊළග පෝස්ටුවේදී හමුවෙමු.....

      Delete
    17. බොහොම සන්තෝෂයි..අනේ මහත්මයා යන්න එපා කියලා නවත්තගන්න නම් මෙතන කිසිවක් කියා නැතිබවත් කියවන අයට තේරුම් ගන්නට පුලුවන් ඇතැයි සිතමි..මෙතන ඇත්තේ වචන සම්බන්ධ තර්කයක් නොව ඔබ මාගේ ප්‍රකාශ සියල්ලෙහිම වැරදි අර්ථයක් ගෙන දෙනු ලැබූ පිළිතුරට තත්වය පහදා දීමකි..එය ඔබට තේරුම් ගැනීමට නොහැකිවීම මගේ වරදක් නොවන්නේය.

      සිදුවීම් තිබෙනවා..ඒවා තුළින් එළඹිය හැකි නිගමන තිබෙනවා..ඒවා තුළින් පැහැදිලිවන වැරදි තිබෙනවා..ඒ වැරදි පැහැදිලි කිරීමට සිදුවීම් යොදාගැනෙනවා..අනේ මන්දා..ඔබගේ කතාවේ හැටියට මම දෙයක් පැහැදිලි කළත් වැරදි, හරි දේ වෙනුවෙන් පෙනී හිටියත් වැරදිද? ඔබේ කැමැත්තක්..මටත් වැඩ තිබෙනවා..ඔබටත් වැඩ තිබෙනවා..බොහොම ස්තූතියි..

      Delete
    18. //බුකිය කියන්නේ බ්ලොග් තරම්වත් සංවාදයක් ගොඩනැගෙන තැනක් නෙමෙයි.. හැම බල්ලයි පුසයි ඒක්කම බුද්ධිමය සංවාදයන් කරන්න බැහැ... අපි බුකියේ නැත්තේ ඒකයි. ඒක අපේ තීරණයක්.. මේ වෙනකල් අපි බුකියට නොගියේ ඒකයි..........//
      පැහැදිලියි ඒ බව..නැවත කීමක් අවශ්‍ය වන්නේ නැහැ.කලින් කියූ පරිදි ඔබ බුකියේ නැතිබව මම දැනගෙන හිටියේ නැහැ..ඔබ නොදත් තත්වයක් ගැන කතාකිරීමෙන් ඔබ පත්වූ අපහසුතාවයට සමාව ඉල්ලා ඇත.

      Delete
    19. අනේ උඹල රණ්ඩු නොවී ඉදහල්ල බන්.රනිල් ලොක්කයි මහින්ද ලොක්කයි එකට කළු කෝපි බොන එකේ උඹල රණ්ඩු වෙන්න ඕනයැ.

      Delete


    20. //කුරුටු ගෑ ගී පවුරFebruary 3, 2015 at 7:37 PM

      අනේ මචං උඹේ දෙවැනි ටෝක් ඒක බලපං...... සාරසා ද කොහෙදෝ කියන උන්දෑ කියලා තියෙන කතා උඹේ කතාවට ඒකග නිසා උඹට ඒක හරි ..//

      අන්තිම දුකයි හිටං :D

      Delete
    21. මධ්‍යස්ථ මතධාරියා:
      මම නම් රණ්ඩු උනේ නෑ තීතර්...මූ තමා මත බැන්නේ..! :P :P :P

      Delete
  4. එජාපයේ ලොක්කන් මාගේ මිතුරූ
    බුකියේ ඉන්න සැමගේ කන් වල මැතිරූ
    සින්හල බොග් අවකාසෙ පහ කරමින්වසුරූ
    නටත් අයෙක් "යහ කෝලම" බැඳ බහුරූ

    ReplyDelete
    Replies
    1. මචං කවියක් ලියාගන්න වචන එන්නේ නෑ හැබැයි සුපිරි කවිය..කමක් නෑ මචං අපි ඔක්කෝම අංගොඩ ගියාම බලන්න එන්න කට්ටිය ඉන්නවා..අපිට යහපාලනේ බඩයන්න ගත්තම කක්කි හෝදන්නත් කට්ටිය ඉන්නවා..! :D :D

      Delete
    2. අපි අංගොඩ යාවි කියලා "සියල්ල දත්" පොර ටෝක් දෙන එකාට දැනටම අං ඇවිල්ල වගෙයි නේද?

      Delete
    3. මං කැමති නෑ මිනිස්සුන්ගේ හිත් රිද්දන්න..ඒක නිසා මම පැය 24කට හරි අංගොඩ ගේට්ටුව ලඟට වෙලා ඉඳලා එනවා..:D :D

      Delete
    4. මේ බ්ලොග් ලොවේ දස අත තේජස පැතිරූ
      මා හට උඩින් පියඹා යනවද කවුරූ?
      ලේකම්, ඇමති,ජනපති මගෙ ගජ මිතුරූ
      තේ බොන්නෙත් උදේ එකටයි කා හකුරූ.

      Delete
    5. @ Sa rasa +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    6. @Gayathri +++++++++++++++++++++++++++++++++++++ :D

      Delete
  5. කවි දෙක නම් රහයි...
    නොදන්න දේසපාලනය ගැන මම කතා නොකර ඉන්නම්....
    :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මලින්ත..:)

      Delete
  6. තනි තරුව, ප්‍රවේශමෙන්.!
    මට හොඳයි-බොට නරකයි-චන්ඩි අහල පහල ගැවසෙනව. . මල්ලි දැන් ලී ඉරන්නෙත් ටෙලිකොං එකේ නිසා, ඔයාගෙ බ්ලොග් කට්ටත් වස්සාවි. ( ඒ වුනාට, යහපාලනෙන් නෙවෙයි, මම තමයි අර ලංකා ගොසිප් ගර්ල්-ගොසිප් ලන්කා කියන සයිට් එක බ්ලොක් කරේ .සමාවෙන්න ඒ ගැන.)
    ඔය ඇතැම් බ්ලොගර්ස්ලා අහවල් ලේකම්,අහවල් ඇමති මගේ බොක්කක් කියලා පොර ටෝක් තුත් දෙන නිසා, තමාගේ ආරක්ශාව තමා බලා ගත යුතුය කියල අපේ මැරිච්ච විධායක සීයාත් කිව්වා නේද?

    ඒ වුනාට මෙන්න මේ වාගේ ඔරිජිනල් කියමන් වලින් මගේ ඉල ඇදුනු වග කියන්නම ඕනෑය

    . //ඒ පත්තර පිටුවෙන් මම මැස්සෙකු මැරූ නිසා//
    //පෞද්ගලීකරණයේ මෑණියෝ වන දෝන විස්කි චන්දිරිකා රෝස කුමාරිහාමිගේ //
    // මගේ ඇස්වල හදවත් ලකුණු මතුවෙනවාය//
    // එක ගෑණියෙක් ඇස් වහන් ඉන්නාවිට එකියෙක් ඇවිත් හොරෙන් වාඩිවෙලා හිඳ බැහැලත් ගිහිල්ලාය..!//
    //ටවුමක් මැද මෙගා ෆෝනයකින් කුනුහප්ප කියූ තෙවරේ විහිළු නොදන්නා උන්ට ආදර්ශයකි!//
    //යහපාලනේ නිසා දැන් නම් මගේ ඔළුගෙඩිය එන්න එන්න අවුල් වෙනවාය.//
    // රෙද්ද හදාගත් නිමල් සිරිපාලයාණෝ දුටු තැන්හී වරදේ බැඳෙන්නෝ, සිරී අපේයැයි අපේ සිරීයැයි කියා කට පිහ ගත්තෝය..!//
    //හිරුණිකාත් වටේ ගොස් ආයෙත් දුමී ඉන්නා පක්සෙටම ආ එක ඊටත් වඩා ආතල් ය..දුමීට ඕන නම් මෙහෙම කියතහැකිය "මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී.."//
    //ගැහූ විලාපයට එවෙලේ රූප පෙට්ටිය ලඟ හිටි මගේ කණක් නෑසී ගියේය..//

    ReplyDelete
    Replies
    1. හා හා හා...බුහාහාහාආආ...:D :D
      එහෙම වෙන්නත් පුළුවන්ය..සමනළීලා බොරු ගුටිකෑම් කර ඉල්ලූ භාෂණයේ නිදහස එහෙමය..
      ලංකා ගොසිප් ගර්ල්-ගොසිප් ලන්කා සීන් එක තේරුණේ නැත..
      අනිවාර්යෙන්ම මචං තමා හිසට තම අතමය සෙවණැල්ල...හැබැයි පොතේ හැටියට දැන් එහෙම වෙන්න බෑ නේ යහපාලනේ තියෙද්දි! :P

      තැන්කූ තැන්කූ :) :)

      Delete
    2. lanka gossip girl- Gossip lanka News කියා නිව්ස් සයිට් එකක තිබුනාය. දැන් යහපාලනෙන් විරුද්ද පස්සේ ප්‍රවුර්ති නොලැබෙන නිසා, ලේ මාපිලුන් වන අප හැමෝම බැලුවේ ඒ සයිට් එකය.ඒක දැන් නවත්තලාය.ඕන නම් ටයිප් කර බලන්නය.මම හිතන්නේ දැන් ටැමිල් නෙට් එකටයි,ඊ නිව්ස් එකටයි ඉඩ ඕන නිසා, ගූගල් ලොක්කා හරි කවුරු හරි ඕක වහපං, අපිට ඉඩ මදි කීවාද නොදනිමි.

      Delete
    3. එහෙමද? මම ඒ බවක් දැනන් හිටියේ නැහැ නේ..මම බලන්නම් වැඩ ද කියලා..ඔව් දැන් ඒ සයිට් දෙක එහෙම ඇරපු නිසා ඉඩ මදි ඇති..:D :D

      Delete
    4. උඹල නම් බයියොම තමා .නිකම් බයියො නෙමේ බූවල්ලෙන් ගහන්න ඕන බයියො.මොන මගුලකටද ගොසිප් සයිට්.අර රත්තරන් ටිකට ටැමිල් නෙට් තියෙද්දි.
      කූඩැල්ලො මෙට්ටෙක තියන්නම බෑ කියන්නෙ ඒකනෙ

      තනි තරුව ! මාත් කියන්නෙ පරෙස්සමින් , සූදානම් සරීරෙ කියල වැඩ කරන්න කියලයි.

      Delete
    5. මධ්‍යස්ථ මතධාරියා:
      අපි නම් ආසම් ගොසිප් සයිට්වලට අනේ...මතක නැද්ද ඡන්දේ කාලේ එව්වා තමයි හිට් වුණේ...බ්ලොග්වලයි එව්වයි වැඩි වෙනසක් නෑ..එක්කෝ බොරු දානවා...එක්කෝ සල්ලි දීලා තමන්ගේ ඕපාදූප ප්‍රචාරය කරගන්නවා...:D

      //තනි තරුව ! මාත් කියන්නෙ පරෙස්සමින් , සූදානම් සරීරෙ කියල වැඩ කරන්න කියලයි.//
      ඒක හැබෑව...රිදුණම මදුරුවා වුණත් හරි දරුණුයි නේ..ඒ වුණාට දැන් ලංකාවේ එහෙම නෑ බං..යහපාලනේ ආව දවසේ ඉඳන් භාෂණයට භීෂණයට උපරිම නිදහස තියෙනවා කියන්නේ..ඒත් මේ අනතුරු ඇඟවීමේ හැටියට ඒ බොරුද මචං? :O

      Delete
    6. අන්න ගොසිප් ගර්ල් එක ආයිත් පටන් අරන් :p http://www.lankagossipgirlnewslk.com/

      Delete
  7. ඔබේ කවි සහ ලිපිය ඉතා රසවත්. නිවුස් නම් ඉතා රසවත්. යාපනේ ආයතන වල සහ වාහනවල ජාතික කොඩි දාලා නිවුස්වල ඕන කමින් පෙන්වනවා. අමුඩ රෙද්දන් පිට්ටු තම්බන්න ගියාම එක්කෝ වල්ල පිච්චෙන විට දඟලලා පිටිටුව නැති වෙනවා කොහොම හරි තම්බා ගත්තොතින්(රට නැතිවුනොතින්) කන්න අය(චන්දෙ දුන්න අය) හොයාගන්න බැරිවෙනවා. බලමු වෙන දේ.

    ReplyDelete
    Replies
    1. මකසි, අන්න ඔබ නියම පොයින්ට් එකට ආවා..එළ! ඔව් දැන් කට්ටිය හිතන්නේ උන්ගේ ගඳගහන අමුඩවලින් වහල පිට්ටු තම්බලා අපිටත් කවන්න..අනේ ඔය පිට්ටුව නැතුවට කාරි නෑ අපිට අරලිය හාල් තියෙද්දි! මේ දවස්වල එන්ජිඕ ක්‍රියාකාරීන් රැසක් යාපනයේ සංචාරය කරමින් ලොකු කතන්දර පතුරනවා..හොඳට ඇහුම්කන් දෙන්න එන්ජිඕ තේමාවල් ඇහෙනවා..

      Delete
  8. මම මධ්‍යස්ථ මතධාරිය වුනාට බෙදුම්වාදෙට පට්ට විරුද්ධ එකා. තනි තරුව ගැන විතරක් නොවේ සරස ගයත්‍රි ගැනත් ආඩම්බරයි.සරස ඇගට පතට නොදැනි කියන දේවල් ගයත්‍රි එඩිතර වාග් ශෛලියෙන් දාන කොමෙන්ට් මං ආසාවෙන් කියවනව.

    මෙහෙමයි යාළුවනේ. සිංහල ඡන්දවලින් 55% ක්ම ලැබුනෙ මහින්දට. ඒ කියන්නෙ බෙදුම්වාදයට එරෙහිව.ඒ ලක්ෂ 57 කවදාවත් බෙදුම්වාදයට පක්ෂ වෙන්නෙ නැහැ.එතකොට ඔය යහපාලන කතා ඔක්කොම අදාල වෙන්නෙ 45 % ක් වන සිංහල ජනතාවට.
    දෙමළ ජනතාව ඊළම වෙනුවෙනුත් මුස්ලිම් ජනතාව ඉස්ලාමීය රාජ්‍ය වෙනුවෙනුත් ඡන්දය දුන්න.ඒක ඒ මහත්වරුන්ගෙ අයිතිය.මහ මැතිවරනෙකදි සුළු ජාතික ඡන්ද ඔවුන්ගෙ ජාතිවාදී පක්ෂවලට ලැබෙයි.එජාපයට රැදෙන්න වෙන්නෙ සිංහල ඡන්ද මත.

    යහපාලනය නොවෙයි වෙන්නෙ නිර්දේශපාලනීකරණය. ඒ කියන්නෙ දේශපාලනඥයා වගකීමෙන් නිදහස් වීම.ඔය හොරු කවදාවත් අල්ලන්න බෑ.හොර නෙට්වර්ක් එකක් තියෙන්නෙ.හරියට හොරු අල්ලන්න ගියොත් දේශපාලනඥයො ආනයනය කරන්න වෙයි.

    දැන් තියන ඩ්‍රාමා ටික අපි බලමු.අපට වීර පුරුෂයො හදුන ගන්න ලැබෙනව.එක වීරයෙක් තමයි සාලි.ඇත්තටම අසාත් සාලි කියන්නෙ මම ගරු කරන කෙනෙක්.එතුමා කලු ලකීට වඩා ප්‍රගතිශීලී නිසයි මං ගරු කරන්නෙ.කලු ලකී ගාඩ්න් එකට ආව සාලි ගේ ඇතුලටම ගියා.

    සංවර්ධන වැඩ නවත්තල හොරා පොලිස් සෙල්ලමක් යයි මේ තුන් මාසෙට.ඊට පස්සෙ ඒකත් නෑ.පරන පුරුදු විදියම තමයි.අපි කොත්තමල්ලි බිබී ඉමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අර කවුදත් ඇහුවනේ සංවර්ධනේ කන්නද කියලා..ඉතින් ඒක නිසා උළුඳු වඩයක් කමින් කොත්තමල්ලි බොමින් ඔය මෙගා දිහා බලන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ...

      හොරු අල්ලන්න ගියොත් ඔක්කොම හොරු තමයි..දැන් වෙලා තියෙන්නේ තමන්ගේ පිරුවටේ පැල්ලම වහන් අනුන්ගේ පිරුවටවලට සර්ෆ් එක්සෙල් නිර්දේශ කිරීමයි..

      අපේ මිනිස්සුන්ට තාම මොළේ පෑදිලා නෑ..පෑදෙන එකකුත් නෑ..බලන්නකෝ බ්ලොග්වලම ඕක කතා කරන්න ගියොත් අපිට පිස්සුය, ලෙඩක්ය, ජාතිවාදියාය, අරකය මේකය දාහක් කතා නේ...! :D

      Delete
  9. කුරුටු ගෑ ගී පවුරFebruary 3, 2015 at 9:31 PM

    //ඒහෙනම් ෙජනරාල් හිර කරපු ඒක ගැන කතා කරන්නත් පුළුවන්.. දුමින්ද අල්ලන්න යන ඒක ගැන කතා කරන්න පුළුවන්.. ඒහෙනම් මහ පාරේ මරාදාපු ලසන්ත ගැනත් කතා කරන්න පුළුවනි... ඒවා සිදුවීම් විතරයි මචං... ඒ සිදුවීම් වලට ඒහා ගිය තත්වයන් ගැනයි අපි කතා කරන්න ඔ්නේ..//

    Mr Kurutu,
    Please read the following:

    http://www.bbc.co.uk/sinhala/news/story/2008/07/080708_speaker.shtml


    UNP accuses army commander




    Sri Lanka's main opposition party has in parliament accused the country's most senior army officer of being behind violent attacks on reporters.



    Opposition MP Joseph Michael Perera told MPs that the attacks were carried out by a "special team" controlled by Lt Gen Sarath Fonseka.
    Mr Perera said the government should arrest the offenders and "immediately bring them to justice".

    The army has denied that it is any way involved in attacks on journalists.

    Arrest offenders

    "We are told by those in the army itself that journalists are abducted and subjected to grievous injury by none other than a special unit under the army commander," Mr Perera, a former parliamentary speaker, said.



    ReplyDelete
  10. විවිධ දක්ශතා රැසක් ඇති තරුවෝ,මට මෙම ගීතයට තනුවක් දාලා දෙන්න

    බැලුවද මම සල්ලි,සල්ලි? අඩු කරානෙ කොත්තමල්ලි
    පාන් ලාබ කරාට මට හාල් එහෙම බෑ.//
    (මරඳ ගහෙදි ඔලුව පලයි, බෑ බෑ මට බෑ)

    ආන් තිස්ස මල්ලි,මල්ලි කූරු ගනියි එල්ලි එල්ලි,
    කූඨ ලියුම් හොර අත්සන් මාත් එක්ක බෑ.//
    (පාටලීගෙ හදපු පොටෝ? ඒව කමක් නෑ)

    යහපාලනෙ හෙල්ලි හෙල්ලි,හොරු ඇවිදින් ගෙදර ජල්ලි
    ඒ වුනාට ඇල් වතුරත් නොනිව බොන්නෙ නෑ//
    (රාජිත ලඟ ගොඩබිම තුල කිසිම නැවක් නෑ)

    මහ පාරේ පෙල්ලි පෙල්ලි,කිව්වත් මම,මල්ලි, මල්ලි
    විධායකේ ඔහොම හිටං අයින් කොරල බෑ//
    ( ඇමති කමුත් ඕන තුනයි,ඊට වැඩිය නෑ..)

    ReplyDelete
    Replies
    1. ගයාත්‍රි +++++++++++++++++++++
      කොහෙන්ද බං ඔය වචන ටික ආවේ? :D :D
      ඕකේ විදියේ හැටියට නම් මට මැවෙන්නෙම සුනිල් පෙරේරා...අන්න එයාට තමයි ඕකට නියමම තනුවක් දාන්න පුළුවන් මචං...;)

      Delete
  11. මා දන්නා එකම දේ නම් දේශපාලන නිසා අවසානගේ කෙළවෙන්නේ එය කරන වුන්ට නොව මේ අපි වගේ පැත්තක ඉන්න එවුන්ටය යන්නයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මචං..දැන් පේනවනේ උන් කොයිපැත්තට හරි පැනලා ජාම බේරගන්නවා..අපි තැලෙනවා..

      Delete
  12. මචං තනියා ...

    දේශපාලනය කියන්නේ අපිට ටී.වී. එක හරහා පෙන්නන නාඩගම නෙවෙයි . උන් ඔක්කොම එක පංතියක් ... එකෙක් දෙන්නෙකුට එරෙහිව පෞද්ගලික හේතු මත යම් යම් ක්‍රියාමාර්ග ගත්තට හොරු ඔක්කොටම දඬුවම් දෙයි කියල කවදාවත් හිතන එපා. U.N.P. හොරු ,මිනීමරුවෝ ,කුඩු කාරයෝ ඔක්කොම ගිහින් මහින්දගේ දෑත සහක්තිමත් කරලා නඩු ඉවත් කරගත්තා, හොඳම සීන් එක වෙන්නේ මහින්දව මරන්න ගිය ජොනිය නේ අන්තිමට මහින්දගේ වැඩියෙන්ම බුරන බල්ලා වුනේ . ඉතින් ඒ වගේ ඒ කම්බ හොරු සෙට් එක මේ පැත්තට සෙට්වෙයි තව ටික දවසක් යනකොට . ඊට පස්සේ ආපහු පරණ විදිහටම වැඩේ යන්නත් පුළුවන් .
    ලංකාවේ දේශපාලනය ගැන ඇත දැකීම තියෙන මිනිස්සුන්ට ඕවා මහා පුදුම නෙවෙයි. අනික පැත්තක් බදාගන්න එපා . මහින්ද ගිය මාර්ගය වැරදියි ඒ වෙනුවට ඒ අවස්ථාවේ හිටපු හොඳම පුද්ගලයා සිරිසේන . දැන් එයාගේ අවස්තාව . ඊළඟට එයා හොඳ නැත්තම් විකල්පයක් බලන්න ඕන . ඒ දෙවල්කරන්න තමයි කතිරය තියෙන්නේ .

    අපි බෙදිලා මරාගත්ත්ට කවදාවත් උන් එහෙම කරන්නේ නෑ. උඹලට අපිට පේන්න මරාගන්න උන් එකපතේ කාගෙන ඉන්නේ . ඒ ටික තේරුම් ගනින්. තුන්වෙනි ලෝකේ රටවල දේශපාලනය කියන්නේ සුළු පිරිසක් විසින් වැඩි පිරිසක් ඇන්දවීම . ඒ නිසා ඇඳගන්නේ නැතුව මධ්‍යස්ථව හැම දේම බලපන්.
    වැරැද්ද සිරිසේන කලත් රාජපක්ෂ කලත් වරද්දම තමා . රාජපක්ෂගේ වැරැද්ද සිරිසේන කලාම හරි කියන්නත් ,රාජපක්ෂ කරනකොට හරි කියපු දේ සිරිසේන කරනකොට වැරදි කියලා කියන එක නෙවේ .අනන් එතැනටයි අපි එන්න ඕන. ජනතාව පුද්ගල චරිත වන්දනාවේ ඉන්නකං පාලකයෝ කියලා එන බහු බුතයෝ හරිම ලේසියෙන් ජනතාව අන්දනවා .

    ReplyDelete
    Replies
    1. මචං ඉවාන්...

      අනිවාර්යෙන් හොඳම නාඩගම තියෙන්නේ තිරෙන් පිටිපස්සේ..ඒ වගේම මචං ඒ නාඩගම් දැකලා දැන් ඇති වෙලා ඉන්නේ...හැමදාම වෙන්නේ එකම හොරු ටික ඒ පැත්ත මේ පැත්ත පැන පැන සුදනෝ වෙන එක..

      මම පැත්තක් බදාගන්නේ නෑ මචං...මහින්දට ඡන්දේ දුන්න එක මගේ පෞද්ගලික මතය සහ කැමැත්ත..හැබැයි සමහරු හංවඩු ගහන්න හදන විදියට මහින්ද පැරදුණා කියලා පිස්සු වැටෙන්න සැලෙන්න තරම් මම දුර්වල නැහැ..එහෙම දුර්වල වුණානම් මෙහෙම ලියන්න තරම් ශක්තිමත් වෙන්නත් බැහැ..මගේ පුඅද්ගලික වෛරයක් සිරිසේන එක්ක නැහැ සමහර සිරිසේනට කඩේ යන උන්ට මහින්ද එක්ක තිබ්බා වගේ..හැබැයි මම එදා පටන්ම ඔය කැඳ හැලිය විශ්වාස කලේත් නෑ කරන්නෙත් නෑ..ඒ ගැන කිසිම පැහැදීමකුත් නෑ...විශේෂයෙන්ම රනිල් චන්ද්‍රිකා වගේ බංකොලොත් දේශපාලඥයෝ දෙන්නෙක් වැඩක් නැහැ..ඒකටම ටි.එන්.ඒ එක එකත් මුස්ලිම් කොන්ග්‍රස් එකත් එකතුවුණේ හොඳකට නම් නෙවෙයි කියලත් උඹලා ප්‍රාර්ථනා කළ වෙනස වෙනුවෙන් නොවෙයි කියන එකත් මම පැහැදිලිවම විශ්වාස කරනවා..ඒ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා..

      Delete



  13. කුරුටු ගෑ ගී පවුරFebruary 3, 2015 at 6:36 PM

    //ඒත් ඔය තරම් ෆෝම් වෙලා කෑ ගහන්න තරම් දෙයක් තාම වුනේ නැහැ... උඹලාට කලිං කට පියං ඉන්න පුළුවන් වුණානම් අැයි දැන් බැරි..... යකෝ තාම පටං ගත්තා විතරයි..... තව හොරු ඒහෙම්මම.... පවුලේ හොරකම් තාම අැල්ලුවේවත් නැහැ... තාම දුමින්දලා.. තිස්සලා යන්නේ............ //


    අනේ කුරුටු මහත්තයෝ...

    ඔබ ඔය කියන්නේ ස්වයං වාරනයක් පවත්වාගන්න කියලා නේ?

    වෙනත් කෙනෙක් ලියපු දේ හරි නම් හරි වැරදි නම් වැරදි කියලා කියන්න ඔබතුමාට අයිතියක් තියෙනවා....

    ඒ වුනත් "ඔව්වුවා ලියන්න එපා" කියලා කියන්න ඔබට අයිතියක් නැහැ.

    එහෙම කිවුවොත් ඔබ සහ අර මාද්යවේදීන් හට පහරදෙනවා යැයි ජොසොප්පු මයිකල් පෙරෙරා ගේ චොදනාවට ලක් වූ පොන්සේකා අතර වෙනසක් නැහ ...

    ReplyDelete
    Replies
    1. //උඹලාට කලිං කට පියං ඉන්න පුළුවන් වුණානම් අැයි දැන් බැරි.....//
      බොහොම ඉස්සර මෙහෙම නොකළ උන්ට දඬුවම මරණය වුණ කාලයකුත් තිබුණා..මම හිතුවා දැන් යහපාලනය නිසා භාෂණයේ නිදහස ඇති කියලා..මට වැරදිලා...:D

      Delete
  14. //පුඅද්ගලික වෛරයක් සිරිසේන එක්ක නැහැ සමහර සිරිසේනට කඩේ යන උන්ට මහින්ද එක්ක තිබ්බා වගේ..//

    //හැබැයි මම එදා පටන්ම ඔය කැඳ හැලිය විශ්වාස කලේත් නෑ කරන්නෙත් නෑ..ඒ ගැන කිසිම පැහැදීමකුත් නෑ...//

    //විශේෂයෙන්ම රනිල් චන්ද්‍රිකා වගේ බංකොලොත් දේශපාලඥයෝ දෙන්නෙක් වැඩක් නැහැ.//

    //.ඒකටම ටි.එන්.ඒ එක එකත් මුස්ලිම් කොන්ග්‍රස් එකත් එකතුවුණේ හොඳකට නම් නෙවෙයි කියලත්//

    // උඹලා ප්‍රාර්ථනා කළ වෙනස වෙනුවෙන් නොවෙයි කියන එකත් මම පැහැදිලිවම විශ්වාස කරනවා..ඒ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා..//

    Very correct and Same here. This is exactly what I always wanted to express.. But I couldn't brief it nicely like this.

    ReplyDelete
    Replies
    1. Thank you Gayathri. :)

      It is very unfortunate to see the way some people react. They do not understand what our exact intention is and instead of taking criticism in a constructive manner they accuse us for being "blind" followers of MR. The decision of voting MR and standing by him is based on our personal view. But just because we have done that, don't we have any right to speak against the new government and its alliances? Don't we have any right to speak against their misconduct?
      Is it the so called democracy they have fought for under MR's government? Is it the actual 'change' MY3 followers have fought for?

      Delete
  15. සස්සඳ සසඳ බොග පාමුල තැපැල් කල
    පෝස්ට් කියවලා කෙනෙකුට පනියි මල
    සිරිකොත ඉඳන් අතගානා මොනර කොල
    අරං අපට තගරි ටෝක් දමයි බොල.....

    සස්සඳ සසඳ අපි යහපාලනයේ යනවා....
    සස්සඳ සසඳ රෙදි නැතිවම රඟ දෙනවා.....

    ReplyDelete
    Replies
    1. එළ! නියමෙට වචන ටික සෙට් කරලා තියෙනවා.. :D :D

      Delete
  16. මටත් තේරී ඇති කාරනාව "යහ පාලනය" හුස්ම ගන්නවා ලෙස සිටින සෑහෙන පිරිසක් යහ පාලනය ගැන එතරම් තැකීමක් නොකරන බවයි. මෙසේ තැකීමක් නොකීරීමට ලොකුම හේතුව ඒ ගැන එතරම් නොදැනීමයි.

    හොඳම උදාහරන අගවිනිසුරු සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය (දැන් කට්ටිය අහයි මොකක්ද සිද්දිය.සුදුස්සීට නියම තැන පහු වෙලා හරි හම්බුනා. කඩේ ගිය උන්ව ඔහොම තමා පන්නන්න ඕන කියලා ). ප්‍රශ්නේ තියෙන්නේ ඊලඟට එන ජනාදිපති නැතිනම් අගමැති කිව්වොත් මොහාන් පීරිස්ගේ පත්වීම හරි කියලා.

    අපේ යහපාලනකාමී ප්‍රගතිශීලී කස්ටිය නම් ශිරානී බන්ඩාරනායකට සලකන්නේ අවංක ප්‍රතිපත්තිගරුක " සුදු නෙලුමක් " කියලා. නමුත් ටිකක් හොයලා බැලුවනම් එයාගේ තත්වේ තේරෙනවා.

    මේකට ලොකුම හේතුවක් තමයි බුකියෙන් දේශපාලනය ඉගෙන ගැනීම , නිවුස් බැලීමට ගොසිප් බැලීම හා එහෙම දකින දෙය ඇත්ත ලෙසට හොයා බැලීමකින් තොරවම පිලි ගැනීම (දැන් රනිල් හොඳය කියන අය බටලන්ද කොමිසමේ වාර්තාව කියවලා තියෙනවාද? අඩුමගානේ ඒ වාර්තාව මහජනයාට බැලිය හැකි දෙයක් කියලාවත් දන්නවාද? බණ්ඩාරනායක, සිරිමාවෝලා නිසා දෙමල ජාතිවාදය ඇති උනා කියන අය 1920-1950 වෙනකම් කාලය තුල දෙමල දේශපාලකයන් කියපු කතා, ඒ කාලයේ දකුනු ඉන්දීයාවේ තිබුනු Dravida Nadu සංකල්පය ගැන අහලාවත් තියනවාද? ).

    බුකියට හා ගොසිප් වලට යන අන්තර්ජාලයම පාවිච්චි කරලා ඔය කාරනා ඔක්කොම ගැන දැන ගන්න පුලුවන්.

    දැන් පසු ගිය දවස් වල බොහෝ කතා බහට ලක්වුනු පාවෙන අවි ගබඩාව ගැන හැම තැනම කියවුනේ මේක නිකම් රාජපක්ෂලාගේ උවමනාවට පටන් ගත්ත එකක් වගේ. නමුත් මුහුදු අරාක්ෂාව සපයන ආයතන වල සංගමයේ වෙබ් අඩවියට ගියාම එහි තිබෙන වාර්තා අනුව මේකට ලොකුම උවමනාව තිබිලා තියෙන්නේ ඒ සමාගම් වලට හා බ්‍රිතාන්‍ය රජයට. ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය අනවශ්‍ය විදිහට නීති පනවන බවක් තමා කියලා තියෙන්නේ . ඒ වගේම මේ වර්ගයේ සමාගම් සියයක් විතර අතර ලංකාවේ සමාගම් එකම එකයි තියෙන්නේ.

    http://www.seasecurity.org/2012/08/sri-lanka-pmsc-issues/

    දැන් අර බෞද්ධාලෝක මාවතේ ඉඩම ගැනත් රාජපක්ෂලාවම පට්ට ගහනවා. මහරජතුමාලු ඉඩම දුන්නේ. යුව රජතුමාලු හරිම අමානුෂික විදිහට T 56 වෙඩි තියලා මිනිස්සුව පැන්නුවේ. මේක ගැනත් ටිකක් හොයලා බැලුවානම් තේරෙනවා මේ ඉඩම රුසියාවට (ඒ කාලේ සෝවියට් දේශයට ) දීලා තියෙන්නේ 1986 බව. ඔය හරියේ ඉඩමේ ඉන්නවා කියන ජනතාවේ ඔක්කොම ඔය ඉඩම් බලෙන් අල්ල ගත්ත අය (හිටපු තානාපති වරයෙක් 1950 සිට ඔය ඉඩම ගොඩ කල හැටි, මුස්ලිම් අය කොහොමද හෙමින් අල්ල ගත්තේ කියලා කියලා තියෙනවා ). ඒ වගේම ඔය ඉඩමට කියන්නේ පිඩලිවත්ත කියලා . එහෙම කියන්නේ 1980 ගනන් වල එක්තරා පුද්ගලයෙක් ඔය හරියේ පිඩලි බිස්නස් කල නිසා හෙම නම් නෙමේ (වෙන කවුරුත් නෙමේ සිරිසේන කුරේගේ උපාලි ලමයා ) . දැන් එතකොට ඔය වත්තේ ඉන්නේත් අහින්සක මිනිස්සු මිසක් ඒ පිඩලි බිස්නස් කරපු මුඩුක්කුවල අය්යලත් නෙමේ. දැන් එතකොට මේ හොරෙන් ඉන්න මිනිස්සුන්ට වන්දි ගෙවන්නත් ඕන අපි (අනිත් මහජනතාව ). ඒකත් අඩි 350 මදිලු. හොරෙන් ඉන්න ප්‍රමානයටත් සෑහෙන්න දෙන්න ඕනලු . හොරෙන් හදලු පල්ලිය යන පාරක් නැත් නිසා ඒකත් ආන්ඩුව ගානෙම හඳලා දෙන්නලු.

    http://www.island.lk/2007/02/28/opinion1.html

    http://www.sundaytimes.lk/140119/news/russians-want-residents-out-ministers-to-decide-80569.html

    දැන් එතකොට මේ JVP අය්යලා මිනිස්සුන්ව ෆෝම් කරලා කඩන්න හැදුවේ හදන් යන අලුත් රුසියන් තානාපති කාර්යාලයේ ගේට්ටුව. ගැලරියට ආතල් දෙන ජෙප්පො මේක කරපු එක පුදුමයක් නෑ. පුදුමේ අපේ යහපාලන උදවියත් මේවට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හුරේ දාන එක.

    ReplyDelete
    Replies
    1. ඔබගේ විස්තරාත්මක පිළිතුර බොහොම අගෙයි..ඔවැනි දේ නොදන්න හෝ හංගන්න අවශ්‍ය සමහරු පතුරන දේ තමයි බ්ලොග්වල බහුතරය දොහොත් මුදුන් දීල පිළිගන්නේ..ඔබ වැනි අය මෙවැනි විස්තර ලින්කු සමගම ගෙනහැර දැක්වීම් බොහොම වටිනවා..ඒ වගේම රැලට යන මෙහෙම කාලයක (විශේෂයෙන්ම බ්ලොග් ලෝකේ , සැබෑ ලෝකේ නෙවෙයි) ඔය යටගැහුණු හෝ යටගැහුව තොරතුරු අදින එක වැදගත්.

      //දැන් කට්ටිය අහයි මොකක්ද සිද්දිය.සුදුස්සීට නියම තැන පහු වෙලා හරි හම්බුනා. කඩේ ගිය උන්ව ඔහොම තමා පන්නන්න ඕන කියලා// ++++
      යහපාලනයක් පොරොන්දු වී පත්වුණ වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම් කොයිතරම් වුණාද වෙනවද කියන එක ටිකක් ඔය යහපාලනයට කඩේ ගිය උන්දැලා හොයා බැලුවොතින් හොඳයි..යහපාලනයෙක් ඔය ප්‍රශ්නා විසඳුව හින්දා නේ කපුටෝ ටික උසාවිය ඉස්සරහ ස්ට්‍රයික් කලෙත්, එක ලියුමෙන් ශිරාණිව තනතුරේ පිහිටෙව්වෙත්, පහුවදාට විශ්‍රාම ගියෙත්..ඇයි පහුවදා විශ්‍රාම යන්න නම් ඔච්චර නැටුවේ?

      පාවෙන අවි ගබඩාවක් ඇල්ලුවාය කියා යහපාලන උන්දැලා පැන්න පැනිල්ල දශක තුනක ත්‍රස්තවාදය පැරදුණුවේලේවත් දැක්කේ නැත.ඇත්ත කතාව හෙලිවූ විට ආඳන් බවට පත්වෙනුද අපූරුවට දැක ගත්තෙමු.ඕවා උඩක් බිමක් නොබලා හැමදේටම එහෙයි කියන යහපාලන ගැත්තන්ගේ වැඩය.ඊටත් හපන් ඒවාට පෝර දමා ගමරාළගේ වමනය කළු කපුටන් හත් දෙනෙකු බවට පත්කරන බ්ලොග්, බුකි සහ ඕපාදූප අඩවි.!

      //එහෙම කියන්නේ 1980 ගනන් වල එක්තරා පුද්ගලයෙක් ඔය හරියේ පිඩලි බිස්නස් කල නිසා හෙම නම් නෙමේ (වෙන කවුරුත් නෙමේ සිරිසේන කුරේගේ උපාලි ලමයා ) . දැන් එතකොට ඔය වත්තේ ඉන්නේත් අහින්සක මිනිස්සු මිසක් ඒ පිඩලි බිස්නස් කරපු මුඩුක්කුවල අය්යලත් නෙමේ. දැන් එතකොට මේ හොරෙන් ඉන්න මිනිස්සුන්ට වන්දි ගෙවන්නත් ඕන අපි (අනිත් මහජනතාව ). ඒකත් අඩි 350 මදිලු. හොරෙන් ඉන්න ප්‍රමානයටත් සෑහෙන්න දෙන්න ඕනලු . හොරෙන් හදලු පල්ලිය යන පාරක් නැත් නිසා ඒකත් ආන්ඩුව ගානෙම හඳලා දෙන්නලු.
      // මාත් දැනන් හිටියේ නැහැ..බොහොම ස්තූතියි තොරතුරුවලට සහ ලින්කුවලට..ඕවා යහපාලන උන්දැලාට නම් පේන එකක් නැහැ..

      //ගැලරියට ආතල් දෙන ජෙප්පො මේක කරපු එක පුදුමයක් නෑ//
      සමහරු ජවිපෙ දේවත්වයෙන් සලකනවා..ජවිපෙ ඉන්නේ හැමදාම එල්ලෙන්න වැල් හොයන වැඩ බැරි ටාසන්ලා ටිකක්..කට්ටියට රිදෙයි හැබැයි ඇත්ත ඒකයි..අනික ජවිපෙ රටට විප්ලව දෙකකදි කල අපරාධයේ හැටියට තව කොහොම ඇඟිලි දික්කරන්නද? දැන් ඒ යුගවල අය බොහෝමයක් නැති නිසා අලුතෙන් ඉපදුණු අය දන්නේ නෑ..අනික ජවිපෙ හැමදාම කලේ වහා උණුවෙන තරුණ ලෙය ප්‍රකෝප කරලා ඒ පහනින් එළිය බලන එකයි..:D

      Delete
    2. අලුත් පරපුර පොලිටික්ස් ඉගෙන ගන්නේ ෆේස් බුක් එකේ කට කතා වලින්.පොතක් පතක් කියවන්න හුරුවෙලා නැහැ.කවුරුහරි මොකක් හරි පෝස්ට් එකක් දැම්මොත් ගාල කඩා ගෙන ශෙයා කරනව,ලයික් කරනවා. අද කාලෙ හරියට දත් ටික මැදගන්න වත් දන්නේ නැහැ. ඒ වුනාට ශෙයා කරන්නයි ලයික් කරන්නයි දන්නවා.
      මට යහපාලන පොරටෝක් දෙන අවුරුදු 25ක ලාමක ටිං ටිං කෙනෙක් ඉන්නවා.මම ඇහුව ඔස්ටින් ආන්ඩුකාරයෙක් නේද දැන් කියල.ඉතින් හොඳයිනේ කියලා අපේ පොර කියනවා. මම කිව්ව පුලිදේවන් ට ඇපල් අරන් ගිහින් මචං කිව්වේ පොර තමයි කියලා.එයා අහනවා කව්ද පුලිදේවන් කියන්නේ කියලා. මම කිව්වා අපිට පොරටෝක් දෙන්න කලින් පොඩ්ඩක් සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන එන්න කියලා.

      Delete
    3. කියලා වැඩක් නැත..මම කිව්වේ //ජනවාරි 9වෙනිදා තෙක් ඡන්දයක් ගැන මුකුත් නොදන්නා සේ හිටි පතෝල කරල්ද දැන් නයි කොච්චි වී ඇති හැටි// කියලා..සමහරු දේශපාලනයක් තියා ගෘහපාලනයක්වත් දන්නේ නෑ!වැසිකිලි යාමෙන් පසු සෝදාගන්නවත් නොදත් ඈයෝ එනවා හෙන පොර ටෝක්ස් දීගෙන බැලින්නම් කොහෙහරි ඊනියා සයිට් එකක තිබ්බ එකම ගිරවා දාගෙන..අර කොහෙද කසාගන්න නියපොත්ත නෑ කියන්නේ උන්ට තමා...තව සමහරු ඉන්නවා උන්ගේ අප්පලා යූඇන්පී එකෙන් ජේ ආර්ට හූ කිව්ව උන්..පස්සේ ජවිපෙ වෙලා මැරුම් කාපු උන්..දැන් බොක්කෙන් යූඇන්පී එකට කඩේ යනවා...ඒ මදිවට හෙන පත ටෝක් දෙනවා හරියට රනිල්ගේ වලව්වේ උපන්නා වගේ...හතර හිනා!

      Delete
  17. මෙන්න ජ වි පෙ:

    http://www.pathula.com/index.php/archives/7445

    නන්දන මාරසිංහ සහෝදරයා ඝාතනය කරන ලදදේ 1987 නොවැම්බර් 29 වනදාය. මෙයින් වසර විසි හයකට පෙරය .ඒ ඔහු අනුරාධපුර පොලේ පාවහන් විකුණමින් සිටින මොහොතක ය. එම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක ප්‍රතිපලයකි. ජවිපෙ පහල සාමාජිකයකු විසින් සිය නොවරදින සුලු කෙටි දුර ඉලක්කය ඒ දයාබර හදවත සිදුරු කරමින් සිය අතීත සගයාගේ පණ නල පැහැර ගෙන තිබුනේය. ඒ පක්ෂ නායකත්වය තමන්ට පැවරූ වගකීම නිවැරදිව ඉටු කරමිනි. නන්දන මාරසිංහගේ ඝාතනය හා බැඳුන තමාද වගකීම් දැරූ අතීත පක්ෂය හා එහි දේශපාලනය මෙන්ම තම සමීප මිතුරා වන නන්දන මාරසිංහ ගැන කේලි සේනානායක සොයුරා සිය තම මතකය අවදි කලේය. වෛද්‍ය උපදෙස් මත විවේක ගත යුතු නේද? යැයි මා සිහි ගැන්වූ විට කේලි මා ලැජ්ජාවට පත්කමින් ‘ප්‍රශ්නයක් නෑ’ පැවසුවද ඉදහිට සිහින් කැස්සක් සමග හතලිස් අට වසරකට පෙර සිය මතකය වචන වලට පෙරළුවේය .මේ සටහන එහි අතුරු පලයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාරස.
      ඇතුලේ මැරුවා වගේම එළියේ කල මිනීමැරුම්..? දැන් කතාව සර්ව සාධාරණ පෙත්තපුලා වගේ..කමක් නෑ..අර Zenn Kitt කිව්වා වගේ ගැලරියට ආතල් දෙන්න තමයි හොඳ..

      Delete
    2. ඉස්සරම (1994)මගෙ යාලුවෙක් කිව්වා ,ඔන්න බලන්න කවදහරි ජේ වී පී එක යූ එන් පී එකත් එක්ක එකතු වෙනවා කියලා.මම හිනා වුනා යා දෙක නොරත රත කියලා. අවුරුදු 20කට පස්සෙ මගෙ යාලුවා කියපු දෙය හරි ගිහින් නේ.එක්කෝ යූ ඇන් පීය සුපිරිසිදු වෙලා.එහෙම නැත්නම් ජේ වී පීය දූශිත ,මර්ධනකාරී, ෆැසිස්ට වාදී, ප්‍රතිගාමී වෙලා.
      අනේ මේක මට තේරෙන්නැති කරුමේ..............!

      Delete
    3. Gayathri:
      ඔව් බං මාත් ලඟක් වෙනකම්ම හිතන් හිටියා එහෙම. :D හැබැයි 2002දිත් ඔය නාඩගමම නැටුවානේ කට්ටිය ලස්සනට..දැන් ඉතින් නළුවෝ ටික එහෙම ඩිංගක් වයස වුණාට තාමත් ඒ නැටිලි නටන්න පුළුවන් යසට! මටත් ඕක තේරෙන්නේ නැත්තේ ඇයිද මන්දා බං..

      Delete
    4. තේරුනා.. තේරුනා.. යුරේකා.. තරුවෝ ඔබත් තේරුම් ගන්න
      ජ වි පෙ යනු දැන් යූ ඇන් පියේ තරුණ සංවිධානයයි ලු.

      Delete
    5. අම්මපා? :D
      එතකොට මචං ඉස්සර යූඇන්පී මිනිස්සු ජවිපෙන් මැරුවේ (මගේ සීයාවත් ඇතුළුව ) සහ ජවිපෙන් උන්ව බටලන්දෙයි අර ලන්දෙයි මේ ලන්දෙයි ගෙනත් අත ගෑවේ ඕකට වෙන්ටැ! ඉඩ ගන්න වෙන්නැති නේ කට්ටියට..:D :D

      Delete
  18. http://maathalan.blogspot.com/2015/02/23-asking-and-eating-13.html

    ඔන්න මාතලං පුදුමාතලං වෙලා........

    ReplyDelete
    Replies
    1. බුහහාහාආආආආආආ....
      නියමයි නේ යහපාලනේ! :) හහහහාහාහාආආ...:D :D :D

      Delete