Monday, March 23, 2015

පළවෙනි එක..!

දැන් ටික දවසකට කලින් අපේ දේශකයා ලියලා තිවුණා නේ "පළවෙනි පාර" ගැන..ඕක කියෙව්වම මට මතක් වුණා තවත් පළවෙනි පාරක්..

එතකොට මම පොඩියි..පොඩියි කියන්නේ 2 වසරේ..කලින් "එකා යකා" ලියද්දිත් මම කිව්වානේ පොඩි කාලේ එච්චර එළියට පහළියට බැහැලා සෙල්ලම් කරන්න ලැබුණේ නෑ කියලා..ඒකට ඉතින් සාධාරණ හේතු තිබ්බා හරිය? 

අපේ ගෙවල් ලඟ හිටියා නිමල් කියලා කොල්ලෙක්..ඒ කොලුවා හිටියේ නැන්දා කෙනෙක්ගේ ගෙදර මම හිතන්නේ අම්මා තාත්තා නැහැ වගේ මොකක් හරි නිසා තමයි එහේ නැවතිලා හිටියේ..ඒ ගෙදර නැන්දාගේ වුණාට උන් මේ ළමයට සැලකුවේ වැඩකාරයෙක් හැටියට මිසක් ඥාතියෙක් හැටියට නම් නෙවෙයි..ඒ නිසාමද මන්දා මිනිහා මහාම මහා ඇට්ටරයා..5 වසරේ හිටියට නිකන් 2 වසරේ විතර ඇති උන්දැගේ සයිස් එක..වැඩ ගත්තත් හැබැයි ඒ ගෙදරින් ඒකව ඉස්කෝලෙත් යැව්වා..මම හිතන්නේ ගෙදර තියාගන්න බැරිකමටම වෙන්න ඇති..:D


ඒ කාලේ ඔය අහළ පහළ ළමයි ටික එක්කහු වෙලා ක්‍රිකට් ගහනවා, ටින් කඩනවා වගේ වැඩ කළාට මට එව්වට යන්න හම්බුණේ නැහැ නේ..ඉතින් අම්මා හවසට පොඩි නින්දක් දානකොට මට කොරන්න තියෙන්නේ එක්කෝ උමං කන එක, එහෙමත් නැත්නම් ඉස්කෝල දාන එක..පුංචි කළු ලෑල්ලේ එක එක එව්වා ලිය ලියා උගන්නන පුංචි තීතර්ට පොඩි ඔසරි පොටක් තිබ්බා කරේ දාගන්න..ඉතින් චූටි කාලේ අඳින පුංචි ජංගි කෑලිවලට උඩින් ඔය ඔසරි පොට දාගෙන හරියට උජාරුවෙන් ඇවිදින්නේ 'ෆුල් සූට්' ගහලා වගේ තමයි..




ඉතින් ඔහොම දවසක් මේස පුටුවලට ටෙඩීලට ගුටි දිදී ගුරු රස්සාව කොරගෙන ඉන්නකොට නිමල් වත්තට පැනලා ඇවිත් ජනේලේ එල්ලීගෙන බලා ඉන්නවා දුකුළා වගේ..අනේ මටත් ඉතින් උගන්නන්න කවුරුවත් හිටියෙත් නැති එකේ, හාමුදුරු කෙනෙක් වැඩියත් සෙල්ලමට අල්ලගන්න හිතක තමයි හිටියේ..එතකොට අපේ නගා එක්කෝ දිව්‍ය ලෝකේ එහෙම නැත්නම් ගන්ධබ්බ අවධියේ...(හොඳ වෙලාවට) ඉතින් මම අරුන්දැට කළු ලෑල්ලේ එක එක ඉංග්‍රීසි (ඒක තමයි එදා පාඩම) වචන ලියලා පෙන්නනවා හිස්තැන් පුරවන්න..ඌත් දෙක තුනක් කියනවා හැබැයි සෑහෙන ඒවා වැරදි..වැරදුණාම මේස පුටුවලට නම් අඩි රූලෙන් 'ඩෝං' ගාලා පාරක් දුන්නට ජනේලේ එල්ලිලා ඉන්න අර කොටාට ගහන්න ඇහැක? 
අනික අම්මාට ඇහුණා නම් එහෙම මොනොලොග් ඩයලොග් වෙලා කියලා නන්දා ඇන්ටි කිව්වා වගේ "මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හංදා" කියන්න වෙන්නේ ලාබාල වයසෙන්ම!ඉතිං කසුකුසුවෙන් තමයි පාඩම කරන් යන්නේ..වැඩි හරියක් සංඥා බාසාවෙන්...

ඔහොම ටික වෙලාවක් යනකොට කොටාට වැඩේ එපාවෙලාද කොහෙද යන්න ගියා..මම ආයෙත් මගේ අජීවි පංති කාමරය දිහාට හැරුණා..මොකෝ ඉතින් හිටිය එකම සජීවි සත්වයා ගියා කියලා අඬන්නයැ! ටික වෙලාවකින් මෙන්න මේකා ආයෙමත් ආවා..සංඥා බාසාවෙන් අත වනලා මොකද්ද හතරට නවපු කොළයක් දික් කොරලා අනික් අතට වෙඩි වැදුණා වගේ දිව්වා..

ඕං ඉතින් ඔහෙලට කියන්න..ඒක තඩි පොල් අකුරින් ලිව්ව සෙනෙහෙ කොළයක්! ඇක්සයිස් පොතකින් කැඩුව තනිරූල් පිටු බාගෙක තඩි අකුරෙන් ලියලා "මම ඔයාට ආදරෙයි.කාටවත් කියන්න එපා" 

බුහාහාහාහා....

අනේ ඉතින් ජීවිතේට ඉස් ඉස්සෙල්ලාම ලැබුණ ආදර හසුන වෙච්චි, ඒත් මට ඒක තේරුණේ නැතිවෙච්චි! මම දහ අතේ කල්පනා කොරනවා "ඉතින් ඇයි හත් ඉලව්වේ මේක කාටවත් කියන්න බැරි" කියලා..දැන් පාඩමත් නැවතිලා..අජීවි උන් හින්දා ගෝලයෝ ටික නිස්සබ්දව ඉන්නවා..අම්මාගෙන් අහන්නත් බැහැ..මොකද කාටවත් කියන්න එපැයි කියලාත් ලියලා නෙව..අනික අම්මාට මළ ජම්ප් වුණොත් එහෙම බේරගන්න තාත්තාත් නැතිවෙලාවේ මට අම්බානෙක අහගන්න හරි කන්න හරි තමයි වෙන්නේ කියලත් රෙඩ් ලයිට් එකක් නිවි නිවි පත්තුවෙනවා...අන්තිමට ඔන්නොහේ ඕන වස්තරයක් කියලා මම ඕක මේසේ උඩ තිබ්බ අළුත් ෆයිල් කවර ගොඩක් අස්සට තල්ලු කරලා මේසේ යට සෙල්ලම් ගෙට රිංගා ගත්තා...

ඉතින් ඔහොම ටික දවසක් ගෙවුණා..පස්සේ කාලේක වගේ ඕක ගැන හිත හිතා රෑ ඇහැරන් හීන දකින්න, කොට්ටේ පුළුන් කන්න, සිංදු කියකියා මල් ගස් වටේ යන්න, කවි ලියන්න වගේ මාඤ්ඤමිකතාවක් ඒ කාලේ තිබ්බේ නැති එකේ දෙයියනේ කියලා ඔය ගැන හාංකවිසියක්වත් මතකෙට ආවෙත් නෑ..
ඔන්න එක දවසක් අම්මා මම හෝම්වර්ක් කරකර ඉන්නකොට ආවා මගේ මේසේ අස් කරන්න..(ඒ කාලේ අම්මා ඒවා කළා පස්සේ කාලෙක මමම කරගත්තා මතු ආරක්ෂාවට කියලා :D) මාත් ඉතින් ආතල් එකේ අර තඩි කොටු පොතක ඉලක්කම් ලිය ලියා ඉන්නවා..අම්මා එක සැරේටම අර අළුත් ෆයිල් ගොඩ ඉස්සුවා..ඒත් ඉතින් මට ගාණක් නෑ..මම ඉතින් තාම වැඩ...

"මොකද්ද මේ??" ස්වරය හොඳ නැත.

"මොකද්ද?"

අම්මගේ අතේ නිමල්ගේ ආදරේ! හයියෝ සංසාරේ!!

"මං දන්නේ නෑ.."

"කවුද මේක දුන්නේ?" 

"නි..නිමල්.." 

"නිමල්!" අම්මගේ ඇස් නළලේ! මගේ හර්දය වස්තුව උගුරේ!

දැන් අම්මට මළ පැනලා..ඒ වුණාට පොඩි හිනාවක් කාගත්ත ගතියකුත් ඇතිවෙලා නැතිවෙලා ගියා..ප්‍රශ්න කිරීම ගිය විදියෙන් මට තේරුණා මොකක් නමුත් නිමල් කෙරුව වැඩේ හෙණම හෙණ අවුලක් තියෙනවා කියලා...අහන්නත් බෑ බයයි..

මම ඉතින් ආයෙත් ඉලක්කම් ලියන්න පටන් ගත්තම අම්මා කොළෙත් අතේ ගුලිකරන් ගියා..දැන් මට බයයි තාත්තට කියයිද තාත්තා බනීද ගහයිද...පුංචි එවුන්ට කොච්චර නම් ප්‍රශ්න ද ඉතින්...



කොහොමෙන් කොහොමහරි ඒ කතාව ගැන ආයෙත් නම් කතාවුණේ නෑ..අම්මා නිමල්ගේ නැන්දට කියලා තිබ්බෙත් නැහැ මම හිතන්නේ..හැබැයි නිමල්ට හොරෙන් හෝ අපේ ගෙදර ඒම නම් තහනම් වුණා...කවුරුහරි අම්මගේ කන්ට්‍රැක්ට් එක භාර අරන් එහෙම තගක් දාලා තිබ්බා වෙන්න ඇති...

ඔන්න බලමු ඉතිං අපි පුංචි කාලේ ඉඳන් නිකං ඩිෂ් ඇන්ටෙනා වගේ කට්ටිය..කරුමෙට වැදිච්ච පළවෙනි සිග්නල් එකත් ඩිස්මිස් වෙලා ගියාට! :D :D :D


26 comments:

  1. මාම ඔ යට අ ද රෙයී..
    අපි බදිමු

    මේක ඇවිල්ල ගියසතියෙ තුන වසරෙ ළමයෙක් ළඟ තිබිලා අපේ අම්මට ලැබුන එකක්.
    රස කතාව තනි තරුවේ... අර ඒ ලෙවල් කතාව ඉවරයි ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහොම ලිව්වා නම් මදැයි බං අපි කොහේහරි යමුද කියලා නොලියා..ලොල්!
      ඒලෙවල් කතාව හිමිහිට බලමු..;) මැරුම් නොකා ජීවත් වෙන්නත් එපැයි..:D

      Delete
  2. අපරාදේ ෆස්ට් ලව් එක... අම්මලත් මාර දුෂ්ඨ වැඩ කරන්නේ....

    ඒ කියන්නේ ඒ කාළේ ඉඳළම ගෝඨාභය මෙතඩ් එහෙත් තීලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මගේ නෙවෙයි බං උගේ ෆස්ට් එක වෙන්නැති..:P

      අනේ මන්දා ගෝඨා මෙතඩ්මද කියලා..හැබැයි අද වැඩිහිටියෝ විදියට නැවත හැරිලා බලද්දි ඒ මෙතඩ් එක සෑහෙන්න ප්‍රතිඵලදායකයි කියලා අහිතක් නැතුව කියන්න පුළුවන්..:) මං හිතන්නේ අපි හුඟ දෙනෙක්ට එහෙම හිතෙනවා ඇති කියලා

      Delete
  3. තරුවා, කෝ දැන් නිමල්??
    අපේ තාත්තගේ යාලුවෙක් ඉන්නවා "සැං කුප්පියා" කියල. දැන් කාලේ perfume කිව්වට ඒ කාලේ කිව්වෙ "සෙන්ට්"නෙ. එකෙන් පෙරලිලා කිව්වෙ "සැං"!!! ඔය බුවා ඉස්කෝලෙ 4 වසරෙදි කෙල්ලෙක්ට යාලු වෙන්න අහල "සැං කුප්පියක්" තෑගිකොරල!! ඒක ටීචර්ට මාට්ටු වෙලා පිනා ගාවටත් ගිහිං හෙන විජ්ජුම්බරයක් උනාලු. එදා ඉඳන් බුවාට වැටුන නම ඕක. අදටත් පොර "සැං කුප්පියා"!!!

    ReplyDelete
    Replies
    1. හා හා! නිමල් ආගිය අතක් නැහැ මම හිතන්නේ..ආයෙත් ගමට ගියාද දන්නේ නැහැ..
      ඒ වයසෙදි සැං දෙන්න තරම් සිරා බුවෙක් වෙන්ටැ ඒ අන්කල්..:D :D
      උඹේ සැං කතාව ඇහුවම තව කතාවක් මතක් වුණා..මම ඒකත් ලියන්නම්කෝ..

      Delete
  4. අපසාදේ උඹ මිස් කර ගෙන නේ..

    ReplyDelete
    Replies
    1. අමතක උනා මම නිමල්.. හැක්

      Delete
    2. මිස් වුණා මෙයා..ඒ කාලේ අහිංසකයි රටක් වටී නේ :D

      Delete
  5. නිමල් ලොකු බලපොරෝතුතුවකින් හීන දැක දැක ඉන්න ඇති අම්මාගේ තග ලැබෙන්න කලින්

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..
      ඒකා කොට්ටෙ පුළුන් කකා කල්පනා කොරන්න ඇති නේද? ජංගි කොටයක් ඇඳගත්තු තරු බබා එක්ක මල්ගස් වටේ නටන හැටි..:D :D :D

      Delete
  6. මම ඔයාට අදරෙයි... මට රූට රූට ඔයාව මතක් වෙනවා............ කමෝන්..............

    ReplyDelete
    Replies
    1. රූට රූට මතක් වෙනවා! ලොල්!
      හොඳ වෙලාවට මම ලිව්වේ නැත්තේ ඔබේ ලපයට මගෙන් පළතුරු කියලා..ඒ කාලේ එච්චර අකුරු දන්නේ නැතුව ඇති..:D

      Delete
  7. පට්ටයි ඈ! හිනා වෙලා පණ ගියා යකූ. සුපිරි එකේ ඉහළම එක.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මචෝ..හිනා ගියා නම් එච්චරයි..:D

      Delete
  8. නිමල්ගේ පූරුවේ පිණක් පලදුන්නා.නෑ මම කිවුවේ නිකමට හිතපන්කෝ උඹත් එක්ක යාළුවෙලා උගේ කරුමෙට උඹව බැන්දමයි කියල අඩු වයසෙන්ම.....එහෙම උනානම් පවු නේ ඌ....
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. නිමලා යන්තං බේරුණා ;)

      Delete
    2. ඌ ගැන එහෙම හිතුණේ නෑ බං පස්සේ කාලෙක ඕක මතක් වුණත් හිනා ගියා මිසක් බඩේ සමනල්ලු පියෑම්බේ නෑ..:D
      පල කටුස්සෝ යන්න..! මාව බැන්දා නම් ඌට හොඳ කල දසාවක් ලබනවා..:P

      අනේ පල සජ්ජෝ යන්න..:P

      Delete
  9. අපරාදේ අප්පා.. ෆස්ට් ලවු එක.. දැන් ඉතින් ගිය හකුරට නාඩන්නේ කියලා ඉන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..මගේ නෙවෙයි බොල උගෙ ෆස්ට් එක වෙන්නැති..මගේ ෆස්ට් එක ආවේ ඊටත් දශකයකට පස්සේ..:D

      Delete
  10. ඤාව් යකූ....
    උඹ නේද අර රූට රූට පෙම් කොරන්න ලව් ලෙටර් ලීවෙ..
    හෙහ් අදනෙව හොරේ මාට්ටු වුනේ
    හිහි

    ReplyDelete
    Replies
    1. රූට රූට ලියන්න ලැබුණේ නෑ බං..එච්චර අකුරු ලියාගන්න බෑ නේ ඒ කාලේ..:P :P

      Delete
  11. හපොයි හොඳ වෙලාවට එදා ඔය ලියුම උඹලගේ අම්මට අහුඋනේ , නැත්තම් මම අලි අමාරුවක වැටෙන්නේ .
    මීට නිමල්

    ReplyDelete
    Replies
    1. අනේ නිමල්, මම හිතලමයි ඒක අහුකරලා දුන්නේ..ඔයාව එච්චර හිතට ඇල්ලුවේ නෑ මෙයා..සොරි..:P :P

      Delete
  12. දුමී බබා කාලේ ෆර්ස්ට් ලව් එක ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට.....! ඒ ගෑල්ළමයගේ නම දමයන්ති.......! අපි හම්බ උනේ ඉස්සර නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක.හරිම පරම පිවිතුරු ආදරයක් ඒක....

    එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයාගෙන එන්න, කෝම් පිට්ටු හදනකන් ලඟට වෙලා බා බා බ්ලැක්ශීප් කියන්න වගේ රාජ කාරී තමයි දුමීට තිබුනේ.....!

    ඒ කාලේ ස්කූල් වෑන් තිබුනේ නෑ. දුමීව ගෙදර එක්ක යන්න ආවේ ආරියවතී කියලා ආච්චි කෙනෙක්. දුමීව වගේම තව බබාලා ගොඩක් එක පාර එක්කන් යන්න එක්කන් එන්න පැවරිලා තිබුනේ ඒ ආරියවතී ආච්චිට. ඉතින් මොන්ටිසෝරිය ඇරිලා ටික වෙලාවකට විතර පස්සෙ තමයි ආරියවතී ආච්චි දුමීව ගන්න එන්නෙ....

    දමයන්තිගේ අම්මා කලින්ම එනවා එයාව එක්කගෙන යන්න. ඒ එනකම් දුමී කරන්නේ දමයන්තිගේ අතින් අල්ලගෙන එයත් එක්ක ඔංචිලාව ලඟ බංකුවේ වාඩි වෙලා ඉන්න එක.

    කොහොම හරි ටික දවසකට පස්සෙ මේ සම්බන්දේ දමයන්තිගේ ගෙදරට ආරංච් වෙලා එයාගේ දෙමව්පියෝ එයාව මොන්ටිසෝරියෙන් අස් කරගෙන ගියා.....!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටු තනි තරුව දුමී! :)
      හපොයි දෙයියනේ ඒක හරිම සංවේදී ප්‍රේම කතාවක්...දමයන්ති ආයෙත් මුණ ගැහුනෙම නැද්ද? :(

      //එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයාගෙන එන්න, කෝම් පිට්ටු හදනකන් ලඟට වෙලා බා බා බ්ලැක්ශීප් කියන්න වගේ රාජ කාරී තමයි දුමීට තිබුනේ.....!// මෙන්න මේක මරු! ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි කිව්ව ලු..! (මම නෙවෙයි) :D

      Delete