මට චිත්‍රපටි පිස්සුවක් තිබ්බා තමයි.හොලිවුඩ් බොලිවුඩ් ඔය කොයි වුඩ් බැලුවත් තිරයේ පතිතවෙන දැවැන්ත වීරයා දිහා අනික් උන් වගේම මමයි ඉලන්දාරියයි බලන් හිටියේ හක්ක බිම වදිද්දි.වීරයා හද්ද කළුවරකත් අව්කණ්ණාඩි දාගෙන ඉඳලා මතුවෙද්දි, ඇඟේ මයිල් කෙලින් වෙන මියුසික් කෑල්ලක් එක්ක හැප්පුණොත් විසිවෙන තරම් අයෝමය උරිස් වනාගෙන ඉස්සරහට එද්දි හැම කොල්ලෙක්ම වගේ මොහොතකට අන්න අරම වෙයන් කියලා හිතුණේ නෑ කියන්න බෑ.අපිට නම් මේ ජීවිතේට ඇඟිල්ලකින්වත් අල්ලන්න බැරිවෙයි කියලා හිතෙන තරම් පට්ට ලස්සන ඒත් බාගෙට වගේ ඇඳගත්තු සුරංගනාවියෙක් බේරගන්න කොල්ලා කන කට්ට දැක්කම ගමේ කාස්ටකේට පිච්චිච්ච කෙල්ලෝ අතරේ හරි එහෙම වීරයෙක් වෙන්න ඉලන්දාරි හිතේ ආසාවක් ඇතිවෙන්න බැරිද?ඕවා හැම කොල්ලටම හිතුණට අපි අපිවත් ප්‍රසිද්ධියේ කතා නොකළේ පොඩි හීනමානයක් වගේ ගතියකුත් නිසාය කියලා අපිට නොතේරුණාමත් නෙවෙයි..ඒත් මගේ හීනවලවත් ඉලන්දාරියගේ හීනවලවත් හංසමාලි එක්ක වීරයෙක් වෙන දර්ශන තිබ්බේ නැත්තේ නෑ..
ටික කලක් යනකොට අහම්බෙන් සෙට් වෙච්ච වුඩ්වල වෙනමම වීරයෝ වීරවරියෝ සෙට් එකක් නිසා හීනවලින් එළියට බැහැලා ඇත්ත ලෝකේ විඳින්න පුළුවන් දේවලුත් තියෙනවා කියලා අපි දැනගෙන වැඩිකාලයක් නෑ..වීරවරියෝ නැතුවත් අපට වීරයෝ වෙන්න වෙනම මාර්ගයක් පෑදිලා තියෙද්දි ආයේ මොකට ගැලරිවල විසිල් ගහන්න යනවද කියලා හිතලා අපි 'වැල' වගේ බලන්න ගත්තේ එච්චරටම රහ නිසා..ඩොංගල් රීලෝඩ් කරන් බාගෙන වටේ හැමෝටමත් දීගෙන බැලුවට ඒවයෙන් ඉගෙන ගත්තුවා හංසමාලිටවත් කරන්න නම් හිතේ බයක් තිබ්බා..
****************************************
මම හිටියේ පංති යන්න ලෑස්තිවෙමින්..එතකොටම තමයි අම්මා අඬ අඬා වගේ කතා කරනවා ඇහුණේ..දොර රෙද්ද අහකට කරලා එළියට යන්න කලින් පොලීසියෙන් කාමරේට ආවේ එතකොටමයි..
"ඉලන්දාරියා කොහෙහරි යන්නද?" ඇඳුමේ අමුණපු තරු තරමටම සැර හඬක් ආවේ..හරියට ඒ තරු වල උල් කොණ් වගේ..ඒ කතා කලේ මටද නැත්තං ඉලන්දරියාටද කියලා මට හිතාගන්න බැරිවුනා...
දිගට හරහට ප්‍රශ්න අහද්දි මම කොහොමද කියන්නේ කිරියයි, පුබ්බයි හංදියේ බලන් ඇති කියලා..හංසමාලි ලෑස්තිවෙලත් පිටත් වුණා කියන SMS එක එනකල් ගේ ඇතුළේ තැක් ගැහිගැහි ඉන්නවා ඇතියි කියලා..කොලර් එක පස්සට ඇදලා දැම්ම කමිසේ නිකන්ම පෙඟිලා ගියා..අපේ ගම් පළාත එච්චරටම රස්නෙද?
"සර්, බඩු තියෙනවා.." රාළහාමි කෙනෙක් තරුකාරයාට කිව්වේ මං දිහාවත් නොබලා..
"හ්ම්..ගන්නවා බලන්න.." ඊලඟ මොහොතේ බාපුවා, ඉල්ලං ආපුවා, දෙන්න තිබිච්චා සේරම හැමෝටම බලන්න ඕන වුණා..ඒත් කවුරුවත් රාම්-ලීලා එකේ පොලීසිය වගේ රාම්ව තියලා ඒ ටික ගෙනියන්න උනන්දු වුණේ නෑ..මුන්ට ඕනවුණා රාම්වත් ටෙස්ට් මීයෙක් කරලා කූඩුවකට දාගන්න..අවංක, සර්ව සාධාරණ, යුක්තිගරුක පොලීසියක් සිටින රටක කාලකණ්ණි අපරාධකාර සිවිල් වැසියෙක් වීමේ ආඩම්බරෙන් මගේ කෙසේවෙතත් ඉලන්දරියාගේ කැහැටු පෙනහළු පිම්බෙන්න ඇති..
සාමාන්‍යයෙන් ටෙස්ට් මීයෙක්ව බලන්නේ ලැබ් එකේ මිනිස්සු විතරක් වුණාට මේ සැරේ ඌව බලන්න රටටම ඕන වුණා..කැමරාවක් ඉස්සරහා වීරයෙක් වෙන්න මිසක් බලුවෙන්න ආසාවක් නොතිබිච්ච ටෙස්ට් මීයාට එක සැරේ කැමරාවල් තොගයක් ඉස්සරහ කරන රියැලිටි ෂෝ එකකට පූර්ව දැනුම්දීමකින් තොරවම ආරාධනාවක් ඇවිල්ලා තිබ්බා...නෑ ඒවට කියන්නේ කැන්ඩිඩ් මෝමන්ට්ස් කියලා..මගේ ඔළුවේ හිටි ඉලන්දාරියා පිස්සු වීරයෙක් වෙලා පිටට තට්ටුවක් දැම්මා...
************************************
යකඩ දොරවල් දෝංකාර දිදි ඇරුණා වැහුණා..සමහරු යකඩ පොලුවල එල්ලීගෙන බලාගෙන හිටියා..එකෙක් බංකුවක් සම්පූර්ණයෙන්ම අයිතිකරන් හිටියා..මිනිහගේ පෙනුම හින්දමද කොහෙද කවුරුවත් බංකුව පොදු දේපලක් බව කියන්න ගියේ නෑ..මුළුවල වැටිලා හිටි උන්, අහිංසක පාට උන්, මැරෑටි පාට උන්, හීනි මූණු, දිග මූණු, රවුම් මූණු, හතරැස් මූණු, කලු මූණු, රතු මූණු තියෙන ගඳ උන්, පට්ට ගඳ උන්, ගඳ සුවඳ නැති උන් රොත්තක් ඔය වර්ග අඩි ගාණ ඇතුළේ...සල්මන් වුණත් මේ වගේ වෙලාවක සැමන් වෙන්න ඕන නේද?
**********************************
"වරෙං..යමං" කියලා අරං ඇවිත් මෙහෙම කරාවි කියලා කවුද හිතුවේ..අම්මගේ මූණ බලන් බැරිකමක් දැනුනේ මිනීමරුවෙක්ට, කුඩුකාරයෙක්ට, හොරෙක්ට නෙවෙයි.. අම්මා දුක් මහන්සියෙන් හම්බ කරපු රුපියල් සීයකින් දෙසීයකින් අම්මා ඉස්සරහ බලන්න බැරි ඒවා හොරෙන් බැලූ බව තමන්ගේ කටින් නැතුව රට්ටුන්ගේ කටින් අම්මට අහන්න වැඩ සිද්ද කෙරුව පව්කාර පුතාටයි..තාත්තෙක් නැතුව තට්ට තනියම ඒ පුතාව හදාගත්තු අහිංසක අම්මගේ මූණ බලන්න බැරිකමට ඒ පුතා බිම බලන් හිටියා..ඊයේ වෙනකල් අක්කේ නංගියේ නැන්දේ කියලා ඒ ගෑණිට කතාකළ එව්වෝ අද 'තුඃ නොදකින්' කියලා කෙළ ගහනවා ඇති කියලා හිතුණම පුතාගේ ඇස්වලට කඳුළු පිරුණා..
ඉස්සෙල්ලාම ප්‍රශ්න කරන්න ගෙනියද්දි ඒ පුතාගේ හිතේ තිබ්බ බය සේයා නංගිටත් දැනුණද දන්නේ නෑ..හංසමාලි එක්කවත් කරන්න හිතහදාගන්න බැරිවෙච්චා මම සේයා නංගිට කලා කියලා, එහෙම කරලා මම නංගිව මැරුවා කියලා මුං කොහොමද බලන් හිටියා වගේ කියන්නේ..තරුකාරයා මේස් බැනියමක් පිටින් මූණට එබිලා 'කියපන් #ත්තිගේ පුතෝ තෝ කොහොමද අර පොඩි එකීව මැරුවේ?" කියලා අහද්දි මට දුක හිතුණේ සේයා ගැන නෙවෙයි ඔය තරම් ගරුනම්බු අහගන්න සිද්ධ වෙච්චි මගේ අසරණ අම්මා ගැනයි..ඉස්සර දවසක අහලා තිබ්බේ ගෑණුන්ට අතවර කරපු උන් පොලීසි ගෙනිච්චම ලාච්චුවේ දාලා වහනවා කියලා..ඒත් උන් දන්නවා නම් ලාච්චුවේ දාලා වැහුවට වඩා මානසික වේදනාවක්, කායික වේදනාවක් මේ ප්‍රශ්නෝත්තර වැඩසටහනේ හොට් සීට් එකේ ඉඳන් ඉන්න මම විතරක් නෙවෙයි එළියේ වාඩිවෙලා වැලපෙන අම්මත් විඳිනවා කියලා.."ගලෝපිය තොපේ හුජ්ජ පේත්තුව" කියලා තරු රංචුවක් අස්සේ නිරුවත් කරලා මගේ පින්තුර ගන්නකොට ඒ "සැකකාරය"ට අහන්න පුළුවන්කමක් තිබ්බේ නෑ "ඇයි සර්, සර්ලත් මං කරපු වැරැද්දම කරන්නේ?" කියලවත් "සර්, මගේ ලඟ තිබ්බ චිත්‍රපටි මෙහෙම ෂූට් කරපුවා නෙවෙයි වෙන්න ඇති" කියලවත්.."තොපි අසහනකාරයො මේවා බලලා තමයි" කියලා කුණුහරුප වැලක් කියාගෙන යද්දි ඒ "සැකකාරයට" කියන්න පුලුවන්කමක් තිබ්බේ නෑ "සයිමන් අයියා කවදාවත් අපි එක්ක ඕවා බැලුවේ නෑ සර්, ඒත් මිනිහා හැමදාම ගෑණු නාන හැටි හොරෙන් හැංගිලා බලන් ඉන්නවා" කියලවත් "ශ්‍රියානි අක්කා කවදාවත් ඕවා බලලා නැතුව ඇති සර්, ඒත් පුතාගේ වයසේ දිලුමා එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා සර්" කියලවත්..."කටවහපන් මිනීමරු පරයා" කියලා අහගෙන යකඩ රහ බලන්න මගේ කටට තව පණ තිබ්බේ නෑ..
***************************************
අපේ එහා ගමේ කෙල්ලෙක් ස්ටාර් තරඟෙකට ගියා..කාස්ටක පඳුරක් වගේ වැවිච්ච හිසකේ කූරු වුණා, කුරුලෑ පැල්ලම් වැහෙන්න පවුඩර් ඉලුණා..ගමේ කමට නෙවෙයි අපේ එකෙක් කියන ගතියට අපිත් SMS යැව්වා..ඒකි දිනලා කොළඹ ගියාට මොකද තාමත් පෙන්නන්නේ ගමේ පාරවල්වල චීත්ත ගවුමක් ඇඳන් බයිසිකල් පැද්ද හැටි, ගඟේ නෑව හැටි වගේ එව්වා...
ඒකිටත් වැඩිය එක රැයින් ප්‍රසිද්ධ වෙච්චි මට පෙන්නන්නත් කියන්නත් තිබ්බේ "වැල බලා දැරියක දූෂණය කොට මරා දැමූ පාසල් සිසුවා" කියන නාටකේ විතරමයි..ඒකත් මගෙන් හූමිටියක්වත් නැතුව මාධ්‍යකාරයෝ උන්ට ඕනෑ හැටියට අධ්‍යක්ෂණය කරගෙන උන්ගේ ගාණේම නිෂ්පාදනය කරගෙනත් තිබ්බා..උන් තලුමර මරා කිව්වා...රටේම එව්වෝ රෑට බත් කන ගමන් තලුමර මරා බැලුවා..මම ඇරෙන්න රටම ඒ නාටකේ උදේ හවා නැරඹුවා...ලංකාවේ මානව හිමිකම් චෝදනාව යටකරන් මම සමාජයේ කතිකාවතක් වෙලා තිබ්බා..."ඒවා මොනාද මේවනේ නියම මානව හිමිකම් යන්න ඕන කේස්" කියලා මිනිස්සු කතාවෙන්න ඇති කියලත් මට හිතුණා..
"මං එහෙම කළේ නෑ යකුනේ" මගේ හඬ මගේම ඔළුවේ බිත්තිවල වැදුණා ආයෙත් ආවා..ආයෙත් වැදුණා ආයෙත් ආවා...ආයෙත්...
"හ්ම්ම්..වරෙං එළියට..අන්න තෝව නිදහස් කරලා" මට තේරුණේ නෑ..
"වරෙං යකෝ හුරතල් වෙන්නේ නැතුව"
එදා තරම් කැමරාවල් තිබ්බෙ නැතුව ඇති..නිල් එළියක් දෙකක් පත්තුවුණා..
"අම්මා.."
අම්මව දකිනකොටම මගේත් එක්ක හිටිය ඉලන්දාරියා සැකකාරයා බවට පරිවර්තනය වුනා...
********************************************
මම හිටියට 'සැකකාරයා' අයින් වෙලා හිටියේ නෑ..මිදුලට බැස්සත් සැකකාරයා මා එක්කම හිටියා..පියුං මාමා නොදැක්කා වගේ ගේ පහුකරන් ගියා..ලීලා නැන්දා නම් බැරිබැරිගාතෙන් වගේ හිනාවක් පාලා යන්න ගියා..මා එක්ක හිනාවුණත් ගෑණි සැකකාරයට රැව්වා..පියවරක් දෙකක් ගිහින් තුඃ කියලා අලි කෙළ තැම්බකුත් බිමට අතෑරියා..ඒ සද්දෙට බයවෙච්ච 'සැකකාරයා' මාවත් ඇදන් කාමරේට පැනගත්තා..මම පොතක් පෙරලා ගත්තා..සැකකාරයට ඕන වුණේ මොනාහරි බලන්න..ලැප්ටොප් එකේ පියන අරින්න හදනකොටම මම පැනලා ඌව තල්ලුකරලා දැම්මා..ඌ මට රවලා නානකාමරේට ගියා..
අම්මා කාමරේට එබුණේ ඒ අතරේ..
"පුතේ.." අම්මා මේ ටික දවසට පරඬලාවක් වෙලා ගිහින් වගේ කියලා පේන්නේ මට විතරද..
"ප්‍රින්සිපල් සර් ඇවිල්ලා" මම නැගිට්ටේ නෑ පුරුද්දට නැගිට්ටුණා..බෝල කූඩුවේ එල්ලිලා හිටිය ටීෂර්ට් එක ඔළුවෙන් දාගෙන සාලේට ඇවිත් බිම වැටිලා වැන්ඳේ මම විතරයි..සැකකාරයා උළුවස්සට හේත්තුවෙලා අවඥාවෙන් බලන් හිටියා..
සර් ඇවිත් හිටියේ මාව ඉස්කෝලේ එක්ක යන්න..සර්ට බෑ කියන්න බැරිකමට මම බිම රටා ඇන්දා ඇස්වලිනුයි හිතෙනුයි..සැකකාරයා නම් කිව්ව පරක්කුවෙන් යන්න ලෑස්තිවුණා.."වරෙං යමු" ඌ මගේ කණට කොඳුරගෙන කාමරේට පැන්නා ලෑස්තිවෙන්න..සර් මගේ හිතහදන්න කතන්දර කිව්වා..එතකොටත් සැකකාරයා සුදු ඇඳුම දාගෙන ඇවිත් දොරකඩ..
**********************************************************
සති ගාණකට මහ ලොකු වෙනසක් වෙලා තිබ්බේ නැතිවුණත් සැකකාරයා නම් ඉස්කෝලෙ දැක්කේ පළවෙනි වතාවටයි කියලා මට තේරුණා..මම ඌවත් ඇදන් ගිහින් පංතියට වැදුණා..හැමදාම වගේ මට කලින් හංසමාලිගේ ඇස් ඉස්සර වුණාට අද ඒ ඇස් ඉස්සෙල්ලාම අල්ලගෙන තිබ්බේ සැකකාරයගේ ඇස් වලින් කියලා මට දැනුණේ මාව පහුකරන් පිටිපස්සට ඒ බැල්ම දික්වෙච්ච හින්දා..වැඩි ඇයි හොඳයියක් නැති උනුත් සැකකාරයව පිළි අරන් මාව අමතක කරලා දාලා තිබ්බ හැටියට මට ඌ ගැන ඉරිසියා නොහිතා ඉන්න බැරිවුණා..පරණ මිත්‍රකම බෙදන් හදන් බැලුව සමහරුන්ටත් අමතක වෙලා කියලා මහ කලකිරීමක් දැනෙන්න ගත්තම මට හිතුණෙම ගෙදර යන්න..ඒත් මිස් ආව නිසා මම සැකකාරයට කලින් වාඩි වුණා..සැකකාරයා එක අකුරක්වත් නොලියා චුයින්ගම් එකක් හපහප හංසමාලිව ගිලින්න ගත්තා.."නියම බඩුකෑල්ල බං" ඌ ඒ අතරේ මගේ කණට රහස් කියන්න ගත්තා..මිස් රැව්වා..හැබැයි මට..මගේ අසරණ හිනාවට කිසිම ප්‍රතිචාරයක් නැතුවමත් මම ඈ එක්ක හිනා වුණා..මිස් ටක් ගාලා එහාමෙහා වුණ සාරි පොට හදාගත්තා..සැකකාරයා විසිල් එකක් ගැහුවා..මම බිම බලාගත්තා..
එදා ගෙදර යද්දි මම සැකකාරයට ලේ පනින්න ගැහුවා.."පලයන් යකෝ මට පව් නොදී.." ඌ කිණ්ඩි හිනාවක් දාලා ලේ ෂර්ට් අතේ පිහදාගත්තා...
"දැන් ඉතින් මම යන තැනක උඹත් යයි..උඹ යන තැනක මාත් යයි.."
පසු සටහන: කතාවේ මුල් කොටසේ ඉලන්දාරියෙක්ගේ වගක් නැතුවයි මම ලිව්වේ..ඒ යෝජනාව දුන් මහා නළු ඉවාන් පවුලූෂා මහතාට මගේ ප්‍රණාමය..කලින් ලිව්ව කතාව කියවා බලා අනුමත කරවාදුන් මගේ හබී මහත්මා තැන්පත් කුෂීටත් මගේ හදපිරි භක්ත්‍යාදරය..

මේ ඉඩ මට.. හිටාන් කියෝලා එන්නම් :)
ReplyDeleteකියෝලා වරෙන්..;)
Deleteඅනිච්චේ දුක්ඛේ! හිතත් එක පාරටම 'නිදොස් කොට නිදහස් කරගන්න' පුලුවන්නම්.. හ්ම්ම්..
Deleteහිත විතරක් නෙවෙයි සමාජයේ බැල්ම..
Deleteමොකද රිපීට්?
ReplyDeleteඔය ඉළංදාරියා කියලා තිබුණා, "දිගටම ඉගෙන ගන්නවා, ඉගෙන ගෙන සමාජයෙ ඉහළ තැනකට ගිහිං, වෙච්ච කැළල මකා ගන්නවා" කියලා. ඌට එහෙම ධෛර්යයක් සහ අධිෂ්ඨානයක් ඇති වෙච්ච එකට මං ගරු කරනවා...
පොඩි මුද්‍රණ දෝෂයක් වෙලා වගේ ඩ්‍රැකී ස්තූතියි පෙන්නලා දුන්නට..
Deleteඔව් මාත් දැක්කා..මමත් ඒ කොල්ලගේ අධිෂ්ඨානයට කැමතියි..මේක ලියැවුණේ සිද්ධිය වෙනම විදියකට දකින්න හිතිච්ච පිස්සුවක් හින්දයි..පොඩි කොල්ලට කිසිම අපහාසයක් කරන්න උවමනා වුණේ නෑ..:)
//දිගටම ඉගෙන ගන්නවා, ඉගෙන ගෙන සමාජයෙ ඉහළ තැනකට ගිහිං, වෙච්ච කැළල මකා ගන්නවා" //
Deleteබොක්කෙන්ම රෙෂ්පට් මචං !!
ආන්න ඒකයි ගේම …
පත්තරේ : අන්න ඒකයි ගේම ++++++++++++
Deleteඕ යේස්...
Deleteමේක පස්ටනෙ බං! පිස්සු හැදෙයි!
ReplyDeleteතැන්කූ මචං..සඳ බැබළෙයි..
Deleteටිකක් හදිස්සියෙනුයි ලිපිය කියෙවුවේ.සමාජය අවධි කරන්න අදහස් ටිකක් එක කළාට ස්තුතියි.
ReplyDeleteහදිසියෙන් හරි ඇවිත් කියෙව්වට ස්තූතියි අජිත්.. :)
Deleteනියමයි...ලිපිය
ReplyDeleteකොල්ලගෙ හිත ඇත්තටම මෙහෙම වෙන්න ඇති...
සමහරවිට වත්සලා..ඒ කොල්ලා කිව්ව විදියටම හොඳ මිනිහෙක් වෙන එකයි මගෙත් ප්‍රාර්ථනය ඔයා ලියලා තිබ්බා වගේම..ඒත් එක අතකට ඒ ළමයව මස්තබාල්දු කරපු සමාජෙම එකෙක් හැටියට අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවද හොඳ මිනිහෙක් වෙයන් පුතේ කියලා ඉල්ලීමක්වත් කරන්න..:(
Deleteමේකනං සුපිරි....... කතා දෙකක් නෑ........ කොල්ලට හිතෙන්න ඇත්තෙ මෙහෙමම තමයි......... ඒත් ඌ අර කියලා තියෙන විදිහට ධෛර්යෙන් වැඩ කරල ඒ තැනට ගියොත් ලොකු දෙයක්, මෙහෙම නොවී............
ReplyDeleteඅවංක, මගෙත් ප්‍රාර්ථනය මෙහෙම නොවේවා කියලයි..ඒත් අපි හැමෝම වගේම ඒ කොල්ලත් පෘථග්ජනයි..ඒ කොල්ලට ධෛර්යය දීම ඌව මස්තබාල්දු කළ මුළු සමාජෙම වගකීමක්..අගය කිරීමට බොහොම ස්තූතියි.. :)
Deleteමෙන්න හැබෑ තනියා , උඹට තියෙන මේ දක්ෂකම් වලින් උඹ වැඩ ගන්නවා මදි මම හිතන්නේ . හැකියාවන් නිසහයෙන් එනකොට ඒ නිර්මාණ වල තියෙන්නේ අපුරුම සුන්දර බවක්,
ReplyDeleteඅසුන්දර කතාවක් තුළන් උඹ කරන මේ සුවිශේෂ නිර්මාණය තුලින් සමාජයට උඹ දෙන පණිවිඩය අතිශය සංවේදියි . ජයෙන් ජය .
නිර්මාණයක් ගලායාම තුල තියෙන්නේ අපූරු රිද්මයක් , ඒ රිද්මය තේරුම් ගනින්, එතකොට මෙහෙම අදහස් තියෙන උඹලා වගේ උන් එක්ක හැරෙන්නවත් පුළුවන් උන් නෑ.
තැන්කූ මචෝ..සැකකාරයව විතරක් මගින් එක්කහු කරලා ලිව්ව කතාවට උඹ ඉලන්දාරියව ගලපන්න කියූ යෝජනාවට බොහොමත්ම ස්තූතියි..ඒකෙන් කතාවට රිද්මයක් ගැලපුණා කියලා මට හිතෙනවා..
Deleteනිර්මාණයක් සාර්ථකයි කියල අහද්දි ලොකු සතුටක් දැනෙනවා වගේම ලියන්න ආස හිතෙනවා..කාලය තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ..උඹලා වගේ බ්ලොග් කාපර්ලා එක්ක හැරෙන්න ලියන්න තාම අපි හෝඩියේ..:)
මූ කියන ඒව කරන්න යන්න එපා :D … බොරුනං මේ මං දිහා බලලා හැදියං … හැක හැක
Deleteඔව් බං..උඹට වෙච්චි දේ හැටියට කවි පෙළක් වෙලා දොරට වඩින්න වෙයිද? :P :P :P
Deleteමේ ඔය ඉවානයා කියන ඒවා පරිස්සමට තමා ගන්න ඔ්නේ හරිය...
ReplyDeleteඋඹ කිව්වේ පරිස්සමට තබාගන්න ඕන කියල වෙන්න ඕන..:)
Deleteඑතකොට කුරුට්ටෝ කියන ඒවා? ;)
සුපිරියි...උත්කෘෂ්ඨයි.. උච්ඡයි... මහාමේරු පර්වතයයි... ක්ශීරපතයයි...
ReplyDelete(වචනෙන් වචනෙට රසවින්දා.. හෙන සැර පෝස්ට් එකක් බං..)
ජයවේවා..!!
හික් හික්..ගස් වචනෙන් වචනෙට රස විඳීමට හැකිවීම ගැන මගේ හද පිරි සතුට..;)
Deleteචැහ්! වෙනදා ලියපුවා සැර නැතෙයි..:( ;)
අද ලංකාදීපෙ බැල්ලිගෙ පුතාල (අද වෙන්න ඕන) හෙඩ් ලයින් එකට දාල තිබ්බෙ ඕක. උගෙ මූන දැං වත් කවර් කරල නෑ. රෙදි බෑග් එකත් ඇරං ලෝකෙම කඩං වැට්ල වගේ ඌ හිටිය හැටි දකිද්දිත් දුකයි බං
ReplyDeleteහැබැයි අර ඕප පත්තරේ මව්බිම නං ඌව කවර් කරල තිබ්බ.
කොල්ලෙක් වැලක් බලනෙක මැජික් එකක් වෙච්ච **න්න *ස පුතාල ඉන්න මහ බලු ගැත්තර සමාජයක් බං මේක
උඹේ කතාව පට්ට. නිකං කණේ පාරක් ගැහුව වගේ.
ජයවේවා
ලංකාදීපේ විතරක් නෙවෙයි ජඩ මාධ්‍ය මිනී කාක්කො ඔක්කොම එකයි. මුන්ට සදාචාරයක් ඇත්තෙම නෑ. මුන් ඔක්කොම මෙහෙම දේවල් වෙනකම් බලාගෙන ඉන්නේ නිවුස් දාල ප්‍රසිද්ධ වෙන්න තූ නොදකින්....!
Deleteමහියා තැන්කු මචං :)
Deleteපිස්සු බං අපේ මාජ්ජවේදීන්ට..විකුණං කනවනම් මුං දෙමව්පියන්වත් විකුණං කයි..ජිනා ලඟ ඉන්න ඕන ඩයල් ටීවි රේඩියෝ පත්තරවලට රිංගගත්තම ඔහොම තමයි..වෙන මක් කියන්නද ඉතින්..
පකිස් +++++++++++++++++
Deleteඋඹට ගොඩක් ස්තුතියි මචෝ අර අසාධාරනයට ලක් උන එවුන් වෙනුවෙන් ගැන මේ විදිහට කතා කළාට.
ReplyDeleteකතා නොකර ඉන්න හිතුණේ නැහැ මචෝ..ළමා නිවාසවලත් හෝල්සේල් එකේ අපචාරවෙන රටේ ඒ කොල්ලට ප්‍රසිද්ධියේ ගල්ගහලා මැරුවා නම් ඊට හොඳා..මොකෝ ඉතින් රටක්ම ඉස්සරහා කාලා දැම්මට පස්සේ ඒකා වස්තරයක් ඇඳන් පාරට බහින්නද..? කවදහරි මගුලක් තුලාවක් බැලුවත් කියයි මූ මෙහෙම කළානේ කියලා..පව්.. :(
Deleteඔය ළමයා මේක කියෙව්වානම් මොනවගේ කමෙන්ට් එකක් දායිද කියලා මම කල්පනා කලේ.
ReplyDeleteඅප්‍රසන්න සිද්ධියක් ගැන සුපිරියට ලියලා තියෙනවා තනි තරුව.
බොහොම ස්තූතියි ඩූඩ්..
Deleteමාත් හිතුවේ ඒ ළමයා ඇත්තටම මොනවා හිතනවා ඇතිද කියලා..ඒත් ලියවුණේ වෙන මොනවද.. :D
අද තමයි කියවලා බලන්න උනේ ඔබගේ ලිපිය.
ReplyDelete..//ඉස්සෙල්ලාම ප්‍රශ්න කරන්න ගෙනියද්දි ඒ පුතාගේ හිතේ තිබ්බ බය සේයා නංගිටත් දැනුණද දන්නේ නෑ//...
පොලිස් කියලා ගහලා තියන බෝඩ් එකක් දැක්කම ශරිරය දුර්වල වෙලා වගේ යනවා.භීතියක් දැනෙනවා හිතට හරියට සිරියාවෙි ISS තුස්තයෝ දැක්කා වගේ.
අපි වගේ සාමාන්‍ය ජනතාවට එහෙම නොවී තියෙයිද මනෝ ගරු නම්බු නාම තොග කඩෙන් හම්බෙනකොට? :D
Deleteමේ ළමයත් බාල වයස්කරුවෙක් ඔහුට වෙච්ච අසාධාරනයත් සුළුපටු නෑ. ඒ වගේම පොලීසියේ ගොබ්බ විමර්ශණ න්‍යාය අනුව පීඩාවට පත්වෙන සේරම වෙනුවෙන් හඬක් නගන්න කාලය හරි කියල හිතෙනවා.
Deleteසැ.ලි.නි: අනිවාර්යෙන්..තව ටික දවසක් ගිහින් ඔය ඔක්කොම කළේ කොළඹ ඉන්න එකෙක් කිව්වොත් ඒකත් පුදුමයක් නෑ...
DeleteHapoi Kukka dan posh weka kushi wela ah. Api nodanna uge thanpathkama :-p
ReplyDeleteirisiya karanta epa aiya, kukka posh..:P
Deleteow ithin thanpath weiya oya ekka hitiyama :P
ඇත්ත. මේ ක්‍රමය මිනීමරුවෝ ඇති කරනවා මිසක් නැති කරන්නේ නැහැ... හැමදාම වගේ සුපිරියි බන් කතාව නං
ReplyDelete//මේ ක්‍රමය මිනීමරුවෝ ඇති කරනවා මිසක් නැති කරන්නේ නැහැ// ++++++++++
Deleteතැන්කූ මචෝ..:)
පොලීසියේ ක්‍රියා කලාපය අන්ත අශ්ලීල මනුස්ස සංහතියට නොගැලපෙන එකක්. මටනම් ගැටළුව මේව දැක දැකත් මරන දඬුවම ක්‍රියාත්මක කරන්න කියල බලපෑම් කරන උදවියගේ මානසිකත්වය ගැන.
ReplyDelete//පොලීසියේ ක්‍රියා කලාපය අන්ත අශ්ලීල මනුස්ස සංහතියට නොගැලපෙන එකක්.// මරණ දඬුවම දෙන්න නම් ඒක තීරණය කරන උන් කෙලින් ඉන්න එපැයි ඉස්සෙල්ලම. මෙහෙව් නීතියකුයි පොලෝසියකුයි අධිකරණයකුයි පාර්ලිමේන්තුවකුයි තියෙන රටක කවුද දන්නේ එකෙක්ව එල්ලලා මැරුවට පස්සේ 'අයියෝ සොරි අනේ එයා නෙවෙයි මෙයා" කියයිද කියලා..:D
Delete