Friday, May 13, 2022

තවත් මැයි දිනයක්

2022 මැයි 02දා.

2022 මැයි 01 නිවැරදිව කියවපු කාටූන් එකක්!

මැයි දිනයේ නියම අරමුණ වැඩ කරන ජනතාවගේ සහ කම්කරුවාගේ ජයග්‍රහණ සහ ශ්‍රම දායකත්වය සැමරීම! ඒ ඇරුණම මැයි පළමුවෙනිදා වෙන්වෙලා තියෙන්නේ කම්කරු අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න.

නමුත්, ලංකාවේ වෙන්නේ ඒක නෙවෙයි. ව්‍යුහමය වෙනසක් හෙවත්  සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලන්න කියලා පටන් ගත්ත අරගලයක් කියලා එකක් ක්‍රියාත්මක වෙන ලංකාවේ මේ වතාවේත් වුණේ ඇත්තම කම්කරු දිනයක් සැමරීමක් නෙවෙයි!

සජබ සහ ජවිපෙ ප්‍රධානව ශ්‍රීලනිපය පවා පාරට බැහැලා ඉල්ලුවේ දේශපාලනිකව ඒගොල්ලන්ගේ කඳවුරු ශක්තිමත් කරවන්න, එයාලගේ දෑත් ශක්තිමත් කරවන්න! රාජපක්‍ෂලාට එරෙහි හටන තමන් බලයට ගෙන ඒමේ අරගලයක් කරගන්න සජබ සජිත් සහ ජවිපෙ අකුදි ගැටෙන හැටි බලා ඉන්න ලස්සනයි👌 ඒ සේරම කම්කරුවා වෙනුවෙන්නේ කියලා හිතෙද්දි මටත් හිතෙනවා ඔන්නොහෙ අරගලේට සහය දෙන්න! 😂

හැබැයි එයාලගෙ දෑත් ශක්තිමත් කරවන්න නෙවෙයි, මගේ දෑත් ශක්තිමත්ද කියලා ටෙස්ට් රන් එකක් දෙන්න😂😂

#රැවටෙනරවටනඅරගල
#ආතල්ලංකා
#සලුසලතමයි

ලංකාවේ මාරාන්තික උපවාස

2022 මැයි 01දා

හැමදාම කියනවා වගේ ජීවත් වීමේ හෝ මියයාමේ අයිතිය තියෙන්නේ තමන්ටමයි, තමන් ගැන. 

එතකොට ලංකාව වගේ රටක මාරාන්තික උපවාස කියන්නේ තනිකරම emotional manipulation එකක්. මොකද ලංකාවේ අපිට ඕන අනිත් මිනිස්සුන්ගේ ඒ අයිතියට හොට දාන්න. ඉන්නකල් අනිත් මිනිස්සුන්ට ජීවිතේ තිත්ත කරන මිනිස්සු පවා ඒ අයිතියට බලපෑම් කරන්න දෙසැරයක් හිතන්නේ නෑ. ඒක දන්න නිසා ලංකාවේ මාරාන්තික උපවාසයක් කවදාවත් මාරාන්තික වෙන්නේ නෑ!

මාරාන්තික උපවාසයක් කරන්න යම්කෙනෙක් තෝරාගන්නවා නම් ඒක ඔහුගේ/ඇයගේ පෞද්ගලික තීරණයක්. යම් කාලයක් දුක් විඳලා මැරෙනවද ක්ෂණිකව මැරෙනවද කියන එකත් ඒ තීරණයේම ප්‍රධාන කොටසක්. එතකොට ඒ අයිතියට ගරු කරලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව වතුර පොවන්න, ලෙමන්පෆ් කවන්න, ජීවනී පොවන්න, සේලයින් දෙන්න, ග්ලූකෝස් දෙන්න යන්නෙ අපි ඉබේම ඒ emotional manipulation එකේ ගොදුරු බවට පත්වෙන හින්දා. ඒ වගේම ඒකට තීරණය ගත්ත කෙනා ඉඩදෙනවා කියන්නෙත් එතන අවංක චේතනාවක් හෝ කැපකිරීමක් නෑ. මං මැරෙන්න යනවා මාව බේරගනිල්ලා  සහ මං මැරුණොත් ඒ උඹලා හින්දා කියන කාරණා දෙකයි එතන මූලික අවිය. අනිත් මිනිස්සු බයයි ඒ චෝදනාවට. ඒ චෝදනාවට ලක්වීමේ අවධානම සහ එතනදී ඇතිවෙන වරදකාරී හැඟීම හින්දා ඒ සිද්ධියට අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. අන්න එහෙම අනිත් අයගේ හැඟීම් දඩමීමා කරගෙන තමන්ට අවශ්‍ය (බොහෝවිට) අන්තිම අසාධාරණ හෝ ප්‍රායෝගික නොවන දේ දිනාගැනීමක් තමයි මාරාන්තික උපවාසයක සරල සිද්ධිය. 

හැබැයි කව්රු හරි මරණාසන්න මොහොතක හරි ජීවත්වෙන්න තීරණය කරනවා නං, ඒ තීරණය ක්‍රියාත්මක කරන්න අනිත් අයගෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා නං ඒ සහයෝගය ලබාදෙන්නත් අපිට මානුෂීය වගකීමක් යුතුකමක් තියෙනවා. ඒකේම අනිත් පැත්ත විදිහට කෙනෙක් ආසාවෙන් ජීවත් වෙන්න හදනවා නං, ඒකට උදලු නොදා ඉන්නත් අපි හැමෝටම මානුෂීය වගකීමක් සහ යුතුකමක් තියෙනවා. 
ඒත් දෙවැනි කාරණය එහෙම වෙන්නේ නෑ! 
මැරෙන්න යද්දි බේරගන්න කතා කළාට ජීවත් වෙන්න හදද්දි මඩ ගහලා, ඕපාදූප පතුරලා, cyber bullying කරලා දහ අට පාලිය නටන මිනිස්සු මැරෙද්දි හෝ මැරුණට පස්සේ පොළවේ පස් කනවා. 

මේ කතන්දරේ තේරුම් ගන්න පුළුවන් වෙනතාක් කල්, අපි හැමෝම කාගෙ කාගෙ හරි psychological game එක්ක ඔට්ටු වේවි. සංසාර චක්‍රය වගේ, හැමදාම!

අරගලය හයිජැක් ද?

2022 අප්‍රේල් 30දා

අරගලය දැං ජනතාවගේ නෙවෙයි! ඒක හයිජැක් කරලා ඉවරයි. ඒක නිසා ඔය ළමයි දැං ගෙදර යන්න 😂😂😂

තාම අවිශ්වාස නං අරලියගහ මන්දිරේ ඉස්සරහ උඩපනින උන්දැලා ටික දිහා විමසිල්ලෙන් බලන්න. ඒ ඉන්නේ ඇත්තම පීඩිත ජනතාව නෙවෙයි අනිවාර්යයෙන්ම කාගේම හරි කුලීකාරයො සෙට් එකක්. උත්සහ කරන්නෙම පොලීසිය එක්ක අනවශ්‍ය ගැටුමක් ඇතිකරගන්න. ඒ කතාව සහ හැසිරීම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි මධ්‍යස්ථව බැලුවොත්. මැරෙන්න පණ අදින උපවාස ලංකාවේ ඕනතරං වෙලා තියෙනවා. ඇත්තටම ප්‍රශ්න තියෙන මිනිස්සුත් ලංකාව දැකලා තියෙනවා. ඇත්තටම ගුටි කෑව උන්වත් ලංකාව දැකලා තියෙනවා. ඒක හින්දා නලුවෝ නිලියෝ අඳුනගන්න බැරි තරම් මෝඩ වෙන්න බෑ මං හිතන්නේ.

#සාමකාමීඅරගල
#රැවටෙනරවටනඅරගල
#සලුසලතමයි
#ආතල්ලංකා

බැංකු අනවශ්‍යයි!

2022 අප්‍රේල් 29දා

මේ රටේ උග්‍ර ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක, 
ඒ ආර්ථික අර්බුදයෙන් පීඩනයට පත්වෙච්ච මිනිස්සුන්ගේ පීඩනය උඩ එක එක පුද්ගලයන්ගේ ජනපති, අගමැති සිහින එළිවෙන්න පොර කන වෙලාවක,
අරගලයේ වෙස්මුහුණු දෙබෑ කරගෙන සැබෑ මුහුණ දොරට වඩින වෙලාවක,
ගැලවිච්ච සලුව යන්තම් සුළැඟිල්ලෙ පටලවගෙන විලිවහගන්න පුරඟනෝ ඒ ගමන..... 
ඊයේ වර්ජනය නොකරපු බැංකුවල තියෙන ගිණුම් වහන්නලු! සම්සාරේ! 😅😅
මෙව්වා මොළ හත්දාහවල්! ❤️

අපි එහෙම කරමු. 🤝
සංසාර කාලයක් දුක්මහන්සියෙන් හම්බ කරපුවා ගෙනල්ලා ලිප්බොක්කේ වලලමු. 
මේ වෙලාවේ එන්න එන්නම වැඩිවෙන හොරු මංකොල්ලකාරයො ටිකට ව්‍යාපාරික අවස්ථාවන් සලසමු. 
ලිප් බොක්කවල් සේරම ගොඩදාලා අඳුනගන්නවට බයේ යන්න කලින් මරලා දානකොට මද්දුම බණ්ඩාරලා වගේ දිවි පුදමු. 
ආර්ථිකය ගොඩ දාගන්න පත්කරපු මිනිස්සුන්ට ඒ වැඩටික හරියට කරගන්න නොදී උදලු ව්‍යාපාරය පටන් ගමු. 

පය බරවායට පිටිකර බෙහෙත් බඳිමු, හා ද?❤️😂😂😂

ප.ලි.
ඔය කියන බැංකු සහ මූල්‍ය ආයතන ගැන මටත් ඇති විශේෂ සත්වකරුණාවක් නෑ! මොකද ඔය කොයි එකෙත් මට පාරිභෝගිකයෙක් විදිහට වැදගත් වෙන්නේ තත්ත්වයෙන් උසස්, ගුණාත්මක සේවාවක් සපයනවද විශ්වාසනීයත්වය රකිනවද කියන කාරණා දෙකයි. අඩුවැඩි වශයෙන් හැමෝම බැංකු සහ මූල්‍ය ආයතනවලින් බලාපොරොත්තු වෙන්නේ ඒ ටිකයි ආයෝජන ප්‍රතිලාභය කොහොමද කියන කාරණාවයිනෙ. 
අරගලයට සහය දුන්නා කියලා උඩ නග්ගල තියෙන සමහර ආයතනවල සේවාව කොයිතරම් හොඳද කියලත් අත්දුටු මිනිස්සු නැතැයි ඉතින් (මං ඇරෙන්න) 😂

#අපේලොජික්
#ආතල්ලංකා
#රැවටෙනරවටනඅරගල

නාහේ කපමු!

2022 අප්‍රේල් 20දා

පෙරුම් පුරලා අඬලා වැලපිලා ණය වෙලා ගෙන්න ගත්ත තෙල් ටික බෙදාගන්න එකට අකුල් හෙලුවොත් ඒකෙන් විඳවන්නෙත් අපිම තමයි!

ආණ්ඩුව එක්ක තරහට බවුසර් ගිනි තිබ්බොත් ඒ පුච්චන්නෙත් අපේම සල්ලි තමයි!

රේල්පාරවල් හරස් කරලා කොට දාලා දහ අට පාලිය නැටුවම විනාශ වෙන්නෙ අපේ පොදු දේපලම තමයි! ඒවා පිළිසකර කරන්න වියදම් කරන්න වෙන්නෙත් අපිටම තමයි!

පාරවල් වහලා කාටවත් ප්‍රවාහනයට බාධා කළොත් ගෙවල්වලට, හදිසියකට, ලෙඩදුකකට යාගන්න බැරිවෙන්නේත් අපිටම තමයි!

මිනිස්සු ලීස් දාලා ණය වෙලා ආසාවෙන් ගන්න ලස්සන වාහන, හම්බකරන් කන ලොරි බවුසර් ගහලා, ගිනි තියලා, විනාශ කරලා දැම්මම බඩේ පාර වදින්නෙත් අපිටම තමයි!

මෙච්චර පරිසර දූෂණයක් වෙලා තියෙද්දි ගමේම තියෙන ටයර් ගෙනත් පුච්චලා වැඩි කරන වායු දූෂණයට විඳවන්න වෙන්නෙත් අපිටම තමයි!

මූණ එක්ක තරහට නාහෙ කපාගන්න එපා ඉතින්🙏

#සාමකාමීඅරගල
#PeacefulProtesters
#srilankatoday