Monday, April 13, 2015

සිතුවම..

කල් අරන් සීරුවට
හැඩ බලා තෙලිතුඩත
පාට ගලපා නේක
ඇඳි සිතුවමකි
මට විරහව..
වැරදීමකින් වැදුණු
සායමකි ප්‍රේමය...




Thursday, April 9, 2015

සීයා වෙනුවෙන්

කතාවක් ඇත
වදන් කරනට නොහෙන
සිතේ පෑරුම තවම
සුව ව නැති නිසා..
ලියන්නෙමි දිනක
නුඹ ගැන මම
අද නොලිව්වාට
දුක වැඩිකමට..

අදට අවුරුදු දෙකකට කලින් එළඹුණු ඒ මූසල අප්‍රේල් 9 වෙනිදාව උදා නොවුණා නම්..අදත් සීයා ජීවතුන් අතර..ලියන්නට පොත් පිරෙන්න දේ ඇතත් ලියාගන්න බැරි හිතක් බරට සිතුවිලි ටික තවමත් රිදුම ඇති නිසා හිතේ...
සීයේ ඔබ උතුම් වී නිවනින්ම සැනසේවා..!එතෙක් සසර මග කොතැනක උන්නද නිදුක් නිරෝගි සුවය සහනය සතුට ලැබේවා! 


Monday, April 6, 2015

මේ අවස්ථාව ඔබේ විය හැකියි!

මෙන්න කලා උණෙන් පෙළෙන, සිනමාවේ ඉවුරු තරණයට පුල පුලා බලා සිටින ඔබට අනගි අවස්ථාවක්!

සිංහල සිනමා වංශ කතාවේ මීලඟ ගාමිණි-මාලනී, විජය-මාලනී, සනත්-සබීතා, ජීවන්-සංගීතා, රංජන්-අනර්කලී ඔබ විය හැකියි!

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, බොක්ස් ඔෆීස් වාර්තා පිහිටවූ අති සාර්ථක "දිල් පීචං ක්‍යා හේ" නිර්මාපක තනියාගේ මීලඟ චිත්‍රපටියේ නළු නිලියන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම් පත්‍ර දැන් භාර ගැනේ!

Saturday, April 4, 2015

සාතනීය ප්‍රේමය

දෙව් පුත්‍ර වෙස් ගත්
සාතන් නුඹට..
මම පෙම් කෙරූවෙමි
කල්ප කාලාන්තරයක් 
ඉක්ම යන්නට කලින්..
ප්‍රේමයක අඳුරෙන්
වැසූණු කල නෙත
නුදුටුවෙමි දෙව් පුතුන්
සාතන්ලාට ජනිත 
විය නොහැකි බව...
යක් ලෙය මිනිස් රත
නොගන්නා බව වෙසෙසින්ම..
පමා වූ නමුත්
සාතන් ඉතින් මම
දැන් නුඹ හඳුනමි..







Thursday, April 2, 2015

අවුරුදු උල්

අළුත උපන් එකා
ඉර එක්ක තරහට
ගිරියේ සයිරන් එක
ඩීජේ එක පරාදයි..
අහළ පහළ කට්ටියම
කර දික් කරකර බලයි...
'පිස්සුද මන්දා පොඩි උනුත් ගෙනත්'
තුනී සංස්ථා ලෑල්ලක
රතු පාට කටක්..!
තරහා ගන්නත් බැරි තරම්
මට බොහොම වෙහෙසයි..
ඒ ඔක්කොමත් අස්සේ..!
ඒසීයේ ගොරොද්දය
බඩු ලැයිස්තුවත් උදුරන්..!
අම්මාට, තාත්තාට,
මාමණ්ඩීට, නැන්දම්මාට,
අරූට මූට, මූට අරූට
උල් සපත්තුවක ඇමිණිලා
රාක්කයක් ලඟ නතරවෙන..
'අනේ ඒයි අර ලිස්ට් එක'
පුළුවන් තරම් වෙට්ටු දමාන
සපත්තුව පස්සෙන් 
දුවන පෙම්බරාට,
'මේ මොන සමයමක්'ද
සපත්තුව රවන..
'මිස්, මගේ ලිස්ට් එක
පයට පෑගිලා නේද?'
'ආහ්..සොරි, ගන්න'
වැදුණ උල් පහරට
දෙකඩ වුන කොළය
'ඔය ඇති සුදූ අපි යමු
පොඩි එකාගේ කිරිපිටිත්
ඉවරයිනේ අද රෑට..'





පසු සටහන:
කවිය සාර්ථක නැතුවා ඇත.ප්‍රස්තුතයක් ලද නිසා ලිවීමි.