හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතාන්තය තෙක් ආරක්ෂාව සහ පහසුකම් සැපයීම ලෝකය පුරා දේශපාලනයට පොදු භාවිතාවක්. එක්සත් ජනපදයෙන් පටන් ගත්තොත් එහි හිටපු ජනාධිපතිවරයෙක්ට එරට වත්මන් කැබිනට් ලේකම්වරයෙක්ට සමාන වූ වාර්ෂික වැටුපක් (ආසන්න වශයෙන් වාර්ෂිකව ඩොලර් 220,000ක් පමණ) ජීවිතාන්තය තෙක්ම හිමිවෙනවා. හිටපු ජනපතිවරයාට, ඔහුගේ බිරිඳට ජීවිතාන්තය තෙක්මත් වයස අවුරුදු 16 වනතුරු දරුවන්ටත් Secret Service ආරක්ෂාව හිමිවෙනවා. මේ හැරුණම ඔවුන්ට අවශ්‍ය කාර්යාලීය පහසුකම්, ආරක්ෂක සේවා මූල්ස්ථාන හරහා සෞඛ්‍ය සේවා, නිල ගමන් පහසුකම් සහ ගාස්තු පියවීම් ආදිය Former Presidents Act යටතේ ලැබෙනවා.
එකසත් ජනපදයේ රජ පවුල නඩත්තු වන්නේ රජයේ බදු මුදලින් බව ලෝකයම දන්නා කාරණාවක්. ඒ හැරුණු විට බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරුන්ගේ සියලු මහජන සම්බන්ධතා කටයුතුවල වියදම Public Duties Cosa Allowance (PDCA) යටතේ ඔවුන්ට හිමිවෙනවා.
අපේ අසල්වැසි ඉන්දියාවේ හිටපු ජනපතිවරුන්ට ජීවිතාන්තය තෙක් ආසන්න වශයෙන් මාසිකව ඉන්දියන් රුපියල් 150,000ක පමණ විශ්‍රාම වැටුපක් හිමියි. ඒ හැරුනු විට ගෘහභාණ්ඩ සමග නිවසක්, නිල කාර්ය මණ්ඩලයක්, Z+ ආරක්ෂක (ඉහළම ආරක්ෂක සේවය - highest category of personal security) ආවරණයක්, ඔහුට/ඇයට සහ තව එක් පවුලේ සමාජිකයෙක්ට නොමිලේ දුම් රිය සහ ගුවන් සේවා, රජයේ පූර්ණ සෞඛ්‍ය සේවා පහසුකම් හිමිවෙනවා.
ප්‍රංශය නිල කාර්ය මණ්ඩල, ජීවිතාන්තය තෙක් පොලිස් ආරක්ෂාව, නිල කාර්යාල, නොමිලේ දුම් රිය සේවා සහ නිල ගමන් ගාස්තු සැපයීම කරන්නේ අවසානයට ඔහු හෝ ඇය ලද වැටුපේ යම් කොටසක් විශ්‍රාම වැටුපක් ලෙස ජීවිතාන්තය තෙක්ම ගෙවන අතරයි.
ජර්මනිය හිටපු ජනාධිපතිවරයෙක්ට ක්‍රියාකාරී ෆෙඩරල් ඇමතිවරයෙක්ට ලැබෙන වැටුප හා සමාන විශ්‍රාම වැටුපක් ජීවිතාන්තය තෙක්ම ගෙවන අතර නිල කාර්යාල, කාර්ය මණ්ඩල, නිල වාහන සහ ආරක්ෂක අංශවල තක්සේරුව අනුව ආරක්ෂාව සපයනවා.
රුසියාව හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතාන්තය තෙක්ම විශ්‍රාම වැටුප්, වෙනත් පහසුකම්, ආරක්ෂාව සහ නිල් කාර්ය මණ්ඩල ලබා දෙන එකෙන් තවත් පියවරක් ඉදිරියට ගිහින් ධූර කාලයේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ තීරණවලට legal immunity එකකුත් ලබා දෙනවා.
දකුණු අප්‍රිකාවත් ඒ ආකාරයෙන්ම ජීවිතාන්තය තෙක් විශ්‍රාම වැටුප්, නිල කාර්යාල, නිල කාර්ය මණ්ඩල, නිල වාහන, ආරක්ෂාව, සෞඛ්‍ය පහසුකම් සහ ගමන් පහසුකම් සලසනවා.
චීනයේ ඉහළම පුරවැසියන් ලෙස සලකන හිටපු ජනාධිපතිවරුන් සහ ලේකම්වරුන් බීජිංහි රජයේ ඉහළ නාගරික පහසුකම් සහිත නිවාස, සේවකයන්, ආරක්ෂාව, ගමන් පහසුකම්, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියලු පහසුකම් සපයමින් රජය විසින් ජීවිතාන්තය තෙක්ම ගෞරවනීයව රැකබලා ගැනෙනවා.
දකුණු ආසියානු කලාපීය රටවල් හැම එකකම පාහේ පොදු භාවිතාව මීට සමානයි. හිටපු ජනාධිපතිවරුන්ට ඇති අවදානම් සලකා ආරක්ෂාව වැඩි කරන්නත් ඊට අදාළ පියවර ගන්නත් අපක්ෂපාතී භාවිතාවක් ලෝකයේ බහුතර රටවල පවතිනවා.
ලංකාවේ මාස හතරේ ජනාධිපතිවරයාට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සපයා ඇති ආරක්ෂාව සහ සියලු පහසුකම් කප්පාදුකරන තුරු ඔහුට ඉස්පාසුවක් නෑ. 'තියෙන 60ත් ගලවනවා' යන තර්ජන ඝර්ජන ජනාධිපතිවරයෙක් හැටියට ඔහුගේ සැබෑ පංතිය (මාක්ස්වාදී පංති වර්ගීකරණය නොවේ) සහ ආකල්පයේ ඇති බුන්වත්කම බොහොම අපූරුවට පෙන්නා හිටිනවා (වන්දිභට්ටයන්ට නොවේ).
මේ අනවශ්‍ය වියදම් කප්පාදුවෙන් එහා ගිය 'ඇරියස් පියවිල්ලක්' බව බහුතරය තේරුම් අරන් ඉවරයි.
රටේ ඕනෑ තරම් අභියෝග තියෙද්දී ඔහු තවමත් ප්‍රසිද්ධ වේදිකාවේ කතා කරන්නේ මේ ගැන. ගැලරියට ආතල් දීම විපක්ෂයේ ඉඳන් කළොත් පාලක පක්ෂයට ආවත් ඒ පුරුද්දෙන් ගැලවීමක් නැතිවෙනවා. වර්තමාන විපක්ෂයටත් මේක හොඳ පාඩමක්. අකුදිට අනුව ඔහු ලියුමක් ලියන්න 'හිතාගෙන ඉන්නවා' විශ්රාමයෙන් පසු තමන්ට ගෙයක් එපා කියලා. ඇයි තවම හිත හිතා ඉන්නේ, තමන් ජනාධිපති, රජය 2/3ක බලයක් ලැබිලා තියෙනවා, අනික එක පෑන් පහරක වැඩක්නෙ මෙතරම් පස්මහ බැලුම් මොකටද කරන්න ඕනම නම්?
අකුදිගේ වෛරය ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා හෝ සිරිසේන සමග නොවන බව අතිශය පැහැදිලියි. තවමත් ක්‍රියාකාරී ප්‍රබල ව්‍යාපාරික ඩයස්පෝරාවක සහ ගෝලීය දේශපාලන ප්‍රභලයන්ගේ ආශිර්වාද ලත් ත්රස්තවාදයක් මුලිනුපුටා දමන්න මූලිකත්වය ගත්ත නායකත්වයක් හැටියට මහින්ද රාජපක්ෂට ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන්න අවශ්‍යතාවයක් සහ අයිතියක් වගේම රටක් හැටියට ඔහුට ඒ ගෞරවය ලබාදෙන්න ලංකාවට යුතුකමක් තියෙනවා. වෛරය වපුරා දේශපාලන වාසි ලබාගන්න හීනමානයෙන් පෙලෙන කොටසකට ඒ සදාචාරාත්මක පරිචය නැතිවීම ගැන පුදුමයක් නොවුණත් අසාධාරණ, ඉලක්කගත පළිගැනීමක් බව මේ වනවිට අතිශය පැහැදිලියි.
සමහර බලු නකුටු ඇදයි. එව්වා ඉහළම උණ පුරුකේ දැම්මත් ඇද අරින්න අමාරුයි.
ලංකාව මේ අත්දකින්නෙත් අන්න එහෙම සංසිද්ධියක්.
~ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #nppsrilanka #JVPSrilanka
No comments:
Post a Comment