Tuesday, March 3, 2015

යහපාලිතයන් අවංක ද?


මෙහෙම ලියනා එකෙන් සෑහෙන්න දෙනෙකුට රිදෙන්නට පුළුවන්ය. එහෙම වුණත් බහුතර යහපාලන අනුගාමිකයන් ගැන සිතා බලා කිරා මැන ගත්කල මෙවන් නිගමනවලට එළඹීම එතරම් අපහසු  නොවනු ඇත. තපුල්ලන්නට පෙර ඔබම ඔබ ගැනත් දන්නා හඳුනන අය ගැනත් සිතා බලන්න.මේ මාස ගණනාවක් පුරාවට මා නිරීක්ෂණය කළ දේ ය.

"බහුතර" යහපාලන අනුගාමිකයන් නිරීක්ෂණයෙන් පෙනී යන දේ:

1.පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝ / කුහකයෝ
යහපාලනයට කඩේ ගිය/යන ඇත්තෝ බහුතරයක් "මහින්ද ඇර ඕන එකෙක්" යන තදබල පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝය.බොහෝවිට සොයා බලද්දි ඊට හේතුව මහින්දගෙන් ඍජුව සිදුවූ දේකුත් නොවේය.කොටින්ම කාලා ඇඳ ඉන්නට බැරිතරම් කිසිම දුකක් ඇත්තේත් නැති උන්ය.ඒවුණාට උන්ට ප්‍රෙෂර්ය.ඒ ප්‍රෙෂර් එක කාගේ හෝ පිටින් ඇරියේ නැතිනම් අමාරුය.වැරදිලාවත් මහින්දට පෙර ජනාධිපතිව හිටියේ සිරිසේන නම් ඒත් ඔය මන්තරයම මතුරනු නොඅනුමානය.සමහරුන්ට තමන්ගේ නොහැකියාව හෝ නොලැබීම, ඊර්ෂ්‍යාවෙන් මඩිනු ලදුව පිටාර ගලන්නට මිටි තැනක් සොයනා සිත ජනප්‍රියත්වයක්, හැකියාවක් ඇත්තෙක් සොයා ගලනවාය. මෙවන් සමහරක් සංගක්කාර නොව තමාගේම එකෙක්වුව දියුණට පත්වනවා දක්නට බැරි අමන කුහකයෝය.මෙවන් සමහරක් වයසින් මෝරා ගියද නාමික ගුණධර්මයන් ගැන වැදි බණ තෙපලන්නෝය.


2.වෙන්ඩ පොෂ් උත්තමයෝ
සමහරක් පොෂ් වීමේ නොනවතින උණෙන් පෙළෙන්නෝ ධනේෂ්වර පක්ෂයක් ලෙසත්, ව්‍යාපාරිකයන්ට හිතවත් පක්ෂයක් ලෙසත් යූඇන්පීයට වඩා යමක් නැතිබවට හණමිටි අදහසක එල්බගත්තෝ, පොෂ් බව පෙන්වන්නට යහපාලනයට කඩේ යන්නෝය.උන්ගෙන් සමහරක් දේශපාලනය ගැන දන්නා අබැටක් නැතිවුවත් අපි යූඇන්පී කීම මහ ලොකුකමක් කොට හිතා ඉන්නෝය.ඉතින් රනිල්ට තියා මහාමාන්‍ය ඩී ඇස් සේනානායක මහත්මයාටවත් නොතිබූ ආකාරයේ බොක්කෙන්, අග්න්‍යාශයෙන්, කුඩාන්ත්‍රයෙන්, ගුදයෙන් කොළ පාට වී ඉන්නෝය.සොයා බැලුවෝතින් සමහරක්ගේ අම්මා අප්පලා යූඇන්පී පාලන කාලයේ ජවිපේට කඩේ ගිය වුන්ය.දැන් සමසමාජය පසෙකලා, පෙලෙන හීනමානයේ තරම නිසා යූඇන්පීය බදා හිඳින්නේ තේරෙන ලබු ඇටයක් තරම්වත් දෙයක් නිසා නොව හුදෙක් මහන්තත්වයෙන් හීනමානය වසාගැනීමටය.ගෙවල් අගුපිල්හී ඉඳුල් කා හැදුණු සමහරක් දැන් සිරිකොතේ උපන්නා සේ පුරාජේරුවලින් හීනමානය වසාගන්නට දරණ තැත දුටුකල හිනා යනවාය!සිරිකොතේ පිලටවත් උන් වැස්සකටවත් ගොඩවෙලා නැති බව දන්නා අපි හිටං ඉන්නෙමුය; හිනායන නිසාය.


3.මෙහේ පයයි එහේ පයයි ඇත්තෝ
තවත් කොටසක් මෙහි එක් පයක් තබා සිටියාට ඉතිරි පය විදේශයක තබා හිඳින්නෝය.ඒ වෙනත් කිසිවකට නොව, ලංකාවට කෙලවුණොත් අපට පනින්නට තැනක් තබා ගත යුතුය යන බලාපොරොත්තුවෙන්ය.උන්දැලාට රට තිබ්බත් එකය, නොතිබ්බත් එකය.වලිගෙන් රට ගිනි තියා පැන්නාය කියන හනුමාගේ නෑයෝ වන්නටත් පුළුවන.ඒත් යම් දවසක නමටවත් රටක් තිබිය යුතු බව උන්ගේ ඔළුගෙඩිවලට නොදැනීම කණගාටුවට කාරණයක්ය.


4.අන්තවාදී අන්‍යාගමිකයෝ
ඉතාමත් සුළුතරයක් හැරුණුවිට කතෝලික, ක්‍රිස්තියානි,හින්දු, මුස්ලිම් යන අන්‍යාගමිකයන් වැඩිපුර නැඹුරු යහපාලනයට සහ යූඇන්පීයට ය.ඊට හේතුව යූඇන්පීය සුළු ජාතික,බහු ජාතික නියෝජනයක් සහිත "එකම" පක්ෂය ලෙසට ඇති හණමිටි අදහසය.අනික් අතට බෞද්ධ පාලකයෙක්ට ඇති අකමැත්තය.උදාහරණයකට මෙවර ඡනාධිපතිවරණයේ යහපාලනය වැඩියෙන්ම කඩේ ගියේ එන්ජිඕ ලෙසත්, විවිධ නිකායවල් ලෙසත් ආගමික මුහුණුවරින් යුතුව ක්‍රියාත්මකවන දේශපාලන සංවිධානවල ක්‍රියාකාරීන්ය.

අපේ සාම ඔස්තාද්ලා කොයිතරම් බයිලා ගැසූවත් යටපත් කරන ලද සත්‍යය මොවුන් බහුතරය බෞද්ධ නායකත්වයකට අකමැතිබවයි.උදාහරණයකට 2000දශකයේ දෙහිවල-ගල්කිස්ස ප්‍රධාන කතෝලික පියතුමෙක්ගේ දකුණු අත ලෙස සිටි පුද්ගලයෙකුගේ ගමටම මඩු පල්ලි වන්දනාවට සියළු අනුග්‍රහයන් සැපයුණේ  එල්ටීටීඊය වෙතින්ය.කොයිතරම් යුද්ධයක් ඇතිවුණත් පියතුමා හරහා ඒ සියළු කටයුතු නොකඩවා නිසිලෙස කෙරුණු අතර ඒ පවුල් පිළිගත්තේද ශ්‍රී ලංකා රජය නොවේය.හැකි සෑමවිටම ලක් රජය පට්ට පඳුරු ගැසූ ඔවුහු කීවේ එල්ටීටීඊය හොඳා කියාය.ඔවුහු ද්‍රවිඩ නොව සිංහල කතෝලික ජනතාවය!

හොඳින් විපරම් කොට බැලුවොතින් පෙනෙන දෙය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කල දිනින් පසු වැඩිවශයෙන් මෙවන් ක්‍රියාකාරීන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කළ බවත් ඉන්පසු චෙන්නායි වැනි ඉන්දීය නගරවල සංචාරය කරනු ලැබීමත්ය.සංචාරයේ වරදක් නැත.පොත්ත නොව සඟවාගත් දෙය ගැන විමසිලිමත්වීම වටින්නේය.මේවා හිතලු කියා යමෙක් කියන්නේ නම් විපරම් කොට බැලීම වටින්නේය.

තවත් උදාහරණයකට "අපෝ Are you into politics" කියා දේශපාලනය ගණිකාවක් සේ හෙලාදුටු එක්තර මුසල්මානු මිත්‍රයෙක් යහපාලනය ආ දා සිට බුකිය පට්ට ගසනු, ස්ටේටස් දමනු පෙනෙන්නේය.ඒ එකෙක් විතරය.උන් බහුතරයක් කතා කරන්නට ගත්තෝත් එළියට පනින්නේ ජිහාඩ් ගතිලක්ෂණය.පිටින් බබ්බු ඇතුළතින් යක්කු බව ඒ කතාබහ අසන ඕනෑම එකෙකුට පැහැදිලිවනවාය.ඇත්තටම ඒ ඇයි?


5.ඩොලර් කාක්කෝ
මේ හැරුණු විට යහපාලනයට කැපී පෙනෙන ලෙස කඩේ ගිය/යන පිරිස ඩොලර්වලට අම්මා වුව විකිණීමට නොපසුබට පිරිසය.ඩොලර්, යෙන්, සවුදි රියාල්, ඉන්දියන් රුපියල් නැතිනම් ලංකා රුපියලට හෝ මුදලට සියල්ල පාවා දිය හැක්කෝ රෙදි නැතුවත් යහපාලනයට කඩේ ගියෝය/යන්නෝය..උන්ට නැතිවෙන්නට දෙයක් නැත.අවශ්‍ය අද කා හෙට බොන්නට මුදල් ය.දේශප්‍රේමී මේකප් තට්ටුව උලාගත්තාට ඊට යටින් ඇති ඇස් දිලෙන්නට ගන්නේ ඩොලර් දුටුවොතින්ය.එසේ නම් මඩ උලා හෝ තමන්ගේ යහපාලනය ප්‍රමෝට් කලේ හුදෙක් තමන්ගේ සාක්කුව පුරවාගන්නට මිසක ඇති වෙන රුදාවකට නොවේය. තමා දෙසට මුදල් විසිකරනා විට චන්ද්‍රමුඛීලා සිතන්නේ තමා තරම් නැට්ටුවෙක් නැත කියාය.ඒ විසිකෙරෙන්නේ මනසින් වින්දනය කළ සතුට සහ භෞතිකව වින්දනය කිරීමේ පරම බලාපොරොත්තු බව චන්ද්‍රමුඛීලාට වැටහෙන්නේ නැත;වටහා ගෙන වැඩකුත් නැත.මුදල් විසිකරනා වේගයත් සමග සියළු සළුපිළි ලිහා හෝ නටන්නට උන්දැලා එවරෙඩිය.


6.බඩජාරියෝ
හොඳින් සිතා බලන්න මහත්වරුනි.මළපෙරේතයෝ සේ, කන්ට ජීවත්වෙන උන් යහපාලනේට කඩේ ගියේ හිටු කියාය.උන්ගේ හැටියට බඩට ලූණු බිකක් තරමක දෙයක් නොවැටුණත් ඒ මහින්ද උදුරන් කෑ හින්දාය.අපිත් කෑවේ ආණ්ඩුවකින් දුන්නු ලබු ඇටයක් නොවේය.මොකා ආණ්ඩු කලත් තමා කන්නේ තමා හම්බකරගන්න මුදලෙන්ය.ඉස්සර මහින්ද හිටියා කියා අපි තුන්වේලට හැම් බේකන් චීස් පුඩිං නොකෑවා සේම දැන් සිරිසේන ඉන්නවා කියා අපි තුන්වේල හාමතේ නොඉන්නෙමු.එහෙම වුවාට මේ කියනා බඩජාරියෝ මහින්ද ඉන්නා කාලේ ලුණු ඇටේක දෙයක් කාලාම නැත.දැන් සිරිසේනගේ කොත්තමල්ලි, උඳු ඇට බඩ පිරෙන්නට කනවාය.ඡන්දෙට පෙර උන් මන්තරයක් වාගේ කිව්වේ කන්න නෑ කන්න නෑ කියලා විතරමය.දැන් රවීගේ බජට්ටුව ආවාට පස්සේ නම් මුඛ-අධෝමුඛ සේරෝම වැහිලාය!


7.උදළුකාරයෝ
යහපාලනේට චීත්ත ඇඳන් කඩේ ගිය අනික් කොටස තුන්තිස් පැයේම උදැල්ල කරතබාගෙන සිටින්නෝය.නැත ගොවියෝ නොවේය.නමුත් කෙනෙකුට වල කපන්නට එවරෙඩි උන්දැලාය.හොඳින් සිතා බලන්න.කෙනෙකුට කේළමක් කියා, බිඳවා, බොරු වපුරා, මඩ කරවා, උල් සිටවූ වළක් උඩින් බංගලි පලසක් එලා සතුරා ඒ මතින් කැඳවාගෙන යන්නෝ යහපාලනේ මිට මොලවා උපන් බව වචනයෙන් මනාව කියා පෑවෝය; ඔවුන්ගේ සැබෑව දන්නා අපි හිටං සිනාසීමු.සාමාන්‍යයෙන් වියයුතු සේම මේ උදළුකාරයන්ට තවකෙකුගේ දියුණුවක් බලා ඉන්නට බැරිය.උදේ හවා මුණ නොගැහෙන සංගක්කාර වුව දිගට හරහට නෙලමින් ඉන්නා අතරේ විවා ඇඩ් එකක් ගියෝතින් "මුන්ට මෙච්චර හම්බකරලා තවත් මදි" කියා කුහකයා දොරට වඩම්මවන්නෝ එලෙසෙම යහපාලනයට අවැසි මඩ සහ වෛරී සිතුවිලි අපූරුවට වමෑරූහ.


8.මං විතරයි කිරෙන් නෑව උපාසක
සමහරක් වෙන්ඩ උපාසකයෝ කියන්නේ අරූ හොරකම් කලා, අරූ මෙහෙම කලා, අරූ අරම කලා කියාය.අන්තිමේ බලන් යනකොට අරූට වඩා මූ කළ හරිය වැඩිය.කන්තෝරුවල පෑන් මකන හාෆ්ෂීට් බණ්ඩලයේ සිට ගෙනයාහැකි සේරෝම පොදි ගහගෙන ගෙදර ගෙනයන, ළමයාගේ පාසැලේ වැඩ ටික පාට පින්තූරු කාර්යාල ප්‍රින්ටරයෙන් ඒ4 කොළයෙන් ගසාගෙන යන, පැය 8ත් මෙලෝ මළදානයක් නොකොට අතිකාලත් දමා ආයතන ගසාකන, ලොක්කොන්ට හිටු කියා දීගෙන දෙපතුල් ඉඹගෙන කේළාම් ඇදබාගෙන ජීවත්වන ඇවිදින මළමිනී නෙළුමෙන් ඉපිද කිරෙන් නෑවා සේ යහපාලනයට කඩේ ගියෝය.ආයෙත් හිටං හිනාය.


9.නිකම්මු
සිරිසේනගේ ප්‍රඥප්තියවත් නොදැන යහපාලනයට දෙන්ට ගිය අනාථ යූඇන්පීකාර නිකම්මු ටිකක්ද ඔය අතර ඉන්නෝය.එයින් බහුතරය නිකම්මුය.ගෙයි ගෙම්බෝ සේ ගෙටවී රූපවාහිනියත් ජංජාලයත් හරහා පමණක් යාවත්කාලීනවන මේ නිකම්මු දන්න ඉටිගෙඩියකුත් නැත, ඒවුණාට කෙන්ද කන්ද කොරගන්නට නම් උපන් හපන්ය.ඔවැනි බහුතරයක් ගෙට වූ ගැහැණුය.සමහරෙක්ට දරුමල්ලෝද ඇත, යහපාලනේ නැතිනම් කාගේ හෝ පවුලක් හෝ අල්ලාගෙන වධවෙන්නට තරම් උන්ට වේලාව ඇති නිසා යහපාලනේ ප්‍රතික්ෂේප කල නොහැකි වැරදිවලටත් හුණු ගාන්නට ගොස් කොහේද ටිංකිරි ගාගන්නවාය.


10.රැඩිකල් මේනියාකාරයෝ
අනික් කොටස රැඩිකල්වීමේ උණෙන් පෙළෙන්නෝය.මින් සමහරක්ට නම් සහලෝල උණය.අර ඡන්දයට කලින් ලැම්බෝගිනි ඉල්ලා ඇඬුවේත්, ගුටිකෑ බව රඟපා පෙන්නුවේත්, මලක් නැතිව සින්දුවක් කියාගන්නට තටමන්නේත් එහෙම උන්ය.ඒ හැර තාරුණ්‍යය සහ රැඩිකල්වීම ටපලවාගත් අම්බරුවෝද වෙති.උන්ට උඩුගං බලා පිහිනීම ට්‍රෙන්ඩ් එකක්ය, ගැම්මක්ය.උඩුගං බලා පිහිනීම හොඳය.එහෙම කළයුතු වේලාවල නොකොට රැල්ලට ගසාගෙන යන ගමන් "අපි උඩුගං යනෝ"යි සිඟිති ආතල් ගන්නා එකය, සිනහවට කාරණය.ජෙප්පෝ වැනි වැද්දෝ උපරිම ඵල නෙලාගන්නේ මෙවන් කපුටු බෝ වලින්ය.


11.මම හරි කෙරුමා - මම හරි උගතා
තවත් සමහරෙක් සිටින්නේ මම තරම් කෙරුමෙක් නැත - මම තරම දැන් උගත් සියල්ල දත් පඬියෙක් නැත යන අධිමානසිකත්වයේය.උන්දෑට ඉහළින් කපුටෙක්වත් නොයන ගාණට එහෙයියන් ඉදිරියේ වීරයෙක්, කෙරුමෙක් වන්නට ඔවුනට ඇත්තේ මාරම ඇම්මකි.ඒත් මොකෑ ඇයි පම්පෝරිය!ඔවැන්නක් කට ඇරියොත් නයි ගලනවාය.කටුස්සන්ටත් රත්තරන් බැන්ද බව ඉතිහාසය කියා ඇති නිසා History repeats කියා අපි බලා ඉමු.

පසු සටහන:
රිදුණු කට්ටිය අත ගා ගන්න.

79 comments:

  1. මට නම් යූඇන්පී කියන අකුරු තුනත් එක්ක අමුතුම ආගන්තුක ගතියක් තියනවා. යූඇන්පීකාරයෙක් කියන්නෙ ප්‍රතිගාමියෙක් කියන ආකල්පය ඇගේම තියනවා.
    කොහොමත් යූඇන්පී එකට ඡන්දෙ දෙන අය ඒක කරන්නෙ කිසිම වගවිභාගයකින් නම් නෙමෙයි.අනෙක් පක්ෂවල අය පක්ෂ මාරුකරනවා.නමුත් යූඇන්පීකාරයට පක්ෂය කියන්නෙ ඇදහිල්ලක්. ඒකට හේතුවුන සමාජ විද්‍යාත්මක කරුණු මොනවාද කියන එක මම හෙව්වා. කුමක් හෝ පුද්ගලික උදව්වක් ලබා ඊට පාරම්පරිකව කෙළෙහිගුන දැක්වීමේ මරිමෝඩකම තමයි අංක එක. ධනපතියන් ඉස්සර බත් ගොටු දීල නිර්ධන පන්තියෙ අය පෙලපාලිවලට ගෙනිච්චා .මේ අය මේකට ඇබ්බැහි වුනා.1977 දි විතර ගඩාගෙඩි කඩපු අයට්ටහ් ආණ්ඩුවෙ රස්සා දුන්නනෙ . ඒ අයගෙන් පැවත එන අයත් යූඇන්පී .

    නියම විදියට යූඇන්පී වෙන්න අඩුගානෙ අක්කර පනහකවත් ඉඩමක් , ෆැක්ටරියක් , වත් තියෙන්න ඕන. ඒත් සමාජවාදී පක්ෂවලට ඡන්දය දෙන්න ඕන නිර්ධන පන්තියෙ මිනිස්සුත් යූඇන්පිය එක්ක බදීමක් ඇතිකරගෙන තියනව. ඒක වැඩවසම් බදීමක්.

    අනෙක් පක්ෂ එකකවත් මේ ගතිය නෑ. ශ්‍රීලනිපය පවුල්වාදී වුනත් ශ්‍රීලංකා කාරයා දේශපාලනිකව පක්ෂයක කොටුවෙලා නෑ.2004 දි සමහර ශ්‍රී ලංකා ඡන්ද ජේවීපී එකට වැටුනා.නමුත් යූඇන්පී කාරයො කවදාවත් පක්ෂෙන් පිට ඡන්දෙ දෙන්නෙ නෑ. ජවිපෙ මේක දන්නව. ඒ නිසා මහින්ද එනවට ඒ අය අකමැති ඒකයි. ශ්‍රී ලංකා එක දියකරල ඒ ඡන්ද අරන් ප්‍රදාන එජාප විරෝධී බලවේගය වෙන්න හදන්නෙ ඒකයි.

    සර්වජන ඡන්ද බලය ලැබීමේ මූලික පරමාර්ථ වලටත් හානියක් .මෙහෙම පිරිසක් පක්ෂය ආගමක් කරගෙන ඉන්න එක. ඒක ඔළමොළ ගතියක්. යූඇන්පී ආන්ඩුවකින් රටට හානියක් කරන්න පුළුවන්. මොකද පාක්ෂිකය ඕනම තීරණයක් අනුමත කරන නිසා.

    අනෙක් පක්ශවල අය තීරණ ගන්නෙ දේශපාලනිකව. දේශපාලන සවිඥානකත්වය අඩුම මන්ද බුද්ධික පාක්ෂික පිරිසක් ඉන්නෙ එජාපයෙ.

    සුළු ජාතීන් හා සුළු ආගමිකයන් ගේ එජාප හිතෛශීභාවය ඔබ මතුකරන අනෙක් කාරණය. කතෝලික බෙල්ට් එකේ ජනතාව 1947 ඉදන්ම ඡන්දය දුන්නෙ පල්ලිය කියන විදියට. පල්ලියෙ ප්‍රධානම සතුරා වුනේ සමාජවාදය. සම සමාජෙ ට ඡන්දය දෙන්න එපා කියල දේශනවලදි දැනුවත් කිරීම් පවා කරල තියනවා. ඉතින් යක්ෂයා විසින් එවනුලැබූ වාමාංශිකයන්ට එරෙහිව දෙවියන් වහන්සේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීම ආගමික වගකීමක්.. කතෝලිකයන් යූඇන්පී වෙලා තියෙන්නෙ ඒකයි. දෙවියන් වහන්සෙ , අධිරාජ්‍යවාදීන්, ධනපතියන් කියන්නෙ කිතුනුවාට මිහිරි වදන්.

    මුස්ලිම්වරු එදා ඉදන්ම යූඇන්පී. ඔවුන් වෙළැද ප්‍රජාවක්. ඔවුන් ක්‍රියාකරන්නෙ ඔවුන්ගෙ පල්ලි වලින් කියන විදියට .පල්ලිවලට අනුග්‍රහය දෙන්නෙ ව්‍යාපාරිකයො. ඉතින් මුස්ලිම් අයත් යූඇන්පී.
    දෙමල ජනතාව ඡන්දය දුන්නෙ කොටි පරද්දපු වෛරෙ පිරිමහගන්න.

    ReplyDelete
    Replies
    1. සුපිරියි..
      ඔබේ අදහස් දැක්වීම හුඟක් වටිනවා..මොකද මම උඩින් අතුගාගෙන ගිය එක ඔබ හොඳටම විස්තර කරලා තියෙන නිසා..:)

      //කුමක් හෝ පුද්ගලික උදව්වක් ලබා ඊට පාරම්පරිකව කෙළෙහිගුන දැක්වීමේ මරිමෝඩකම තමයි අංක එක// ඇත්ත.එහෙම සමහරුම ඡන්දේ කාලේ කිව්වා කළගුණ සලකන්න මහින්දට ඡන්දේ දෙන් බයියෝ හරක් කියලා..අත්දැකීමෙන් ද මන්දා..

      ඔව් එහෙම ඇදහීමක් තියෙනවා..ඒකට හේතුව මම හිතන්නේ ඔවුන්ගේ යටිහිතේ ක්‍රියාත්මකවන අර ධනේෂ්වර පංතියේ කොටසක් කියලා පෙන්වන්නට තියෙන කැමැත්ත වෙන්නත් පුළුවන් නේද?සමහරුන්ට ඒක ලොකුකම පෙන්වීමේ ක්‍රමයක්.ඇත්තටම හෙට යූඇන්පී ආණ්ඩුවක් ඇවිත් යහපත් දෙයක්, රටට වැඩදායී දෙයක් කරනවානම්, දැන් කරන ගොන්කම් නැතුව හරි මාර්ගයේ යනවානම් අපි වුණත් ඡන්දය දෙනවා.අනික් අතට මම පාරම්පරික ශ්‍රීලනිප කාරයෙකුත් නෙවෙයි.2005 ඉඳන් මේ මතයේ ඉන්න සාධාරණ හේතු තිබුණා, තිබෙනවා..අන්න ඒ හරි දේ හරියට දකින්න, නිදහස් මානසිකත්වය ඒ ලොකුකම් පිස්සුවෙන් ඇහිරිලා තියෙනවා කැපුවත් කොළ කියන සීල් එක ගහගත්තු බහුතරයකට.අවශ්‍ය වන්දනාවක් නෙවෙයි නිවැරදි තීරණයක් කියන එක අවාසනාවකට වගේ ඒ බහුතරයකට තේරුම් ගන්න බැහැ..අනික් අතට ඒ බහුතරය නිසා සුළුතරයක් වන නුවණැති පාක්ෂිකයන්ටත් අහක යන කුණුවලට යටවෙලා ඉන්න වෙලා තියෙනවා..

      ඔබේ අවසාන පැහැදිලිකිරීම ගැන කතා දෙකක් නැහැ..100%ක් එකඟයි..:)

      Delete
    2. //"මහින්ද ඇර ඕන එකෙක්" යන තදබල පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝය.//
      //මෙවන් සමහරක් වයසින් මෝරා ගියද නාමික ගුණධර්මයන් ගැන වැදි බණ තෙපලන්නෝය.//
      //සමහරුන්ට තමන්ගේ නොහැකියාව හෝ නොලැබීම, ඊර්ෂ්‍යාවෙන් මඩිනු ලදුව පිටාර ගලන්නට මිටි තැනක් සොයනා සිත ජනප්‍රියත්වයක්, හැකියාවක් ඇත්තෙක් සොයා ගලනවාය. //
      //පොෂ් බව පෙන්වන්නට යහපාලනයට කඩේ යන්නෝය//
      // ඩී ඇස් සේනානායක මහත්මයාටවත් නොතිබූ ආකාරයේ බොක්කෙන්, අග්න්‍යාශයෙන්, කුඩාන්ත්‍රයෙන්, ගුදයෙන් කොළ පාට වී ඉන්නෝය//
      //යූඇන්පීය බදා හිඳින්නේ හුදෙක් මහන්තත්වයෙන් හීනමානය වසාගැනීමටය.//
      //සිරිකොතේ උපන්නා සේ පුරාජේරුවලින් හීනමානය වසාගන්නට දරණ තැත//
      //වලිගෙන් රට ගිනි තියා පැන්නාය කියන හනුමාගේ නෑයෝ//
      //අවශ්‍ය අද කා හෙට බොන්නට මුදල් ය.//
      //තමා දෙසට මුදල් විසිකරනා විට චන්ද්‍රමුඛීලා සිතන්නේ තමා තරම් නැට්ටුවෙක් නැත කියාය//
      //ඡන්දෙට පෙර උන් මන්තරයක් වාගේ කිව්වේ කන්න නෑ කන්න නෑ කියලා විතරමය.//
      //යහපාලනයට අවැසි මඩ සහ වෛරී සිතුවිලි//
      //
      සිරිසේනගේ ප්‍රඥප්තියවත් නොදැන යහපාලනයට දෙන්ට ගිය අනාථ යූඇන්පීකාර නිකම්මු//
      //යහපාලනේ ප්‍රතික්ෂේප කල නොහැකි වැරදිවලටත් හුණු ගාන්නට ගොස් කොහේද ටිංකිරි ගාගන්නවාය.//
      //රැල්ලට ගසාගෙන යන ගමන් "අපි උඩුගං යනෝ"යි සිඟිති ආතල් ගන්නා එකය, සිනහවට කාරණය.//

      බ්ලොග් ලෝකයේ යහපාලන රැල්ලට ගසා නොගෙන සැබෑ පටිසෝත ගාමීත්වය ප්‍රකට කළ දකුනේ නොසැලෙණ හඬ තනි තරුවාට තව තව මෙවන් රුවන් වැකි නිර්මාණය කරන්නට හැකි වේවා.

      Delete
    3. ඔබගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා! :D
      ස්තූතියි ගයාත්‍රි...:)

      Delete
    4. //මම හරි කෙරුමා - මම හරි උගතා
      - කට ඇරියොත් නයි ගලනවාය //

      නයි මාමා ය. හික්ස්

      Delete
  2. ඔය හැම සාම්පලේම පොරවල් බ්ලොග් අවකාශයේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..කියවද්දි උදාහරණ ඕනෑතරම් ඔළුවට එනවා නේද?:D

      Delete
    2. මේකනේ මකසි අහඹුව ලංකාවේ ඕනෑම 100ක් ගත්තොත් ඔය කියන හැම කෙනෙකුම ඉන්නවා. ඔක්කොම හිතන් ඉන්නේ අපි හරියි කියන මතයේ.

      Delete
  3. ජීවීතේට කියවා ඇති එකම පොත
    දෙවියෝ රැක දෙන්ඩ සොඳමැයි මූනු පොත

    ReplyDelete
    Replies
    1. ++++++++++++++

      පොත් බරසාර කියවන්නට බැහැ බෝරිං
      නවල් බපල් ප්‍රේම කතා දැන් බෝරිං
      වැසිකිලි ගියත් කියවන්නට මරු පොත නං
      මූණුපොතයි ඒව නියම ආතල් දැං :D

      Delete
    2. මා දන්නා යහපාලිතයෝ.

      මේ මාතෘකාවේ සංක්ශිප්තය මෙසේය.
      1.ඔපීසියේ හාෆ්ශීට්, ස්ටේප්ලින්ග් කටු,ෆයිල් ක්ලිප්,පෑන්, පැන්සල්,කාර්බන් කොල,නෝට් පොත්,කරෙක්ශන් ඉන්ක්,අල්පෙනෙති,කැල්කියුලේටර්,ෆයිල් කවර,ලියුම් කවර එර්දි කරන්නන්.
      2.පරක්කුවී ඔපීසි ගොස් පැය ගනන් ඕපාදූප කියමින් සිට, සේවා දායකයින්ට පුප්පන්නන්.
      3. සාරි, පිඟන් බඩු දුන් විට පමණක් අදාල ලිපි ලේඛණ සාදන්නියන්.
      4.බොරුවට ඕ ටී දාන්නන්.ක්ලේම් දාන්නන්
      5.ඔපීසියේ අන්තර්ජාලයෙන් ෆේස් බුක්,ස්කයිප්, ට්විටර්,මයි ස්පේස්,වයිබර්,බ්ලොගර්,යාහූ,ජී මේල්,ගූගල් කොරන්නන්
      6.කොටු පනින්නන් සහ එහා මේසෙ මල් කඩන්නන්
      7.රාජකාරි වේලාවෙ ලමයා ගැනීමට, බැංකු යාමට,පොලේ යාමට දුවන්නන්
      8.ඉස්පිරිතාල වේලාවේ ප්‍රයිවෙට් කරන්නන්.( හෙදියන් හැර )
      9.පරිසරය පුරා සිලි කවර, ටොපි කොල, බිස්කට් කවර දමන්නන්.
      10.බස් එකේදී අසීරුවෙන් යන ගැහැනුන්ට සහ ළමයින්ට ජැක් ගහන්නන්
      11.ගෑස් ස්ටේශන් එකේදී , බැංකුවේදී, ෆුඩ් සිටියේදී පෝලිම පනින්නන්
      12. රටේ මුදල් කාබසිනියා කරමින් හරියට ඉගෙන නොගත් බැවින් ඉහල රැකියාවක් නැත්තන්
      13. ඒ නිසාම සහ සිගරට්, අරක්කු සහ ගංජා වලට මුදල් නාස්ති කිරීම නිසා හොඳ වාහනයක් ගන්නට, ගෙයක් හදාගන්නට බැරි වූවන්


      ආදී මෙකී නොකී වැරදි සාමාන්‍ය ජීවිතයේදී කරන සියලු දෙන එසේ කරන්නේ තම තමාගේ පුහුදුන් ස්වභාවය නිසාය. තම තමාගේ ධාරිතාව සහ ඉඩ කඩ අනුව මේ සියලු වැරදි කරමින් මහින්ද පමනක් බුදු වී සිටිය යුතු යයිඅදහන අපූරු සුදනන් රැසක ගෙන් සමන්විත ජනතාවක් මේ යහපාලිතයින් අතර අඩු නැත. සියලු නොහැකියාවට මුල මහින්දය.

      එබැවින් ම නිවැරදි පුද්ගලයෝ පලමු ගල ද තවත් ගල්ද ගසමින් සිටිති.

      අනේ සකෝ බල ලෝ...!

      Delete
    3. සහතික ඇත්ත.
      සමහරුන් කතා කරන්නේ ඔවුන් අතින් කිසිදු වරදක් සිදුවෙලා නැති ගාණටයි..අග මුල දන්නා අයට හිනා යන එක අහන්නටත් කාරණාවක්ද?මම ඒකයි අර යහපාලනය සහ අපි ලියද්දිත් කිව්වේ අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් තමන් නිවැරදි වෙන්න ඕන කියලත්, පාලකයා වෙනස්වූ පමණින් යහපාලනය ඉබේ ඇතිවෙන්නේ නැහැ කියලත්.ඔය කියන සේරම වැරදි අපේ අන්තිම පහළ ස්ථරයෙ ඉඳන් ඉහළම ස්ථරය දක්වාම වෙනවා..කෝ දැන් පාලකයා වෙනස්වුණා කියලා හොරට ඕටී දාන, කාර්යාල දේපල සූරාකන,කරන රාජකාරියට කිසිම අවංකත්වයක් නැති අය වෙනස් වුණාද?නැත්නම් සිරිසේනවත්, චන්ද්‍රිකාවත්, රනිල්වත් ඇවිත් කිව්වද "හා හා දැන් යහපාලනේ, ඔයාල ඔහොම කරන්න එපා" කියලා..එතකොට ඒකට පරණ පාලකයා වගකියන්න ඕන, අළුත් පාලකයාට වගකීමක් නැද්ද?

      දැන් බලද්දි පළමු ගල ගහලා තියෙන්නෙත් වැරදිකාරයෙක්නේ..සෙස්සන් ගැන කවර කතාද! :D

      Delete
    4. යහපාලන ඉණිමගේ ෆස්ට් රං එකේනෙ තාම ඉන්නෙ. ඒ ඩිංගට මල්ලි ටයි බෑණාටයි දුන්න ටික මදි නැහැනෙ? එහෙම කරලා කියනවා ,හාමුදුරුවනේ මම පවුල් ගස් හදන්නෙ නැහැ කියලා.යහපාලනේට එකසිය ගාණට ඔංකෝර් දාන කට්ටිය කවුරුහරි ඒ පිළිබඳ නිකං හරි පෝස්ට් කෙසේ වෙතත් කමෙන්ට් එකක් දාලා තිබුනා දුටුවාද?

      ඖෂධ පනත කියලා ගෙනාපු එක බලමු.ජනයාට යහපතක් කිරීමේ සේනක බිබිලේ උතුමාගේ සංකල්පය නෙමෙයි මේකෙ තියෙන්නේ. ඉස්සර දොස්තර( සියලු අය නොවෙයි ) ට්‍රේඩ් නේම් එකෙන් බෙහෙත් ලිවාම ලෙඩා ඒකම ඉල්ල ගන්නවා, සමහර විට ලාභ ඒවා තිබියදී දොස්තර තීරනය කල බෙහෙත.

      දැන් දොස්තර ඖශධ නාමය ලියලා දෙනවා.අර බෙහෙත් වෙලඳ නාම ටිකම තියෙනවා.එස් පී සී බෙහෙත් ටිකත් තියෙනවා. ඉතින් මේවායින් එකක් එපෑ දෙන්න.ඉස්සර දොස්තර ගෙ අතේ තිබ්බ තීරනය දැන් තියෙන්නෙ ෆාමසිස්ට් ගේ අතේ. ඉතින් එයා කැමති එක දෙනවා.කවුරුහරි හිතනව නම් ෆාමසිස්ට් අනෙක් බෙහෙත් ඔක්කොම විසිකරලා එස් පී සී බෙහෙත් විතරක් දෙයි කියලා එයා ඉතින් ළදරුවෙක්ම වෙන්න ඕන.කමක් නැහැ මහින්ද එලෙව්වා නේ කියනවා වගේ ,කමක් නැහැ, දැන් දොස්තර නෙමෙයිනේ කියලා සතුටු වෙමු අපි කොත්තමල්ලි අණුපානය සමගින්.


      හුදු ද්වේශය නිසා හංසයාට කතිරය ගැහුවා මිසක් මෙලෝ සැලැස්මක් නැහැ. අකිලත් මකනවා. කරනවා.ආපහු මකනවා. ආපහු ඒකම කරනවා.ලඟදි හිරෙත් යයිද මන්දා! ;-)

      තරුවෝ, මේ Nomenclature & classification එක නම් හෑන්සාඩ් ගත කරවන්න ඕනෑ, මතු ප්‍රයෝජනය සඳහා.

      Delete
    5. //කවුරුහරි හිතනව නම් ෆාමසිස්ට් අනෙක් බෙහෙත් ඔක්කොම විසිකරලා එස් පී සී බෙහෙත් විතරක් දෙයි කියලා එයා ඉතින් ළදරුවෙක්ම වෙන්න ඕන.// හතර හිනා! ඔහොම ළදරු මාන්සිකත්වයේ තමයි යන විදියට නම් ආණ්ඩුව ඉන්නේ.ඒකනේ කොච්චර දඟ කළත් උතුරේ බබ්බුත් "බබ්බු" විදියටම ඉඳී කියලා අත් බැඳන් බලන් ඉන්නේ..

      ඔක්කෝම මාර ආතල් ටිකක් දෙන්නේ ජනවාරි 9 ඉඳන්..වැඩක් නම් කෙරිලා නැහැ..:D

      Delete
  4. // 3.මෙහේ පයයි එහේ පයයි ඇත්තෝ
    තවත් කොටසක් මෙහි එක් පයක් තබා සිටියාට ඉතිරි පය විදේශයක තබා හිඳින්නෝය.ඒ වෙනත් කිසිවකට නොව, ලංකාවට කෙලවුණොත් අපට පනින්නට තැනක් තබා ගත යුතුය යන බලාපොරොත්තුවෙන්ය. //

    කරන්න තියෙන සියලු දේ කර බොහොම අමාරුවෙන් "රෙසිඩන්සි" හදාගෙන "එහෙ" ගියාම සියල්ල හරි යැයි හිතනා කස්ටියට බොක්ක සීතල වෙන්නේ "එහි" ඉන්න හම සුදු කස්ටිය බොහොම "පොලයිට්" විදියට මූනට පෙන්නුවාට හැම විටම තමන් විදේශිකයෙක් ලෙස සලකන බව වටහා ගත් පසුවය.තමනුත් මානව අයිතිවාසිකම් තියෙනා "පුද්ගලයෙකු" බව ඔවුන් පිලිගන්නේ නීතියෙන් පමනක් බව පසක් කල පසුවය...

    එම රටවල සුලු ජාතීන් ට විරුද්දව ක්‍රියා කිරීම මහ වැරදි ලෙස නීති ගත කර ඇත්තේ සුලු ජාතීන් හට නව සංක්‍රමනිකයන් හට පොත්ත සුදු උන්දැලා දුටු තැන පරිප්පු දීම නවතාලන්නටය!

    එහේ ගිහින් එහේ විදියට ඉන්නේ නැතිව ලංකාවේ තියෙනා සියලු කුනු ගොඩවල් (ටියුශන්, නැටීම්, සින්හල ටෙලි ඩ්‍රාමා, පන්සල් අල්ලාගෙන නටන නැටුම්, සිරි ලංකා සංගම්, ආදි ශිශ්ය සංගම්, ආදි බම්බලපිටිය ෆ්ලැට් සංගම්) එහෙත් අටවාගෙන නටනා නැටීම නිසාම විඳින මානසික ආතතිය පිට කරන්නේ සිරි ලංකාවට හොඳක් වෙන එකට ස්පැනර් එක දමලාය.


    සුලු ජාතික සංස්කෘති නංවන්න එහෙ ආන්ඩු සල්ලි දෙන නිසා සිරි ලන්කා සංගම් අටවන්නෝද වෙති. එක පවුලේ තුන් දෙනෙක් ඇත්නම් ඔවුන් තිදෙනා සංගම් තුනක් ලියා පඩිංචි කරලා ආන්ඩුවෙන් සල්ලි අරගෙනය. මෙල්බර්න් නුවර පමනක් සිරි ලන්කා සංගම් අනූවකට වැඩිය ඇත්තේ එබැවිනි!!

    සිංහල පත්තර සහ කැලෑ පත්තර ද පිට වන්නේය. SBS නාලිකාව නරඹන්නේය


    කොන්සර්වේටිව් පක්ස කල්ලන් හට කෝචෝක් දමයි...සංක්‍රමනිකයන් හට යන්තම්වත් උදවු කරන ලේබර් පක්ස වලට කැමතිය. ඒ කැමත්ත ලංකාවේ ඉන්න අපට බලාත්කාරෙන් පෙන්නන්න යන්නේ ප්‍රබාකරන් ගේ දරුවන් ගේ මානව හිමිකම් අපිට කියා දීලාය.

    ඉඳ හිට ලංකාවට ආ විට "එහේ" ඇති අදිවේගී පාරවල්, ගුවන්තොටවල ලස්සන, පොශ් ශොපිං මෝල්ස් ගැන පොරටෝක් දෙන්න හරිම ආසාය.

    ඉතින් එහෙවු හාදයන් හට මහින්ද මාමා ලංකාව ලස්සන කර දියුනු කරනවා බලා ඉන්න බැරිය.





    ReplyDelete
    Replies
    1. //එහෙත් අටවාගෙන නටනා නැටීම නිසාම විඳින මානසික ආතතිය පිට කරන්නේ සිරි ලංකාවට හොඳක් වෙන එකට ස්පැනර් එක දමලාය.//
      කියලා වැඩක් නැත.එව්වා මෙහේ හිටං කට ඇරං බලා ඉන්න උන්දැලාට නම් පේන්නේ කළම්බු සෙවන් ලයිෆ් ස්ටයිල් හැටියටය.එසේ අසා දැනගත් එව්වා හරි මෙහේ කයිවාරු ගසනවිට ආරෝපණය වන සුදු මානසිකත්වය එසේ මෙසේ නොවන්නේය.ඔරිජිනල් සුද්දන්ටවත් නැති ඒ අරුම පුදුම මානසිකත්වයෙන් බලනවිට ලංකාව යනු ගන්නට දෙයක් ඇත්තේම නැති එකක්ය.ගෝත්‍රික තුන්වෙනි ලෝකයේ කාණු පණුවන් සේ තම උපන් රටේ ජනතාව හෙළා දැක්කේ නැත්නම් අප්සට්ය.අනික එහේ වෙන සියල්ල පර්ෆෙක්ට්ය! ඒවාම මෙහේ වෙන්න ගත්තොත් තමන් කට්ට කාගෙන මේන්ටේන් කරන තත්වය බින්දුවට බහිනවාය.

      Delete
    2. ගෝත්‍රිකයෝ කියා අනුන් හට අපහාස කරනා ගොම්බිජ්ජාගේ ගෑනි ජිනා මැඩම් ලඟ වැඩ කරන සිරියාලතා කෙනෙකි! :D

      Delete
    3. ලොල්! දුටුවෙමිය..
      කර්මය නම් ගැල මතකයට නැගුණි.. :D :D :D

      Delete
  5. මෙහෙමයි................ මහින්ද ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නිසා තමයි මෙෙත්‍රීපාල කියන පුද්ලයා ජනාධිපති වෙන්නේ... ඒකේ දෙකක් නැහැ.. ඔහු මහින්ද ලගම සිට පැමිණි නිසා තවත් බර වැඩිවුණා... අනික රනිල්ට වඩා බෞද්ධගතිය... සිංහල පෙනුමත් ඒකට බලපෑවා.... ඉතින් ඔය කියන විදේශීය පෙනුම තාමත් අාණ්ඩුවට දෙන්න බැහැ නේද???

    ReplyDelete
    Replies
    1. විදේශීය පෙනුම ආණ්ඩුවට නැතිවුණාට ක්‍රියාවන්ගෙන් නම් දැන් දැන් පෙනී යන්නේ සිංහල බෞද්ධ පෙනුම වෙස්මූණක් කොටගත් වෙනත් සැලසුමක් නෙවෙයිද?

      Delete
    2. බොහෝ සරසවි සිසුවන් මෝඩ අදහස් කරපින්නා සිටින නිසා ජ වි පෙ සරසවියේ බලය පෙන්නමින් සිටියේය.. දැන් ඊටත් වඩා මරි මෝඩ කුරුටුගාමියෝ සරසවි සිසුන් බොහේ දෙනා සිතනා හැටි මෙහෙයවයි... මේ මැට්ටන් ගැන අපට දුකය!

      Delete
    3. දේශීය ''පෙනුමක්'' පමණක් ඇති මහ තැනක ගෙන් ඇති පලය කිම, වැඩ කරන්නේ විදේශීය ගැති පොඩි තැන විසින් නම්? නැට්ට විසින් බල්ලා නැටවෙනකළ කොයි තරම් දේශීය පරයා ඩෝග් කෙනෙක් ගෙන් වත් වැඩක් නැත.

      Delete
    4. //සිංහල පෙනුම//
      මෝදිගෙ හැට්ටය ( මූණු පොතේ ලාමක ටිං ටිං ලා එය වෙඩි නොවදින සැට්ටයක් බවට පත් කර තිබුණි. විලිලැජ්ජාවේ සංතෝශේ බැරිය. )ඇන්දාම මාරම මාර සිංහල පෙනුමක් ලැබුණි.

      මෝදි එය සමග කලිසමක් ඇන්දේය. අපි සිංහල පෙනුම ගන්නට රෙද්ද ඇන්දෙමු.ඒ වුනාට මෝදිගෙ කලිසමත් යටින් හෝ ඇති.නැත්නම් මෝදි අසතුටු වෙනු ඇත. කලිසමට උඩින් රෙද්ද ඇන්ද මහතුන්ට ඉස්සර කියා ඇත්තේ ''රෙද්ද පල්ලේ මහත්තයා'' කියාය.

      Delete
    5. gayathri //නැට්ට විසින් බල්ලා නැටවෙනකළ කොයි තරම් දේශීය පරයා ඩෝග් කෙනෙක් ගෙන් වත් වැඩක් නැත.// +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    6. ගයත්‍රි:
      //කලිසමට උඩින් රෙද්ද ඇන්ද මහතුන්ට ඉස්සර කියා ඇත්තේ ''රෙද්ද පල්ලේ මහත්තයා'' කියාය.//
      දැන් නම් වැඩිහරියක් ඉන්නේ රෙද්ද පල්ලේ මහත්-හොරු තමා..! :D :D :D

      Delete
  6. ඔබගේ මේ කරුණු දැක්වීමත් එක්ක මමත් සම්පූර්ණයෙන් එකඟ වෙනවා. මේකෙන් බඩ කට ගැන විතරක් හිතන කූඨ යටි රමුණු පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් රටට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන අයයි රටට හැබෑ ලෙස ආදරය කරන පිරිසයි අතර වෙනස හොඳට පෙන්නුම් කරනවා. යහපාලනයට කඩේ ගියේ කොයි කණ්ඩායමද කියලා ඔබ හොඳින්ම විස්තර කළා. ජනමාධ්‍ය වලින් බොරුව රජ කරවන්න නහින මේ වෙලාවේ කෙලින් ඇත්ත ප්‍රකාශ කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්.
      අනිවාර්යෙන්ම ඔය රැවටුණු පිරිස ඇරුණුකොට අනික් "බහුතරය" තම කට, බඩ ප්‍රමුඛ යටි අරමුණු ඔස්සේත් තවත් සමහරක් සහජ කුහකකම නිසාත් තමයි යහපාලනයට කඩේ ගියේත් යන්නේත්.ඇ‍යි එහෙම කියන්නේ?අනතුර දැක් දැකත් සුදු හුණු ගාගෙන නෑ නෑ හරි කියලා ඔවුන් ඇදහුවේ කාවද කියලා අපි නම් දැක්කා නේ..?ඔය අනතුර ගැන කියද්දිත් උන් අපිට කිව්වා අන්ධ මහින්දානුගාමිකයෝ කියලා..අද ඒ අනතුර ඇස් පනාපිට ඔප්පු වේගෙන යද්දිත් තාම කියනවා නම් යහපාලනය හොඳයි කියලා මොකද්ද අපට එළඹිය හැකි අවසාන නිගමනය?රට නැතත් තමන්ගේ හිතයි බඩයි සතුටු නම් වෙන මොනවද කියල නේද? :D

      Delete
  7. //පෙලෙන හීනමානයේ තරම නිසා යූඇන්පීය බදා හිඳින්නේ තේරෙන ලබු ඇටයක් තරම්වත් දෙයක් නිසා නොව හුදෙක් මහන්තත්වයෙන් හීනමානය වසාගැනීමටය//

    දියුනු රටවල මිනිස්සු එකිනෙකා ගේ ගෙවල් වල "සෙට්" වීම කරන්නේ නැත. ඒ මිනිස්සු තනියම නොබී තව කෙනෙකු සමග දෙකක් දාන්න වුවමනා වූ විට පබ් එකට එන්නයි ආරාදනා කරති... වැදගත් විදියට පානය කර සින්දු බින්දු නැතිව ගහ මරා ගන්නේ නැතිව දෙයියනේ කියා ගෙදර යති....


    ගෙදර ඉන්නේ බොන පිරිමියා පමනක් යැයි සිතා අඹු දරුවන් බලා සිටිද්දී බෙබේ යාලුවන් ගෙදරට කැන්දා බිරින්දෑට වද දී බයිට් හදවාගෙන දරුවන් ඉදිරියේ ගොන් පාට් යාලුවන් සමග කොත්තමල්ලි බොන .... ටිකක් වැඩි වූ විට සින්දු කියන, ඊටත් වැඩි වූ විට ලඟ ඉන්න එකා එක්ක රන්ඩුවට යන උන්දැලා ඉන්නේ ලංකාවේ පමනි...




    තමන් කොචර පොශ් යයි කියා ගන්න බොහොඅ උදවිය තව කෙනෙකු බොන්න අපේ ගෙදර එන්න කියා ආරදනා කල විගස පොශ් කම රෙද්ද අස්සෙන් පෙරී බේබදු කම ඉහලට විත් ගෝත්‍රිකයෝ වෙති...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැත.එවන්නෝ සමහරක් විට ඩොලර්වලින් පමණක් නොව බෝතල්වලින් ගිනිකණ වැට්ටවිය හැකිවනවා ඇත.චන්ද්‍රමුඛීලා සමහරවිට පිං අඩියටත් නටනවා වෙන්නට ඇත. :D

      Delete
  8. මහින්දගෙන් තොර ළොවක් නැති, ළෝක දේශපාළණය ගැන කිසිත් නොදන්නා, ළිං මැඩි මානසිකත්වය මනාව පිළිබිඹු වන, මහින්දගේ සෙප්පඩ විජ්ජා සියල්ලෙන් වශීකෘතව, මහින්ද නොමැතිව ශරීර කෘත්‍ය හෝ කරගත නොහැකි, වහල් මානසිකත්වයකින් හෙබි, ගොන් පට්ට පච ඉතිහාසයක් විශ්වාස කරන, ගල් යුගයේ මානසිකත්වයේ මනාව පිළිබිඹු කිරීමක්...

    මහින්ද මළොත් හෙම එය මේ ළෝකයේම අවසානය වනු ඇත...

    ReplyDelete
    Replies
    1. ආහ් මාතේ මං බැලුවා මොකෝ ප්‍රමාද කියලා...

      මහත්තයෝ ඔබතුමා මට අමතක වෙච්ච හොඳම කැටගරිය මතක් කරලා දුන්නා..ඒ තමයි "මම හරි කෙරුමා-මම හරි උගතා" කැටගරිය..! දැන් ඒකත් ඔය ලිස්ට් එකට දාන්න ඕන..

      //මහින්දගෙන් තොර ළොවක් නැති// අපොයි ඊට වඩා ලොවක් නම් මට තියෙනවා බොට රනිල්ගෙන් තොර එකක් නොවුණට..
      //ළෝක දේශපාළණය ගැන කිසිත් නොදන්නා// අනේ උඹ තරම් දැන් උගත් නැහැනේ මචං අපි..තාම දියුණුවෙමින් පවතින තුන්වන ලෝකයේ ලේ මාපිල්ලුනේ..අනික මචං උඹ මගේ ගුරුදේවයා නොවන නිසා මට එහෙම දැනුමක් කොහොමටවත්ම නැහැ!
      //ළිං මැඩි මානසිකත්වය මනාව පිළිබිඹු වන// කියලා වැඩක් නෑ, බොට වගේ රට රාජ්ජවල ඇවිදින්න ලැබිලා තියෙනවද වෙන එකෙක්ටවත්! සුද්දෙක්ගේ පස්සෙන් ගිහින් හරි මම අහන්නේ..!
      //මහින්දගේ සෙප්පඩ විජ්ජා සියල්ලෙන් වශීකෘතව// මහින්ද මට සෙප්පඩ විජ්ජා තවම පෙන්වා නැත. අනික මාව සෙප්පඩ විජ්ජාවන්වලින් රවට්ටා ගන්නට නොහැකි බව දන්නෝ දනිති! ඒ මදෑ..
      //මහින්ද නොමැතිව ශරීර කෘත්‍ය හෝ කරගත නොහැකි// මොනවද බං මේ කියන වල් කතා..එයා එක්ක ඕවා කරන්න මොකෝ මගේ වමත වැඩ කරන්නේ නැතුවයැ..!
      //වහල් මානසිකත්වයකින් හෙබි// මචං කාගෙද වහල් මානසිකත්වය කියලා උඹේ අර මැඩම් සහ ඇබට් කතාවෙන් අපි දැනගත්තා..අපි කිසිවෙකුට මෙතුවක් වහල්කම් කරලත් නැහැ..කරන්නෙත් නැහැ..:D
      //ගොන් පට්ට පච ඉතිහාසයක් විශ්වාස කරන// අප්පට සිරි! යකෝ උඹට ලේසියෙන්ම සන්නස්ගලට දීලා තියෙන තැන ගන්න හැකිනේ? ඇයි මොකෝ ලොක්කාගෙන් නැද්ද ඒ ගැන මුකුත්..?
      //ගල් යුගයේ මානසිකත්වයේ මනාව පිළිබිඹු කිරීමක්...// අනේ මාතේ, අපි නොදන්නවයැ කවුද ගල් යුගයේ කියලා..!

      //මහින්ද මළොත් හෙම එය මේ ළෝකයේම අවසානය වනු ඇත...// එහෙම නම් වෙන්නේ නැහැ..අර උල්කාපාතයක් වගේ එකක් වගේ වැටුණොත් මිසක්ක..උඹ මළොත් නම් මචං පරිසර දූෂණය හුඟක් අඩුවේවි..:D

      Delete
    2. උඹලා හරි පව් බං... අනුකම්පා කරනවා ඇර කරන්න දෙයක් නෑ..

      මම උඹේ පෞද්ගලිකත්වයට කවදාවත් ගහලා නෑ.. ගැහුවොත් උඹලගේ ඇපත් නෑ.. දකුණේ මිනිස්සු දන්නවා උඹලා කව්ද කියලා.. ඒත් අපි මිනිස්සුන්ට පෞදගලිකව ගහන්නේ නෑ..

      Delete
    3. දේශපාලනය කරන හැමෝම පව් තමා බං එක අතකට..උඹට මට කියලා වෙනසක් නැහැ..

      උඹ උඩ ඔය ගහලා තියෙන්නේ "මගේ" පෞද්ගලිකත්වයට තමයි මචං..මම උඹට විරුද්ධ මතයක් දරණ එකයි හේතුව..ඇයි උඹ නිතරම උඹට එහෙයි කියන්නෝම බලාපොරොත්තු වෙන්නේ?බ්ලොග් කියන්නේ කාගේවත් පෞද්ගලික බූදලයක් නෙවෙයිනේ..උඹලා සීනියර්ලා තමයි..හැබැයි එහෙමයි කියලා අළුතෙන් එන හැමෝම උඹලට ඕන දේ විතරක් ලියන්න ඕන කියලා නීතියක් නැහැ නේ?උඹ මාර බයස් මාතේ..මොකද උඹට එහෙමයි මාතේ සුපර් කියන උන් කුණුහරුපයක් ලිව්වත් උඹට හොඳයි හැබැයි එක සැරයක් හරි උඹට විරුද්ධ මතයක් ලිව්වොත් උඹ ගහන්නමයි හදන්නේ..මාර යහපාලන චේතනාවක් බං ඒක..උඹලා මහ ලොකුවට කෑගහන මාධ්‍ය නිදහස ද ඒක?උඹේ බ්ලොග් පෝස්ට් ලියන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකතවයට ගහලා නෙවෙයිද?බලපන් ටිකක් මධ්‍යස්ථව හිතලා..වැඩක් නෑ උඹට කියලා මොකද මෝරලා වැඩි මොළ හදන්න ටිකිරි අපට බැහැ නේ..අනික මචං මම උඹ ගැන අහලා තියෙන්නේ උඹ බ්ලොග් ලියන උන්ගේ පෞද්ගලිකත්වය හෝදන් කන මානසිකත්වයේ නැති එකෙක් කියලා..ඒ කිව්ව එකා මේක දැක්කා නම් ලැජ්ජාවටම වහ කනවා ෂුවර්..ඔව් මචං අපි කව්ද කියලා දන්න එවුන් දන්නවා..ඒකේ ප්‍රශ්නයක් නැහැ..උඹ කවුද කියලත් දන්න මිනිස්සු දන්න බව එන කමෙන්ටුවලින් තේරෙනවා..මාත් දන්නවා උඹට ගාල්ලට මුල් තියෙන බව..හැබැයි මම උඹේ රෙද්දක් හොයන්න ගිහින් නැහැ..ඕන නම් හොයන්න බැරි කමකුත් නැහැ..හැබැයි මට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා වගේම ඔය ඇනෝලාත් කරනවා වගේ අරූගේ මූගේ වරිගේ විස්තර හොයන්න යන්න තරම් පහතට නොවැටිච්ච සදාචාරයකුත් මට තියෙනවා...

      Delete
    4. //උඹලා සීනියර්ලා තමයි..හැබැයි එහෙමයි කියලා අළුතෙන් එන හැමෝම උඹලට ඕන දේ විතරක් ලියන්න ඕන කියලා නීතියක් නැහැ නේ?උඹ මාර බයස් මාතේ..මොකද උඹට එහෙමයි මාතේ සුපර් කියන උන් කුණුහරුපයක් ලිව්වත් උඹට හොඳයි හැබැයි එක සැරයක් හරි උඹට විරුද්ධ මතයක් ලිව්වොත් උඹ ගහන්නමයි හදන්නේ..මාර යහපාලන චේතනාවක් බං ඒක..උඹලා මහ ලොකුවට කෑගහන මාධ්‍ය නිදහස ද ඒක//

      දුක යනු: රැග් කාලේ අපව කන්න හැදූ "සීනියර්" ලා එක්සෑම් රිෆර් වී අපේ බැච් එකට පැමිනීමයි....

      යහපාලනය යනු ඒවුන්දැලා අපිත් එක්ක කල එක්සෑම් එකත් රිෆර් වී අපේ බැචෙන් ද බැච් මිස් වීමයි....

      Delete
    5. උඹලා ඇනෝ එන්නේ නැතිව කෙලින කතා කරන එක බොහෝම වටිනවා..

      ඔය සීනියර් කතාව පමනක් මට නම් කියන්න එපා.. මම රැකියාවකදිවත් ඒ දේ පයිසෙකට ගනන් ගන්නේ නෑ. සීනියර් ජූනියර් වෙන්නේ අද පටන් ගත්තද, කලින් පටන් ගත්තද කියන එකෙන් නෙමෙයි ලියන දෙයින්.. උඹලා විරුද්ධ මත දැරුවත් අති දක්ෂ ලේඛකයෝ. ඒ කියන්නේ කෙටියෙන් කිව යුතු සියල්ල ඉතා පැහැදිලිව කියන උන්. මම බොහෝම කැමතියි විරුද්ධ මත වලට හා විවදායට. ඒකයි මම ඇනෝ කොමෙන්ට් එකකට උනත් රිපලයි කරන්නේ..

      උඹලා කවදාවත් මගේ මතය පිලිගන්න ඕන නෑ. ඒ වගේම මම උඹලගේ මතේ පිලිගන්නේත් නෑ.. සා රසගේ කොමෙන්ට් එකක් මැකුවේ රාජ්‍ය නායකයා පොන්නයා කියා අමතපු නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.. ඒ නිසා උඹලා පෝස්ට් වල මගේ කොමෙන්ට් ඉදිරියටත් බලා පොරොත්තු වෙයල්ලා..

      මාතලන් කියන්නේ රාජපක්ෂ වගේ එකාධිපතියෙන් නම් නෙමෙයු.. ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් පිලිගන්න කෙනෙක්..

      Delete
    6. //උඹලා ඇනෝ එන්නේ නැතිව කෙලින කතා කරන එක බොහෝම වටිනවා..//
      කොච්චර මලෙන් උන්නත් මම කවදාවත් ඇනෝ ඇවිල්ලත් නැහැ, එන්නෙත් නැහැ..මොකද මචං මම පෞද්ගලිකව ඇනෝ එන එක දකින්නේ කෙලින් කතාකරන්න කොන්දක් නැති විදියටයි..අනික ඇනෝ ගැන විවිධ කතා තියෙනවානේ...ගැහුවත් මැරුවත් තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කතා කරන එක මම අගය කරනවා..සමහරවිට ඇනෝ එන්න උන්ට හේතු ඇති, සමහරවිට සාධාරණ...ඒකයි මම මෙහෙත් ඇනෝලට ගේට්ටු වහලා තියෙන්නේ..කොඳු තියෙන උන් ඇවිත් කෙලින් කතා කරලා යයි..නැති උන් හිතෙන් බනී..නැත්නම් වෙන කාගේහරි බ්ලොගක ගිහින් බනී..මට පාන්යැ!

      // සා රසගේ කොමෙන්ට් එකක් මැකුවේ රාජ්‍ය නායකයා පොන්නයා කියා අමතපු නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි// අදාළ නැතිවුණත් මචං ඔය වචනේ ඉතින් බ්ලොග්වල අනන්ත අප්‍රමාණ ලෙස භාවිතාවන එකක්නේ? මම හිතන්නේ රාජ්‍ය නායකයාට නෙවෙයි සාමාන්‍ය මිනිසෙකුටවත් ඒ වචනයෙන් අපහාස කිරීම වැරදියි..තත්වය නෙවෙයි වැදගත්..

      //මාතලන් කියන්නේ රාජපක්ෂ වගේ එකාධිපතියෙන් නම් නෙමෙයු.. ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් පිලිගන්න කෙනෙක්..// ඒක එහෙම නම් බොහොම සතුටුයි..


      Delete
    7. මහින්දගෙන් තොර ලොවක් නෑ කියල නෙවෙයි මහින්ද වෙනුවෙන් පෙනී හිටින සේරම කරන්නේ. මහින්ද මේ රටේ බරපතලම ඛේදවාචකය වන කොටි ත්‍රස්තවාදය සාර්ථකව පරාජය කරලා රටට අවශ්‍ය විදිහට අපේ නිදහසට අනවශ්‍ය බලපෑම් නොකරන රටවල් එක්ක සාර්ථකව සම්බන්ධතා පවත්වමින් ලෝකයත් එක්ක නව ගමනක් යන්න මුල පිරුවා. මහින්ද මහත්තය බටහිර රටව වලට ඕන ඕන දේ කරේ නෑ ඒ රටවල් එක්ක ගනුදෙනු කරේ පරෙස්සමට. එහි කිසිදු වරදක් නෑ. අනෙක මහින්ද මහත්තයට ගරු කිරීම ළිං මැඩි මානසිකත්වයක් නෙවෙයි. මහින්දගෙන් තොර ලොවක් නෑ කියල අපි කියන්නේ නෑ. තවත් දෙයක් තියෙනවා සමහර යූඇන්පී කාරයන්ට රනිල්ගෙන් තොර ලොවක් ඇත්තෙත් නෑ. මහින්දගේ පාලනේ අඩුපාඩු දුර්වලකම් නෑ කියලනම් අපි කොහෙත් කියන්න යන්නේ නෑ. හැබැයි එහෙම කියලා මහින්ද කොටි පරද්දන්න බෑ කියල මොළේ හෝදලා තිබුණ සියළු පාර්ශව වලටත් එක්ක පිළිතුරු දෙමින් එල්ටීටීඊ එක සුන් කරල පෙන්නුවා. ඊලාම් නඩයේ ඊලාම් සිහිනය බොඳකර දැමුවා. රටේ කාටත් නිදහසේ බයක් සැකයක් නැතුව ඉන්න පුළුවන් වාතාවරනයක් ඇති කළා අන්න ඒ දේවල් දිරවන්නේ නැති TNA කාරයෝ වගේම අපේම ජාතියේ අයත් ඉන්නවා. නමුත් බහුතරයක් දෙනාට මහින්ද මහත්තයා කරපු කියපු දේවල් වල යහපත් ප්‍රතිඵල අත්විඳින්න ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් අවංකව එතුමාට ගරු කරන එක වහල් මානසිකත්වයක් නෙවෙයි. නියම වහල් මානසිකත්වය තියෙන්නේ මේ රටේ ඉපදිලා පස්සේ කාලෙක පිට රටවල් විශේෂයෙන්ම බටහිර රටවලට වලට ගිහින් තමන් ජීවත් වෙච්ච රටත් අමතක කරන තමා උපන් රටේ ජීවත් වෙන එකත් පවුකාරකමක් කියල සලකන එවුන්ටයි.

      Delete
    8. පකිස් පෙට්ටිය:
      අති විශිෂඨයි මචං!
      උඹට තරම් පැහැදිලිවත් ලස්සනටත් ඔය ටික පහදන්න මට බැරිවුණා..
      ++++++++++++++++++++++++++++++

      Delete
    9. @ පකිස් පෙට්ටිය

      පක්ෂ බේදයක් නැතිව මේ රටේ හැම නායකයම වග කියන්න ඕන මේ රටේ මිනිස්සු පිටරට පදිංචියට යන එකට. මම හිතන්නේ වැඩියෙන්ම ගියේ මහින්ද මහත්තයගේ කාළේ. ඇයි එහෙම යන්නේ කියන එක කතා නොකර රට දාලා යන මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. තුන් වන පංතියේ පුරවැසියන් ලෙස ජීවත් වීමක් මීට වඩා සැපක් කියලා යන්නේ ඇයි? නොයන එකා ඒක දන්නේ නෑ. වෙන රට වල මිනිස්සු මේ රටේ පදිංචියට එන්නේ නැත්තේ ඇයි. මේ රටේ මොනවද තියෙන්නේ. මහින්ද යුද්ධය දින්නා කියලා ළෝකෙම දන්නවා. ඒත් එතනින් එහාට කිසිම දෙයක් දිනන්න බැරි උනා. එක දෙයක් ඇර. ඒ තමයි මේ රටේ මෝඩ මිනිස්සු අන්දන එක. නමුත් රාජතාන්ත්‍රිකභාවයෙන් පට්ට ෆේල්. කව්ද විදේශ ඇමති? ආර්ථිකය පාළණය කරපු උන් රටෙත් නෑ. බටහිරට වඳින්න ඕන නෑ. නමුත් බටහිර නැතුව ජීවත් වෙන්නේ කොහොමද? අපේ අපනයන වෙළඳපොල තියෙන්නේ යුරෝපයේ හා මරිකාවේ. ඒ මිනිස්සු තරහා කරගෙන කොහොමද රටක් ඉදිරියට යන්නේ. අනික 1994 ඉඳලා කරපු එකම දේ ඔය යුද්ධය දින්න එක විතරයි. මේ කාළය තුල තමයි මිනිස්සු වැඩියෙන්ම මයිග්‍රේට් කළේ.

      Delete
    10. ඔන්න මටත් පනින්න හිතුණා..
      මම දන්න හැටියට නම් මචං අපේ පරම්පරාවේ උන් තරුණ තරුණියෝ විදියට සමාජෙට බැස්සේ 2004.එතකොට යුද්ධේ තිබ්බා ඒ අස්සේ කොල්ලෝ කෙල්ලන්ට ජුකීත් නැත්නම්, රට යන්නත් නැත්නම් ආමි යන එක තමයි තිබ්බේ..ඉගෙන ගත්ත උන් ඉගෙන ගත්තා.උනුත් ඉගෙන ගන්න වැඩිවැඩියෙන් රට යන්න ගත්තා..අපේ වයසේ උන් සෑහෙන්න ප්‍රමාණයක් උන්ගේ ජීවිතවල හොඳම කාලේ ගෙව්වේ මෙහේ නෙවෙයි..එහෙම උනේ අධ්‍යාපන කඩා වැටීමකුත් තිබ්බ නිසයි..මතක නේද 2000 විතර ඉඳන් විෂය මාලා වෙනස් කර කර පිස්සු කෙළිය කාලේ..හොඳම bright cases පවා පස්ස බිම ඇනෙන්න බරට ලයිට් කණු ගත්තා..තිබ්බ එකම විසඳුම රට යෑම..ඇමරිකාවේ, එංගලන්තේ, ඔස්ට්‍රේලියාවේ යන්න බැරිවෙච්ච උන් මැලේශියාවේ,ඉන්දියාවේ, බංගලිදේශේ හරි ගියා මොකද ලංකාවේ එතකොට උගත්කමක් ගන්න පාරක් නොපෙනුන නිසා..ඒ මගේ පැත්තෙන් මගේ පරම්පරාවේ උන් ගැන කිව්වේ..බුද්ධි ගලනය කොහොමත් හැමදාකම වුණා..මම හිතන්නේ පස්සේ කාලේක අපේ සමාජෙත් පිළිගැනීමක් තිබ්බේ ගෙදර එකෙඛරි රට ගියා නම් කියන එක...හැබැයි උන් රට ගිහින් නොවිඳිනා දුක් වින්දා..සමහරු ඒ නිසාම කුහකයෝ වුණා..ඒක ඇත්ත..

      අනික් කාරණේ බටහිරට වඳින්න ඕන නැහැ , ඇත්ත.හැබැයි බටහිර එක්ක පරිස්සමින් ගේම ගහන්න ඕන..ඒත් එහෙම ගේම ගෙනියන බවක් දැන් පේන්නේ නෑ..ඇයි උන් කියන්නේ ලංකාවේ වෙනස කළේ උන් කියලා..ඇයි ඒ ගැන හ්ම්ම් සද්දක් නැත්තේ අපේ ලොක්කෝ?හොඳ දේට එකඟ වෙන්න වගේම රටට තර්ජනයක් වන දේට විරුද්ධ වෙන්නත් ඕනෑම රටක නායකත්වයට පුළුවන් වෙන්න ඕන..ලෝකේ යටත්විජිත තිබ්බ කාලේ දැන් ඉවරයිනේ? බටහිර හොඳ හිත තියාගන්න ඕනම දහදුරා වැඩක් කරන එකට නම් මම විරුද්ධයි..

      Delete
    11. මොකක්ද කරපු ජරා වැඩේ.. එතකොට චීනට දූපත් හදන්න දෙන එක අවුලක් නැද්ද....?

      Delete
    12. @Maathalan - Priyantha HewageMarch 6, 2015 at 11:19 AM

      // සා රසගේ කොමෙන්ට් එකක් මැකුවේ රාජ්‍ය නායකයා පොන්නයා කියා අමතපු නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි//

      මා පාවිච්චි කල වචනය "පොන්සි" (Ponzy) යන්නයි. (පොන්සි සිරිසේන ලෙස )...

      ඒ ඔබගේ නායක පොන්සි සිරා, කර්ලෝ පොන්සි Carlo Pietro Giovanni Guglielmo Tebaldo Ponzi මහත්තයා වගේ ලාබාංශ නොව ප්‍රාග්දනය වියදමට බෙදා හරින නිසයි...

      ඔයතරම් පොර ටෝක් දෙන ඔබ ලෝකයේ සිදුවුනු දේවල් ගැන නොදන්නවාට මා පලිද?

      අදත් ඔබ සර්ව ජන ඡන්ද බළය Right to Vote ලෙස පරිවර්තනය කර තිබෙනවා....


      සර්වජන චන්ද බලයේ නියම ඉංගිරිසි වදන වන Universal suffrage ගැන ඔබ අසා නැතුවාට මෙන්න කැට!

      Delete
    13. ලෝක දේශපාලනේ ගැනයි ලෝකේ ගැනයි දැනගන්න එක එකක් ලෝකේ තියෙන සේරම කුණු රටට ඔබාගෙන ඇඟේ දාගන්න එක තව එකක්. රටට ආවේනික විදිහට හිතන එක ළිං මැඩි මානසිකත්වයක් නෙවෙයි. ඒ විදිහට හිතල අපට ලෝකේ එක්ක ගනුදෙනු කරන්න බැරි වෙන්නේ නෑ. අනෙක ලෝකේ කියන්නේ බටහිර විතරක් නෙවෙයි කියන එකත් අපි සිහියේ තියාගන්න ඕන දෙයක්. අපි මහින්දට ගරු කරන්නේ රටට ගැලපෙන අදහස් ඇති නායකයෙක් විදිහට රටට ගැලපෙන අදහස් තිබුන මිනිස්සුන්ට නායකත්වය දීපු නිසා. ඒ වැදගත් කම මහින්දගෙන් තොර ලොවක් නැති වීම කියන සරල අපරිනත මෝඩ තර්කයකින් වහන්න බෑ. ඒ වහල් මානසිකත්වයක් නිස නෙවෙයි. එතකොට එක්සත් ජාතික පක්ෂයෙන් තොර ලොවක් නැති එවුන්ගේ වහල් මානසිකත්වය ගැන මොකද කියන්නේ? බටහිරින් තොර ලෝකයක් නැති මිනිස්සුන්ගේ බටහිරට තියෙන ගැතිකමයි බියගුලුකමයි අපටනම් වලංගු නෑ. අපට රටක් විදිහට ලෝකේ අපට හිතවත් අපට අවශ්‍ය රටවල් එක්ක ගනුදෙනු කරමින් ඉස්සරහට යන්න පුළුව. වැඩ බැරි කම්මැලියන්ටයි හිතන්න බැරි මෝඩයන්ටයි තමා අපේ ආර්ථිකේ බටහිරට ගැටගහලා උන්ට බයේ කම්මැලි කමට නිවට කතා කියකිය බ්‍රහ්ම ටෝක් දෙන්න.

      Delete
    14. Prathi Wadhiya : උපරිමයි! සුපිරියි! ++++++++++++++

      Delete
    15. මාතේ:
      //මොකක්ද කරපු ජරා වැඩේ.. එතකොට චීනට දූපත් හදන්න දෙන එක අවුලක් නැද්ද....?//

      චීනාටවත් ඉන්දියාවටවත් දූපත් දෙන්න ඕන නැහැ..පෝට් සිටි කියන්නේ මොළෙන් ගහන්න තියෙන ගේමක් හෙවත් ස්ට්‍රැටජියක්..ඒක බල්ලයි පූසයි ඔක්කෝම රිංගන් කරන්න හැදුවොත් නම් අබ සරණයි තමයි..අනික දැන් පෝට් සිටි එකට පණ යනකල් බැන්න කට්ටිය ඒක කරන්නම් කියන්නේ?එතකොට මචං ඉන්දියාවත් එක්ක දවස් 3ක් මෙහේ මූදේ මාළු අල්ලන්න ගහලා ආව අග්‍රීමන්ට් එක?
      (මේ තත්වේ මම හිතන්නේ තාම වෙනස් වෙලා නැහැ..මොකද පහුගිය දවස් කීපේ නම් මං යාවත්කාලීන වෙලා නැහැ හරියට විශේෂ වැඩක් නිසා)

      Delete
  9. ළෝක දේශපාළණය ගැන කිසිත් නොදන්නා :D

    ReplyDelete
    Replies
    1. ලෝකෙම දන්නා..., මම
      මේ ලංකාව නොදන්නා..//
      ගෑණුත් දැක්කා..., මේ වගෙ
      ගෑණු නොදැක්කා...//

      Delete
    2. .මම හරි කෙරුමා - මම හරි උගතා කැටගරිය ඇඩ් කර ඇත.! :D :D

      Delete
    3. මේ මහතා සියල්ල දත් ය. සියලු සින්හල බොග් කරුවෝ මේ මහතා කියන දේ ට හුරේ දැමිය යුතුය. මේ මහතා නොදන්න ඉංගිරිසියෙන් කියනවානම් Hooray Henry ලා විය යුතුය... නැත්නම් ගෝරි ගොඩය..... ගෝත්‍රිකයා කියා අපහාස කරනු ලැබේ....

      තමන් ගේ පොශ් කම පිලිබඳ චූටි චූටි ප්‍රශ්න ඇති හාදයෝ මේ මහතා හට ඉතා බය ය. ඉතින් මේ මහතා කියනා දේ ට පොඩ්ඩක් හෝ විරුද්ද අදහසක් කොමෙන්ට් දමන්න ඕනෑ නම් ඇනෝ ඇවිත් දමනු ලැබේ...

      සින්හල බොග් ලොවේ ඒකාදිපති වෙන්න ට්‍රයි කරන මේ මහතා ට ජය වේවා...

      Delete
    4. Sa rasa: ++++++++++++++++++++++++++++++
      යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා!

      Delete
    5. // ලෝකෙම දන්නා..., මම
      මේ ලංකාව නොදන්නා..//
      ගෑණුත් දැක්කා..., මේ වගෙ
      ගෑණු නොදැක්කා...//.............//

      මෙහි ගෑණු කියලා අදහස් කරේ තනි තරුව නෙමෙයි.


      LMAO නෙමෙයි LMFAO...! ;-)

      Delete
    6. මං දන්නවෝ...හැක් හැක් හැක්..ගයාත්‍රිගේ වචන හරඹ තමා නියම! :D :D :D
      MAx!

      Delete
  10. කරුණු කාරණා වලින් සමහරකට නම් එකඟයි.. හැබැයි ඉතින් මම දේශපාලනය ගැන කතා කරන්න අකමැති හන්දා මුකුත්ම නොකියා ඉන්නම්..

    ReplyDelete
  11. Replies
    1. තැන්කූ සජ්ජෝ.. ;)
      ටික දවසකින් ඒ පැත්තේ එන්න බැරිවුණා මචං..ටිකක් බිසී..උඹ අළුතෙන් යමක් ලියා ඇති කියා හිතනවා..ඉරිදායින් පසු අනිවාර්යෙන්ම එනවා..

      Delete
    2. මගේ මතය මීට සම්පූර්ණෙන් වෙනස් බං. උඹේ මතයේත් යම් සත්‍යතාවයක් තියනවා, මම දරන මතයේත් සත්‍යතාවයක් තියන බව අනිවාර්යෙන් දන්නවා. වාද කළා කියල මගේ මතය උඹ පිළිගන්නෙත් නෑ, උඹේ මතය මං පිළිගන්නෙත් නෑ, මොකටද අප්ප වචන නාස්ති කරනේ. සංවාදයක් ඇතිවෙන්න ඕන යම් දෙයක් ගැන එකම හෝ සමාන කෝණයකින් බලන දෙන්නෙක්. මේ දේශපාලන කෙරුවාවේදී මම උඹේ මතයට සම්පූර්ණයෙන් විරුද්ධයි. මම මොනවහරි කිව්වම ඊට විරුද්ධව කියන්න උඹට පුළුවන් වගේම උඹේ මතේට විරුද්ධව කියන්නත් මට කරුණු තියනවා. ඔන්නොහෙ සද්ද නැතුව ඉන්නවා...

      Delete
    3. ඔව් බං මොකට අපේ පැට්‍රෝල් පුච්චගන්නවද..හොඳ හිතත් නැති කරන් නිකං අපරාදේ..;)

      Delete

  12. http://www.pathula.com/index.php/archives/17671

    පසුගිය රෙජීමයේ බිලියන ගණනක් වූ EPF ජාවාරමට සම්බන්ධ වූ වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ බෑණාගේ ව්‍යාපාරය වන ‘පර්පේචුවල් ලිමිටඩ්’ (Perpetual Ltd) ආයතනයට එරෙහිව කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැත. දැන් මෙම ජාවාරම ඊළඟ අදියරට පැමිණ ඇත්තේ මහ බැංකු අධිපති වූ මාමා සහ ‘ රනිල් අංකල්’ යැයි අමතන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පිහිටෙනි.

    අපි ‍පැන ඇත්තේ කබලෙන් ලිපටය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලින්කුවට සහ විස්තරයට..
      ඕක පේන්නේ අපිට විතරද?
      එකම දුංකොළ ටික දාටනය වෙනස් වෙලා ලැබිලා වගේ නේ?
      කෝ ඉතින් ඔව්වා යහපාලන පුරෝගාමීන්ට පේන්නේ නැහැයි කියන්නේ..

      Delete
    2. මේක ඉස්සෙල්ලම දැම්මේ ලංකානිව්ස්වෙබ් එකේ
      http://lankanewsweb.net/news/10216-reply-to-the-statement-to-the-media-by-the-state-on-the-bond-fraud

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. යහපාලන ටොයියන්ට වදින්න ඕන තැනට රිදෙන්නම වදින්න දීල තියෙනවා. යහපාලනේ අවංකකමක් නෑ කියන එක දැන් කාටත් පැහැදිලියි. යහපාලනේට කඩේ ගියේ යුද්ධ කාලේ රටේ වෙච්චි දේවල් ගැන කිසි මතකයක් නැති තිබුනත් අමතක කරන්න තරම් ආත්ම වංචනික කුහකයෝ, මොන ජරා යක්කු තමන්ට කන්න බොන්න දුන්නත් ඒ වෙනුවෙන් ඕන පාවදීමක් කරන රට ගැන නොහිතන ආත්මාර්ථකාමීන්, NGO බත් බැලයන්, මෝඩ යූඇන්පී කාරයන්,මහින්ද විරෝධය අනුව යමින් ඕන පාවාදීමක් කරන වෛරී පුද්ගලයන් ඇතුලු මෙකී නොකී පෙරේත කුම්භාණ්ඩ රැලකි. ඒ සියල්ල උඹේ පෝස්ටුවේ විස්තර ඇතුව කියල තියෙනව මචෝ. ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. එළ!
      මම පෝස්ටුවක් ලිව්ව ටික උඹ වෙඩි වගේ එක ඡේදයකින් දීලා..! :D
      ජය වේවා!

      Delete
    2. @ pakis pettiya. Everything in a nutshell...! Brilliant..!

      Delete
  15. යහපාලන ටෝයියෝ ලියන ඒවම දාන වෙලාවේ ආශ්චර්යයේ බයියෙක් ලියපු නියම කෑල්ලක් මේ තියෙන්නේ. හොඳට අනල්යිස් පාරක් දීලා. හරිම අසාධාරණේ කියන්නේ පිටරට ඉන්න උන්ට අංකයක් දීලා නැහැ. මම අංක 3 ට දාගන්න හැදුව. හරියන්නේ නැහැ. රට තියෙන්න ඕනේ කියල හිතන නිසා. හේ හේ . අපි මේවා දැම්මට අවුලක් නැහැනේ.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16081-2015-03-06-22-39-09

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන අජිත් ප්‍රමාද පිළිතුරට..අයියෝ අවුලක් නැහැ..බොහොම ස්තූතියි!

      Delete
  16. Insurance :)

    http://maathalan.blogspot.com/2015/03/why-we-need-right-to-vote.html?showComment=1425732390631#c5488303965010342192

    Sa rasaMarch 7, 2015 at 4:46 AM

    //සර්ව ජන ඡන්ද බළය අහෝසි කරණු...!!! - Why we need the Right to Vote....? //

    සර්ව ජන ඡන්ද බළය යනු Right to Vote නොවේ.

    එහි නිවැරදි ඉංගිරිසි වදන Universal suffrage යන්නයි....

    http://en.wikipedia.org/wiki/Universal_suffrage


    ReplyDelete

    ReplyDelete
    Replies
    1. අඩේ දැන් බ්ලො ඉන්ෂුවරන්ස් කොම්පැණියක් දාගත්තා නම් කල්ල මරේ වගේ...:D :D :D

      Delete
    2. අපේ නාකි වහුපැටියා කොච්චර පොර ටෝක් දුන්නත් ඌට කඩ්ඩ බැරිය! ඌ හිතන් ඉන්නේ සර්වජන චන්ද බලය ට ඉන්ගිරිසියෙන් කියන්නේ Right to vote කියාය....

      තනකොල බුදින ඉඳහිට පුන්නක්කු බොන නාකි වහු පැටියා " Universal suffrage" යන ඉංගිරිසි වදන මින් පෙර වසා වත් නැත.....

      මූ නම් වල් රෝයල් එකක බැඳ හිටි නාකි වස්සෙකි!

      Delete
    3. අන්න පිහිය මුවත් තියනවා ඇහෙනවා...එක කණක් මදි කියල කණ් දෙකම කපාගන්නත් පුළුවන්..LOL!

      Delete
  17. පෝස්ට් එක ගැනනම් කියන්න කිසිම වරදක් නෑ. මමත් එකෙන්ම පිළිගන්නව මේ කැටගරි සේරටම අයිති පජාත සෙට් එක බඩගෝස්තරවාදයයි මහින්ද විරෝධයයි දේශපාලන පිල් බෙදී කරන වෛරී දේශපාලනයයි මුල් කරගෙන සිරිසේන දිනෙවුවා යහ පාලනේ කියන වචනෙට රැවටිලා. ටීඑනේ එකයි මුස්ලිම් කොන්ග්‍රස් එකයි තමන්ගේ බෙදුම්වාදී යටි අරමුනු වෙනුවෙන් සිරිසේන දිනෙවුවා කොන්දේසි විරහිතව එකතු වෙලා. අපේ එවුන්ට තිබුනේ කන බොන සිහිය විතරයි.

    ReplyDelete
    Replies
    1. // අපේ එවුන්ට තිබුනේ කන බොන සිහිය විතරයි.// අනිවාර්යෙන්ම!
      "කන්න දෙනවා නම් අපට - බොන්න දෙනවා නම් අපට
      වෙන මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ"

      කවදා මොළ පෑදෙයිද මන්දා!

      Delete
  18. මම දැක්කා මේ පෝස්ට් එක නිසා දුං විසි වෙලා තියනවා. මේ තරම් ම ක්ලැසිෆයි කරන්න සෑහෙන්න කල්පනා කරන්න ඇති.නැත්නම් මේ ටැලන්ට්ස් ඉබේ එන ඒවාත් වෙන්න ඇති. ඇනෑලිසිස් එක නම් පෙරාපු රන් වගේ. යං යං ඔහොම යං. මම නම් අලුත්.
    බලමුකෝ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි jay..සාදරයෙන් පිළිගන්නවා මෙහෙට..:D
      දුං විසිවෙලා කිව්වේ මෙහේ නේද?පාර හොයාගන්න හෙම අමාරුවක් වුණේ නැහැ නේ? ;)

      Delete
  19. මහින්ද කල හැම දේම හරි කියන්නේ නෑ. පවතින ක්‍රමය තුල යාහැකි විදියකට ගමන ගිය එකයි කළේ. යහපාලනය කියන්නේ අන්ධයන් හත් දෙනා අත ගාපු අලියා වගේ. වෙනසකට තියෙන්නේ අන්ධයන් අලියා මෙහෙමයි, මෙහෙමයි කියලා කියපු එක. මේකේ තියෙන්නේ අන්ධයන්ගේ බලාපොරෝර්හ්තු ගොන්නක්. ඒ යට අන්ධයි කියන්නේ අපිට පේනවා කියන එකම නෙවෙයි. අපිත් එක විදියකට අන්ධයි.

    සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයින් හිටියේ මහින්දව මොන විදියටවත් පරාජය කරන්න බෑ කියන මතයේ. ඒ නිසා බෝම්බයක් හරි වැදිලා මැරිලා යනවනම් කියන මතයේ හිටියේ. ඒ නිසා මහින්දව පරද්දුවේ යූඇන්පී කාරයෝ කියන එක පිලි ගන්න බෑ. පැරද්දුවේ ශ්‍රී ලංකා එකේ හිටිය අවස්ථාවාදීන් සහ දෙයක් නොකර විවේචනයට විතරම දක්ෂ පිරිසක්. අද කොහොමද මේ අය වගකීම් අරගෙන ඉන්නකොට තත්වේ. එකක් කඩතොළු වසාගන්නට න්‍යායෙන් තමයි දුවන්නේ.

    යහපාලනයා ඉල්ලපු තවත් කොටසක් තරුවාට මග ඇරිලා තියෙනවා. ඒ තමයි ලංකාවට කිසිම අයිතියක් නැති සිංහල ලියන්න කියවන්න පුළුවන් කොටසක්. අපි අමාරුවෙන් යුද්දේ තිබ්බ කාලේ තියෙන දෙයක් කාලා ජීවිතය ගැට ගහගන්නකොට, ලංකාවෙන් පැනල වෙනත් රටවල පුරවැසිභාවය අරගෙන මෙහෙ පාළනය වෙන්න ඕනේ මේ විදියට කියලා තීරණය කරන්න සුදානම් කොටස. මෙහෙන් තොලොන්ජි වෙලා ගියානම එහෙට වෙලා, එහෙට ආවඩාගෙන ඉන්නේ නැතිව, මේකම අර විදිය වෙන්නේ ඕනේ, මේ විදිය වෙන්න ඕනේ කියලා කියවන පිරිස. උන් ලංකාවට ණයයි. මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි වලින් අධ්‍යාපනය කරගෙන, පිටරටකට වෙලා ඉන්න ගමන්, මෙහෙ ණය ගෙවන්න යන්නේ ලංකාවේ බැරි දුප්පත් පාසල් දරුවෙකුට රුපියල් සීයක් හරි දීලා නෙවෙයි. උඹලත් අපි වගේ වෙයල්ලා කියලා, ඉස්සර ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු රටවල් හූරාගෙන කාලා සමෘධිමත් වෙච්ච රටවල් වල ජීවත් වෙන කුහක පිරිස. අපිට ඒ වගේ වෙන්න බෑ. මොකද හොරා කාපු වත්කම් නැති රටකට ලෝක ආර්ථිකය එක්ක යන්න බෑ. අපේ කියලා තිබුන නිෂ්පාදන ආර්ථිකය කඩා ඉහිරවලා, දැන් අපිට යහපාලනේ විතරක් තිබ්බොත් හරි කියලා හිතීම විහිළුවක්. ඔය කියන අයට මුදල් ඇමති කිව්වා ලංකාවේ ගිණුම් අරින්න, මෙහෙ ආයෝජනය කරන්න කියලා. කෝ එනවද එකෙක් වත්. ඒ කියන්නේ උන්ට යහපාලනෙත් විශ්වාස නෑ. උන් දන්නවා අපේ උන් හොරු කියලා. නිකම්ම නෙවෙයි කම්බ හොරු. ඒ නිසා උන් මෙහෙ වැටෙනවා බලලා ආතල් එකක් ගන්නවා.

    මේ වගේ රටවල් හරි තැනකට ගෙන්න පුළුවන් කරුණාවන්ත කම් පෙන්නලා නෙවෙයි. දැඩි නීති රීති දාලා, හැමෝටම එකවගේ ඒවා ක්‍රියාත්මක කරලා. අද යහපාලනෙන් වෙන්නේ හිරේ ඉන්න වැරදි කාරයොන්ට සමාව දෙන එක. ජාතික සහජීවනය කියලා තමන්ගේ ජීවිත කාලේ අත්දැකපු යුද්ධය කරපු අයට සමාව දෙනකොට, මේ පැත්තේ ඉන්න මහ වැරද්දක් කරපු එකෙකුත් එහෙම ඉල්ලා හිටියොත් හරිද? තමන්ගේ ප්‍රසිද්ධියට හෝ නොබෙල් ගන්න මේවා හොඳයි. අපේ රටවල වෙන එකම පරිවර්තනය ඔන්න ඕකයි. යහපාලනය කියලා මන්ත්‍රීවරු නීතිය අතට ගන්නවා, සමහරු දඬුවම් දෙන්න ඕනේ මෙහෙමයි කියලා තීරණය කරන්න හදනවා. ඇත්තටම නීතිය ක්රියාත්මාක වෙනවාද ?

    ලංකාවේ ඉන්න මිනිස්සු කම්මැලියි ඒ වගේම හොරයි. කිසිම කෙනෙකුට තමන් කරන හොරකම් වැරදි විදියට පේන්නේ නෑ. මමනම් දන්නා සර්ව සාධාරණ චරිතයක් නෑ. වාසියක් නැතිව කිසිම දෙයක් නොකරන රටක්. එජාප පාක්ෂිකයෝ සාම්ප්‍රදායිකවම තමන්ගේ ආණ්ඩු වලින් තමන්ට ලැබෙන්න ඕනේ කියන මතයේ ඉන්න අය. තමන්ට ඕනේ විදියට වැඩ කරගෙන යන්න ඉඩ හොයනවා. ලංකාවේ නීතිය අස්සෙන් රිංගල කරන්න තියෙන ජාත්‍යන්තර හොරකම් වැඩි කොටස කරන්නේ මුස්ලිම් අය. එයාලට ඕනේ ඒවාට නිදහස. අද මේ රටට බොහෝ දේවල් (හොඳ සහ නරක) ගෙන්වන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයින්. ඉස්සර දෙමල ව්‍යාපාරිකයින් හිටියා, ඔවුන් බොහෝ සාධාරණ මිනිසුන්. ඔවුන්ව ත්‍රස්තවාදීන් කලේ කළු ජූලිය. ඒවා අරඹපු අයම මෙහෙම කියන එක තමයි වැඩේ.

    මම කලින් කිව්වා යහපාලනය කියන්නේ අන්ධයන්ගේ අලියා වගේ කියලා. එක කට්ටියක් බලාපරොත්තු වුනා ප්‍රංශයේ වගේ නිදහසක්(අද ප්‍රංශයට වෙලා තියෙන දේ පේනවද), තවත් සමහරුන්ට ඕනේ වුණේ එයාලගේ ආණ්ඩුවක්(රැකියා, ව්‍යාපාර, හිතේ සතුටට වගේ කාරණා වලට), උඩ නිවැරදිව ඔබ කිව්වා වගේ ජවිපෙට වඩා හොඳ යූඇන්පී ආණ්ඩු තියෙන කාලේ. එයාලා වටා වාමාංශික කවුරුත් එකතු වෙනවා ශ්‍රී ලංකා එක අඩපන වෙනකොට. සමහරුන්ට තමන් හොරකම් කරන ප්‍රමාණය වැඩි කරගන්න, සමහරුන්ට බඩු මිල අඩු කරගන්න(ඒ මිනිස්සු පව්. කවුරු ආවත් මේ ක්‍රමය වෙනස් කරන්න බෑ). සමහරුන්ට වාහන ගෙන්න ගන්න(ඒ වැඩේ හරි ගියේ නෑ). මුන්ටම හොරකම් කරන්න දීලා බෑ අපිත් හොරා කන්න ඕනේ කියන තදබල විශ්වාසෙ තිබුණ අය. තමන්ගේ හිත හොර නිසා අනික් මිනිහා හොරකම් කරනවා කියලා හිතා ගන්නේ මේ වගේ පිරිස.

    ලංකාව සංචාරක පුරවරයක් කරනවා ඇරෙන්න, විදේශිකයින්ගේ කාර්යාල පවත්වන සේවා මධ්‍යස්ථානයක් කරනවා ඇරෙන්න, වෙන කළහැකි දෙයක් නෑ. මේ කම්මැලි මිනිසුන්ට රජය යම්කිසි විදියකින් මුදල් උපයලා සහන දෙන්න ඕනේ. ඒකනේ විකුණන් කන්න හදන්නේ.

    ReplyDelete