වර්ථමාන කතාව
-------------------
එදා මහ වැහි දවසක්. මමයි හබී මෑන්සුයි ටුකු ටුකුවකට නැග ගත්තා ඔන්න බස් ස්ටෑන්ඩ් එකකට යාගන්න..මොකෝ එදා හබී මෑන්ස්ගේ කපු කුඩේ ගෙනල්ලා නැති හින්දා පොඩි පහේ නෑමක් සෙට් වෙලා තිබ්බේ..නැත්නම් අපි දෙන්න අත්වැල් පටලාගෙන පැද්දි පැද්දි කයියක් ගහන් සරීර සෞඛ්‍යයට කියලා ඔය කිලෝමීටරේ පයින් යනවා..:)
ඉතින් ඔහේලා දන්නවා නෙව ඔය වැහි දවසට ටුක් ටුක්වල රෙදි පෙරවන්නේ යන්නේ..මං දැකලා තියෙනවා සමහර ටුක්ටුක් නම් මහ ගිනි කාස්ටක අව්වෙත් ඔය රෙදි පොරවන් පාරවල් අයිනේ නවත්තන් ඉන්නවා..සහලෝලා උණ වෙන්ටැ..:D
ඉතින් දැන් ඔය අපි නැග්ග ටුකුටුකුවත් එහෙම තිර දාගෙන හිටියේ වැස්ස නිසා..හැබැයි මට ඕක දිරවන්නෙම නැති වැඩක්..මොකද ඔය ආත්මෙකට හෝදන්නේ නැති තිරේ අතින් අල්ලන්න වෙනවට, කොණ්ඩේ ගෑවෙනවට මං හරි අකමැතියි.කොහොමහරි ඔය තිරේ උස්සලා නැගගත්තා කියමුකෝ..කළුවරේ පේන්නෙත් නෑ..ඇතුල්වුණා විතරයි ආවා මාර ගඳක්! යන්තම් ලඟ බිල්ඩිමේ ලයිට් එළියෙන් මම දැක්කා සීට් එකේ කොණක මොනාද ගුලි වගයක් තියෙනවා..මම ඉතින් එහෙමම ගල් ගැහිල හිටි තැනම ඒ කිව්වේ සීට් එක මැද්දට වෙන්න වාඩිවෙලා නහය අකුලන් ඉන්නවා..ඒ අස්සේ මේ ගඳයි ගුලියි ගැන කියන්න කලින් හබී මෑන්ස් ඇතුළට පැනලා මගේ ඇඟ උඩ වාඩිවෙලා කියනවා එහාට යන්නලු! මම කසුකුසුවෙන් කිව්වා මේක ඇතුළ ගඳයි කියලා..ඔන්න ඒ ගමන උන්දැටත් ගඳ දැනුණා..දැන් මම මගේ නයි මල්ලේ බැහැගෙන ජංගමය හොයනවා ටෝච් එක ගහලා මේ ගඳ ගුලි අධ්‍යයනය කරන්න.

.jpg)