"ලොව වෙනස් නොවනා එකම දෙය වෙනස්වීම"යැයි කියමනක් ලොව ඇත.ඒ කියමන මානසික, ශාරීරික, චේතනික, අචේතනික සියලු දේ සඳහා පොදුය.නමුත් අපි එය නොතකා නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වෙන්නට උත්සහ දරමු.ඒ වෙනස්වීමට බියවීම හෝ මෝහය යැයි මම සිතමි.
උදයේ පටන් බිම් කළුවර වැටෙනාතුරු අපි සසර දිගුකරගනිමින් දුවමු.දිවිල්ලට නැවතුමක් නැත.වැටුණ හති හරිහැටි නිවෙන්නට පෙර ආපසු ඒලෙසම දිවීම ඇරඹේ.මේ කියන්නේ මා නුදුවනා බවක් නොවේ, මා සුදනෙකු බවද, මට සියළු දෙය වැටහෙනා බවද, සෙස්සෝ අඳ ගොළු බිහිරෝසේ මැරතන් දුවනා බවද නොවේ.ඔබ දුවන හැල්මේම දුවමින් මා පසුකරයන අනිකා දෙස නොව, මා පසුකරන මා විසින් පසුකෙරෙන සියළු ජීවින් දෙස මම නොවෙන ඈතක හිඳ බලද්දි සිතට නැගෙනා සිතුවිලිය.
සිතුවිල්ලේ දුවන්නට නොහැකි බව ඔබ කියනු ඇත.පය පැකිල වැටි වැටි දුවන්නට ඔබට පිස්සුවක් නැතැයි ඔබ කියනු ඇත.ඒත් එක මොහොතකට දුර සිට ඔබ දෙසම බැලීමේ එක්තරා සත්‍යය මෙනෙහිකිරීමක් ඇත.හේතුව අද දුවන ඔබ හෙට වෙනස්වීමය.ඇඳුමෙන් පැලඳුමෙන් නොව ඔබ පුද්ගලයෙකු වශයෙන් වෙනස්වීම අත්විඳින්නට ඔබ ඔබ දෙසටම එබිකම් කොට බැලිය යුතුය.
එසේත් නැතිනම් ඔබේ සමීපතමයන් දෙස බැලිය යුතුය.කාර්බහුලකම මැද අද අපට දෙමව්පියන්ගේ මුහුණක දුක සතුට හරිහැටි බලාගන්නට වේලාවක් නැත.අප කුඩාකල උන් ඔවුන් හා අද සිටිනා ඔවුන්ගේ වෙනස්වීම හඳුනාගන්නට අපට කාලසටහන් නැත.කුඩාකල නොව මට වයස අවුරුදු 14-15ක් පමණ කාලයෙදීත් තාත්තා නංගීවත් මාවත් අත්දෙකට වඩාගත්තේය.දැන් එසේ කරන්නට නොහැකිවීම අප උස්මහත්වීම නිසා පමණකැයි අපි සිතමු.නැත, අප උස්මහත්වන්නා හා සමාන වේගයකින් ඔවුහු ශක්තියෙන් පිරිහීමය.අප කුඩාකල යෝධ වීර්යෙන් යුතුව කළ දෑ කරන්නට දැන් අම්මාට නොහැකිය.ඒ වීර්යය නොව ශක්තිය කෙමෙන්කෙමෙන් වියැකීමය.
තවත් වසර කීපයකින් අපට වන්නේද ඒ ටිකම බව අපි නොසිතමු.මේ සිටින හැඩයෙන්ම රුවෙන්ම ශක්තියෙන්ම හිඳිය හැකිබව අපි සිතමු.සත්‍යය එය නොවන බව අපේ ඉතිහාසය ජීවි සාක්ෂ්‍ය සපයනවා නොවේද?
මේ අපගේ ශක්තිමත්ම කාලය නිසා අපි ඉදිරිපෙළ තරඟ කරමු.ඒ අතර පසුකෙරෙන වැඩිහිටියන්ට සම්ච්චල් කරන්නෙමු.ඒ 'මැන්ටල්'ය, 'වැඩ බැරි නාකීන්'ය, 'උන් දන්න ඉටිගෙඩියක් නැත'.ඒ ටික කියද්දි ඒ අපේ දෙමව්පියන්ගේ හෝ ආත්තම්මා සීයාගේ පරම්පරාවේ පුරුක් බව, අප ගොඩනැගුණේ ඔවුන් කරමතින්බව අපට අමතක වේ. නැතහොත් ඕනෑකමින් අමතක කෙරේ.අපේ පරම්පරාවෙන් කෝචෝක් විඳින ඒ පිරිස ඔවුන්ගේ සමකාලීනයන් අතර ඉදිරිපෙළ ගියවුන්නවුන් විය හැකි බව අපි නොසිතමු.'අපි උන්ට වඩා පොරවල් වෙමු'යි අපි මමත්වයෙන් පිම්බී සිටිමු.ඒ පසුවන්නාට ඇතිකෙරෙන රිදවීම ගැන අපට වගක් නැත.
වෙනස්වීම කෙරේ අවධානය අවැසිය, ඒ හා සමානවම සහකම්පනය අවැසිය.සහකම්පනය සහ වෙනස්වීම එක මඟක ඉවුරු දෙක වැනියැයි මම සිතමි.සහකම්පනයකින් තොරව වෙනස්වීමක් අවබෝධ කරගන්නට මිනිසෙකුට නොහැකිය.
සහකම්පනයෙන් තොර මිනිසත්කමක් නැත.වෙනස්වීමෙන් තොර ජීවත්වීමක් නැත.
අපි සරුව පිත්තල වලින් සියල්ල වසාගෙන සිනාසෙමු.දක්ෂයැයි, රුවැතියැයි,පොහොසත්යැයි,පුරාජේරුවලින් ඇදකුද වසාගෙන පෙනුමෙන් වටපිටාව මැන බැල්මකින් බැහැර කරන්නාවු ලෝකයක අද අපි හිඳිමු.මෙහි සිනහවකට සිනහවකින් සංග්‍රහ කරන්නට තරම්, අසරණ බැල්මකින් පිහිටක් පතන්නෙකුට පිහිටවීමට, වැරදි සෝපානයකට නැගගත් අතරමංවූවෙකු නිවැරදි ස්ථානයට යොමුකිරීමට තරම් අපි මානුෂික නොවෙමු.ඒ මෝහයේ ඌෂ්ණයෙන් මනස් විපරීතත්වයට පත්වීම නිසාය.මානුෂිකවීමකින් පලක් නැති බවක් හඟිස්සවාගෙන එකිනෙකා පරයමින් අහසට නැගීමේ ආශාවය, බලය සහ ධනය කෙරෙහිවන අපරිමිත කෑදරත්වයය.එයින් පිරී ඇති මොළ තුළට වෙනස්වීම හඳුනාගැනීම හා සහකම්පනය ඔබ්බවා ගන්නට නොහැකිය.
අපි සියල්ලෝම විනිවිද දැකිය නොහැකි අපේම ලෝකයක, අපේම සිතුවිලි ජාලාවක පැටලී හිඳිමු.එය ශෝකය විය හැක, සන්තෘෂ්ටිය විය හැක.නමුත් ඒ සියල්ල වෙනස්වන සුළුය.මේ මොහොතේ මේ පෝස්ටුව ලියා හෙට මා මිය යා හැකිය.එය වෙනස්වීමය.මේ මොහොතේ මේ කියවන ඔබ හෙට වෙනස් දැක්මකින් ලොව දෙස බලන්නට සිත එකඟ කරවාගත හැකිය.ඒ වෙනස්වීමය.
මොහොතක් සිතන්නැයි මම නොකියමි.පමාවන්නට පෙර තේරුම් ගන්නටැයි මම කියමි.පිළිනොගන්නා ඉදිමුණු ඔළුවලට නොව තවමත් සහකම්පනය දශම ගණනක් ඉතුරුව ඇති ඔළුවලට.
වෙනස්වීම අපට නැවතිය නොහැකි නිසාවෙන්..පසු නොතැවෙන්නට ඔබ ඒ වටහාගතයුතු නිසාවෙන්....

බොහොම වටිනා යාථාර්ථවාදී සිතිවිල්ලක් ඔබේ ලිපියෙන් ලබා ගත්තා. අද තමයි මම මුලින්ම ආවේ. තව තව ලියන්න. නැවත එන්නම්. ඔබට ජය!!!
ReplyDeleteබොහොම ස්තූතියි.ඔබ මෙහි වටිනාකමක් දුටු බව ඇසීම සතුටක්.
Deleteඒ පැත්තට මේ එන්න සූදානම්වෙන ගමන්. :)
වෙනස් නොවෙන එක ම දේ වෙනස් වීම පමණි.
ReplyDeleteඔව් වෙනස්වීම නවතාලන්න කිසිවෙකුටත් නොහැකියිනේ.කළ හැකි එකම දෙය ඊට සාර්ථකව මුහුණ දීමට උගෙනීමයි.:)
Delete//// වෙනස්වීම කෙරේ අවධානය අවැසිය, ඒ හා සමානවම සහකම්පනය අවැසිය.සහකම්පනය සහ වෙනස්වීම එක මඟක ඉවුරු දෙක වැනියැයි මම සිතමි.සහකම්පනයකින් තොරව වෙනස්වීමක් අවබෝධ කරගන්නට මිනිසෙකුට නොහැකිය.
ReplyDeleteසහකම්පනයෙන් තොර මිනිසත්කමක් නැත.වෙනස්වීමෙන් තොර ජීවත්වීමක් නැත.//////
මේ කොටසට මම බෙහෙවින්ම කැමැත්තෙමි.
මමත් ඒ කොටසට බොහොම කැමතියි.මට අවශ්‍යවූ දේ ඒ අයුරින්ම ලියැවුණා.:)
Deleteවටින ලිපියක් සහ හැමදෙනාම කියැවිය යුතු ලිපියක් තනිතරුවෙ. හිනා කතා විතරක් නෙමෙයි සීරියස් කතාත් බොක්කටම වදින්න ලියන්න පුලුවන් නෙව ඔයාට. අපූරුයි!! ජයවේවා!
ReplyDeleteබොහොම ස්තූතියි බස්සියෝ.බොක්කටම වදින්න ලියැවිලා නම් සාර්ථකත්වය ගැන සතුටුයි :)
Deleteඔයා කියල තියෙන්නෙ සහතික ඇත්ත. ඒ වගේම ඒක හිතට වැදෙන්න ඕන තැනටම ලියලත් තියනව. ඇත්ත තමයි අපි ඉස්සරට වඩා කොච්චර වෙනස් වෙලාද. වෙනස්කම් නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි ඒ වෙනස්කම් හොද අතටම වෙනව නං අපේ ජීවිත විතරක් නෙමෙයි අපි අවට ඉන්න අයගෙ ජීවිතත් සතුටින් පිරෙනව.
ReplyDeleteඔව් සිඟිති.එහෙම දැනෙනවා නම් සතුටුයි නිර්මාණය ගැන.:)
Deleteඅපි වෙනස්වෙලා තියෙන තරම තෙරෙන්නේ එහෙම වෙනමම ඒ ගැන හිතුවම නේද?ඔයා කිව්වා වගේ වෙනස්වීමත් යහපත් අතට වෙනවා නම් හැමෝගෙම ජීවිත සතුටින් සහ සැනසීමෙන් පිරෙනවා.ඒ අදහසට මම 100ට 200ක් එකඟයි.:)