Friday, May 13, 2022

Dasvi (2022)

2022 අප්‍රේල් 10දා - භාරත සිනමා රසික සමූහයට

Dasvi (2022)

"Darling I've spent only a couple of days with them in a resort, when I feared they'll switch sides. And I have spent half my life with you. When I don't have you by my side how do I expect them to?"

ගංගා රාම් චෞද්රිට අභිෂේක් තරමටම සාධාරණයක් කළ හැකි රංගනශිල්පියෙක්ව හිතාගන්න අමාරුයි. අධි ආත්ම විශ්වාසයෙන් යුතු දේශපාලනඥයෙකුගේ භූමිකාව නිරූපණය කිරීමකට වඩා අභිෂේක් යටපත් කරගෙන ගංගා රාම් චෞද්රි දැනෙනවා.

මගේ පුද්ගලික අදහස අනුව දෙමව්පියන්ගේ (විශේෂයෙන් තාත්තාගේ) සාර්ථකත්වය පසුබිම් කරගෙන විවේචනයට විචාරයට අසාධාරණ විදිහට ලක්වුණ නලුවෙක්. නමුත් චරිතාංග නිරූපණයේ තියෙන හැකියාවෙන් හරියටම ප්‍රයෝජන අරගන්නේ දැන්. පරක්කු වෙලා හරි ඒ අවස්ථා ලැබීමත් ඒවායින් ඔහු උපරිම ප්‍රයෝජන ගන්නවා දැකීමත් ලොකු සතුටක්❤️ කොහොම වුණත් හොඳ පෞර්ෂයයක්, අනිවාර්යයෙන්ම දක්ෂයෙක්.
අභිෂේක්ගෙ Bob Biswas, Ludo සහ   The Big Bullහි අමතක නොවන රංගනයන් අතරට  'Dasvi' හි ගංගා රාම් චෞද්රි නිතැතින්ම එක්වෙනු ඇති.

බිම්ලා දේවි ආරූඪ කරගත් නිම්රත් කෞර් අභිෂේක්ට දෙන්නේ නොදෙවැනි තරඟයක්. ඔතෑනි මෝඩපහේ ගෘහණියකගේ සිට බලයෙන් මත්වුණු කපටි දේශපාලනඥයෙක් දක්වා ඒ විකසනය අපූරුවට බිම්ලා දේවිගෙන් පළවෙනවා.
යාමිගේ චරිතය ටිකක් දැනුණා මදිවුණත් දස්වි අනිවාර්යයෙන්ම ඉතා හොඳ මට්ටමක නිර්මාණයක්💐

AB has aced the character of Ganga Ram Chaudri. It is good to see that Netflix is getting a better use of his potential and personality,though it's bit late. Among the Indian star kids, I believe AB was one who got criticised unfairly by many for his only fault being unable to hit the line set by his father, Big B. Clearly his potential and skill is of a different level to his father. Happy to see he's slowly and steadily making his mark in the industry now. Ganga Ram Chaudri will be another memorable act by AB just as Hemant Sha in Big Bull, Bob in Bob Biswas and Bittu Tiwari in Ludo.

AB was given a tough competition by Nimrat Kaur, the leading lady who potrays Bimla Devi Chaudri. A lovely combo in a way😁 
Though Yami's character could have been improved a little, Dasvi is worth watching.💐

No comments:

Post a Comment