Friday, September 16, 2022

පුරුෂ භූමිකා

ටික දවසකට කලින් වෙච්ච සිද්ධියක් ගැන ලියන්න හිතමින් හිටියත් වෙලාවක් නොලැබීම ගැන කල්පනා කරමින් ඉන්න අතර ඒකට ගැලපෙන දෙවැනි සිද්ධියක් අත්දැක්කා. හැමදෙයක්ම සහේතුකයි කියලා සුභවාදීව ඒක බාරගත්ත මට ඇත්තටම හිතුනා පළවෙනි සිද්ධියට ගැලපෙනම ඌණ පූර්ණය ලැබෙන්නේ දෙවැනි සිද්ධිය එක්ක කියලා. 

පළවෙනි සිද්ධිය වුණේ පහුගිය සතියක තද වැස්සක් ඇදහැලිච්ච සතියේ දවසක. මම ගියා රාජ්‍ය බැංකුවකින් වැඩක් කරගන්න. බොහොම ඉඩකඩ සහිත ඒ කාර්යාලයේ සතියේ දවසක උදේ වරුව නිසා තරමක සෙනගකුත් හිටියා. එළියේ වැටෙන වැස්සේ හඬ පරදවාගෙන එක සැරේ පිරිමි කටහඬක් නැගුණා "උඹ ගිහින් වාඩිවෙයං, වාඩිවෙයං" කියලා. මාත් ඇතුළුව බොහෝ දෙනෙක් හැරිලා බැලුවා. වයස අවුරුදු 75ක් විතර වෙන කුදු ගැහුණු පිරිමියෙක්, කොට කලිසමක් ඇඳලා, අවැදගත් 'පෙනුමක්' නැහැ. ඒ ළගින්ම ඔහුගේ බිරිඳ කියන්න පුළුවන් වයස අවුරුදු 70ක විතර ගැහැණුකෙනෙක්. තරුණ කාලයේ බොහොම සුන්දරව ඉන්නට ඇතැයි කියන්නට පුළුවන්, තවමත් ඒ සුන්දරත්වයේ ශේෂයන් පෙනෙන උස, සුදු, කෙට්ටු කෙනෙක්. ඒ මනුස්සයා ගිහින් පුටුවක වාඩිවුණා, අපිත් අපේ වැඩවලට අවධානය යොමු කළා. මිනිත්තු ගාණක් යන්නට කලින් ආයෙමත් අර උස් පිරිමි හඬ ඇහෙන්න ගත්තා "යකෝ කීයක්ද ගන්නේ කියාපං". ආයෙමත් මිනිස්සු හැරිලා බැලුවා. අර වයසක කාන්තාව මාස්ක් එකට උඩින් අතින් කට වහගෙන ලැජ්ජාවෙන් වටපිට බලද්දි කලින්ට වඩා උච්ඡ ස්වරයෙන් ඇහුණේ හයන්නට පාපිල්ලක් එකතුකරලා පටන්ගන්න වචනයක්! අර වගේ ප්‍රසිද්ධ ස්ථානයක! බැංකුවේ ආරක්ෂක නිලධාරියා තුවක්කුවත් උස්සගෙන දුවගෙන ආවා. "මහත්තයා, මහත්තයා මේ මේක ප්‍රසිද්ධ තැනක්. මෙතන කුණුහරුප කියන්න එපා". ඒ තරහත් ගියා අර කාන්තාව පිටින් "උඹ ඕන මගුලක් කරගනිං, මං යනවා" කියලා නැගිට්ට අන්කල් නැවතුණා ටිකක් එහායින් හිටි අම්මෙකුයි දුවෙකුයි ළග "ඕකි මහ වල් පවුලක එකියක්! මගෙ ජීවිතේ විනාස වුණා මේකිව බැඳලා!" කියලා කතන්දරේ දිග අරිද්දිම ඒ දෙන්නා දුවගෙන ඇවිත් මට එහා පුටු දෙකක වාඩිවුණා. අන්කල් තව මොනවාදෝ කියවමින් ගියා වෙන්න ඇති, මම දැක්කේ නෑ ඊටපස්සේ.

දෙවැනි සිද්ධිය වුණේ ටුකුවක එද්දී. කොණ්ඩෙ සුදුම සුදු අන්කල් කෙනෙක්. ගමනේ සෑහෙන්න දුරක් එනතුරු අපි නිශ්ශබ්දයි. සෑහෙන්න මහන්සියෙන් හිටි නිසා නිශ්ශබ්දතාවය අවශ්‍යම වෙලා හිටිය දවසක්, වෙලාවක්. ගමනාන්තයට කිට්ටු වෙද්දි අන්කල් කියනවා "මිස් මට අවුරුදු 72යි. මම මිස්ට පුතේ කිව්වට කමක් නෑනේ? (මං හිනාවෙලා ඔලුව වැනුවා) පුතේ මම අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ හිටියේ. මගේ ජීවිතේ දුක සතුට දෙකම සමව ලස්සනට විඳගෙන තියෙනවා. මම බැන්ඳේ ගෙදරින් විරුද්ධව. මම මාතර, එයා නුවර (හරියටම මතක නෑ, අනික් පැත්ත වෙන්නත් පුළුවන්). ගෙවල්වලින් විරුද්ධව හොරෙන් පැනලා ගිහින් බැන්ඳේ. අපිට නොසෑහෙන්න ගහලත් තියෙනවා ගෙවල්වලින් ඒ කාලේ. අපි දෙන්නවම ගෙවල්වලින් අයින් කළා, සත පහක දෙයක් දුන්නේ නෑ. අපි දෙන්නා දුක් මහන්සියෙන් ගොඩ නැගුණා. අද දරුවො දෙන්නට ගෙවල් දෙකක් හදලා තියෙනවා. මුණුපුරු මිණිපිරියො හතරදෙනෙක් ඉන්නවා. ඒත් මගේ ලොකුම ජයග්‍රහණය තමයි එදා වගේම ආදරෙන් සමගියෙන් තාම මම මගේ නෝනා එක්ක ඉන්න එක. මේ සැප්තැම්බර් 22වෙනිදට අපි බැඳලා අවුරුදු 50ක් වෙනවා. ❤️ මගේ ටාගට් එක රුපියල් 8000 දවසට. ඒක දැන් මම හොයලා ඉවරයි. දවසේ ටාගට් එක හොයපු ගමන් මම ගෙදර යනවා. ඒකෙන් අනිවාර්යයෙන්ම මම වයිෆ්ට දවසට රුපියල් දෙදහක් අතට දෙනවා. එයාට ඒක ලොකු සතුටක්නෙ. ගෙදරට බඩුමුට්ටු මම ගෙනියනවා. තව 3000ක් විතර පෙට්‍රල්වලට තියලා ඉතිරි ටික ඉතිරි කරනවා. පුතේ, මම කියන්නේ කවදාවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් නැතිවුණා කියලා වැටෙන්න එපා. ඒවා එනකල් ලැබෙනකල් බලං ඉන්නත් එපා. තමන්ගෙ මහන්සියෙන් නැගිටින්න. මට ඒ තරුණ කාලේ දෙමව්පියන් ගැන හරිම වයිරයක් ඇතිවුණා. මට මෙහෙම කළානේ, මාව අතෑරලා අසරණ කලානේ කියලා හිතුණා. ඒත් පස්සෙ මම හිතුවා නෑ එදා අම්මලා අපිව බාරගෙන කන්න බොන්න දීලා තියාගත්තා නං අද අපි තාම එතනමයි නේද කියලා. ඒක නිසා අදටත් මම නොවරදවාම එයාලගේ දාන දීලා පින් දෙනවා. (දැන් මගේ ගමනාන්තයට ඇවිත්) පුතේ කවදාවත් වයස ඔලුවට අරං අනේ දැන් මට බෑ කියලා හිතන්න එපා. මානසිකව එහෙම හිතුවම තමයි ශාරීරිකව දුර්වල වෙන්නේ. ශක්තිමත් වෙන්න කවදාවත් වරදින්නේ නෑ" මම ඉතින් අන්කල්ට ළග එන විවාහ සංවත්සරේට සුබ පතලා ටුකුවෙන් බැස්සා.

එකම වගේ වයස්වල වෙන්න පුළුවන් පුරුෂයො දෙන්නෙක්ගේ ආකල්පවල වෙනස බලන්න. අර පළවෙනි සිද්ධිය ගැන ලිවීම ප්‍රමාදවීම ආශිර්වාදයක් කියලා මට හිතුණා. මිනිස්සු වයස එක්ක පරිණත වෙනවා කියලා අපි කතාවට කිව්වට මම හිතන්නේ ඒක සර්වකාලීන, සියලු සත්වයන්ට පොදු සත්‍යයක් නෙවෙයි. මිනිස්සු කාලය සහ අත්දැකීම් එක්ක පරිණත වෙන්නේ තමතමන්ගේ නැණ පමණට සහ තව විවිධ පාරිසරික සාධක මත. අර පළවෙනියා වගේ අය අවුරුදු සීයක් ජීවත්වුණත් ඒ පරිණතවුණ තරම. දෙවැනියා වගේ අය අවුරුදු තිස්පහක් ජීවත්වුණත් සාධනීය පරිණතබවක් පෙන්නුම් කරන කුලකයක්.

දැන් මම මේ කතා දෙක ලිව්වහම කෙලින්ම කියන-නොකියන විවිධාකාර මත  ඇතිවෙන්න පුළුවන්. ඔව් සමහර දේවල් මිනිස්සු කියූ පමණින්ම ඇත්ත හැටියට ගන්නත් බෑ. සමහර දේවල්වල සැගවුණු අතුරු කතන්දරත් කන්දරාවක් තියෙන්න පුළුවන්. එක කතාවකින් හෝ මොහොතකින් මනුස්සයෙක්ව විනිශ්චය කරන එක කොයිතරම් සාධාරණද කියලා තර්ක විතර්ක ඕනෑතරම් අපට ගොඩ නගන්න පුළුවන් වුණත් ඇත්තටම වෙන්නෙ ඒක තමයි. දැන් කිසිම කෙනෙක් විනිශ්චය කරන්න අයිතියක් නැහැ කියලා හිතන්න පුහුණු කරන මම පවා මේ දෙන්නාට විනිශ්චයක් දුන් නිසානේ මේක ලිව්වේ!
එහෙම බැලුවම අපි "මාර" සත්තු!

ඒ මොනවවුණත් බලන්න සමහර තීරණ ජීවිත වෙනස් කරනවා හොඳට සහ නරකට දෙකටම. හැබැයි හොඳ තීරණයක් නරක් කරන්න පුළුවනුත් නරක තීරණයක් හොඳ කරන්න පුළුවනුත් අපිටමයි. ඒකට පුරුෂයා වගේම ගැහැණියටත් ඇත්තේ සම වගකීමක්. නමුත් තවමත් පුරුෂ මූලික ආසියාතික සමාජයක් වෙන අපේ, පුරුෂයාගේ තීරණවල, ආකල්පවල, හැසිරීම්වල, ක්‍රියා කලාපයේ වැඩිබරක් තියෙනවා. ගැහැණියගේ ඒ සාධකවල දායකත්වය වැඩිහරියක් ඇත්තේ තිරයෙන් පිටුපස. එක හේතුවක් ඒ දායකත්වය තිරයට ආවොත් අධි-ස්ත්‍රීවාදිනියන්,  අධි-ස්ත්‍රීවාදීන් පවා පව්කාරියට ගහන පළවෙනි ගල අතට ගන්නවා. ගල් ගැහීම පටන්ගන්නේ මෙහෙම හේතු පාඨක එක්ක 'අපෝ ඒ මිනිහා ගෑණිට බයයි, අපෝ ඒ ගෑණි යක්සණියක්, මහ හිතුවක්කාර අතිපණ්ඩිත ගෑණියෙක්, ඔහොම ගෑණු එක්ක පුලුවන් ද පවුල් කන්න, මං නං දනී කරන දේ මට ඔහොම ගෑණියෙක් හම්බුණා නං, කණට දෙකක් දීලා හදාගන්නේ එහෙනං... " එතකොට ඒ දායකත්වය තිරයට එන්නේ ඇයි කියන එක නෙවෙයි සමාජයට ඇතිවන ගැටලුව! විවාහය කියන්නේ සාමූහික වගකීමක් (සාමූහික කිව්වම හතරවරිගෙම ඒක අස්සට දාගන්න එපා, එතකොට ඒක විවාහයක් නෙවෙයි කැඳ හැලියක්, අන්තිමට මුට්ටියත් නෑ, කැඳත් නෑ, ලිප්ගලුත් නෑ. ඊළගට ස්පෙයාර්වීල් දාගන්නත් එපා එතකොට ඒක සල්පිලක්). සමහර අවස්ථාවල පුරුෂයා ගතයුතු වගකීම් නොගන්නා තැනකදි ගැහැණිය ඒ වගකීම ගන්නවා. අරං කුජීත කතන්දර අහගන්නවා. පුරුෂයා පුරුෂයෙක් නොවන කුටුම්භයක හෝ සම්බන්ධයක ගැහැණිය ඉබේම පුරුෂ භූමිකාවට තල්ලුවෙනවා! එහෙම නොවන අවස්ථාත් තියෙන්න පුළුවන්. හැබැයි අරම වුණාට පස්සෙ පුරුෂයාගේ පුරුෂත්වය ඌයියා වීමත් වලක්වන්න බැරිවෙනවා. එහෙම සමහර ඌයියාවන් සුවපත් කරන්නත් ආයෙමත් ගැහැණු අත්ගුණයක්ම අවශ්‍යත් වෙනවා. සංසාර චක්‍රය වගේ ඔය කතාව කව්රු කොහොම සම්බන්ධවුණත් නැවතීමක් නැතිවෙනවා. 

පුරුෂයන් පුරුෂයන් ලෙසත් ගැහැණුන් ගැහැණුන් ලෙසත් පවතින්න ස්වභාව ධර්මය ඉඩ සලසලා තියෙන ලෝකයක, තමන්ගේ තීරණ මත ඒ තුලනයට බාධා කරගන්න එපා විහින්! හැම ගැහැණියක්ම ගැහැණියක් ලෙස පවතින්න කැමතියි. අර්ධ-නාරී භූමිකා බලෙන් ඔවුන් මත පටවලා ඒ සුන්දරත්වය විනාශ කරගන්න පුරුෂයො ඒ නැතිවෙච්ච සුන්දරත්ව හොයාගෙන ගිහින් ආයෙත් තව සුන්දර ගැහැණියක්ව එතැනට පත්කරන්නත් එපා. පුරුද්දට ගියොත් ඕක ලෝක ලෙඩක්😂 

අනෙක් විශේෂම දේ ඔන්න ඔය තුලනය දෙයියන්ගේ නාමේට ගෙදරින් පටන් ගන්න. හෙට අනිද්දා පුරුෂයන් ගැහැණුන් විදිහට සමාජයට කළ එළි බහින්න නියමිත දරුවෝ ඉන්න අය විශේෂයෙන්ම, කරුණාකරලා ඔවුන්ට ඔවුන්ගේ භූමිකා සහ ශක්තීන් ගැන අවබෝධයක් ලබා දෙන්න. ඒක කොහොමද කරන්නේ කියලා මම දන්නේ නෑ, හැබැයි කොහොම හරිම කරන්න! 
නැත්නම් ඉතින් දෙවැනි කුලකයේ පුරුෂයෝ අනාගත ගැහැණුන්ට මුණගැහෙන්නේ කටුගෙවල්වලින් විතරයි! 
ඒකත් ඇටසැකිලි හැටියට! 

~✒️ Aash Weerasinghe

14 comments:

  1. පුද්ගලයෙක් සමාජයට පෙන්නන මුහුණෙයි ඇත්ත චරිතෙයි දෙකම එකයි කියල උපකල්පනයක් මත නේද මේක ලියල තියෙන්නේ. උදාහරණයක්. මම දන්න එක යුවලක් බොහෝ විට එලියට පේන මූණ ඔය පලමුවෙනි දෙන්න වගේ. ඒකට හේතුව ඒ දෙදෙනාම අධික මානසික පීඩනයක් ඇති රැකියා වල යෙදීම. පිටින් බලන අය හිතන්නේ ගෙදර අතින් පයින් ගහගන්නවා ඇති කියලා. ඒ වුනාට සන්සුන් වුනාම ඒ දෙන්නා දෙන්නට ඉතාම ආදරයෙන් ඉන්න දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. නෑ ඉයන්. උපකල්පන මුකුත්ම නැතුව ලිව්ව සටහනක්. ඒකයි සිද්ධි දෙක ඒ විදියටම ලිව්වේ. ඇත්ත මූණු පේන මූණු කියන්නේ හරිම සංකීර්ණ මාතෘකාවක්. ඒක මෙහෙම සැහැල්ලුවෙන් ලියලා ඉවර කරන්න අමාරුයි නේද.

      Delete
  2. ඔය දෙන්නා ගෙ හැසිරීම ඇතුලේ මට පෙණුනේ වෙනත් පැත්තක්. අර ටුක් ටුක් අංකල්, එයාගේ අරමුණට ගිහින්, ඒක කරලා තියෙන්නේ එයා එයාවම කැප කිරීමෙන්. කුණුහරුප අංකල් බොහෝවිට තමුන් පැරදුනා, ඒක වුනේ අරයාගේ වැරැද්ද නිසාය හිතන, ඒ හින්දාම පුපුර පුපුරා ජීවත්වෙන කෙනෙක්. ඔය ඉතින් මට පෙණුනු හැටි. මේ ගතිගුණ වලට ගෑණු පිරිමි භේදයක් නෑය හිතුණා අන්තිමට.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තටම ඕකට ගෑණු පිරිමි භේදයක් නෑ. මට පෙනුණේ විවාහය ටීම් වර්ක් එකක්නේ. දෙන්නම බැටන් එක ගන්න ඕන. පළවෙනියා එහෙම කළේ නැද්ද දන්නෙ නැහැ. හැබැයි කළා නම් මේ මැරෙන්න ඔන්න මෙන්න ඉඳගෙනත් අරම තමන්ගෙ බිරිඳව අපහසුතාවට ලක්කරන්නෙ නෑ කියලා හිතෙනවා. මම වැරදි වෙන්න පුළුවන්. අපිට එක මොහොතකින් හැමදේම විවරණය කරන්න බෑනෙ

      Delete
  3. ලස්සන සටහනක්. හිත ඇදගන්නා විදිහට ලියලා තියෙනවා. පරිකල්පනය කලොත් ලස්සන කෙටිකථා 2 ක් ගොඩනගන්න පුළුවන් . ඒ වගේම මානසික අබාධයක් වගේ එකක් පළමු කෙනාට තියෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. කාලෙකට පස්සෙ දකින්න ලැබීම සතුටක්. ඇත්තටම ඔව් කතා දෙකක් වගේ. සමහරවිට පළවෙනියා Narcissistic behaviour එකක් පළකරනවාද දන්නේ නෑ

      Delete
  4. From quora

    “Marrying you was my biggest mistake in life.”, my grandfather yells at my grandmother.

    “Okay stop shouting , your blood pressure will get low.”, granny said in lower tone.

    “What? Why did you marry me? I want a divorce!”, grandfather yells again.

    “Divorce? Now? When I have no other place to go?”, granny again in a calm tone.

    “I don’t care.” and grandfather starts coughing.

    “Sit and talk.”

    “No, I don’t want to sit!”

    “Okay if you are standing, pass me my diabetic medicines.”

    “You didn’t take them this morning?”

    “No.”

    “Wait, I’ll bring you something to eat.”

    Grandpa goes and quickly cooks some breakfast and brings it to her.

    “Now tell who would take such care of me? You do all the housework.”, granny smirked with a smile.

    Grandpa sits silently beside her. She raises a spoon of hot Poha to his mouth and they share and eat together.

    “Madam you should take your meds on time.”

    “Did you take yours?”

    “Uhh.. yes I will.”

    “Now do you want divorce?”

    “What? What divorce? I was just hungry.”

    ReplyDelete