Friday, May 13, 2022

මලුවල බළල්ලු?

2022 අප්‍රේල් 7දා

සිදුවිය යුත්ත එලෙසම සිදුවනවාක් මෙන් ජනතාවාදී අරගලයේ දේශපාලනික මුහුණු ටිකෙන් ටික කරළියට පැමිණෙනු පෙනේ! පීඩිත ජනතාව පලිහක් කරගනිමින් තමතමන්ගේ දේශපාලනික අරමුණු මුදුන්පත් කරගැනීමට කැසකවන දේශපාලකයන් 225 කොටස්කරුවන් නොවන හැඩයක් ද අරගලය තුළ පෙනෙන්නට පටන්ගෙන ඇත.

ජනතාවාදී අරගලයක සිටින බව පවසන බොහෝ දෙනා නොයෙකුත් දේශපාලකයින් ජනපති පදවියේ හිඳුවන්නට ක්‍රියාත්මක වන බවද මේ වනවිට අපක්ෂපාතී ස්වාධීන ජනතාවට පැහැදිලිය!
අරගලයේ මූලික හේතු ඇතැම් නායකයන් පදවිප්‍රාප්ත කිරීම නොවන බව ජනතාව දනිති.
අනුප්‍රාප්තිකයන් සෙවීමට වඩා පීඩිතයාට අවැසි දැවෙන ජීවන ගැටලුවලට විසඳුම්ය!
කරුණාකර කල දුටු කල වල ඉහගැනීමට දත කන ඇත්තන්ගෙන් ප්‍රවේශම් වන්න. 
 
#ආයෙමත්රැවටිලාද

No comments:

Post a Comment