"ආලෝකය ඉපදුණ දා අන්ධකාරය ද ඉපදුණේය.
පොහොසත්කම ඉපදුණ දා දුප්පත්කම ද ඉපදුණේය.
රජුන් ඉපදුණ දා සිඟන්නන් ද ඉපදුණේය."
ඒ "ඇඩ්‍රස් නෑ" පූර්විකාව..
චිත්‍රපටය කරළියට ආවේ දේශපාලනික නිර්වචනයක් ලද ආන්දෝලානාත්මක පෝස්ටරයක් සහ වැකියක් සමග වුවත්, එයින් සමහරුන්ගේ හිත බිඳුණාවන්නට පුළුවන්වුවත් (සමහරුන්ට තවමත් ඒ හිත් බිඳීමෙන් වහගත් සුපුරුදු කුහකත්වයෙන් ගොඩ එන්නට බැරිකමකුත් පේනවා) මෑත සිංහල සිනමාවේ ඉතාම සාර්ථක නිර්මාණයක් බව නොකියාම බැහැ.සමහරුන් ජැකා පූර්ණ කාලීන දේශපාලනික සත්වයෙක් ලෙස හංවඩු ගහන්නට දත කෑවත්, ඔහු තුළ සිටින දක්ෂ කලාකරුවාව සහ රංගධරයාව නොසලකා හැරීම කුහකත්වයක් මිස වෙන කිසිවක් නොවන බවයි මගේ අදහස..අනික් අතට සමකාලීන ශ්‍රියන්ත, කමල්, ජැක්සන් කියන මේ තුන්කට්ටුව, 90 දශකයේදී තරුණයන් ලෙස බොහෝ දක්ෂතා පෙන්වූවන්..අද නිළියට මෙන්ම මේකප් තට්ටුවක් උලා, තොල් පාට කරවා ලොල්ලන් මෙන් කරළියට ගෙන එන (බහුතර) නළුවන්ට වඩා පොළොවේ පය ගසා උන් තාරුණ්‍යයක් කරළියට ගෙන ආ මේ තුන්කට්ටුවට සංසන්දනයක් කිරීම සාධාරණ නොවන නමුත් ජැක්සන් ඔහුගේ අරමුණ අතිශය සාර්ථක කරවාගෙන ඇති බවයි මගේ පෞද්ගලික හැඟීම.අනෙක් අතට ඔවුන් තිදෙනා විසින් නවකයන්ට පෙන්වන ආදර්ශය නොසලකා හරින්නටත් නොහැකියි..
අතීතයට ඇලුම් කරන ප්‍රේක්ෂකයන්ව නැවත 90 දශකයට ගෙන යන්නට දැරූ උත්සහය මගේ දැක්මට අනුව සාර්ථක වී තිබුණා..ඒ හැරුණු කොට දක්ෂයන් සහ ප්‍රවීණයන් ඔවුන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් ඉටුකර තිබුණා..සාමාන්‍යයෙන් සිංහල සිනමාවේ සිදුවනවාට වඩා සෑම දර්ශනයක්ම හොඳින් හිතා මතා සැලසුම් කර තිබීම ප්‍රශංසාවට ලක්විය යුතුමයි කියා සිතෙනවා..බලන් ඉන්නා වාලේ ඉඳීමට වඩා ප්‍රේක්ෂකයා සිතන්නට පොළඹවන යමක් ඒ තුළ ඔවුන් ඉතිරි කර තිබුණා..විශේෂයෙන්ම අභිනයන් ඉතාමත්ම සාර්ථක ලෙස භාවිතා වී තිබුණා..තව යමක් කළ හැකිව තිබුණා යැයි මට සිතුණු එකම අවස්ථාව, සන්ධ්‍යා (සබීතා) තම දරුවා පිළිබඳව චැප්ලින්ට පාපොච්චාරණය කරන අවස්ථාව පමණයි..අනෙක් අතට ජැක්සන් තමන් තුළ මැවුණු චරිතයන්ට පණ පිහිටුවීමට කර තිබුණු තේරීම් අතිවිශිෂ්ටයි..උදාහරණයක් ලෙස ගෝරිංගේත් ඇඹිලිපිටියේ කරාගේත් චරිත ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ දර්ශන් ලෙසවත්, රොෂාන් රවීන්ද්‍ර ලෙසවත් නොවෙයි..ජැකාගේ තුන්කට්ටුවෙන් නොසිටියේ ශ්‍රියන්ත පමණක් වුවත් මහේන්ද්‍රගෙන් නිර්මාණය ලද දායකත්වයත් මිල කළ නොහැකියි..සාමාන්‍යයෙන් කෙළිලොල් තරුණයෙක් ලෙස ආදරයට පාත්‍රවූ චරිත රඟපෑ නමුත් මෑතක සිට වෙනස් ආකාරයේ, සාපේක්ෂව අඩු චරිත සංඛ්‍යාවකින් වුවත් කැපී පෙනුණු කමල්ගේ මුදලාලි චරිතයත් ඉතාම සාර්ථකයි..ජැක්සන්ගේ රංගනය ගැන කතා කළයුතුම වන්නේ අධ්‍යක්ෂණයේ යෙදෙමින් රඟපෑමේ අසීරුතාවය ඔහු සාර්ථකව අතික්‍රමණය කර ඇති නිසායි..අනෙක් අතට යම් අවස්ථාවක අධි රංගනයක් මෙන් පෙනිය හැකි නමුත් ඔහු හිට්ලර් ජැකා තුළ ජීවත් කර ඇති බව පෙනෙනවා..එසේම අඛිල නිවේදකයෙක් ලෙස සෑහෙන ඔපමට්ටම් වියයුතු නමුත්, නළුවෙක් ලෙස ඊටවඩා ඉදිරියෙන් සිටිනවා..නමුත් ඔහුට තවත් ඔපමට්ටම් විය හැකියි..සමහරවිටෙක, අනාගතයේ තව සාර්ථක වෙන්නට පුළුවන්..ශේෂාද්‍රි ඒ චරිතය සාර්ථකව කර ඇති බවයි මගේ හැඟීම..සබීතා තුළ අප දැක ඇති පෙම්වතිය යටපත් කරගත් දක්ෂ ගැහැණියක සිටින බව ඈ නැවත වතාවක් සනාථ කර තිබුණා..ඒ හැරෙන්නට උප ප්‍රධාන ළමා නළුවා සිරිමල් හොඳ තේරීමක්..විසිවන්නන්ගේ තැන ගන්නට තවත් ඉපදුණු උන් ඉන්නා බව වාගේම ඉපදෙන හැම කෙනෙකුටම හිට්ලර්ලා වන්නට නොහැකිබව ඔහුගෙන් පෙනෙනවා..එසේම හිට්ලර්ලා වන්නට නොහැකි හීනමානයෙන් පෙලෙන "සමහරුන්ගේ" පැටිකිරිය මතකයට නංවනවා වන්නටත් පුළුවන්..
සිනමාව භාවිතය, කැමරාකරණය, අංගරචනය, පසුතල ආදී මේ හැමදෙයකින්ම ඉදිරියෙන්ම සිටින නිර්මාණයක් විදියටයි ඇඩ්‍රස් නෑ දකින්න පුළුවන්..විශේෂයෙන්ම ව්‍යාංගාර්ථය භාවිතය ඉතාම සාර්ථකයි..අපි අපිම අතර රැඳෙන විවිධාකාර මනුෂ්‍ය ස්වභාවයන් ඉතාම සාර්ථකව නිර්මාණය වී තිබීම සහ ඒ මනුෂ්‍ය ස්වභාවයන්වල වෙනස රසවිඳින්නට සාර්ථකව මග පාදා තිබුණා..චිත්‍රපටය අවසානයේ පින්සාරටවත් හිට්ලර්ටවත් වෛර කරන්නට ප්‍රේක්ෂකයාට නොහැකිවන්නේ ඒ නිසා වෙන්නට ඕන..සමාජයේ බහුතරයක් පිරුවටයන් පෑල දොරින් එපිට අඳුරත්, දොරකඩ එළියත් පෙන්වන චරිත පින්සාරගෙන මනාව පිළිබිඹු වනවා..එවන් මනුෂ්‍යයන්ගේ ඒ වෙනස ව්‍යංගාර්ථයෙන් දක්වා ඇත්තේ පසුතල භාවිතයෙන්..ඉදිරිපස සකරමුටයි පැහැ පින්සාර බිල්ඩිම පසුපස කළු පැහැ ගැසුණු අඳුරු ගඩොල් බිත්ති සහිත අපිරිසිදු තැනක් වීමත් පින්සාරගේ චරිතයේ දෙබිඩි ස්වභාවය මනාව දක්වා තිබෙනවා..එලෙසම පින්සාරලාගේ ඩබල් ගේම් තුළ හිට්ලර්ලාටවත් ගැලවුමක් නොවන බවත්, පින්සාරලා තේරුම් ගන්නට හිට්ලර්ලාටවත් නොහැකි බවත් ගලපා ඇති විදිය අපූරුයි..දුෂ්ටයෙක් ලෙස අවතීර්ණ වෙන හිට්ලර් ප්‍රේක්ෂකයාගේ වෛරය වෙනුවට මිශ්‍ර හැඟීම් දිනා ගන්නට සමත්වන්නේත් ඒ නිසායි..අනෙක් අතට, මහ පොළව මෙන් හැමදෙනාගේම රහස් රකින්නට සිදුවන්නේත් ගොළු බිහිරි චැප්ලින්ලාටම බවත්, කිසිවෙකු රකින්නට හෝ පාවාදෙන්නට ඔවුන්ට නොහැකිවන්නේ ඔවුන් තුළ පවතින හුදු මනුෂ්‍යත්වය පමණක්ම නිසාද, නැතිනම් බියසුලුකම හෝ නොහැකියාව පමණක්ම නිසාද නැතිනම් ඒ සියල්ලම නිසාවෙන්ද යන්න තීරණය කරගත නොහෙන සංකීර්ණ මනුෂ්‍ය ස්වභාවය චැප්ලින්ගෙන් දකින්නට ප්‍රේක්ෂකයාට අවස්ථාවක් ලැබී තිබෙනවා..
සෑම සියළු චෛතසිකයක්ම තුළ අභ්‍යන්තර ඝට්ටන පැවතිය හැකිබව, සදාකාලික තුවාල පැවතිය හැකි බව, රළු භාවයෙන් වැසුණු සුමට සියුම් සිතුවිලි බලාපොරොත්තු ප්‍රාර්ථනා තිබිය හැකිබව හිට්ලර්, සන්ධ්‍යා, චැප්ලින් යන මේ සියළු දෙනාම අඩුවැඩි වශයෙන් පළ කර සිටිනවා..රළු ලෙස හංවඩු ගැසෙන සෑම මනුෂ්‍යයෙකු තුළම සුන්දර නිදහස් හෙටක් පිළිබඳව ප්‍රාර්ථනා තිබිය හැකි බව හිට්ලර්ගේ චරිතයේ විහිදීම තුළින්ම පැහැදිලිවනවා..අනුමත කළ නොහැකි නමුත් බහුතරය මනුෂ්‍යයන් දෙබිඩි චරිතයන් රඟන බව, ඔවුන් පෙළන විවිධාකරයේ අසරණභාවයන් (ආර්ථිකමය, සමාජයීය, දේශපාලනික ආදි වූ) විසින් ඔවුන් එම රංගනයන්හී ගිල්වා ඇති බව ප්‍රේක්ෂකයාට නොදැනෙන ලෙස ඔවුන් තුළ ඉතිරි කරවන ප්‍රශ්නාර්ථය තුළ කැටිකරන්නට ඇඩ්‍රස් නෑ සමත් වී තිබෙනවා..
සිංහල සිනමා රසිකයා තුළ බොහෝ විට ඇතිවිය හැකි "අයියෝ" හැඟීම වෙනුවට විවිධාකාරයේ හැඟීම් සංකීර්ණයක් සමග ගැවසෙන්නට සලස්වා තිබීමම ඇඩ්‍රස් නෑ සාර්ථක නිර්මාණයක් වීම නැවත් නැවතත් සනාථ කරවා තිබෙනවා..
චිත්‍රපටය ගැන කතා කරද්දි නොකියාම බැරිදෙයක් වන්නේ එහි සංගීත භාවිතය..සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ සුසංයෝගය අමතක නොවන වැඩක් කර ඇති බව පෙන්වන්නට තේමා ගීතයම ඇති..ගයාන්ගේ විහිදෙන පැහදිලි හඬ සහ ඒ හඬ සමඟ හොඳින් අනුගතවන පද කතාවට මූලික අඩිතාලම දමා ඇති බවයි මට සිතෙන්නේ..ගයාන් තුළ තවම අත්හදා නොබැලුණු හැකියාවක් තිබෙන්නට පුළුවන්, එකම රාමුවකට කොටු නොවී ඉන්නට තීරණය කළොත් එහි ප්‍රතිපල දකින්නට අපට හැකිවේවි කියා හිතෙනවා..
ඉතින් පහුගිය අවුරුදු කිහිපයේ සිංහල සිනමාවේ,
"මේ බජාර් එකට මල්ලී
අහසත් නෑ..පොළොවත් නෑ...
අහසත් පොළවත් නෑ..
ඇඩ්‍රස් නෑ.."
අපේ පැතුම නැතිවුණ ඇඩ්‍රස් නැවත සොයාගනු දැකීමයි..
අපේ ප්‍රර්ථනාව ඒ එළි තිත ඉරක් මෙන් පෑයීම මිස මියෙන තරුවක් නොවීමයි..!

//අපේ පැතුම නැතිවුණ ඇඩ්‍රස් නැවත සොයාගනු දැකීමයි..
ReplyDeleteඅපේ ප්‍රර්ථනාව ඒ එළි තිත ඉරක් මෙන් පෑයීම මිස මියෙන තරුවක් නොවීමයි..! //
එසේම වේවා....
නැති වූ ඇඩ්‍රස් අපි නැවත් සොයාගනිමු!
එකෙන්ම..!
Deleteනැතිවූ ඇඩ්‍රස් සෑහෙන්න තිබේවි අපට හොයාගන්නට මේ යන හැටියට..:)
පිලුම බලන්න හිතෙනවා.. බලමු ලගදිම දවසක යන්න ඕන..
ReplyDeleteජ ය වේ වා !!
ඇත්තටම බලමු ඇඩ්‍රස් නැති උනාද කියලා..
ෆිලුම ඉවරයි බං..
Deleteඊයේ 4:15ට පෙන්නුවා ලිබර්ටි ලයිට් එකේ..පොඩ්ඩක් කෝල් එකක් දීලා බලපන් 17වෙනිදට කලින්..
ස්තූතියි ඔබේ අපූරැ විචාරයට
ReplyDeleteස්තූතියි චන්දන අයියා.:)
Deleteතාම බලන්න බැරි උනා.. වෙලාවේ ප්‍රශ්නයක් හා මේ දවස්වල ගෙදර උන්ද ඉන්න තත්ත්වේ නිසා නිසා.. ජැක්සන් කියන්නේ මන් ආසම කළාකරුවෙක්.. ඒ විතරක් නෙවෙයි මහේන්ද්‍ර පෙරේරා, කමල් ඔය ඔක්කොම.
ReplyDeleteඋඹ අපුරුවට ලියල තියෙනවා.. බලන්නම හිතෙන විදියට.. ඇඩ්රස් නම් ආපහු හම්බු නොවෙන්නම නැති වෙලාද මංදා.. හැක හැක හැක..
ගෙදර උන්දැව ඔය තත්වෙන් තියලා උඹ ඇඩ්‍රස් හොයන්න යන්න එපා කමියෝ..;) ඔව් හොයන් හරි බලහන්..බලලා හිතෙන හැටි කියන්ට බැරුවයැ..:)
Deleteරිදී තිරයෙන් නම් මඟ ඇරුනා.ඩීවීඩී එක එනකන් කෙල හලාගෙන ඉන්නෙ.බලලම කොමෙන්ට්ටෙකක් දාඤ්ඤං ඈ...
ReplyDeleteජයවේවා..!!
එහෙනම් පුංචි තිරෙන්වත් බලලා කියපන්කෝ..
Deleteජය වේවා! :)
තරුවෝ.... ෆිලුම බලන්නම වෙනව... අර සිංදුව නං සුපිරි මට නං... ළඟදීම බලල කියන්නම්කො... මචං ෆිල්ම් එකෙන් පස්සෙ හොයාගෙන බලන දෙවැනි ෆිල්ම් එක වෙන්නෙ ඇඩ්‍රස් නෑ....
ReplyDeleteසිංදුව පට්ට මචෝ..වචන ටික බජාර් එකේ උණාට තේරුම් මරු! මම හිතන්නේ මේ මාසේ 17 වෙනකල්ද කොහෙද ලිබර්ටි ලයිට් එකේ 4:15ට තියෙනවා..එහෙම බලනවා නම් හොයලා බලපන් ටිකක්..නැත්නම් ඉතින් ජංජාල් සරණං තමා..
Deleteහොල් වලට ගිහින් බලන්ඩ කොහෙද බන් වෙලාවක්?? අන්තර්ජංජාලෙට එනකන් ඉදලාම බලනවා!
ReplyDeleteසිරාවටම ඒකයි මටත් තියෙන ප්‍රශ්නේ..ඕකත් අහම්බෙන් වගේ සෙට් වුණේ හෝල් එකේ බලන්න..නැත්නම් ඉතින් බාගත කරන් බලන එකනේ..
Deleteෆිල්ම් එක අපිට බලන්න වෙන්නේ කවුරු හරි හොරෙන් නෙට් එකට දාපු දවසක තමයි ඉතින්.
ReplyDeleteඔව් නේද? හැබැයි ඉක්මණටම දායි..දැනටමත් දාලාද දන්නේ නැහැ..:)
Delete