රස හාදුවක
හීන බිංදුවක් තවරා
පිරිනමද්දි නුදුටුවෙමි
සැබෑවටම නුඹේ හිත..
කපාගත් තටුමතින්
රජවෙද්දි අද නුඹ
සිහි වුණේ නැතිද
පෙර දිනේ ප්‍රේමය...
මුදු මොලොක් හදවත
කාස්ටක කෙරූ වියරුව
වෙහෙසුණෙමි සොයන්නට
දිවා රෑ කාරණය..
නුඹේ රස හාදුව
දමා ගසා නුඹ වෙතම
ලැබූ සැනසුමක් නැතිය
තටු කැපූ රිදුම මිස...
කාස්ටක හිත යට
හැඬුව තටු අහිමි මම
දුටුවෙමි තරු නෙතේ
සැඟවගත් නුඹේ රුව..
මට අහිමි නුඹේ ලෙය..
නුඹට රිදවන්නට
විසි කෙරූ හාදුව
සැඟවගත් මොලොක් හද
සොයාගත් අරුම...
මහින්ද මාත්තියි විරහව විදිනව කියලයි මට හිතුනේ. හැක්..
ReplyDeleteඅනේ ඇත්තට මේ දේශටත් හිතෙන එව්වා..:P
Deleteහිටිං සුදෝ
ReplyDeleteඇතෙක් හොඩේ ගහල
එවන්නං අරලිය මලක්..........
හුටා හුටා වැරදුණා වැරදුණා
අරලිය හාල් මල්ලක්
මහේෂ් මතක ඇතුව උගේ බෙල්ලේ සීනුවක් බැඳලා වලිගේ ගිලි සිළුවක් එල්ලලා එවපං හරිය? (හනුමගේ නෑයෙක් වගේ වෙන්ට) :P :P
Deleteඅපූරුයි තනියෝ...
ReplyDeleteතැන්කු බස්සියෝ..:)
Deleteගස් වල අතු රිකිලි වගේ කැපුනු තටු ආයෙ ලියලන්නේ නෑනෙ ..හ්ම්ම් ... දුකයි
ReplyDeleteඔව් හංසි..තටු එහෙම ආයෙත් ලියලන්නේ නෑ.. :)
Deleteඅඩේ.....මට මේක තේරුනේ නෑ බන්....මට පේන්නේ මම බබා වෙලාද කොහේද......
ReplyDeleteහී හී...නිස්කලංක වෙලාවක කියවල බලන්න..එතකොට හරී..;)
Deleteබබා වෙලා? :P :D
ෆිල්ම් එක බලලා වගේ මේක ලියලා තියෙන්නේ.. මරු මරු..
ReplyDeleteමලයට විතරයි ඒක තේරුණේ..:)
Delete