නේක වර්ණ කොණ්ඩ, මුහුණු පේන තරමට දිලිසෙන කළු සපත්තු, දිලිසෙන රිදි රත්‍රන් මුහුවෙච්ච අබරණ, කසුකුසු කතාවල්, විලවුන් සුවඳ, ඇරෙන පියෙන තද රතු තොල්, බැරෑඬි පිරිමි හඬවල්.,සියුම් සිලිං හඬක් නගමින් එකිනෙක ගැටෙන වීදුරු, පහන් එළිය වැදී දිලිසෙන රන් පැහැ දියර...
හැමදෙනෙක්ම කාර්යබහුලයි...කතා කරන්න, හිනාවෙන්න, හොරැහින් එකිනෙකාගේ ඇඳුම් ආයිත්තම් මැනගන්න, හිනාවක් වශියක් ඉහිරන්න, ඇස් කොණකින් ඉඟියක් කරන්න..
ඒත් ඔය හැමදේම සුපුරුදුයි..හිස නොහරවාම පිටුපසින් එල්ලවෙන සරාගී ආරාධනාවක් මැනගන්න තරම් දැන් මගේ ඉඳුරන් ප්‍රවීණයි..මට තියෙන්නේ බන්දේසියක පාවෙන ෂැම්පේන් බඳුනක නටුවෙන් අල්ලා නෙලාගන්න ගමන් අතිශය සාමාන්‍ය ආකාරයට ඒ පැත්තට හැරෙන්න විතරයි..සමහරවිට ආරාධනාව තිගැස්සෙන්නත් පුළුවන්...ඒත් නැත්නම්, සුවපහසු යහනක උඩ හෙට උදේ රවී මුණගැහෙන්නත් පුළුවන්..
අද එහෙම ආරාධනාවක සංඥාවක් ආවේ හරිම කලබලේකින්..තාම සාදය පටන් ගත්තා විතරයි...එහෙම කියන්න පුළුවන් පාවෙන බන්දේසි එක්ක සුදු කළු ඇඳි ඡායාවල් මට තාම පේන හින්දා...සාමාන්‍යයෙන් ඒවා අපිට පෙනිය යුතු නැහැ..
"හායි" ඇගේ රළු නමුත් සරාගි හඬ මට පිටුපසින් ඇහෙන්නේ රහසක් වගේ..බෙල්ලේ පිටුපස රෝම රොද කෙළින් සිටුවන්න ඒ රහසට පුළුවන් බව ලොවෙන් වසන් කරන කබායට මම ස්තූතිවන්ත වෙන්න ඕන..දිගටි ඇඟිලි සහිත රවුම් අත්ලක් රතු වයින් බඳුනක බඳ මගෙ තරම් තදින් බදාගෙන ඉන්න බව නොහැරීම වුණත් මට දැනෙනවා..ඈ එක්ක දොඩමළු වෙන කෙස් පැහි හිසේ කණ්ණාඩියෙන් පිටිපස තියෙන ගිලිච්චි ඇස් මේ දැන් ගැඹුරු ගවුම් කරෙන් ඇතුළට පැන්න සද්දේ මට ඇහුණේ වෙඩිල්ලක් වගේ...දිගටි අතැඟිලි අල්ලා සොලවන ගමන් දුඹුරු පැහැ කැරළි කොණ්ඩයක් ඇගේ කළු කැරළි කොණ්ඩය යටින් යන්තමින් පේන සියුම් කන්පෙත්තට මෙරූන් පාට තොල් පෙති තියද්දි ඇගෙන් පනිනා රළු මන්ද්‍ර ස්වරයේ හිනාවට තිගැස්සෙන කලින් පැන්න ඇස් දෙක තව ටිකක් පහළට රූටලා යන්නැති කියලා හිතෙනකොට නම් මට හිතෙන්නෙම ෂැම්පේන් නටුව කඩලා ඒ ඇස් ගෙඩි දෙක නටුවේ අමුණන්න...
"ඔයා මහා ඉරිසියාකර රෝමියෝ කෙනෙක්" අර රහස් හඬ මගෙ ඝන කණ්පෙතිවල ඇතිල්ලි ඇතිල්ලි ඔච්චම් කරනකොට මට ඉවසන්න පුළුවන්ද?
ඉවසන්න..?
තවත්?..
මම හැරුණා...
"ඔහ්! හෙලෝ දෙයා...ප්‍රවීන්..." ඈ කලබලයක් නොපෙන්නුවට නාකි ගිලිච්චි ඇස් ගෙඩි දෙක ගවුම් කර ගසලා බිමට දැම්ම බව මම දැනගෙන හිටියා...ඈ තාම නොවෙනස්...කළු කාජල් තලිය යාන්තමට ඇහැ මුල බොඳවෙලා ලා රතක් අරන් තිබ්බ ඇස් දෙක මගේ හිතට යන එන මං නැතිකරවන තරම් උණුහුම්..මම ඔය කාජල් තලියට ඇලුණොත් ආයෙත් ගොඩ ඒමක් නැතිබව බමන මනස කිව්වේ හූවකුත් තියලයි...මගේ අතට ඕන වුණා ඒ දිගටි ඇඟිලි අල්ලන්න...ඒ ඇඟිලි හුරුපුරුදු අතක වගේ පැටලි පැටලි තව මොහොතක් මගේ අල්ල උඩ නැවතුණා..ඇහේ රත මගේ ඇස් කියෙව්වා...
"එක්ස්කියුස් මී, රොහාන්.." නාකි ඇස් ආයෙමත් ගවුම් කරට ඉලක්කය ගන්නකොට ඈ විනීත නමුත් අවුළුවන සුළු හඬෙන් ඔහුගෙන් සමුගත්තේ මගේ ඇස්වලින් අල්ලගෙන...
ඊලඟ මොහොතේ මම හිටියේ...
------------------------------------------
වේදිකාව පිටිපස්සේ මෙච්චර කලබලයක් තියෙන බව මං දැනගත්තේ අදයි..සමහරවිට මම තාම සුහුඹුලෙක් නිසා වෙන්න ඇති ඒ කලබලය ඇතුළෙත් මට සුපිරි ජීවිතේක, ජනප්‍රියත්වයක, බලපුළුවන්කාරකමක සුවඳ දැනෙන්නේ...ඒත් ඒ සුවඳ මතක ඇති කාලෙක ඉඳන් මගේ ඔළුවේ තිබ්බ සුවඳක්...මම ඒකට කිව්වේ 'සාර්ථකත්වයේ සුවඳ' කියලා..ඔය සාර්ථක සුවඳ මෝනා හම්බවෙනකොටත් එක සැරේටම මාව වටකරගත්තා...අද වැඩේට තෝරගත්ත බව කියද්දි මම ඒ සුවඳ බදලා අල්ලගත්තා..
දිලිසෙන රන් රේන්දයක් වගේ පටි ඇල්ලුව කළු කබාය තැනින් තැන් ඉරුණු විලාසිතාවක් ඩෙනිම් කලිසමට උඩින් ඇදගෙන විශාල කණ්ණාඩිය දිහා බැලුවම මට පේන්නේ අනාගතය...ඒ අනාගතයේ දැක්මෙන් රෝමයක්වත් නැති පපුව ගැහෙන්නේ මෙතන හිටන් ඉන්න වර්ථමානයෙදි විතරයි..අර පේන අනාගතය කණ්ණාඩිය වටේ තියෙන ලා කහ විදුලි බුබුළු පේලි තරම් සැරයි ඒත් පුළුන් රොදක් වගේ සැහැල්ලුයි..
"ප්‍රවීන් ඩාලිං...සී හව් හොට් යු ලුක්!" මෝනා කියන්නේ ලතාවට මගේ කර වටේ අත් යවමින් රවුමක් කැරකිලා...කණ් රතුවෙන තරමට ලැජ්ජා බයට හැදිච්ච එකෙක් නොවුණට එවෙලේ නම් ලැජ්ජාවක් වගේ මොකද්දෝ දැනුණ බව කණ් මොළේට පණිවිඩයක් එවලා තිබ්බා..මෝනාගේ ඇස්වල තියෙන කතාව නම් කියවන්න ලෑස්තිවෙන්න එපා කියලත් සුපුරුදු වාක්‍යය ඒ පණිවිඩේම අන්තිමට තිබ්බ නිසා කබායෙන් හර්දය වස්තුව වහගෙන මම යන්තමට හිනාවුණා....
----------------------------------------
මට යන්න තිබුණේ මැද හරියකදි තව කොල්ලෝ දෙන්නෙක් එක්ක..මම හිටියේ මැද...වේදිකාවේ අගින් මතුවෙලා මැද හරියට ඇවිදන් යද්දි ලැබෙන ප්‍රතිචාරයන් මාව එක්තරා විදියක නොරිස්සුමකට වගේම අපහසුවකටත් පත් කළාදෝ මන්දා..ශරීරෙ විතරක් නෙවෙයි හිතුවක්කාර රැවුල් කොට පවා උන් ගිල්ලා..
"කොයිම වෙලාවකවත් ඔයාට හිතෙන දේවල් ඇස්වලින්වත් මූණෙන්වත් පෙන්නන්න එපා...ඔයා බලන්නේ ඕඩියන්ස් එක දිහා නෙවෙයි, එතන ඕඩියන්ස් එකක් නැහැ..ඇවිදින ඔයාටත් ඒවෙලාවට හැඟීම් දැනීම් නැහැ.." මෝනා පේළියට බිත්තියක් පුරා තිබ්බ කණ්ණාඩිය ඉස්සරහ හිටං හිටිය අපිට පළවෙනිම දවසෙ කිව්ව දේ මට මතක් වුණා..මෝනා කොල්ලෙක් වුණාට වෙලාවකට කතා කළේ කෙල්ලෙක් වගේ අත් අඹරවලා පැත්තකට හැරිලා මූණ ඇල කරගෙනයි..මුලදි නම් මට අප්පිරියාවක් දැනුණත් ටිකක් අශ්‍රය කරද්දි ඒ අප්පිරියාව විඳගන්න ඇස් කණ් නාසා වගේම හමත් පුරුදු වෙලා තිබ්බා...
-------------------------------------
අන්තිමේදී මෝනා දුවන් ඇවිත් මාව බදාගත්තේ නිකං කාලෙකින් හම්බෙච්ච ප්‍රේමවන්තයෙක් වගේ..කොහොමටත් කතා කරනවට වඩා ඇඹරෙන හින්දද මන්දා කණ්ණාඩියෙන් මං දිහා කන්න වගේ බලන් ඉඳලා තමයි කතාව පටන් ගත්තේ...
"ඔයා දන්නවද ප්‍රවීන්..කවුද ඔයාගේ වාසනාව කියලා?"
"මගේ වාසනාව.."
"හ්ම්ම්..." එහෙම කතා කරන්නේ කෙල්ලෙක් නම් මෙලහකට මම හැරිලා ඒකිගේ බඳේ එතිලා.. මොනා කරන්නද මේ යකාගේ ලිංගය ස්ත්‍රී ද පුරුෂ ද කියලා ඌටවත් නිනව්වක් නැතිකොට..
මගේ හිත කට පියා ගත්තේ තාම පිළිතුරක් බලාගෙන ඉන්න මෝනායි මායි කණ්ණාඩියෙන් පෙනුණමයි..
"අනේ මන්දා.."
"ඔයා දන්නවා නේද ෂැරල්?"
මගේ මොළේ ඇතුළේ හීනි අකුණු පාරක් ඇඳුණා..ෂැරල් කියන්නේ කන්ද මුදුනේ ඉන්න වීනස්ට...අපි වගේ ඇච්චෝ පැච්චෝ විතරක් නෙවෙයි මෝනලා මෝනාගෙත් ගෝඩ් ෆාදර්ලා වගේ ඉන්න හැමෝම ෂැරල්ව දැක්කේ ජීවමාන වීනස් දෙව්දුව හැටියටයි..
"ඉතින් ඒ වීනස් කොහොමද මට වාසනාව ගේන්නේ..?" හිතුවිල්ල වචනෙට පැන්නේ රිවස් ගියර් එකට යන්න පුළුවන් තැනක නෙවෙයි..මගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු නොවුණු හින්දද කොහෙද මෝනාගෙත් කටයි ඇසුයි ගොල්ෆ් බෝල තරමට විශාල වුණා..
"අහ්..ඩාලිං ෂැරල් හැස් ආස්ක්ඩ් මොහාන් ටු කෝල් යූ ෆො අ ෂූට්!!"
ෂැරල් කිව්ව ගමන් මොළේ ඇදුණු හීනි අකුණ අකුණු වැලක් වෙලා තප්පර ගාණක් ඔළුවේ පුපුරන්න පටන් ගත්තේ හරියට මල් වෙඩි සංදර්ශනයක් වගේ..

වෙල්කම් බැක් ද යූශුවල් තනි තරුව..
ReplyDelete:)) ඊස් ඇට් වීනස් එක්ක ශූට් එහෙකට යන්න සූදානමින්
:D
ReplyDeleteබැඳුම්කොරෙ ගැන මොනාහරි ලියන්ඩෝ!
මල්වෙඩිල්ලකුත් පත්තු කරගෙනම ඇවිල්ල තියෙන්නෙ... නැගල යනවා.
ReplyDeleteජයවේවා..!!
තනියගේ කතාවක්. එල එල.
ReplyDelete