Saturday, May 14, 2022

පට්පට් සහ චකබ්ලාස්

ඉස්සර කතාවක් ගියා රූපවාහිනීයේ. හර්බට් රංජිත් පීරිස් මහත්මයගේ 'හිරුට මුවාවෙන්' නැත්නම් අපි සාමාන්‍යයෙන් කිව්වේ ඉඳිආප්ප ගෙදර කතාව. ශ්‍රියන්ත සහ කමල් typical තරුණ චරිත දෙකක් රඟපෑව මේ නාට්‍යයෙන් පුරුදු වුණ වචන දෙකක් තමයි 'පට්පට්' සහ 'චකබ්ලාස්'.

ඒ වචන දෙක තරම් ලංකාවට සාධාරණ වචන දෙකක් තවත් නෑ.
අපිට ඕන 'පට්පට්' විසඳුම්/උත්තර. ඒත් අන්තිමේදී සේරම 'චකබ්ලාස්!'

ලංකාවේ අපි හරි නොඉවසිලිමත් ජාතියක්. අපි වැඩක් කරන්න ගියහම ඕනෑතරම් කල්මැරුවට වෙන කෙනෙක් ලව්වා කරවන වැඩකදී අපි කෙවිටයි දුම්මලවරමයි අත්දෙකට අරගත්ත ගමන්මයි!

ඡන්ද එනවා. අපිම ගිහින් පක්ෂ, පාට, මතිමතාන්තර සහ පුද්ගලයො බෙදාගෙන ඡන්දෙ දෙනවා. ඒ ඡන්දෙට සැරසෙනතාක්කල් ගෙදර ඉන්න බල්ලා පූසා එක්ක පවා දේශපාලනිකව ගැටෙනවා, හිතවත්කම් යාලුමිත්‍රකම් නැති කරවගන්නවා, මිනීමරාගන්නවා. ඡන්දෙ දවසට රෑ එළිවෙනකල් නිදිමරාගෙන ප්‍රතිඵල බලනවා. ඒ අනුව පහුවදාට හිනාවෙනවද අඬනවද බුම්මනවද කියලා තීරණය කරනවා. ඊටපස්සෙත් විරුද්ධ මත එක්ක ගැටි ගැටි ජනතා නියෝජනය වැඩ කරන හැටිය බලං ඉන්නවා. පත්වූ පාලනයට මනාපය දුන් අය බලං ඉන්නවා වැඩේ ගොඩ දාන කල්, තමන්ගේ ඡන්දේ ආත්මගරුත්වය රැක ගන්න. විරුද්ධ මතධාරීන් බලං ඉන්නවා වරදිනකල්, ඒ වරදට හිනාවෙන්න සහ ඒ මතින් ආයෙමත් තමන්ගේ කඳවුරට බලය ගන්න.

ඔක්කොම පට්පට් ගාලා වෙන්න ඕන!
දවසෙන් දෙකෙන් උපරිම, ලංකාව ගොඩ දාන්න බෑ නම් ඒ සෙට් එක 'චකබ්ලාස්!'
ඒ වෙලේ ඉඳන් හොයනවා අවුරුදු පහකින් ඊළගට ගේන්න දියසේනලා, දුටුගැමුණුලා, කාලිංගමාඝලා, අබු බකර්ලා, සුපර්මෑන්ලා, ඉන්ක්‍රෙඩිබල් හල්ක්ලා, තෝ(ර්)ලා (ස් නෙවෙයි!)
ඊටපස්සේ බලං ඉන්නවා ඒ පට්පට් විසඳුම බලයට ගෙනල්ලා වෙච්ච චකබ්ලාස් undo කරන්න. ආයිත් පට්පට් විසඳුම් නැත්නම් චක්‍රය ආපහු පටන් ගන්නවා.

රටක් විදිහට අපිට පව් කියන්න බෑ. මෝඩයි කියලා තමයි කියන්න පුළුවන්.

දැන් ආයිත් පරණ චක්‍රය කැරකෙනවා.
අලුත් අගමැති කෙනෙක් ආවා. දැන් ආයෙත් සහය නොදෙන්න හේතු හොයනවා. සහය දෙන්නද නොදෙන්නද කඹ අදිනවා.

පොඩ්ඩක් ඉවසමුද?
පට්පට් ගාලා කරන්න ආවේ සක්කරයා නෙවෙයිනේ 🙏
චකබ්ලාස් වෙන්න නොපතා පුළුවන් විදියට සහය වෙමු.
රට ගොඩගන්න මිසක් පුද්ගලයෝ උස්සලා තියන්නවත් වලලන්නවත් නෙවෙයි මේ වෙලාවේ ඕන! 🇱🇰

#srilankatoday
#SriLanka
#visitsrilanka

‼️ නිවැරදි කිරීම:
පට්පට් වචනේ ආවේ පළිඟු මැණිකේ නාට්‍යයේ. මට මතක තිබුණේ දෙකම තිබ්බේ එකම නාට්‍යයේ කියලා. නිවැරදි කිරීම මතක් කළ කමියාට ස්තූතියි Sumith Kalanasiri 🙏

2 comments:

  1. හෑ! මෙන්න යකෝ තනි පොහොට්ටුවා.. සොරි..තනි තරුවා ඒ පාර තනි අලියා වෙලා.. :)))))))))

    චකබ්ලාස් ආවේ හිරුට මුවාවෙන් එකෙන් තමයි.. ඒත් පට් පට් ගාලා සම්තින් ආවේ පළිඟු මැනිකේ එකෙන්..

    ReplyDelete
    Replies
    1. අඩෝ කමියා!! පිස්සුද එහෙම වෙනසක් වෙලා නෑ, මධ්‍යස්ථව හැමදේම දිහා බලං ඉන්නවා.

      තැන්කූ මචං ඒක නිවැරැදි කරන්න ඕන. මට මතක තිබ්බෙ වචන දෙකම එකම නාට්‍යයේ කියලා 😁

      Delete