2022 මැයි 01දා
හැමදාම කියනවා වගේ ජීවත් වීමේ හෝ මියයාමේ අයිතිය තියෙන්නේ තමන්ටමයි, තමන් ගැන.
එතකොට ලංකාව වගේ රටක මාරාන්තික උපවාස කියන්නේ තනිකරම emotional manipulation එකක්. මොකද ලංකාවේ අපිට ඕන අනිත් මිනිස්සුන්ගේ ඒ අයිතියට හොට දාන්න. ඉන්නකල් අනිත් මිනිස්සුන්ට ජීවිතේ තිත්ත කරන මිනිස්සු පවා ඒ අයිතියට බලපෑම් කරන්න දෙසැරයක් හිතන්නේ නෑ. ඒක දන්න නිසා ලංකාවේ මාරාන්තික උපවාසයක් කවදාවත් මාරාන්තික වෙන්නේ නෑ!
මාරාන්තික උපවාසයක් කරන්න යම්කෙනෙක් තෝරාගන්නවා නම් ඒක ඔහුගේ/ඇයගේ පෞද්ගලික තීරණයක්. යම් කාලයක් දුක් විඳලා මැරෙනවද ක්ෂණිකව මැරෙනවද කියන එකත් ඒ තීරණයේම ප්‍රධාන කොටසක්. එතකොට ඒ අයිතියට ගරු කරලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව වතුර පොවන්න, ලෙමන්පෆ් කවන්න, ජීවනී පොවන්න, සේලයින් දෙන්න, ග්ලූකෝස් දෙන්න යන්නෙ අපි ඉබේම ඒ emotional manipulation එකේ ගොදුරු බවට පත්වෙන හින්දා. ඒ වගේම ඒකට තීරණය ගත්ත කෙනා ඉඩදෙනවා කියන්නෙත් එතන අවංක චේතනාවක් හෝ කැපකිරීමක් නෑ. මං මැරෙන්න යනවා මාව බේරගනිල්ලා සහ මං මැරුණොත් ඒ උඹලා හින්දා කියන කාරණා දෙකයි එතන මූලික අවිය. අනිත් මිනිස්සු බයයි ඒ චෝදනාවට. ඒ චෝදනාවට ලක්වීමේ අවධානම සහ එතනදී ඇතිවෙන වරදකාරී හැඟීම හින්දා ඒ සිද්ධියට අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. අන්න එහෙම අනිත් අයගේ හැඟීම් දඩමීමා කරගෙන තමන්ට අවශ්‍ය (බොහෝවිට) අන්තිම අසාධාරණ හෝ ප්‍රායෝගික නොවන දේ දිනාගැනීමක් තමයි මාරාන්තික උපවාසයක සරල සිද්ධිය.
හැබැයි කව්රු හරි මරණාසන්න මොහොතක හරි ජීවත්වෙන්න තීරණය කරනවා නං, ඒ තීරණය ක්‍රියාත්මක කරන්න අනිත් අයගෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා නං ඒ සහයෝගය ලබාදෙන්නත් අපිට මානුෂීය වගකීමක් යුතුකමක් තියෙනවා. ඒකේම අනිත් පැත්ත විදිහට කෙනෙක් ආසාවෙන් ජීවත් වෙන්න හදනවා නං, ඒකට උදලු නොදා ඉන්නත් අපි හැමෝටම මානුෂීය වගකීමක් සහ යුතුකමක් තියෙනවා.
ඒත් දෙවැනි කාරණය එහෙම වෙන්නේ නෑ!
මැරෙන්න යද්දි බේරගන්න කතා කළාට ජීවත් වෙන්න හදද්දි මඩ ගහලා, ඕපාදූප පතුරලා, cyber bullying කරලා දහ අට පාලිය නටන මිනිස්සු මැරෙද්දි හෝ මැරුණට පස්සේ පොළවේ පස් කනවා.
මේ කතන්දරේ තේරුම් ගන්න පුළුවන් වෙනතාක් කල්, අපි හැමෝම කාගෙ කාගෙ හරි psychological game එක්ක ඔට්ටු වේවි. සංසාර චක්‍රය වගේ, හැමදාම!
No comments:
Post a Comment