Friday, May 13, 2022

හිඟන්නාගෙ තුවාලේ (The beggar's wound)

2022 අප්‍රේල් 1දා

හිඟන්නාගේ තුවාලේ කවදාවත් හොඳ නොවෙන්නෙත් හොඳ කර නොගන්නෙත් ඒ, මිනිහගේ එකම ආදායම් මාර්ගය හින්දා. හැබැයි ඒ ස්වාධීන හිඟන්නෙක්ගෙ. මුදලාලි කෙනෙක් යටතේ ක්‍රියාත්මක වෙන හිඟන්නෙක්ගෙ නං තුවාලේ මිනිහගෙ වුණාට ආදායම (වැඩි කොටස) මුදලාලිගේ.

අද මහජනතාව වෙච්චි අපිත් තුවාලයක් තියෙන හිඟන්නෝ. හැබැයි තුවාලේ අපේ. වේදනාව අපේ. අපහසුව අපේ. 
තුවාලේ හොඳ කරගන්න කවුරුත් කියන පළියට අපි අපේ තුවාලෙට ඉහඳ පණුවෝ, කිනිතුල්ලො, කූඩැල්ලො දාගන්නවද? 

හැබැයි අපි ස්වාධීන වීම නවත්තලා මුදලාලි කෙනෙක් යටතට වැටුණොත් අපිට කොච්චර ඕනවුණත් තුවාලේ හොඳ කරගන්න ඉඩක් ලැබෙන්නේ නෑ. අකමැත්තෙන් වුණත් ඉහඳ පණුවො, කිනිතුල්ලො, කූඩැල්ලො දාගෙන තුවාලේ වැඩි කරගන්න සිද්ද වෙන්න පුළුවන්. 

ඒක තමයි මේ වෙන්නේ. අපේ තුවාලේ වෙන අයට කප්රුකක් පහළ කරන එක! ඒ කවුද කියලා දැංම පේන එකක් නෑ අපි කලබලෙන්නෙ ඉන්නේ. හැබැයි බලාගෙන. කඩවර කියන්නේත් වෙස්මූණක් පැත්තක් දේව පැත්තක් යක්ස. හෙවණැල්ලට මුවාවෙච්ච යක්ස පැති තියෙන බව අමතක කරන්න එපා! 
 
A beggar's wound will never be cured. For that's his only way to earn something for himself, possibly for his dependents as well. More severe the wound, more will be his income. 
Wouldn't he like a cure? Possibly. 

What if his wound is commercialised by someone else? 
Those hidden benefactors would never want him to cure himself,even though he would very much like to. He will have to do more harm than cure, for the wound he bears is the treasure of someone else!

That's where we are right now. We bear the wound. We feel severe pain. But we aren't allowed the cure we need. There will be a lot of people who claim to have a cure, but do we know if those are genuine? If they really work? If those have adverse effects on our overall health? 

That's the tricky part. We are desperate for a solution. In midst of our desperation, even Satan could appear as the God, himself. We will not realise the damage we caused, until it's done, and unfortunately it will be too late to recover. 
Tread carefully, for the hell is in loose.

No comments:

Post a Comment