Thursday, November 20, 2014

අකුරු..

වැලිපිල්ලෑවෙන් ගල්ලෑල්ලට
ගල්ලෑල්ලෙන් පත් ඉරුවට..
එතනින් කඩදහියට
දැන් ජංගමයගේ මූණ උඩ
හැඩට ලියැවෙන
සිංහල අකුර,
මම කැමතිම මගෙ මව්බස...


19 comments:

  1. හොඳ සංකල්පනාවක්. ලියන්නෙ කොතන කොහොම උනත්, ඒ අපේ මවුබස.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ්..අපිට අපේ භාෂාවේ ලස්සන සහ වටිනාකම දැනෙනවා මදි නේද?

      Delete
  2. අපිට තාම පින නෑ.. හැක්

    ReplyDelete
  3. මවු බස.....ලෝකෙ වටේ කරක් ගැහුවත් අන්තිමට අපේ හිත නතර වෙන එකම තැන

    ReplyDelete
    Replies
    1. අනිවා!! \m/
      ඒකට එහෙම ආදරයක් ඇතිවෙන්නත් පිනක් තියෙන්න ඕන බං..:D

      Delete
  4. සිංහලෙන් ජාලේ සැරිසරන්න, වැඩ කරන්න ලැබීම කියන්නේ කොම්පියුටරේ කියන තඩි මැෂිම ඇතුලෙන් ජාලේ මුලින්ම දැක්ක වෙලේ පෙනිලා ගිය නමුත් කවදාවත් හැබෑ වෙන එකක් නැහැ කියල පට්ට ෂුවර් එකකින් හිටපු හීනයක් ය.

    එත් ඒ හීනේ හැබෑවෙච්ච කාලෙක ජීවත් වෙන්න , හිංගලෙන් ජාලේ වැඩ කරන්න, කතා බහ කරන්න මම සහ මගේ පරම්පරාවේ අය වාසනාවන්ත වී ඇත...

    ඒ සතුට මේ විදියට හිංගලෙන් කොටන ගොඩක් වෙලාවට මට දැනෙන දෙයකි...

    ------------------

    තනි තරුවෝ...

    බොහොම ලස්සන කාලෙට ගැලපෙන සිතුවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. විභී ඒ සතුට මෙහෙම අපි උඹලා විඳින්නේ හදවතින්මයි නේද? :)
      පොතක පතක පෑනකින් පැන්සලකින් කුරුටු ගාන සිංහල අකුර කාලෙත් එක්ක අපෙන් ගිලිහෙද්දී මෙහෙම ජාලේ කුරුටු ගාන්න ලැබීමම කොයිතරම් වාසනාවක්ද..

      Delete
  5. අපිත් කැමතිම බස තමයි.. ඒකනේ ඉතින් මේවයේ එල්ලිලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ හැතැක්ම බර ගාණක් දුරක හිටියත් උඹ සිංහලෙන් ලියන්නේ නේද?අන්න ඒක වටිනවා මලයා! :)

      Delete
  6. අන්තර්ජාලේ කොහේ සැරිසැරුවත් සිංහල අකුරු දකිද්දි ඇහැ නවතිනව ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් හංසියෝ..:)
      අපි නොහිතන තරම් ආදරෙන් අපේ ඇස් ඒ අකුරු උරාගන්නවා...හුස්ම වගේ..

      Delete
  7. පෝස්ට් ටික එකතු කරලා තියපන් , මේ බොරු බිසී ඉවර වුනු ගමන් ඇවිත් කියවන්නම් .. :P.
    පොස්ටුවක් දැම්මොත් මේලක් දාපං ... prageeth99236@gmail.com

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..උඹ බොරු බිසී (මම නෙවෙයි කිව්වේ) අස්සෙත් මෙහෙම ඇවිත් ගිය එකට තැන්කූ මචං..උඹේ පෝස්ටුවක් එනකල් බලා ඉන්නේ මේ අපි පැල් බැඳගෙන..මීරියබැද්දත් එක්කම ඒ පැත්ත පාළුවට ගිහිං..:)

      Delete
    2. ඔව් ඔව් ඕවා බොරු බිසී...

      Delete
  8. පිටරටකදි මවුබසෙන් බෝඩ් එකක්, පත්තර කෑල්ලක් දැක්කත් සනීපයිනේ. ගල්ලෑල්ලක ලියන්න ආස හිතුනා අර කිරි කිරි ගාන සද්දෙත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ අයියේ..මටත් එහෙම ආසාවක් ඇතිවුණා මේක හිතුණ වෙලාවේ..දැන් ගල්ලෑලි තියෙනවද මංදා...හොයල බලන්න ඕන...:)

      Delete
  9. හිතට හය්යෙන් දැනුන යමක් මේ....

    ReplyDelete