2වෙනි කොටසට
12වෙනි රූප රාමුව:
සප්නාගේ ජීප් එක නොපෙනී යනකම්ම කඳු මුදුනට වෙලා ඉන්න රාජ් එහෙමම බිම වාඩිවෙනවා..ඒ එක්කම ප්රේක්ෂකයාව අඬවන ජාතියේ විරහ ගීයක් පටන් ගන්නවා...රාජ්ගේ ඇස් වලින් උල්පතක් වගේ කඳුළු බේරෙනවා..."උඹ මගේ අහසය පොළොවය - ඉරය හඳය - හඳ පලුවය තනි තරුවය..ඕයි ප්රියා ප්රියා - ඈ දාලා ගියා" කිය කියා එයා ඇස් බරකරන් ශිම්ලා ටවුම පුරා අසිහියෙන් ඇවිදන් යනවා...එයාගේ ඇට්ටර පොඩි යාළුවා දුකෙන් බලන් ඉන්නවා...ඒ දෙන්නත් එක්ක නටපු පොඩි උන් "අක්කා කෝ?" කියල දුවන් ඇවිත් අහනවා..රාජ් උත්තර නොදී උන්ගේ ඔළු අතගාලා යමින් ගමන් කඳුළු පිහිදගන්නවා...
ඒ අතර ආපහු යන කට්ටියව පෙන්නනවා..විරහ ගීයේ ගායිකාවගේ කොටස ගැයෙනවා..ඔක්කෝම පිස්සු නට නට යන අතරේ සප්නා විතරක් දොරට ඔළුව තියන් පහුවෙන ශිම්ලා දිහා බලන් ඉන්නවා..එයාගේ ඇස්වලින් බේරෙන කඳුළු කැට රත්වෙච්ච තාර පාරට වැටිල වාෂ්ප වෙනවා..ඩ්රයිවර් ලොල්ලා සප්නාව අනික් අයට පෙන්නලා උරහිස් අකුළනවා..එයාලත් අනික් අතට මොනා කරන්නද මන්දා කියලා සංඥා බාසාවෙන් උත්තර දීලා උරිස් අකුළනවා...
අඬ අඬා ඉන්න රාජ්ට පේනවා සප්නා ආයෙත් හැරිල ඇවිත් ඉන්නවා..රාජ් 'සප්නා' කියලා පුදුමෙන් කියාගෙන ඉස්සරහට දුවලා ගිහින් එයාව බදාගන්නවා...ඒත් එක්කම එයා දකිනවා ඒ සප්නා නෙවෙයි තමන්ගේ ඇට්ටර යාළුවා - පවුලූෂා කියලා..එයා දුකෙන් අත් ගසා දාලා අත් දෙක සාක්කුවල ඔබාගෙන තොල හපන් ඇඬුම් වාවගෙන කඳුළු බිමට වැටෙයි කියලා උඩ බලාගෙන දේව්දාස්ගෙ මල්ලි වගේ වැනි වැනි ඈතට ඇවිදන් යනවා...