1වෙනි කොටසට
6වෙනි රූප රාමුව:
තාර පාර උඩ හැටට හැටේ යන වාහනේක රෝදයක්..ඒක එන්න ඕන පාරේ ඉඳන් රෝදේ දිහා බලන විදියටයි...
ඒ එක්කම 'ක්ක් රී....ස්ස්ස්ස්...' ගාල බ්රේක් පාරක් වදින්න ඕන...
දැන් කැමරාව උඩට යනවා..වාහනේ පොඩි පරණ ජීප් එකක්..බ්රේක් එකක ගහපු පාරට ඒකේ ගිය කොල්ලෝ කෙල්ලෝ නඩේ ඉස්සරහට විසිවෙලා ආයෙත් පස්සට විසිවෙන්න ඕන..සප්නාගෙ ඔළුව ජීප් එකේ හරස් පොල්ලක වැදිලා 'අයියූ මොනවා කරනවද මන්දා" කියලා බනින්න ඕන..ඩ්රයිව් කරන්නේ අර ට්රිපේ අදහස දැම්ම ලොල්ලෙක් වගේ කොල්ලා...එයා ඒ බැණුම ටෝටලි ඉග්නෝ කරලා ඈත පේන කඳු යාය දිහා බලන් 'ආහ්හ්...වට් අ වියුව් සප්නා' කියලා කෙඳිරි ගාන්න ඕන...ඊටපස්සේ කට්ටියම ජීප් එක පාර මැද්දේ නවත්තලා ඈත පේන කඳු යාය දිහා බලන් වශීකෘත වෙලා ඉන්න ඕන..කඳු මුදුන්වල රැඳුණු සුදුපාට අයිස් දිහා බලන් හූල්ලන්න ඕන...
