Sunday, August 16, 2015

ඡන්දදායක අපේ වගකීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තවත් මහ මැතිවරණයක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත මේ මොහොතේ මෙසේ ලියා තබමි.

ඡන්ද අයිතිය හිමි සිවිල් ජනයා ලෙස ඔබත් මමත් සැබැවින්ම ඒ අයිතිය බුද්ධිමත් ලෙස පරිහරණය කර ඇතිද යන වග විවාදයට තුඩු දෙන්නකි.එසේයැයි ඔබ කියන්නේ නම් සෑම මැතිවරණයකම පොරොන්දු අතරට යහපත් සමාජයක් යන්න එක්වීමේ පිටුපස සැඟවගත් සැබෑ කතාන්දරය කුමක් ද?විශේෂයෙන් සඳහන් කළ යුතුවන විසඳුමක් යෝජනාවන තරමට යමක් සිදුව ඇත්නම් එහි වගකීම සම්පූර්ණ වශයෙන් බැරවියයුත්තේ පත්වන දේශපාලනඥයින්ගේ ගිණුමට ද? නැතිනම් තම අයිතිය ඔවුන් වෙනුවෙන් යොදන අපගේ ද?

අප සැබැවින්ම ඡන්ද අයිතිය භාවිතා කරන්නේ සිහි නුවණින්ද යන්න සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.ශ්‍රී ලංකා වාසි සිවිල් ජනතාව ලෙස අප සිතිය යුත්තේ අපේක්ෂකයාගේ මැතිවරණ පොරොන්දු ලෙස පමණක්ම ද?
එසේ මැතිවරණ පොරොන්දුවලට මුල්තැන දීමෙන් අපට වැරදුණු අවස්ථා ඇත්තේම නැතිද?
සැබැවින්ම අප සිතිය යුත්තේ කට-බඩ ගැන ද ඒ හැර සිතන්නට වෙන යමක් තිබේද?
ඇත්ත වශයෙන්ම සමාජයට භෞතික, සමාජීය, ආර්ථික සහ ආධ්‍යාත්මික වශයෙන් යහපතක් ඉටුකරන්නට දායක වූ දේශපාලනඥයින් කවුද?
ඡන්ද දායකයන් ලෙස ඔබටත් මටත් හෙටින් පසු අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ ලබාදීමේ ලා හැකියාවක් ඇත්තේ කාටද?

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ, මාස 8කට පෙර අපි අවසාන වතාවට ඡන්ද අයිතිය භාවිතා කළෙමු.
ඉතින්,
අවසාන ඡන්දයට පෙර අප උන්නේ කොතැනද? 
දැන් අප සිටින්නේ කොතැන ද?
අප යා යුත්තේ කොතැනටද?
උගත් පාඩම් මොනවාද? ඒ ඇයි?

එසේ නම්, අයිතිය වෙනුවෙන් නගන හඬ අරුත්සුන් නොවන්නට, අප වෙනුවෙන් යහපත් හෙටක් තනන්නට, නිදහස් නිවාල් ඒකීය රටකට හෙටක් ගෙනෙන්නට අපේ අයිතිය බුද්ධිමත්ව සහ සිහිනුවණින් භාවිතා කරමු.
අනාගතය වෙනුවෙන් අද අපගේ යුතුකම ඉටුකරමු.




22 comments:

  1. මෙන්න මේ තනි තරුවා ඡන්ද වියාපාර කරන්නෙ නැතෝ.
    හැම මිනිහෙක්ම ඔය දේ හිතුවානම් අපි ඉන්නෙත් කොතැනද කියලා කිවුවනම් බලන්න.....??????

    ReplyDelete
    Replies
    1. අපි ඉන්නේ ජනවාරි 8 ප්‍රෝඩාවට රැවටිලා ජාතිකත්වයටම එරෙහිව චන්දෙ දීල මාරුවේ වැටුන වාතාවරනයක. ඉදිරියට වෙන්න ඕනේ ජනවාරි 8 වෙච්ච වරද හදාගෙන සිහි කල්පනාවෙන් චන්දය පාවිච්චි කරල විජාතික බල කඳවුර පරදවා ජාතික බල කඳවුර ජයග්‍රහනය කරවන එක. ඒ ටික කියන්න බය වෙන්න ඕන නෑ.

      Delete
    2. අහසෙන් එන්න: (ඒක නේද හරි නම?)
      රටේ ප්‍රථම පුරවැසියට පුළුවන් නම් ඡන්ද නීතිරීති බල්ලට දාන්න යන්තම් බ්ලොගක් අටවන් ඉන්න මම වගේ ප්‍රාථමික පුරවැසියෙක්ට බැරිවෙන්න බෑ නේ? ;) :D
      හැම මිනිහෙක්ම ඔය දේ නොහිතීමේ විපාකයන් ලඟදීම දක්නට ලැබේවි මම හිතන්නේ..ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක් කියලනේ දීලා තියෙන්නේ..!

      Delete
  2. අපට බියෙන් සැකයෙන් තොරව නිදහසේ රටේ හතර කොණ ඇවිද යන්නට හෙටක් ඉතිරි කළ ඒ ප්‍රතාපවත් පුද්ගලයා වෙනුවෙන් මගේ ඡන්දය හෙට උදැසනම වැටෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. අති විශිෂ්ඨයි. ඔය ටික නොතේරෙන එකෙක් හිටියොත් ඒ මන්දබුද්ධිකයෙක් නැත්නම් තමන් ම තමන්ව රවටගන්න වංචාකාරයෙක්.

      Delete
    2. නලීන් අයියා ඔබගේ තීරණයට මගේ ගෞරව ප්‍රණාමය! :)

      Delete
  3. කියවා සිතට ගතිමි. ඒත් හෙට චන්දය දැමීමට නොයමි.පෙරලෙන පිට හොඳයි කියා සැනසෙමි. :/

    ReplyDelete
    Replies
    1. කමියෝ ඡන්දය අයිතියක්.උඹ අයිතිය භාවිතා නොකලා කියා කිසිම දේශපාලුවෙකුට රිදෙන්නේ නැත.රිදෙන්නේ උඹට වෙනස් කළ හැකි යමකදි ඉදිරිපත් නොවුණු උඹේම හර්ද සාක්ෂියයි (ජේවීපී ගස් බල්ලන්ගේ එක නොවේ)

      Delete
  4. http://nelumyaya.com/?p=3971
    චන්දය පාවිච්චි කිරීම ඔබේ යුතුකමක් මෙන්ම වගකීමකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් :)

      Delete
  5. පස්වෙන්දා දැම්මා...

    ජ ය වේ වා ර්‍

    ReplyDelete
  6. මෙන්න මගේ අදහස

    ඡන්දෙන් කොරයි බම්බුවක් ...................
    http://nokieekatha.blogspot.com/2015/08/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අපේ ඡන්දෙන් පැරදිච්ච එව්වොත් ජාතික ලැයිස්තුවෙන් ගෙට ගත්ත හැටියට නම් බම්බුව තමයි! :D

      Delete
  7. අපි නම් අපේ හඬ නියෝජනය කරන උන්ට දුන්නා...

    ReplyDelete
  8. අපි නම් හදවතට ඒකගව ඡන්දය දුන්නා...................

    20000ට සුභ පැතුම්... ඉක්මනට ම අගට තව තව බින්දු ඒකතු වේවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි මචෝ.
      සුභ පැතුමටත් බොහොම ස්තූතියි..

      Delete
  9. බලයට කෑදර එ්කාධිපතියෙකුට විරුද්ධව වැඩ කලා. ඡන්දෙ දුන්න. එලවල දැම්ම. ආපු එවුන් එක්ක ගේම පටන් ගන්න බලං ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රාජ් වර්තමාන ජනාධිපති ඇතුළු බොහෝ දෙනෙක්ට විරුද්ධව වැඩ කොරලා වෙන්ට ඕන..:P

      Delete