Friday, May 13, 2022

තොරණක කතාව

2022 අප්‍රේල් 17දා

පස්වැනි කොටුවෙන් පෙනෙන්නේ ටකර ටකං ටකර ටකං..

පින්වත්නි, සැඳැහැ සිතින් අප මහා තොරණ් රාජයා නැරඹීමට පැමිණි ඔබ සැම ආදර ගෞරවයෙන් පිළිගන්නා අතර ඔබතුමන්ලා තුමියන්ලාගෙ මෑණි පියවරුන්ද අපි මේ මොහොතේ සිහිපත් කරනවා.
පින්වත්නි, යටගිය දවස අසවල් නුවර කතන්දර තොරණට නැගීම බොහෝම භාරදූර කටයුත්තක්. ඒ මොකද කතන්දර ඒ තරමට ඒ නුවර. ඒ නිසාවෙන් අපි තීරණය කළා විශේෂ අවස්ථා පමණක් ඔබතුමන්ලා තුමියන්ලාගෙ අනුග්‍රාහක දායකත්වයෙන් බිහිවන මේ තොරණට ඇතුළත් කරන්න.

ඉතින් පින්වත්නි, ඔබතුමන් තුමියන්ලාගෙ ශ්‍රද්ධාවත් අනුග්‍රාහක දායකත්වයෙන් ඉදිව ඇති මේ විශාල වයිවර්ණ තොරණ් රාජයා විවෘත කිරීමට නියමිත වෙලාව එනතෙක් මං කැමතියි සිංදුවක් කියන්න.

"වතුර නැතුව කතර මැද්දේ හිට්ටෝත් නං
අතරමැදම නතර වේවි මේ වාගේ
සමහර අය කිව්වා වුණත් අහන්නේ නෑ
වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ
ඊටපස්සේ මොකද වුණේ දන්නවද ඔයා
දන්නෙ නෑ හලෝ කියනවකෝ
ඊටපස්සේ කව්ද බෝයි ගැන කතන්දරේ
කියනවා මං අහං ඉන්න දැං.."🎶🎶🎶🎶

අඃ! ලයිට් ගියා. තොරණ නිවුණා! 😲

නිමිත්ත: අවන්ත ආටිගලගේ කාටූනය

No comments:

Post a Comment