Monday, April 13, 2015

සිතුවම..

කල් අරන් සීරුවට
හැඩ බලා තෙලිතුඩත
පාට ගලපා නේක
ඇඳි සිතුවමකි
මට විරහව..
වැරදීමකින් වැදුණු
සායමකි ප්‍රේමය...




12 comments:

  1. ඒක හරි... ප්‍රේමයේ මිහිරියාව සහ නැවුම් බව හැම විටම රැඳී තියෙන්නෙ ඔය කියන වැරදීම නිසාම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්..සමහර වෙලාවට කල්යල් බලා අඳින චිත්‍රයක නැති හැඩක් ඔහේ වදින පින්සල් පාරක තියෙන්න පුළුවන්..:)

      Delete
  2. ඒක හරි... අපිට ඉතින් වැරදිලා හරිගියොත් තමා............

    ReplyDelete
    Replies
    1. කුරුටුට මොකෝ කුරුටු වරදින්නේ..වැරදිලා හරි හරි ගිය එක නෙව වටින්නේ..අනික ඒකෙත් තියෙනවනේ අමුතු ගතියක්..;)

      Delete
  3. ඇත්ත බං.ලවු කරන්න හේතු හොයාගන්න බැරිවුනාට වෙන්වෙන්නනම් හේතු දාහක් කියනවා.මීට වඩා හොඳයි ලවු නොකරම හිටියනම්.ඒ හේතු ඇහුවම මොකටද ලවුකලේ කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒක ඇත්ත බං..ඩැඩීලත් කියන්නේ 'ඇ‍යි කලේ මුළු හදින්ම ඔබ මට (තොට මම) ආදරේ" කියලා.:D :D.

      Delete
  4. අදරය වඩා විරහව හරි රහයි තමා...

    ReplyDelete
    Replies
    1. ඩෙෆිනීට්ලි.විරහව රහ නිසා අපි තලු මර මර බුදින්නේ තණකොල..:D :D

      Delete
  5. පිකාසෝ ලගේ වැරදීමකින් වැදුණු සායමත් සිතුවමක් වෙනවා බං...

    ReplyDelete
    Replies
    1. මම පිකාසෝ කෙනෙක් නෙවෙයි..ඔබ? :P :P

      Delete
  6. ඕක අනිත් පැත්තට ගත්තොත් සත්‍යයක් වෙන්නෙම නැත්ද?
    පාට ගලපා ඇති නේක සිතුවමකි ප්‍රේමය...
    http://nelumyaya.com/?p=1722

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එහෙමත් වෙනවා..මට හිතෙන්නේ අපි ඔය අවස්ථා දෙකම අඩුවැඩි වශයෙන් විඳිනවා කියලා..පෘථග්ජනයෝ හැටියට දැනෙන විඳින හිතන හැටිය මත..එහෙම නේද අජිත් අයියේ? :)

      Delete