නික්මෙන්නට මොහොතක් තබා මම ලියමි.
නුඹ නොදන්නා මගේ සිතුවිලි, මහළු නොවූ මගේ ප්‍රේමය ලියා තබනට නිසි කල එළඹ ඇතැයි සිතන මොහොතක මම ලියන්නට ගනිමි.නුඹට වදන් කොට කිව නොහැකි වූ, මගේ හිත මා සමග දොඩමළු වූ අනේකවිධ සිතුවිලි මම අකුරු කොට තබමි, යම් මතුදාක නුඹට කියවා දැනගනු හැකිවනු පිණිස..
ප්‍රේමයක හැඩතලක් දකින්නට පෙර නුඹ මට හමුවුණෙහිය.ප්‍රේමයක රස හඳුනන්නට පෙර නුඹ මගේ හිත දිග්විජය කළෙහිය.ප්‍රේමයක බර විඳින්නට පෙර නුඹ එහි අතුපතර විහිදා නැගී සිටියෙහිය.ඉතින්, මම කුළුදුලේ නුඹට ප්‍රේම කළෙමි.
නුඹ ඒ නොදැන සිටියා විය හැකියැයි මේ ලියන මොහොතේ පවා සිතෙන්නට තරම් වැරදීමක් මට වූ බව සැබෑය.නැවත නැවතත් ඒ වරදම වූ නිසාවෙන් කියන්නට තිබූ යමක් ලියා තබන්නට සිදූවීයැයි මම සිතමි.
නුඹ..පසු කලෙක කොතරම් හමුවන්නට ඇති නමුත් පුරා දහතුන් වසක් හිතේ නොවෙනස්ව රැඳුණු ප්‍රථම සහ අවසාන සිතුවිල්ලට විවරණ දුන් බව මම ලියමි.මරණයකින් මතුත් රැඳේ නම් එවන් සිතුවිල්ලකට පණ දුන් සදාතනික ප්‍රේමය නුඹ බව මම ලියා තබමි, නුඹ කියවතැයි නොසිතන නමුත්..
නුඹ කෙරෙහි ප්‍රේමය, ජීවිතය සහ මරණය සමසමව මා වෙත ගෙන ආ බව නුඹ නොදන්නවා විය හැකිය.ප්‍රේමය රමණීය ද මරණීය ද වන බව නුඹ මට පසක් කරවාලූවෙහිය. ප්‍රේමය හද ගැඹුරක සුව නොවන සදාකාලික තුවාලයන් සාදන බව නුඹ මට කියා දුන්නෙහිය. එවන් තුවාලයක දුක හිමි-අහිමි ප්‍රේමයක වේදනාවකට වඩා කටුක බව හදවතට කිණිසි තුඩ යවා නුඹ මට පෙන්වාලූවෙහිය. සත්තකින්ම නුඹ දැන නොසිටියෙහිය. නුඹ කෙරෙහි පෙම මා තුළ අචලබව නුඹ නොදත්තෙහිය, ඇතැම්විට නොදැනම සිටින්නටද හැකිය.එහෙයින් මම ලියමි, මා නික්ම ගිය පසු හෝ දැනගැන්ම උදෙසා මම ලියමි.
නුඹ යෞවනයක දොරකඩ බලා සිටියෙහිය.මම පොළොව මත හිඳ නුඹට ප්‍රේම කරන්නට ගතිමි.අතැඟිලි පැටළුණු පළමු ආගන්තුක ස්පර්ශයේ සිට කුළුදුල් දෙතොල් පැටලෙනතුරු නුඹේ ප්‍රේමය මා වෙලාගත්තෙහිය.මම තවතවත් දැවටුණෙමි.ඒ ප්‍රේමයට මා ප්‍රේම කළ නිසා නොව නුඹට මා ප්‍රේම කළ නිසාය.නුඹ වෙනුවෙන් ප්‍රේම පිපාසයෙන් පෙළුණු නිසාවෙන්ය.නුඹ දැනසිටියේ නැතුවාද මම නොදනිමි, අදටත් හෙටත් සමහරවිටෙක සදහටමත්..
නුඹ මට අවැසි වූ නමුත් අප අප හා රැඳෙන කාලය ඉතා සුළු වූවෙහිය.භෞතිකව ලඟක නොරැඳෙන ප්‍රේමයකින් උරුම රුදුරු හුදෙකලාව යමෙකුට කළ හැක්ක පිළිබඳව අපි උගනිමින් සිටියෙමු.සියළු පාඩම් හදවත කපාකොට දැමූ පසු, මිරිකාගත් හදවතින් යුතුවත් අපි එකිනෙකාට ප්‍රේම කළෙමු.ඇතැම්විට අනිකාගේ ප්‍රේමය හඳුනාගන්නට නොහැකිවූ නමුත් මම නුඹට ප්‍රේම කිරීම නැවතූ මොහොතක් නොතිබුණෙහිය.සිහිනයක් තරම් වූ ප්‍රථම ප්‍රේමය තරම් මා සැනසූ යමක් නොතිබුණෙහිය.නමුත් ඒ ඔබ නොදැන සිටියෙහිය.
ප්‍රේමයේ මළගම ප්‍රේමය බිඳුණු දා නොව, අනිකා කෙරෙහි ගෞරවය බිඳුණු දා බව මම දනිමි.වඩා තිත්ත රසැත්තේ විරහව නොව ජීවමාන නමුත් ප්‍රකාශ කරන්නට නොහැකි ප්‍රේමය බව මම උගත්තෙමි.
ගෞරවයෙන් සහ සංවේදනාවෙන් නොපිරුණේ නම් ප්‍රේමය සුන්දර නොවන්නේය.ප්‍රේමය හා සමාන වූ ගෞරවයක් ලද ප්‍රථම සහ අවසාන පිටස්තරයා නුඹ බව නුඹ තවමත් නොදන්නවා විය හැකිය.ඇතැම්විට, නුඹ අතීතය වළලා දමා වන්නට හැකි නමුත් නුඹෙන් කිසිදිනක නොරිදවුණු නිසාවෙන් හදවත නුඹ වළලා දමන්නට ඉඩ නොදෙන්නෙහිය.ජීවිත කාලයක් තුළ තවත් අය හමුවිය හැකි නමුත්, නුඹ නුඹම මිස නුඹ වැනි වෙනත් උන් නොමැති බව මතකයන් ඉල්පෙමින් හදවතට දනවාලන විට, ප්‍රේමයක අපේක්ෂාවන් හමුනොවන විට, නුඹ නිබඳවම යටිසිතේ සැරිසරන්නෙහිය.ඒ හිස්තැනක් පුරවාලන්නට නොව, නුඹ සෑම මොහොතකම සෑම දිනකම එහි වූ බවට ඉඟියක් පමණක්ම බව මා ද නොදැන සිටියේදැයි, අද ආපසු හැරී බලන මට සිතේ.
නුඹ අන්සතු වූ බව දකිනවිට, මා හා සමානවම මතක ඡායාවන් නුඹේ හදවත තුළත් සැරිසරනු ඇතිදැයි මම කල්පනා කළෙමි.මා තරම් නුඹට ප්‍රේම කළ හැක්කෙක් නොමැති බව හදවත කියද්දීත්, නුඹෙන් මා ලද ප්‍රේමයට වඩා වැඩි යමක් අනිකෙකු ලද හැකියැයි මම හදවත සමග විසංවාදයේ යෙදුණෙමි.නුඹ වෙනකකු හා දකින විට, තුවාල නැවත නැවත ඉරී ගිය නමුත්, නුඹ වෙනුවෙන් සතුටු විය යුතුයැයිද නුඹේ යහපත හා සතුට පැතිය යුතුයැයිද මම හදවතට තරවටු කළෙමි.නුඹ ඒ බැව් නොදැන සිටියෙහිය.නුඹ සිතන්නට ඇත්තේ අතීත සොහොන් මත මා මාළිගා ගොඩ නැගූ බව නම්, නිල්ලෙන් වැසුණු බිහිසුණු විල්ලුව නුඹ දකින්නට නැත්තෙහිය.එහි පෙරළි කරනා ඡයාව නුඹ පමණක්ම බව, නුඹ කෙරෙහි නොමියෙන ප්‍රේමය බව නුඹ නොසිතන්නට ඇත.
මම තවත් ලියමි.මතක බරින් මිරිකුණු හදවතට ඉසිඹුවක් දෙන්නට අවැසි නිසාවෙන්..ප්‍රේමය මා අඩපණ කරවාලන නිසාවෙන්.. තවමත් මා නුඹට ප්‍රේම කරනා නමුත් සීමා මායිම් ඇඳ හදවත කොටුකළ නොහැකි නිසාවෙන්..
මියෙන්නට පෙර නුඹට කිවයුතු නිසාවෙන්..

මල මගුලයි.. මේවගේ ඒව්වා දාන්න ඒපෝ.. මගේ හිත අායෙත් මොලොක් වෙන්න පුලුවං....
ReplyDeleteජ ය වේ වා !!!
මොකක්ද බං මොලොක් වෙනවා කියන්නේ..... නිකං බ්ලොක් වෙනවා වගේ දෙයක්ද???
Deleteවිදානේ..මොකෝ ඉතින් මොලොක් වුණා කියලා දරු පවුල දාලා දුවන්නයැ..:P
Deleteකුරුටු: +++++++++
ලිම්බික් සිස්ටම් එක නැවත වැඩ පටන්ගෙන බව පෙනේ.....
ReplyDeleteවැඩ වැඩ..පැස්ටෝල් නැතත් සිස්ටම් වැඩ.. ;) :D
Deleteමමත්වයෙන් පිරි පිරිසිදු ආදරයක්...!(?)
ReplyDeleteජයවේවා..!!
කොහෙද බොල මේකේ මමත්වයක් පේන්නේ? මේක ඇවිල්ලා පරම පවිත්‍ර අචල සුන්දර ගොළු හදවතකින් කරපු ප්‍රේමයක්..:P
Delete'කරපු' කිව්වොත් හරි. 'කරන' කියන්න බෑ මචෝ...
Deleteඒක ටිකක් හිතාගන්න අමාරුයි මචං..කාලයක් කියන්න අමාරු ප්‍රේමයක් වෙන්නත් පුළුවන් අමතක නොවන හින්දා..:) ඒත් එහෙම කියන්න තහනම්..ඒක හරි..:)
Deleteඔබ තරමට මා හැඬවූ..
ReplyDeleteඔබ තරමට මා නැලවූ..
වෙන කෙනෙකු නොමැත දියතේ
රස හැඟුම් පෙලට පණදී
ජීවන නාලිය පරිදී
පෙර වෙලී සිටියෙ සුරතේ....
කරුවල කුටියක තනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ.....
ඔබ වරකි හද පෙලන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියොලඟම සලිත වන්නේ.....
අප මතක යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකිදෝ....
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ......
ගායනය - මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
සින්දුවෝ ඉතින් ඔහෙට කියන්න, මේකමයි මට මතක් වෙච්ච සින්දුව..මම කැමති සින්දුවක්...තැන්කූ මචෝ..
Delete//ප්‍රේමයේ මළගම ප්‍රේමය බිඳුණු දා නොව, අනිකා කෙරෙහි ගෞරවය බිඳුණු දා බව මම දනිමි.//
ReplyDeleteපට්ට.............
මම හරි නේද? ;)
Deleteතැන්කූ මචං..
මං බොලාට කීව..
ReplyDeleteමෙන්න මේක බලහං.. මගෙ රෝලෙ උඹේ එකට එකක් උඩිං අප්ඩේට් වෙලා තිබ්බෙ. දැක්කම ටිකක් විගඩමක් කරන්න හිතුණ
http://warnakulakaya.blogspot.com/2015/11/blog-post_25.html
පෝස්ට් එක ගැන නං කතා කරන්න දෙයක් නෑ බං.. ඇත්තටම සමහර දේවල් මතක් වෙයි කියල බයයි..
අද බුකියෙ නිකමට මං මෙන්න මේම කතාවක්කුරුටු ගෑව
කවියක් කියා
මම උන්නත හිතාගෙන
ගීයක් නුඹ
තත් හැඬවෙන සිතාරෙක..
මහියා මාත් සයින් අවුට් වෙන්න යද්දි තමයි දැක්කේ කමෙන්ටුවක් දාන්න බැරිවුණා තාම..උඹට වගේම විගඩමක් මටත් හිතුණා..මේ මූඩ් එකෙන් ලියලා එළියට බහිද්දි මගේ බ්ලොගෙ නම දැක්කම හිතන්න පුළුවන් නේ මම බයවුණ තරම.. ;)
Delete//කවියක් කියා
මම උන්නත හිතාගෙන
ගීයක් නුඹ
තත් හැඬවෙන සිතාරෙක..// මට හිතෙනවා මේකට අර ජෝතිගෙ "දියපොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට" සින්දුවේ තාලේ ගැලපෙනවා කියලා...බැරිද තව ටිකක් දිගට ලියන්න..?
ඇඩ්මින් සහෝ
ReplyDeleteමම ඔයාගෙ මේ බ්ලොග් එකත් මගේ සිංඩියට ඇඩ් කරා
ඇවිත් බලන්නකො
http://www.akurasyndiya.tk
අපේ සිංඩියේ බැනර් එකත් පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකට දාන්න
බොහොම ස්තූතියි ඇඩ්මින්. මම දන්නෙ නැහැ හරියටම බැනර් එක ඇඩ් කරන්නේ කොහොමද කියලා..ඉක්මණින්ම හොයලා බලලා ඇඩ් කරන්නම්..
Deleteබැනර් කෝඩ් සිංඩියට ගිහින් ගන්න
ReplyDeleteහරි බොහොම ස්තූතියි ඇඩ්මින්.:)
Deleteෆුල් රොමැන්ටික්.. කොමෙන්ටෙකක් හිත ගන්නත් බෑ..
ReplyDeleteතෑන්ක්ස් කමියෝ..රොමෑන්ටික් නම් එච්චරයි ඔන්න..;)
Deleteplatonic love? Excellent.
ReplyDeleteYes it is. :) Thank you Ajith.
Deleteසිරාවට ම පට්ට!
ReplyDeleteරූපේ තැන්කූ මචං..:)
Deleteකමියයියා අපි දෙන්නගෙ එකලග පෝස්ට් දෙකේ සමාන කමක් කිව්වා. ආපුවහම තමා දැක්කේ මගේ පද්‍ය ඔයා ගද්‍යයෙන් ලියලා. ලස්සනයි තරු. පුලුවන් උනොත් වර්න කුලකයට ඇවිත් යන්න
ReplyDeleteසබරේ මම මේ පෝස්ට් එක දාලා එළියට බැහැලා යද්දි තමයි උඹේ පෝස්ට් එක දැක්කේ..මම ඇත්තටම තිගැස්සුණා මොකද්ද බොල මේ කියලා..කවිය කියෙව්වට එවෙලේ එහෙම තේරුම් ගන්නවත් කමෙන්ටුවක් දාන්නවත් බැරිවුණා..ආයේ ඇවිත් බලනවා..
Deleteනියමයි................. කොමෙන්ටුවක් නෑ මටත්
ReplyDeleteහේමමාලි තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා..බොහොම ස්තූතියි..කමෙන්ටුවක් හිතාගන්න බෑ තමයි..:)
Deleteසමුගන්න මොහොතකට පෙර එකවතාවක්
ReplyDeleteහිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක් පෙර සේම ළං වී
මිය ඇදෙන මතකය වගේ //
තුරු සෙවනේ මල් අතරේ
වැළපෙන කතාවක්
මද සුළඟේ පාවී ගියේ
සුසුමකට ළංවෙන්න
කඳුලක රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමුවුණේ
ඇයි ආදරෙන් හමුවුණේ
සමුගන්න මොහොතකට පෙර එකවතාවක්...
අවසන්ව යන මතක
හද වේදනාවෙන්ම
සතපන්න ළය මත මගේ
දිවි මං තලාවේ
මා පරදවාලන්න
ඔබ කිමද මට පෙම් කලේ
ඔබ කිමද මට පෙම් කලේ
ගායනය - බන්ධුල විජේවීර
https://www.youtube.com/watch?v=hh4iaekVq08
මම අදයි මචං මේ සින්දුව අහන්නේ.. :O
Deleteවචන ටික මරු..මේ වගේ තව හුඟක් තියෙනවා..
දීපිකාගේ මේ සින්දුව අහපන් : https://www.youtube.com/watch?v=LteKqTxWjdI
මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...
මේ පුර සඳකට පෝය ලැබෙන අන්තිම දවසයි
හෙට අවපස වී මං එනකොට අඬන්න නරකයි
තව එපා ඉන්න...තව එපා ඉන්න...
ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න
මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...
සඳ එක අහසක සුදු සීතල සැමදා ඔබටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ලඟමයි
දැන් ඉතින් යන්න..දැන් ඉතින් යන්න..
අතැඟිලි බැඳුණම බැරිවෙයි මුදු පළඳවන්න...
ඕකේ මචං ව්‍යංගාර්ථයම බලපන් කොච්චර ලස්සනද කියලා..ඔය වගේ තව එකක් තියෙනවා දේව්දාස් ෆිල්ම් එකේ..මම ආසම එකක්..
https://www.youtube.com/watch?v=jXa_es6oAgI
ඕකේ මෙහෙම තේරුමක් එන්නේ..
I have always loved you
I loved nothing else
My heart has worshiped you
I worshiped nothing else
Nothing...nothing at all..
The scar that you gave me
It has affected my beauty
I shall keep it as a memento
It shall adorn my forehead forever
Oh darling, without you in my life there's nothing
Nothing at all...
Carrying memories of moments past,
she walks with heavy steps
Her heart weeps and her eyes well up
Her spirit cries out..
දේව්දාස් ෆිල්ම් එකේ සින්දුව නම් ආයෙ කියල වැඩක් නෑ.. කවීතා විලාපදෙන්නෙ අපේ ඇතුලෙන් එන හඬක් වගේ.බුදු අම්මෝ...බූට් මානසිකත්වයකින් අහන්න පුලුවන් සින්දුවක් නෙමෙයි.
Deleteලබූ, බූට් මානසිකත්වයකින් නෙවේ බං හොඳටම ෆිට් මූඩ් එකක් නැත්නම් ඒක අහන්න අමාරුයි..ඒකේ තේරුම එක්ක අහද්දි තමයි වදින්නේ..:(
Deleteතනියා මචං... උඹ පට්ට පොරක්, මේකට කමෙන්ට් එකක් දාන හිතාගන්න බෑ. පරිපූර්ණ ලියවිල්ලක්.....
ReplyDelete(තරහ කාරයා වුනත් ඇත්ත කියන්න එපැයි)
ඉස්සෙල්ලා කියහන් මොකද දැන් මම තරහකාරයෙක් වෙලා ඉන්නේ කියලා බලන්න..හිටුකෝ ෆිලුම ආයෙ පටන් අරන් ගුර්වින්දර්ව චාටර් කරවන්න..! :P
Deleteතැන්කූ මචං බ්ලොග්වල පට්ටම එකෙක් ඇවිත් මට කියනවා පට්ටයි කියලා..මම මොනවා කියන්නද මන්දා..:) උඹලව කමෙන්ට් එකක් දෙන්න බැරි විදියට ලොප් කෙරෙව්වට සමාවෙයන්..වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ..:)
පට්ටයි ඈ! මේ මේවගෙ සිරා සංවේදි එව්වා ලියන අස්සෙ අර ෆිලුමත් කොටස් වශයෙන් ලියන්නකෝ.
ReplyDeleteතැන්කූ බස්සියෝ..ලියන්න ඕන බං වෙලාව නැතුව පිස්සු හැදිලා ඉන්නේ..බලමු ඉක්මණටම..:)
Deleteඅඩේ..එළකිරි මචෝ... කියල වැඩක් නෑ... සුපිරිම සුපිරි ලියවිල්ල...
ReplyDeleteතැන්කූ සජ්ජෝ..:)
Delete