ඔබට කවදාවත්ම දැනිලා තියෙනවද හොඳටම විඳින්න නම් චිත්‍රපටියක් බලන්න ඕන මහා පාන්දරක කියලා..නින්ද නොයනකොට නැගිටලා ඇවිත් නිශ්ශබ්ද මහ රෑක කියලා..
එහෙම දැනිච්ච දවසක්..
උණු කෝපි කෝප්පයක් හදාගෙන ඇවිත් චිත්‍රපටි ලැයිස්තුවක උඩ පහළ කීප සැරයක් ගිහින් අන්තිමට නතර වෙච්චි තැන කලින් කීප සැරයක්ම නතර වෙන්න ගිහින් මග ඇරුණු තැනක වුණහම..ඔව් අන්න ඒක තමා අහඹුව..අවුරුදු ගාණකට කලින් හැදුණු චිත්‍රපටියක් වුණත් ඒකට පුළුවන් නම් උණු කෝපි එකකට තරම් ඔබේ හිත උණුහුම් කරන්න..මම ඒකට මොකද්ද කියන්න ඕන..?
බෝතලයක පාවෙලා ආව පණිවිඩයකට පුළුවන් වුණා නම් දුරක් ලං කරවන්න, අපේ ජීවිතවල නැද්ද එහෙම අතහැරුණු අවස්ථා ඕනෑ තරම්..ආදරේ හොයාගෙන අතැරුණු අවස්ථා..ජීවිතේ දැනගෙන මගහැරුණු අවස්ථා..අතීතයක් පීරලා වෙනස් කරන්න ඕන අවස්ථා..හ්ම්ම්...
අපි හිත රිදුණම කියන්නේ ඇත්ත ලෝකේ සදාකාලික ප්‍රේමයන් නැහැ කියලා..ඒ ගලක හැපිලා බිඳුණු වීදුරු බෝතලේක කටුවකට වගේ කඩවෙච්ච බලාපොරොත්තුවකින් කැපිලා ගියහම නෙවෙයිද අපේම හිත? අපිම හදන හීන..අපිම පතන හීන...අපිම මවන හීන...
ජීවිතේ කඩමණ්ඩියෙන් පුංචි සීනි බෝලයක් අරන් දෙනවා නේද හිත රවට්ටගන්න..තුවාලේ රිදෙන්නේ නැතිකම දනවන්න..
සදාකාලික ප්‍රේමයන් නැත්නම් කොහොමද අපි හැමෝටම පෑරෙන වියලෙන අතරමැද අගේක තුවාලයක් තියෙන්නේ හිතේ කොහේමහරි..ඇයි අපි ඒ මතක අල්ලාගෙන බදාගෙන ඉන්නේ සමහරවිට නොදැනුවත්වම හරි..ගැරට්ට පුළුවන් උණා නම් මියගිය ප්‍රේමයක ස්මාරක වල නොදා තියාගන්න අපිට..? කවදාහරි දැනිලා තියෙනවද ඔබට ඊයේ සහ හෙට අතර වෙනස බොඳවෙලා තියෙන බව..? ස්මාරක වළලන්න හිත එකඟ නොවෙන බව..? ඊයේක ස්මාරක උඩ හෙටට තෑගි තනන්න බැරි බව..?
සමහරවිටෙක මියගිය ප්‍රේමයක් උඩ තවත් ප්‍රේමයක් උපදින්න බැරිද? අපි වැඩිපුරම ලෙංගතු කොයි ප්‍රේමයටද කියලා තීරණය කරන්න අපිට තියෙන නිර්ණායක මොනවද?
ඒත් මම එහෙම කළා.. ඔබත් එහෙම කරන්න ඇති..
හැම මොහොතකම මියගිය ඊයේ වෙනුවෙන් සුදු සළු ඇඳීම නවත්වන මොහොතක් කවුරුම හෝ කොතැනක හෝ අත්විඳිනවා වෙන්නට ඇති..ඒත් ඒ මොහොතට කලින් මම නවත්වපු සුදු සළුව මා වෙනුවෙන් අළුත් ප්‍රේමයක් උපද්දවන හෙට අඳින්නට නියමිතද කියලා මම කොහොම දැනගන්නද? එතකොට මම ප්‍රමාද වැඩිද..
සමහරවිට පරණ තුවාලෙකට සඳහටම සමුදීලා එන්න යනගමන මගේ අවසානයම වෙන්න බැරිද..? එදාට මට මොනවද හෙට වෙනුවෙන් කරන්න පුළුවන්..?
හෙටට පුළුවන් වෙයිද මගේ මතක කරපින්නාගෙන මගේ මළගිය ඊයේ දවසේ සඳහටම ජීවත් වෙන්න..? මගේ මළගිය ඊයේ මත ඒ හෙටට තව හෙටක් උදාවුණහම..ආයේත් මේ දේම ආයේ ආයේ සිදු වේවි..සමහරවිට මම තරමටම ඊයේ දවසේ ඇලී නොහිටියොත් හෙටට හෙටක් උදාවේවි...
ඒක දැනෙන දුරක හිටියොත් මට දුකක් වේවි තමයි..
ඊට වඩා හොඳ නැද්ද සළකුණක්වත් ඉතිරි නොවෙන විදියට මූදු පතුලක වැළලිලා යන එක..?

සදාකාලික නොවූ ලෝකේ
ReplyDeleteසදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා //
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා
සදාකාලික නොවූ ලෝකේ ...
එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ //
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ
සදාකාලික නොවූ ලෝකේ...
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: ආනන්ද අමරසිරි
https://www.youtube.com/watch?v=2r6FHi_inFk
මං කැමති සිංදුවක්..:)
Deleteඒක නෙවෙයි උඹ දැන් සිංදු ඇනෝගේ ඩිපියුටිද? :P
ප්‍රේමයත් අනික් හැම දේම වගේ අනිත්‍යයි , සදාකාලික එහෙමත් නැත්තන් අකාලික ප්‍රේමයක් තියෙන්න පුලුවන්ද ? ඔය ප්‍රශ්නය උඹ කියන්නා වාගේ හැම කෙනෙක්ම ජීවිතේට එක සැරයක් හරි තමන්ගෙන්ම අහලා තියෙන ප්‍රශ්නයක්.
ReplyDeleteකොහොම නමුත් ඒ ප්‍රශ්නෙට කිසි කෙනෙක් උත්තරයක් හොයාගත්ත බවක් පේන්න නෑ.
හරියට අන්ධයෝ අලියාගේ හැඩරුව කිව්වා වගේ , එක එක්කෙනා තමන්ට අහුවෙච්ච පැත්තෙන් ඒගැන විග්‍රහ කරනවා . තමන්ගේ විග්‍රහය තමා හරි කියලා තමන් හිතන් ඉන්නවා . ඒ මොකද කිසිම කෙනෙකුට හැකියාවක් නෑ අනික් පාර්ශවයේ කෝණයෙන් ලෝකය දකින්න . ඉතිං තමතමන් වටහාගත්ත දේට සර්වසාධාරණත්වයක් ආරෝපණය කරන්න යනවා . මේ ප්‍රශ්නය ලෝකය පවතිනකන්, මිනිසුන් තුල යන්තමින් හෝ මානුෂීය හැගීම පවතිනකන් උත්තරයක් නැතිව ඔහේ තියේවි .
උඹ කියන එක ඇත්ත.අපි හැමෝම දන්නේ ඔය කියන අකාලික ප්‍රේමයේ දිග පළල පුළුවන් හැටියකට මැන කියාගන්න..සමහරු අඩි බාගේ කෝදුවලින් මනිනකොට තව සමහරු කිලෝමීටර්වලින් මනින, සමහරු මයික්‍රොග්‍රම්වලින් මනිනකොට තව සමහරු හොණ්ඩරවලින් මනින අමුතුම දෙයක්වෙන්න ඇති ඒක..හොඳටම වහින පාන්දරක හිතන්න හුඟක් දේවල් මම ලිව්ව ටිකට වඩා උඹේ කමෙන්ටුවේ තියෙනවද මන්දා..
Deleteප්‍රේමය ආදරය මේවා ගනු දෙනු මචං....
ReplyDeleteඒකත් ඇත්ත නලීන් අයියේ..:)
Deleteහැමෝම ලියන ප්‍රේම කතාවල අපේ කතාවත් කොහෙ හෝ කොනක් සම්බන්දවෙලා තියනවා.ඒකනේ මේවගේ සටහන් කියවද්දී අපි අපිටම ලිව්ව වගේ දැනෙන්නෙ.
ReplyDeleteඅන්න හරි.හුඟක් කතාවල මහා පොදු සාධකයක් තියෙනවා අපේ හිතට එබිලා දැනෙන්න කොනිත්තන්න පුළුවන්.:)
Deleteමම බලලා තියෙනවා Message In A Bottle.
ReplyDeleteNicholas Sparks ගෙ අනිත් හිතට වැදුනු කතා තමයි
A Walk To Remember
(The) Notebook
මම ඔය ඔක්කොගෙම පොතත් බලලා මූවී එකත් බලලා තියෙනවා.
ඔෆිස් එකේ ඉඳං ඇඬුනා ඔව්ව හොරෙන් බලන අතරෙ..
Deleteනමුත් ගැළපෙනම එක ජැකී චෑන් ගෙ gorgeous (අකුරු හරිද දන්නෑ...) ඒකෙ කෙල්ලෙකුට මුහුදෙ පාවෙලා ආව බෝතලයක් හම්බ වෙනවා. ඒකෙ තියෙන පණිවිඩේ අනුව හොයාගෙන යනකොට, ඒක ලියපු කොල්ලා gay. උගෙ බෝයිෆ්‍රෙන්ඩ් ට ලියපු ලියුමක් බෝතලේ තිබිල තියෙන්නෙ.
Deletea walk to remember නං මරු... අනික් එව්වා හොයාගෙන බලන්න ඕනෙ.
ඩූඩ් මම ඔය මූවීස් ටික නම් බලලා තියෙනවා පොත් නම් කියවලා නැහැ.ඉස්සර නම් කෑවෙත් පොතක් බලබලා දැන් කාලයක් තිස්සේ වෙලාව එක්ක රේස් දුවන නිසා පොතක් ගත්තම කාලයක් දුක්විඳිනවා මගේ දර්ශන පථයට අහුවෙන්න..:D
Deleteගස් උඹ ඔෆිස් යන්නේ ෆිලුම් බලන්නද? හිටු ලොක්කට කියන්න..:P
Deleteඅඩේ ඩ්‍රැකී කිව්ව ෆිල්ම් එක හොයන් බලන්න ඕන..එහෙම ඒවත් වෙන්න පුළුවන් නේන්නම්..තැන්කූ නිව්ස් එකට..
Deleteඔය කියන ෆිලුම හෙන්රි අය්ය කියල තියෙන එකමයි කියල සටහන කියව යද්දි මටත් හිතුණ බලල නං නෑ.. අන්තිමට බැලුවෙ පේපර් ප්ලේන්. වෙලාවක් නැති තරං දැං..
ReplyDeleteමැරිච්ච ආදරයක් වෙනුවෙන් සුදු හෝ කලු ඇදිල්ල නවත්තන දවස තමයි ජීවිතයකට සෑහෙන කාලෙකිං නැවුම් දවසක් උදා වෙන්නෙ.. ඒ වුණත් ඉද හිටල හිත යටිං මතුවෙන වෙලාවගුත් නැතිව නෙවි නිකං හරියට හුළං පාරකට අළු යට තියෙන ගිනි පුපුරු දීප්තිමත් වෙනව වගේ... හිත පිච්චිලා යනව.. ඒත් ටික කාලෙකට ටික දවසකට විතරයි.. සමහර විට ඒ තරං උනත් දැනෙන්නෙ අලුතෙං වර්ණ ගන්වපු උදෑසන අපි හිතපු තරං නැවුම් නෑ අපිට ඒ තරං දැනෙන්නෑ කියල හිතෙද්දි.. ඒත් කෙනෙක්ට අතිතය වහල යන තරං එළියක් අර හෙවණැලි මැකිල යන තරං එළියක් ජීවිතේට වැටෙනව කියල දැනෙනව නං කොටිංම කියනව නං අළුත් ආදරයක් තිසා වැව තරං පපුවට දැනෙනව නං කවදාවත් අර කලිං ආදරෙන් විදවන්න වෙන්ෑ...
ඒත් එහෙම වාසනාවන්තයන් මං දැකල තියෙන්නෙ අතලොස්සයි.. බහුතරයක් දෙනා අලුත් දවසක ජිවත් වෙනව පහුවුන දවසක හෙවණැල්ල යට
මහියා උඹේ අර්ථ දැක්වීමට ලංවෙන්නවත් මට බැහැ..:)
Deleteඑක අතකට ඔය උඩයටයන විරහවට හේතුව අළුත් දවසේ නැවුම්බව අඩුවීම නොවෙන්නත් පුළුවන්..අවංකවම කියනවා නම් අපි හැමෝම චුට්ටක් රිදෙන තුවාලෙක එල්ලීගෙන ඉන්නත් කැමැතියි නේද?සමහරවිට අපිට අපි ගැනම දුක දැනිච්ච වෙලාවක ආත්මානුකම්පාවක හැඩෙන් දුක හිතනවට වඩා විරහවකට ට්‍රන්ස්ලේට් කරලා වින්ඳම පොඩි ලල් එකක් තියෙනවා.නැද්ද?
පේපර් ප්ලේන්ස් බලලා නැහැ..බලන්න ලිස්ට් එකට දාගත්තා :)
ආදරයක් මැරෙනවාද? ඒකත් අර එක එක අවතාර වලින් එලියට එන දෙවි කෙනෙක් වගේ.. පොත්ත විතරයි වෙනස්.. වතුර වගේ.. ගැලපෙන විදිහට භාජනේට සෙට් වෙන..
ReplyDeleteජයවේවා..!!
ගස් ඒක ඇත්ත.සමහරවිට අපි එකම හැඩේ බලාපොරොත්තුවෙන්නත් පුළුවන් නේද?හැම තිස්සෙම මිනිස් සත්වයා බලන්නේ අඩුලුහුඬුකම් ටික අඩුවෙලා ඊලඟ භාජනේට එකම වතුර ටික වැටෙන එක වෙන්න බැරිද?
Deleteආදරයක් මැරෙනවාද? ඒකත් අර එක එක අවතාර වලින් එලියට එන දෙවි කෙනෙක් වගේ.. පොත්ත විතරයි වෙනස්.. වතුර වගේ.. ගැලපෙන විදිහට භාජනේට සෙට් වෙන..
ReplyDeleteජයවේවා..!!
ගස් ඒක ඇත්ත.සමහරවිට අපි එකම හැඩේ බලාපොරොත්තුවෙන්නත් පුළුවන් නේද?හැම තිස්සෙම මිනිස් සත්වයා බලන්නේ අඩුලුහුඬුකම් ටික අඩුවෙලා ඊලඟ භාජනේට එකම වතුර ටික වැටෙන එක වෙන්න බැරිද?
Deleteමේවට ඉතින් කොහොම මොනවා කියන්නද මන්දා..
ReplyDeleteඒ මොකෝ බං? කියන්න දෙයක් නැතෙයි? :P
Deleteකාලෙකින් ප්‍රේමයේ විරහවක් වින්දේ නෑ.. අනේ අම්මපා මේවා කියවද්දී එහෙම පොඩි ලල් එකක් තියෙනවනම් කියල හිතෙනවා.. එක්කෝ ඕනි නෑ..
ReplyDeleteඉඳලා ඉඳලා ගෙදර යන දවස් දෙක තුනෙන් එකක් පරක්කුත් වෙලා යන දවසෙ කණ කුඩුවෙන්න බීල ගෙදර යමං බලන්න... බොට විරහවේ රඟේ තේරෙන්න
Deleteකමියෝ අනේ ඇත්තට මේ වගේ කසාද බැඳපු උන්ටත් හිතෙන එව්වා..ප්‍රේමයේ විරහව විඳින්න..දැන් විඳින්න ගියොත් නම් උඹට ලල් වෙලා නැවතුණොත් මදැයි..:P :P
Delete+++++++++++
Deleteගස් දැන් විවාහකයෙක් විදියටම හිතන්න අරන්...:P :P
ට්‍රේනිං මචෝ..ට්‍රේනිං .. මිනී මැරුවත් සමාව ලැබෙයි.බොන්න නෙව දෙන්නැත්තෙ.. ශෙහ්..
Deleteගස් : හා හා උඹේ ට්‍රේනිං එක ඉවර වෙද්දි උඹත් රොටී බබා වගේ වෙලා ඉඳීද දන් නෑ..! එනිවේස්, ගුඩ් ලක් මචං..:D
Deleteමුලින්ම ආවෙ අද.මිත්‍රයෝ පිරිස කලින්ම ඇවිත් අදහස් පලකරලා ගිහින්.
ReplyDeleteපලමුවෙනි පෙමි සමිබන්ධතාවයේදි අපි හැමෝ ජීවත් වෙන්නේ හීන ලෝකවල විතරයි.අනිත් ඒවා කොහොම උනත් මෙ ආදරණිය බැදීමනමි සදාකාලිකයි කියලා හිතනවා.එහෙම හිතන දෙන්නා වෙන්වුනාම ජන්මාන්තර වෛරක්කාරයෝ වෙන අවස්ථාත් තිබෙනවා.මට මතක් වෙන්නේ පන්ඩිත් අමරදේවයන්ගේ ලස්සන සිංදුවක්
මේ ගුරු පාරේ මේ දොල අයිනේ. අපේ රහස් ඇත සැගවීලා. අපේ රහස් ඇත ලියැවීලා.
මනෝ සාදරයෙන් පිළිගන්නවා තනිතරුවට..පිළිතුරු නම් ටිකක් ප්‍රමාද වුණා තරහවෙන්න එපා..
Deleteඒක ඇත්ත, සමහර සදාතනිකයි පරම රමණීයයි කියලා හිතන දේවල් නිමේෂයකින් මරණීය වෙන්න පුළුවන්..
ලස්සන සිංදුවක්..මෙතනට ගැලපුවාට බොහොම ස්තූතියි මනෝ..:)
අනික් අතට ඔ්ක තමා ජීවිතය කියන්නෙත් තනි...
ReplyDeleteඒකනේ කුරුට්ටෝ..අපි හැමෝම අඩුවැඩි වශයෙන් විඳින ජීවිතේ..:)
Delete