Friday, May 13, 2022

එයා එහෙම නෑ!

2022 අප්‍රේල් 19දා

හොඳටම වටේ යන කොල්ලෙක්/කෙල්ලෙක් ගැන යාලුවො කිව්වම "එයා එහෙම නෑ බං" කියනවා වගේ තමයි දැන් සමහරු අර-ගලේ ගැන කතා කරන්නෙත්! 🤦‍♀️😂

ආණ්ඩු විරෝධී ඕන කෙනෙක් කියන සේරම ඉස්මුදුනින් පිළිගන්නවා.
තමන්ගේ දේශපාලන පක්ෂය කියන සේරම එහෙයි කියලා පිළිගන්නවා. 
බැසිල් කාක්කා ඇරුණම ඈත හිමගිරි හිමව් අරණේ ඉඳන් කාක් කියන ඕනම එන්ජිඕ කාක්කෙක් කිව්වම අන්න පරම සත්‍යය කියලා දෝත් මුදුන් දීලා පිළිගන්නවා.
ඇත්තටම එතන හිටපු වගක්වත් නොදන්න කව්රු හරි කියන පූචානමුත් වීර වික්‍රම හැටියට පිළිගන්නවා.

බයියෝ මීට වඩා පොඩ්ඩක් පරිණතයි ද මන්දා🤣🤣🤣

කවන හැම එකම බග් ගාලා ගිලින්නෙ නැතුව පොඩ්ඩක් විචාරාත්මක බුද්ධියත් ඉඳලා හිටලා පාවිච්චි කරන්න අනේ. ඕක පාවිච්චි නොකර දිරලා යයි.

#නිර්දේශපාලනිකයිලුඉතින්

No comments:

Post a Comment