නුඹ ගියත් නුඹ නොදැන
තවම නුඹ මම ලඟම
සඟවාන මුලු ලොවට
විඳිමි මම විරහි හිත
උණුහුමක් ගෙන එන
ප්‍රේමයකට නොවන
මිදුණු ලෙංගතුමක
මම දකිමි ප්‍රේමය..
නුඹ නමට ඉපැදුණු
නුඹගෙන්ම රිදවුණ
නුඹ ගොහින් කල් ගෙවීත්
තවම මා ලඟ රැඳෙන..
කලෙක ගෙත්තම් කළ
සිහින නුඹ හා දුටුව
වියැක කල්ගෙවී'මුත්
සෙනෙහෙ වියපත් නොවන
නුඹට නොව නුඹෙන් ලද
විරහවට පමණමය
මා හිතේ ප්‍රේමය
කිසිදාක නොමියෙන...
තවම නුඹ මම ලඟම
සඟවාන මුලු ලොවට
විඳිමි මම විරහි හිත
උණුහුමක් ගෙන එන
ප්‍රේමයකට නොවන
මිදුණු ලෙංගතුමක
මම දකිමි ප්‍රේමය..
නුඹ නමට ඉපැදුණු
නුඹගෙන්ම රිදවුණ
නුඹ ගොහින් කල් ගෙවීත්
තවම මා ලඟ රැඳෙන..
කලෙක ගෙත්තම් කළ
සිහින නුඹ හා දුටුව
වියැක කල්ගෙවී'මුත්
සෙනෙහෙ වියපත් නොවන
නුඹට නොව නුඹෙන් ලද
විරහවට පමණමය
මා හිතේ ප්‍රේමය
කිසිදාක නොමියෙන...
ප්‍රස්තුතය ආවේ මෙන්න මේ පෝස්ට් එකෙන්
මා හිතේ ප්‍රේමය
ReplyDeleteකිසිදාක නොමියෙන...
ලස්නයි තනි තරු
ජයවේවා...!
බොහොම ස්තූතියි අසෙනි..:)
Deleteඒ පැත්තේ ලියවෙන එව්වා රහ පාටයි..
ජයවේවා...!
Nice One
ReplyDeleteThanks Maathe
Deleteලස්සනම ලස්සනයි.............
ReplyDeleteබොහොම ස්තූතියි ආර්යන්..:)
Deleteෂා..ෂා..ෂා ලස්සනම ලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතියි මනෝ..:)
Deleteඒ කියන්නේ අනිත් උන්ට inspiration එකක් වූ ඉවාන් පවුලූෂා!
ReplyDeleteමේ වගෙ නිර්මාණවලින් බ්ලොග් කරුවන්ගෙ සහෝදරත්වයත් වැඩෙනවා මම හිතන්නේ.
අනිවා..:D
Deleteඩූඩ් දන්නවද තනියා ලියන්න පටන් ගත්තු කාලේ හා හා පුරා කියල ලොකු පොරකට නැත්නම් ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්ට කියලා මේ බ්ලොග බලල කමෙන්ට් කරපු එකෙක් ඉවාන්..අම්මේ ඉතින් හරි ආඩම්බරයි එතකොට ඇයි ඉතින් අපි අළුත් පුංචි එව්වෝ නේ..:) ඌ ඇත්තටම inspiration එකක් තමයි..අර කිව්වා වගේ මෙහෙම එක මාතෘකාවකින් අනික් අයත් ලියන්න ගත්තම ඒක නියමයි..මම දැක්කා මාතලනුත් එහෙම කියලා තිබ්බ කොහෙද..:)
කවුද ඩො ජ්‍යෙෂ්ඨ කියන්නේ , පලයන් යන්න හොම්බ තලා ගන්නේ නැතුව , ඔක්කොමලා ලියන කියවන සහෘදයෝ විතරයි, මෙතන ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ට කියලා කවුරුවත් නෑ.
Deleteමොනා වුනත් එකෙක් ලියන දෙයක් තව එකෙකුට වස්තුබීජයක් වීම ඉතාම අගනා දෙයක්. මම හිතන්නේ බ්ලොග් වල තියෙන සුන්දරත්වයත් එකම තමා.
අහුවෙයන්කෝ කන පලලා ලුණු දාන්න
ඉවාන්: අපි ලියන්න පටන් ගත්ත කාලේ වෙද්දිත් උඹලා බ්ලොග්වල එස්ටැබ්ලිෂ් වෙච්ච එවුන්. ඒ රෙස්පෙක්ට් එක උඹට දෙන්න ඕන වෙන මුකුත් හින්දා නෙවෙයි එහෙම වුණත් උඹේ නිහතමානීකම තාම රැකිලා තියෙන නිසා..ඒකට මනුස්ස ප්‍රාණියෙක් විදියට මම ගරු කරනවා..:)
Delete
ReplyDelete" සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක් "
අනිවා...සදාකාලික ප්‍රේමයක් ඇත්තේ සදාකාලික විරහවක් තුළ පමණය - #තනියා.
Deleteමේ වලපයයි ගොඩපයයි තියාගෙන උඹට මොකද විරහවක් මතක් වුනේ හිටපු ගමන් . ;)
ReplyDeleteකයිය ලස්සනයි තනියෝ , විරහව කොච්චර අසුන්දර අත්දැකීමක් වුනත් ,ලෝකයේ බොහොමයක් නිර්මාණවලට වස්තුබීජ වෙන නිසාම එහි තියෙන්නේ සදාකාලික ජීවයක්. ප්‍රේමයේ සිනහව තරමටම විරහවේ කඳුලත් බොහෝ දෙනාට සමීපයි .
බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා
සරාගික වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ //
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදි වුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා
බිඳුණු පෙම් හද ........
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මන්සලේ //
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හම්වේවී
කඳුල නුඹ නාඩන්
දුරස් වන්නනේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්
බිඳුණු පෙම් හද ........
ගායනය : විශාරද ගුණදාස කපුගේ.
එහෙම තමයි බං වළ පයයි ගොඩ පයයි තියෙනකොට අතීතාවර්ජනය කිරීම සුන්දරයි..;)
Deleteඅනිවා මචෝ..විරහව කටුක වන තරමට විරහවට එතෙන ප්‍රේමය ප්‍රබලයි..ආදරයට වඩා විරහව මිනිස් හිතේ නිර්මාණශීලී සිතුවිලි අවදි කරනවා මට හිතෙන හැටියට..පෞද්ගලිකවම විරහවක් විඳීම ලේසි නොවුණත් හැම නිර්මාණකාරයෙක් තුළම අවම වශයෙන් ඒකපාර්ශ්වික ප්‍රේමයක් සහ විරහවක්වත් ඇතැයි කියලා මම හිතනවා..
//"හැම නිර්මාණකාරයෙක් තුළම අවම වශයෙන් ඒකපාර්ශ්වික ප්‍රේමයක් සහ විරහවක්වත් ඇතැයි කියලා මම හිතනවා.."//
Deleteඋඹ හරි
කොච්චර විරහව දැණුනත් හිතේ ඉපදුණු ඒ ප්‍රේමය මිය නොයයි...
ReplyDeleteලස්සනයි
ජයවේ තනිතරුවේ......!
වර්ණ බොහොම ස්තූතියි..:)
Deleteජය වේවා..
සෙනෙහෙ වියපත් වෙන්නෙ නෑ නේන්නං.. එන්න එන්න තිරිහං වෙනවා.. හ්ම්ම්..
ReplyDeleteජයවේවා..!!
සෙනෙහෙ වියපත් වෙන්නේ නෑ, අපේ දැක්ම අඩුවැඩි වෙනවා..ඒත් පතුලට හාරලා බැලුවම සෙනෙහෙ පොඩ්ඩක් හරි ඉතිරිවෙලා තියෙන්න පුළුවන්..
Deleteලස්ස්සනයි බන්,,,
ReplyDeleteඅඩේ විභියා! තැන්කූ තැන්කූ..උඹ කොහෙදෑ මෙච්චර කල් ගොහින් උන්නේ?
Deleteමේ දවස් වල පොඩි චේන්ජ් එකක් තියෙනවා...
Deleteඑළ! විස්තර නොඅහා ඉන්නම්..;)
Delete