Saturday, September 20, 2014

සකායි

ඈත ඔරලෝසු කණුවේ අළුයම දෙකේ කණිසම වදිනවා ඇහුණේ හීනෙන් වගේ..මංවත් නොදැන ගලාගිය කඳුළක තෙත මුහුණ මත...මාව මේ තරම් ප්‍රබල කම්පනයකට පත්කරවන්න සමත්වුණ "සකායි" සීතල අඟිලිතුඩුවලට හිරවෙලා හිටියා..මං කියවමින් උන්නේ අවසාන පිටු කීපය...වෙලාව කොතරම් ඉක්මණින් ගතවෙනවාද කියලවත් නිච්චියක් නොවෙන තරමට මං ජොසුයි සකායිගේ පුදුමාකර ප්‍රේමය තුළ හිරවෙලා හිටියේ...

මං තේරුම් ගන්න උත්සහ ගත්තා, අහඹුවක් වගේ ලැබුණ එක බැල්මක් දිගේ ගමන් ගත්ත ජොසුයි සකායිට ඇලන් කෙනඩිගෙන් ලැබුණේ ඇත්තටම ප්‍රේමයක්ද නැත්නම් ඇගේ සුකොමළකමට, ඇගෙන් පළවුණ පෙරදිග ලාලිත්‍යවත් ගැහැණුකමට ඇතිවුණ නොනිම් ආසාවක්ද කියලා..තමන් දැඩිව ආදරය කළ සාම්ප්‍රදායික ජපන් දෙමව්පියනුත්, තමාට දැඩිව ලෙංගතුවුණ යහපත් තරුණයෙකුත් හැර දමා ඇය ගිය ගමන නැවතුණේ කොතැනද?..

මේ 'ප්‍රේමය' කියන සංවේදනය නැතිනම් හැඟීම මහ පුදුමාකාර දෙයක්...මිනිස් ප්‍රාණියෙක් කොතරම් ශක්තිමත්වුණත් බලගතුවුණත් මේ ප්‍රේමයෙන් බිඳුවක් ඇති ඔහුට දුර්වලවන්නට..ඒත්, ඒ ප්‍රේමයේ සියළුම මුහුණුවර හමුවේ ජොසුයි සකායි හිතාගන්නටත් බැරිතරම් ශක්තිමත්....

Friday, August 22, 2014

වාරියපොළ සහ අතවර

මේ දිනවල මාධ්‍යවල, බුකියේ, ගොසිපන්ගේ ප්‍රියතම මාතෘකාව වාරියපොළ සිදුවීමය.කෙල්ලක කොල්ලෙකුට අත පුරවා කණට ගසන බැණ වදින ආන්දෝලනාත්මක වීඩියෝව බැලු බැලු හතර අතය.ඊට ලැබී ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර දුටුවිට මෙය ලියැවෙන්නට හිතට ආවේය.

සැලකිය යුතු: : මම සිද්ධිය ඇසින් දුටුවෙක් හෝ කණින් ඇසුවෙක් නොවෙමිය.

ප්‍රවෘත්ති කියා ලැබෙන ඕපාදූපවල ආකරයට නම් ඇය හැඳ සිටි ඇඳුමට මොනවාදෝ කියූ නිසා ඌට අම්බානකට කන්නට වී ඇත්තේය.ඔය වීඩියෝව දුටු ඕනෑම කෙනෙකුට හැඟෙන දෙය නම් ඈ කෙසඟ කළු කෙල්ලක බවත් (අපහාසයක් නොවේ) ඇඳ සිටින ටීෂර්ටයේ උරිස් පේන්නට කපා ඇති බවත් ඩෙනිම ටයිට් බවත්ය.දැන් පෙරලෙන පැත්තේ හැටියට සියල්ලටම මුල ඔය කී ඇඳුම හා ඇගේ සිරුරය.

Saturday, August 9, 2014

ප්‍රේම කළලය...

ලුහුබැඳ එකිනෙකා අවසන 
යටත් විය,
එකෙක් අනිකාට...
ඉඳින් පොදි කෑ සිතුම්වැල්  අතර
යෙදිණි දෙනෙත් යුග සංසර්ගයක...
බිඳින් බිඳ ලේ නහර දළු ලා
වැඩිණි කළලය පපු කුහර තුළ..
දත්තෙමු ප්‍රේමයේ කළලය
පාරමී පුරන වග..
එක් සැණෙන් බිඳ වැටිණි
සිහිනයෙන් පොළොවට..
නොදැනීම ගබ්සා විය
ප්‍රේමයේ කළලය...



Friday, August 8, 2014

දිල් පීචං ක්‍යා හේ - අවසාන කොටස

4වන කොටසට

20වෙනි රූප රාමුව:
රාජ් රොකීගේ ගෙදර බැල්කනියේ වාඩිවෙලා කම්මුල අත ගගා ඉන්නවා...පපායි පවුලූෂායි රොකීයි එයාව හොයාගෙන බැල්කනියට එනවා...

"පුතා.."

"පපාජී.."

"අපි හෙට කෝච්චියේ ශිම්ලා යමු පුතා.."

රාජ් හිටි තැනින් උඩට විසික්වෙනවා..

"හෙට?? ශිම්ලා? අනේ පපාජි සප්නාව දාල යන්න බෑ.." රාජ් පුංචි කාලේ ඩොක්ටර් ලඟට යමු කිව්වම වගේ පින්සෙණ්ඩුවෙලා කියනවා..

පපා ඔළුව වනනවා...

"ඒ ගැන අමතක කරන්න පුතා..ඔය මැර ධනරාජ්ගිර් එක්ක හැප්පෙන්න දුප්පත් අපට බැහැ..අම්මා මළාට පස්සේ අපිට ඉන්නේ අපි විතරයි...අපි යමු පුතා...අපි යමු.." පපා කවදාවත් නැතුව රාජ්ගේ ඇස් මග ඇරලා කතා කරනවා..

රාජ් ටිකක් වෙලා පපා දිහා බලා ඉන්නවා..එයාගේ මූණ වෙනස්වෙනවා...එයා හැරිලා ගිහින් බැල්කනි වැටට අත් දෙක තියන් උරිස් හතරැස් කරන් පාර බලන් ඉන්නවා...

"පපා..ඒකම නෙවෙයි නේද හේතුව..?" රාජ් බාගෙට තරහෙන් බාගෙට දුකෙන් අහනවා...

පපා කලබල වෙනවා..

"ඒක තමයි පුතා හේතුව...කෙල්ලෙක් නිසා මට මගේ පුතාව නැතිකරගන්න බෑ.." පපා ලඟට ඇවිත් රාජ්ගේ පිටට අත තියනවා.."අපි යං"

"පපා..එදා පපා කිව්ව කතාවෙ හිටිය කෙනා සප්නාගේ අම්මා නේද? අම්මාව හම්බවෙන්න කලින් පපා ආදරේ කළේ එයාට නේද?" රාජ් මේ පැත්ත හැරිලා පපාගේ උරිස් දෙකෙන් අල්ලං මූණට එබිලා අහනවා...

පපා පුදුම වෙලා රාජ්ගේ මූණ බලනවා..හරියට මූ කොහොමද ඒක දන්නේ කියලා...රොකීගේ කට ඇරිල අයාලේ යන මැස්සෙක් ඒකට රිංගගන්නවා..එය තුක් ගාල කෙළගැහුවම මැස්සා මැරිලා බිමට වැටෙනවා...පවුලූෂා කරකියාගන්න දෙයක් නැතුව ඇවිදන් ඇවිත් රාජ්ගේ සපෝට් එකට පැත්තකින් හිටගන්නවා...

පපා  තටම තටම ටපල ටපල මොනාදෝ කියන්න උත්සහ කරලා රාජ්ගේ අත්දෙක අතෑරලා හැරෙනවා...

"පපා මට ඇත්ත කියන්න පපා..ප්ලීස්.."

"ඔව්..පුතා..." පපා බැරිම තැන කතාව කියන්න ගන්නවා...

"පුතා... මම එදා කිව්වා වගේ මම අවුරුදු ගාණකට පස්සේ සාවිත්‍රිව දකිනකොට එයා හිටියේ පොඩි ළමයෙක් එක්ක...ඒ ගෑණු ළමයෙක්...ඒ සප්නා නම් එයා ඔයාට වඩා සෑහෙන්න වැඩිමල් වෙන්න ඕන..ඒ කියන්නේ මේ කසාදේ කොහොමවත්ම කරන්න බෑ නේ පුතා.."

රාජ් මාර විදියට අප්සෙට් වෙනවා..එයා ගෙදරින් එළියට දුවනවා...පාර දිගේ ඔහේ දුවනවා...කට්ටිය එයා පස්සෙන් දුවලා නවත්තගන්න හදනවා ඒත් එයාල යද්දිත් රාජ් පාරට ගිහිං ඉවරයි...

පපා අවුලෙන්, රොකී පුදුමෙන්, පවුලූෂා දුකෙන් ඒ දිහා බලං ඉන්නවා...


Thursday, August 7, 2014

මගේ දෝතට නෑවිත් නුඹ...

විද්‍යාල මාවතේ මහ රූස්ස ගස් අතරෙන් ඇවිදන් යන්න මම පුදුම තරම් ආසයි.මැයි මල් පිපෙන කාලෙට මල් පාවඩ එලාගෙන මං එනතුරු බලං ඉන්නේ ඒ යෝධ ගස් පෙළ..

මගේ හිතේ ඒ හා සමානව මල් පිපිලා..ඒත් බලං හිටියට මගේ හිතේ මල් වැස්සක් වැටෙන්න හේතුවක් නෑ...තාම කවුරුවත් ඒ පාරෙන් ඇවිල්ලා නැති නිසා...

අද ඒ ගස් මල් වරලා..ඒත් මගේ හිතේ මල් පිපිලා..
පොදයක් වැටුණා වුණත් තෙමුණා කියලා අවුලක් නෑ...බය තියෙන්නේ අළුතෙන් ලියලා බෑග් මල්ලට ඔබාගත්තු නාට්‍ය අත්පිටපත ගැන විතරයි...ඒත් කමක් නෑ...අළුතෙන් ලියන්න මට සේරම මතකයි...

ඒ යෝධ හෙවණේ වැස්සේ සීතල සුවඳ එක්ක කැලතුණු තව මොකද්දෝ මහ අමුතු සුවඳක් තියෙනවා..මම නැවතිලා ලොකූ හුස්මකින් ඒ සුවඳ මට අයිති කරගන්නවා...ඒත් සුවඳ රැඳෙන්නේ නෑ...