හවස 4යි..
ඒත් මගේ හිතටයි ඔර්ලෝසුවටයි විතරයි..
අපි වටේම තියෙන මන්දාරම..ඒක මූසල පාටයි තමයි...ඒත් මම ඒකට ආසයි..
මට හිතෙන්නේ මම මම නොවෙයි කියලා..මන්දාරමත් එක්ක එක්කහුවෙලා, දහසකුත් එකක් හීනවල පැටලිලා ඔහේ ඇවිදන් යන කොල්ලෙක් දිහා බලා ඉන්න වෙනමම එකෙක්...
ඉඳලා හිටලා එහෙම මම නොවී මම දිහා බැලුවම ඉස්සර මට පෙනුණා නුඹවත්...
මම දැක්කා ඒ කොල්ලා කෝල කොමළ බැල්මෙන් නෑවිලා යන හැටි...එක බාහුවක රිදෙන තරම් තදින් එල්ලිලා මග දිගට හිනා වපුරමින් හුරතලේට කතා කරන හැටි..මම ආසම කළ කැරළි කොණ්ඩයක් හිනා මුවක් වටේ පෙරැළි කරමින් උන්නු හැටි..ඔව් මට හුඟක් දේ පෙනුණා..පස්සේ කාලෙක හීනෙන් විතරක් පෙනුණ...
හ්ම්ම්....ලොකු හුස්මක් අතෑරලා තව හුස්මක් ඇදලා ගනිද්දි පෙනහළුවල පැතිරෙන වැහි සුවඳ මාව කොහේදෝ එක්ක යනවා...හරියටම කියන්න නොදනිතත් මම ඉවෙන් වගේ දන්නවා කොහේටද කියලා...අවුරුදු ගාණක් ආපස්සට...අවුරුදු ගාණකට කලින් මේ වැස්සම නොවෙන වැස්සක් වැස්ස දවසට..හැබැයි මෙතනටම..ඔව්..මේ මැයි ගස් පේළිය යටටම...
**********
මුළු ලෝකෙම අළු පාටයි...
හරියට පාට හැදුව පින්තූරයක් වගේ..
මට ඕන උනේ ඉක්මණට ගෙදර දුවාගන්න...ඉලන්දාරිකමට කුඩයක් නොගෙනෙන කැප් එකකින් බේරෙන්න හිතුවට තව ටිකකින් කඩා වැටෙන්න හදන වැස්සට අද නම් අහුවෙන්න බැරි ගතියක් හිතේ තිබ්බේ ඉලන්දාරිකම යටපත් කරන් වගකීමක් හිටි හින්දයි..ඉස්කෝලේ හැම දේටම දුවන පනින වෙලාවේ පංතියට එබුණෙත් අහම්බෙන්...තාම මුල් මාස කීපය නිසා එච්චර පාඩුවක් නැතත් කෙල්ලන්ගේ රෙජිස්ටරයක් වෙනමම හදන් උන්නු අනික් උන්ගේ කතාවල නම් සෑහෙන පාඩුවක් හැංගිලා තිබ්බා..ඒත් කර අරින්න බැරි වගකීම් නිසා විභාගේ පැත්තක දාලා ඉස්කෝලේ හිටියා ඒ කාලේ නම් හිතත් ලඟ තියං..
කවුද හිතුවේ පස්සේ කාලෙක හිත හොයන්න වෙන කොහේවත් යන්න වේවි කියලා...
ප්‍රෙස් එකෙන් අරං ආව විද්‍යා දිනයේ සමරුව බේරගන්න එකයි මේ වෙලාවේ මගේ ලොකුම අරමුණ..මේක දියවුණොත් නෙවෙයි පින්නක්වත් වැදුණොත් චෞරයාගෙන්වත් කටුචූටිගෙන්වත් ඉන්න හම්බෙන්නේ නෑ..මොකෝ මම නොදන්නවයැ බාප්පලා දෙන්නගේ තරම! මාත් මේ වස්තුව වඩම්මවං ආවනේ පංතියට අදම...සිලි සිලි බෑග් එකක් තියා රුපියල් පහේ ටියුලිප් මල්ලක්වත් නෑ..ප්‍රෙස් එකේ අන්කල් දුන්නු බ්‍රවුන් පෙපර් බෑග් එක විතරයි...
එක පොදක් වැටුණා..දෙකක්...
දෙක තුන වුණා...
කරන්න දෙයක් නෑ...කොපි පොත නම් ඕන එකක්...කරන්න තියෙන්නේ එක දෙයයි...
වටේ කළුවරට කාටවත් පේන්නේ නැතුව ඇතිනේ..
ඉස්සුවා ෂර්ට් එක..පොත ගහගත්තා බඩට හිටින්න ඉණේ..ෂර්ට් එක පහළට දාලා උඩින් පොතට තට්ටුවක් දැම්මට පස්සේ ගේමක් නෑ...බඩු සේෆ්..!
දකුණ බලා වම බලන්න නැවතත් ද..කු..ණ..ම..
ඒ මූණ හිනාවුණේ ඇස්වලින් ද? නැත්නම් ඇස් ඒ මූණෙන් හිනා වුණාද?..
රතු පාට කුඩයක් අස්සෙන් එබිලා හිනාවෙන හිනාවට මගේ ඉලන්දාරි කන් රතුවුණේ වෙන මොකුත් හිංදා නෙවෙයි..ෂර්ට් එක උස්සලා පොත දාගත්තු හැටි මටම මැවිලා..එතකොට දකින්න ඇතියි කියලා හිතුණ මගේ කෝටු බඩ..අයියෝ..!
ඒත් ඒ ගැන හිතන්න කලින් අහස වැස්ස ගැන හිතලා තිබ්බා..මෙච්චරවෙලා එක දෙක වැටි වැටී හුරතල් වෙච්ච වැහිපොදේට ඉවසීම පැනලා තිබ්බේ...ලොකු වැහි කැට ගොඩක් ඇද වැටෙන්නත් රතු කුඩයක් මගේ ඔළුවට උඩින් පායන්නත් ගියේ සුළු වෙලාවක් වෙන්න ඇති..ඒත් අදටත් මගේ ජීවිතේ දිගායි කියලා දැනුණ පළවෙනිම අවස්ථාව ඒක තමයි...
ඒක පළමු සහ අවසාන වුණේ නැති බව ඇත්ත..
වැස්ස විතරක් කෙරුව මුරණ්ඩුකමට හුලඟටත් එකතුවෙන්න ඕන වෙලා තිබ්බා..රතු කුඩේට උඩින් මැයි මලුත් වියනක් වගේ හැදිලා අපිව රැකගන්න උත්සහ කළා..
අ..පි..ව..
ඒ වචනේ කොච්චර ලස්සනද?
අපි කියලා අනන්ත අප්‍රමාණව කිව්වත් ඒ "අපි" වගේ දැනෙන්නේ නෑ...ඒක නිකං පාවී පාවී හිටි මාව යටකරං මොකද්දෝ මහ බර දෙයක් වැටුණා වගේ..පාවි පාවි හිටි තටුවල ගඩොල් එල්ලලා...ඔව් රතුපාට ගඩොල්...
"කුඩයක් නෑ නේද?.."
මට හිනා ගියා...කුඩයක් තිබ්බා නම් අර වස්තුව බඩේ ගහගන්නවයැ..මෙයත් අහන ඒවා..
"නෑ.."
ඒත් එක්කම මතක් වුණා උදව්වක් කළාට තැන්න්කූ පාරක්වත් දාන්න ඕන නේද කියලා..
"තැන්ක් යූ.."
"මොනාටද?"
"කුඩේට.." ඒ සැරේ හිනා ගියේ ඔයාට...
"ඇ..යී?.."
"න්නෑ...අර..බඩේ හංගගත්තේ මොනාද?.."
අනේ අම්මපා මේ ගෑණුන්ට තියෙන්නේ ඇස් නෙවෙයි අණ්වීක්ෂ!
"න්නෑ..මේ..මුකුත් නෑ.." මම කිව්වේ අහක බලං..මේකිට මේක කිව්වොත් හෙට පංතියම දැනගනී...අන්න අරූ සයන්ස් ඩේ සුවනියර් එක බඩේ හංගගත්තා කියලා..
ඒකත් හරි කියමුකෝ, මේ කෙල්ලෝ සේරම මම බඩේ හංගගත්තු සුවනියර් එකම හොයාගන්න පොරේකට වැටුණොත් විනාසයක් වෙන්නේ..
ඔව් ඔව් උඹ හරි ස්ටාර් නේ!...උඹේ බඩේ හංගගත්ත පොත කුණු ගඳින්ම අඳුරගතහැකී...
රතු කුඩේ පැත්තක හිටි ඡායාව මගේ මූණ ඉස්සරහට ආවම තමයි මට තේරුණේ මම තනියම නොහිටි බව...දෙවෙනි වතාවට නම් කණ් රතු නොවීම දුං දැම්මා...ඒ හිනාවෙන් හිතාගතහැකි කෝටු බඩට වඩා චාටර් සීන් එකක් වුණ බව...ෂුවර් එකට එළුවෙක් වගේ විරිත්තන් තනියම හිනාවෙන්න ඇති..
'මචං උඹේ මාස දෙක තුනක චාටර් කෝටා එක අදින්ම ඉවරයි!'
"මේ ඇහුවට තරහවෙන්න එපා...ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ ප්‍රසන්ට් එකද?.."
ග..ගර්ල් ෆ්‍රෙන්ඩ්! ඒ ගමන තව මඟුලක් අහපි...
ඒකට උත්තරයක් දෙන්න කලින් කවදාවත් වෙලාවට නො එන පාං බාගේ කන්ද නැගගෙන ආවා...
"බස් එක ආවා.." ඒ මූණේ හිනාව නැවතුණා..
"ආ...කුඩේ ඔයා තියාගන්න...වැස්සනේ" මුකුත් කියන්නත් කලින් කුඩේ මගේ වෙලා..සර සර වැස්ස අතරේ ඒ හිනාව දුවලා ගිහිං බස් එකට නැග ගත්තා...
මොකද මොට්ටයෝ බොට වෙලා තියෙන්නේ..! අර කෙල්ල බොට කුඩේ පරිත්‍යාග කරලා වැස්සේ ගියා තෝ මෙතන උලමා වගේ බලා ඉන්නවා...! ඒ මදිවට කුඩේ..! යකෝ! රතුපාට ගෑණු කුඩයක්!!
හිතේ සද්ද බද්ද අස්සෙන් මට පෙනුණා ඔය හිනාව.. වැහිවතුර අතරෙන්...
ඇයි ඔච්චර ලස්සන..??
*****************
වේලාසනින් පංති යන්න..මේ අපි???
අම්මට සිරි! ඒ කවද ඉඳන්ද?..
ඔව් ඉතින් නිකං ඉල්ලං කන්නේ මොකටද...සද්ද නැතුව ඉන්නවා මිසක්..මේ බෝක්කු ටික ඇරුණොත් එහෙම මගේ නම්බුවත් ඉවරයි...
මේක දීලා කට්ටිය එනකල් හංදියට වෙලා ඉන්නවා...
කකුල්වලට වඩා හයියෙන් හිතේ දඩිබිඩිය පංතියට දුවලා ආවා..
මොකෝ? ඇවිල්ලද?
වෙන්න ඕන..බලමු...
පංතියේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩිවෙලා ලියනවා..මුංට පිස්සුද මංදා! ගණන් හදනවා..යකෝ මොකෙක්වත් නැති පංතියක..!
එළියේ බංකු පේළියත් තාම හිස්...නෑ..ඇවිත් නෑ...
අයියෝ! අර දහදුරාවෝ ටික එන්න කලින් මේක නුදුන්නොත් මට මාවම බඩේ හංගගන්නයි වෙන්නේ..
තව පැයක්ම තියෙනවනේ..ෂික්!
පුරුද්දට වගේ හිතුවිල්ලෙන්ම යැවිලා තිබුණෙත්..ඔබ මා හමුවුණු මේ ඉරහඳ යට...මැයි ගහ යටට...
එදා වැස්සෙන් පස්සේ මැයි මල්වලින් බාගයක් තිබ්බේ බිම...රතු පාවඩ උඩින් වඩින්න සෙනඟක් නො ආ නිසා රතට රතේ බැබළි බැබළි...'වසන්තයේ මල් පොකුරු නෙලාලා ඔබ මා දෝතට ගෙනෙන තුරා.."
කවුද?
දෝතට ගේයි තමයි...!
ඔන්න...
ඇත්තටම අහන්න හිතෙනවා කොහොමද ඒ ඇස් මූණෙන් හිනාවෙන්නේ කියලා...හිනා පොකුරු පොකුරු...
කෙල්ලො හිනාවෙලා දැකලා තියෙනවා..ඒත් කටින්...
ඇස්..මට නම් තේරෙන්නෙම නෑ...
මම දඩිබිඩියේ පොත පෙරළලා බැලුවා...තියෙනවා තියෙනවා...බඩු හෑව්...
"අද මොකෝ පාන්දරම..?" හිනාවෙන්න ඇස්වලින් උණාට වචන එන්නේ නිකං මැෂිමකින් වගේ...
"මෙන්න එදා උදව්වට බොහොම ස්තූතියි.." රතු කුඩේ ඉටි බෑග් එකක දාලා ගෙනාවේ හොඳ වෙලාවට..මෙයා පරක්කුවුණා නම් එහෙම...
"ම්ම්..ඒක මොකද්ද..? ප්‍රසන්ට් එක නොතෙමී බේරගත්තනේ.." දැන් තමයි තේරෙන්නේ ඒවෙලේ ඇස් හිනා වුණා නෙවෙයි කුතුහලෙන් පිරිලා තිබ්බා කියලා...
"ආ..ඔව්...ඒක හොඳ වෙලාවට බේරුණා.." අපි දෙන්නා..ආයෙමත්...අ..පි දෙන්නා..එක පෙළට වැටිලා උන්නා මැයි මල් පාවඩ උඩින්...
"ඒකනේ.."
තව අන්ඳවන්න දුකයි වගේ...
"ආ..."
හිනාව නැවතුණා...
"ඉන්විටේෂන් එකක්.."
ඉන්..විටේෂන් එකක්..ඈ පුදුමෙන් මගේ අතේ තිබුණු තද නිල්පාට ලියුම් කවරේ අතට ගත්තා..."මෙච්චර ඉක්මණට..?"
මොකා?? ඉක්මණට???
"මොකද්ද??" එදා කෝටා එක තාම රිනිව් වෙලාත් නෑ පුතෝ...
"නෑ..මම කිව්වේ එදානේ ප්‍රසන්ට් එකක් ගෙනිච්චේ...මෙච්චර ඉක්මණට ඉන්විටේෂනුත් දෙනවද?" මට නම් මේකි කියන හතර බීරි කතාව තේරෙන්නේ නෑ..
හෝව්! හෝව්!
"ඔව් ඉතිං බලන්නකෝ..නොවරදවාම එන්න..ඉස්කෝලේටත් එවලා ඇති වෙනම"
"ඉ..ඉස්කෝලෙට..?? " ඇස් බකුසු ඇස් වුණාමත් හොඳයි හිනාවෙවීම නොඉඳ...
"ඔව්!"
"ම..මගේ නමට?? ඉස්කෝලෙට..."
"නෑ නෑ!! ඒක කොමන් ඉන්විටේෂන් එක..ඕක ඔයාට.."
කිසිම ප්‍රතිචාරයක් නැතුව ගොළුවෙලා ඉන්න ඇස්වලට පණ ආවේ ලියුම් කවරේ ඇරලා බැලුවම..
හප්පා...කටර් වගේ කියෙව්වට කෙල්ලොත් ලොප් වෙන තැන් තියෙනවා එහෙනං...
*************************
එදා ඉඳන් අර හෙණ පුපුරමින් වැස්ස දවස වෙනකල් කොච්චර ලස්සන වුණාද කාලේ...
අවුරුදු 2ක් මැයි ගස් යටින් ඇවිදං ගිහිං එකතු කරගත්ත මතක ගොඩ ගණන් තියලා නෑ...ඒත් පිපි පිපී, වැටි වැටී, පරවුණ..ඔව්...පරවුණ මැයි මල් තරම්ම මතක තිබ්බා නේද?
ඒවා මල් වගේම පරවෙලා ගියේ කොහොමද? මගේ හිතේ නම් තාම ඒ මතක අළුත පිපුණ මැයි මල් වගේ...
ඒත්...ඔය හිතේ ඒවා කලකට කලින් පිපිලා පරවෙලා පොළොවට පස් වුණ මල් වගේ..ඔව් එහෙම නොවුණා නම් මේ ගස් පෙළ යට අද මම විතරක් බලං ඉන්නේ කොහොමද?
එදා වගේ පොදක් වැටෙද්දි ඔළුවට උඩින් ඉහළෙන්නේ අද රතු කුඩ නෑ...
ඒත් එදාට වඩා තදට අද වහිනවා..
එක මොහොතකට මට හිතෙනවා රතු කුඩේ යටින් ඔය හිනාවෙන ඇස් මතුවෙයි කියලා..අර පළවෙනි දවසේ වගේ...ඒත් හිත ඒ හීනෙන් ඇහරවලා කියනවා ආයෙත් එහෙම වෙන්නේ නැහැ කියලා..
කවදාවත්ම නැහැ කියලා...
**************'
මේ මැයි ගහ යට
දවසක් එදා...
වැස්සට අපි උන්නා...
රතුකැට වාගේ
මැයි මල් පිපි පිපී
අපට සෙවණ දුන්නා...
මැයි මාසේ එක් සැන්දෑවරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ..
ආදර වියෝවක් සිතෙන් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ...
වැහිපොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙකු නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ...
මුල් ටික එක විදියක්. මැද තව විදියක් අන්තිම තව විිදියක්.. භාෂාව භාවිතයේ වෙනසක් මම දැක්කා..(කමක් නෑනේ වැරදිම කිව්වට) හොද කියල ඇති වෙලා බොල තියෙන්නේ.
ReplyDeleteමම හිතුවේ ඒ ඒ අවස්ථාවේ කතානායකයගේ මානසිකත්වය එකෙන් පෙනෙයි කියලා...උදාහරණයකට මුලින් හෙණ සෑඩ් මූඩ්..ඊලඟට අතීතය වමාරද්දි ඒ කාලේ හිටි කෙලිලොල් කොලු මූඩ් එක...නැවත හුදෙකලා දුක් මූඩ් එකට..ෆිලුම් වල බොඳ කරලා පෙන්නලා යන අතීත ෂොට් ටික දේශාට දිරෝලා නෑ වගේ..:D
Delete//(කමක් නෑනේ වැරදිම කිව්වට) හොද කියල ඇති වෙලා බොල තියෙන්නේ.// ඈ බොල...මට වැරදිම විතරනේ හැමදාම කියන්නේ..:@
චුට්ටක් වෙලා ගියා මේ කතාවේ කතානායකයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල මීටර් වෙන්න.. .කොල්ලෝ හිතන විදිහටම හිතල කොල්ලෙක් කියන විදිහට කතාවක් ලියද්දි කොල්ලෝ වගේ ලියන්න වෙනව ;) මේකේ එහෙම නියමෙට ලියල ..කතාවේ මැද නියමෙටම හිතට ඇල්ලුව....කතාවෙ සිද්ධි එහෙ මෙහෙ ගිය නිසා ගලායාමට පොඩ්ඩක් බාධා උනාට ..මට නම් කතාවෙ අමුතු ලස්සනක් පෙනුන... තරුව දැන් දිගටම ලියන්න අරං ඒකනම් හරි සතුටු කාරණාවක් :) :)
ReplyDelete//මට හිතෙන්නේ මම මම නොවෙයි කියලා..මන්දාරමත් එක්ක එක්කහුවෙලා, දහසකුත් එකක් හීනවල පැටලිලා ඔහේ ඇවිදන් යන කොල්ලෙක් දිහා බලා ඉන්න වෙනමම එකෙක්...// මේකෙන් තෙරෙයි කියලා හිතුවේ.. :(
Deleteසිරාවට..කෙල්ලෙක් විදියට එහෙම හිතලා ලියන එක චුට්ටක් අමාරුයි මම හිතන්නේ..ඒ හින්දා කොල්ලෝ හිතනවද දන්නේ නෑ අපි ඔහොම හිතන්නේ නෑ කියලා..හී හී!!
තැන්කූ හංසි..කතාව ඇල්ලුවා නම් එච්චරයි..;)
//තරුව දැන් දිගටම ලියන්න අරං ඒකනම් හරි සතුටු කාරණාවක් :) :)//
ලියන්න හිතේ හුඟක් දේ තියෙනවා..ලියන්න මහ කම්මැලිකමකුත් දැනෙනවා...මේ වැහි වළාකුළු ඈතට පාවෙලා ගිහිං ආයෙත් ඉර බැබළෙන්න ගත්තම මගේ ශීත කාලේ ඉවරවෙයි කියලා හිතනවා..:D
අළුත් ඉට්ටැයිල් එකකට අළුත් කතාවක්.................
ReplyDeleteහ්ම්ම්...කතාව ලස්සනයි.කොලු කෙලි කතාව තේරුම් ගන්න මටත් ටිකක් වෙලා ගියා.බාගයක් කියවගන යන කොට හිතන් ඉන්න එක වැරදියි කියල තේරිලා ආපහු මුල ඉදන් කියවන් එන්න වුනා.ඒත් ඒකත් ජොලි.
ජය වේවා....
තැන්කු තැන්කු කටුස්සෝ..:)
Deleteදැක්කනේ ස්ට්‍රැටජිය..! :D
ජය වේවා!
මම බැලුවේ තනියගේ ඉට්ටයිල් එක නෙවෙයි නේ කියලා . උඹේ අර ලියන සැහැල්ලු විනෝදකාමී රටාවෙන් මිදුණු කතාවක්, මටනම් කියන්න තරම් දරුණු අඩුපාඩුවක් දැක්කේ නෑ. නමුත් මේ රටාව උඹට ටිකක් ආගන්තුඅකයි වගේ, හැබැයි උඹේ උත්සාහය නියමයි, මම ඉස්සෙල්ලම හිතුවේ කෙල්ලෙක් ගේ ආත්ම කතනයක් කියලා .
ReplyDeleteමේ සින්දුවේ මං ආසම කොටස තමයි
"වැහිපොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙකු නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ.."
එත් ඉතින්...........
ඕවා ඔහොම් තමයි
ඔව්වා ඔහොම තමයි ,
හිතට දුකයි තමයි
හැබැයි ඔව්ව ඔහොම තමයි
සොරි වෙන්න ඕන ඉවාන් මෙච්චර ප්‍රමාද පිළිතුරට..ඔව් ටිකක් ආගන්තුක ඉට්ටැයිල් එකක් තමයි අර මගේ සුපුරුදු කටර් මෝඩ් එක නෙවෙයි.එහෙමත් ලියලා බැලුවද නැත්නම් ලියවුණාද මංදා.ඕන එකක්..කොහොමහරි මේක මෙහෙම පබ්ලිෂ් වුණා ලු. :D
Deleteමමත් ආසම කොටස ඒක.කොච්චර ඇහුවත් අඩු නොවෙන මහා නොස්ටැල්ජික් විරහවක් දැනෙනවා මට මේ සින්දුව අහද්දි..:)
මොකක්දෝ කියාගන්න බැරි තරමේ සුන්දරත්වයක් මටත් දැනුනා...අපි කාගෙ කාගේත් ජීවිත වල ඔහොම රතු පාට කුඩ ....කතා කරපු ඇස...කියන මතක තියනවා ණේ ඉතින්....
ReplyDeleteHappy අනිවාර්යෙන්..ජීවිතේ බොහෝ හමුවීම් වෙන්වීම් අතර කතා කල හිනා වුණ ඇස්, අපිටම නොහැඟෙන්න සිද්ධි එක්ක බැඳිච්ච පාටවල්, සුවඳවල් තියෙනවා...අතීත කාමය තදබල විදියට ඇවිස්සුණාම මතකෙට එන..:)
Deleteහ්ම්................................. හරි අගෙයි රචනාව............... ටිකක් විතර අතීතය මතක් වුණා............
ReplyDeleteKGGP අතීතය සිහිනයක් පමණද නැත්නම් සිහිනේ සැබෑ වුණාද? :P
Deleteවිහිළුවක් හරිය?
අතීතයකින් තොර වර්තමානයක්වත් අනාගතයකවත් පැවැත්මක් නැත කියලත් කියමනක් තියෙනවා නේ? ;)
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ ඕයි තනියෝ... :/
ReplyDeleteඔව් ඕයී...හීනෙන දැනෙන සුවඳක් තමා ඉතින්..:D
Delete