කාලේකට පස්සේ මට හිතුණා මගේ බයිට් කතාවක් ලියන්න ඕනි කියලා..මෙව්වා මෙගා බයිට්-මගේ බයිට් කියලා වුණත් හිතාගන්නට ඇහැකි ඕන නම්..
ඔන්න පින්වතුනි, ගැහැණු උදවියගේ ෂොපිං යෑම ගැන නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවයැ නේද? විවාහක-අවිවාහක, තරුණ-මහළු භේදයකින් තොරව සියළු (නෑ මම හිතන්නේ බහුතරයක්) ගැහැණුන්ගේ ඇස් කාන්තිමත්වෙන්න හේතුවක් තමයි ෂොපිං කියන්නේ (උර එහෙම නෙවෙයි හරිය!).ඔන්න ඉතින් තනියාටත් ඉතින් වෙනසක් නෑ ඕකේ..මහ රාත්තිරිය වෙනකම් හරි කඩ ඇරලා තියෙනවා නම්, ණය කාඩ් එකේ හරි කමක් නෑ සල්ලිත් තියෙනවා නම්, නොයෙකුත් වෛවාරණ ඇඳුම් සපත්තු අරව මෙව්වා අතගාල මිරිකලා ඇඳලා බලලා හරි සැනසෙන්න තියෙනවා නම්, ප්‍රයිස් ටැග්වල අග බිංදු එහෙම කොහේහරි හැලිලා නැතිවෙලා යනවා නම්...හප්පේ...තව මොනවද ඉතින් එහෙනම්..!
ඉතින් ඔන්න ඔය හැම අවුරුද්දකම අවුරුදු කාලෙයි නත්තල් කාලෙයි අපි අනිවාර්යෙන්ම යනවනේ ඔහොම සවාරි..ඔය හැමෝම දන්නවා ඇති නෙව SLECC එකෙත් නිතරම වගේ ඔහොම සේල් තියෙනවයි කියලා.ඒ අවට ඔෆීසිවල බවලත් උදවිය ඕවට දුවන්නේ හරියට හෙළුවෙන් ඉන්නැහේ!හැබැයි ඉතින් ඕවා නමට සේල් ඈ! මොකෝ ඉතින් වෙන අහක රුපියල් 200ක් විතර වෙන චීත්ත සංගියක් වුණත් ඔතැන රුපියල්ම 400ක් විතර වෙනවා..ඒ වුණාට ඔය ආරුක්කු බූරුක්කු අතගාමින් හැඩ බලමින්, බූන්දි ටිකකට එහෙම වග කියමින්, (ආ..මතක ඇතුව දොරෙන් එළියට එද්දිම තියෙන අච්චාරු කඩේටත් යන්න ඕන..) හැප්පි හැප්පි ෂොපිං කිරීමේ වෙනම ආතල් එකක් තියෙනවා පුරුෂ පක්සෙට නොතේරෙන..ඒක නිසා දැන් ඔන්න මායි, අපේ නගායි, අම්මයි තුන්දෙනා ඔය විසාල සේල් පොලට රිංගා ගත්තා..
ගන්න දෙකුත් නැහැ ඇත්තටම..ඒ වුණාට අපිට යන්න කිසිම උවමනාවකුත් නැහැ ඉතිං..ආ පයිං යන්නත් නිකං මොකද්ද වගේ නේ අනේ..කොහොමහරි මං නම් මෙලෝම දෙයක් අරන් නෑ බූන්දි පාර්සලයක් මිසක්ක..අර දෙන්නා නම් මොන මොනවද අරං..කොහොමහරි සාලාවේ වටයක් ගිහිං ආවට පස්සේ අපිට හරි මහන්සියි, තිබහයි..ඔහේලා දන්නවා නෙව ඕකේ කෙළවරක හැමදාම තියෙන මුස්ලිම් සමෝසා කඩෙයි, කීල්ස් මාමාගේ උණු බල්ලෝ ලොරියයි ගැන..සෝස් නාවලා දෙන උණු බල්ලන්ට වඩා මට ඕන වුණේ සමෝසා කන්න..මොකද එතැන තියෙන සකරමොටයි කෑම වෛවාරණයි, විච්චූර්ණයි නිසා..
ඔහේලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනියැ ඔය කඩවල ඉන්න කොලුවෝ මාඤ්ඤං මැක්ස් වෙලා ඉන්න බව ඔය සේල්පොලේ ඉන්න සුකුරුත්තං කෑලි දැකලා..උන්ට සමෝසාවල පවා පේනවා ඇත්තේ කෙල්ලෝ..එච්චරට සෙනග ඉතින්..මාත් ඉතින් සුපින්වතුනි ඔවුන්ගේ පිපාසිත දෑස් මග හැර, ඒවුණාට පොඩි ඇඩ් එකක් වෙමින්, සමෝසා සහ..
පොඩ්ඩක් ඉන්න එතන තියෙනවා රසම රසම රස පාට ෆලුඩා..ඔව් අර රෝසපාට ෆලූඩා..! ඊටත් නොදෙවෙනි රස පාටක චොක්ලට් මිල්ක් ෂේක්! අහෝ ඡේදයකි!..හිරු සඳු එකවර දෙපස නැගේ කළුවර ඇයි විජිතයම මගේ කිව්වලු..!
දැන් මොනවැයි බොල මම බොන්නේ?
රතු පාට යක් තනියා ඔළුවේ වම් පැත්තෙන් මතුවෙලා කියනවා 'ෆලූඩා රසයි බං ඒක ගනිං' කියලා..
සුදු පාට සුරංගනා තනියා ඔළුවේ දකුණු පැත්තෙන් මතුවෙලා කියනවා 'ෆලූඩා පැණිරහ වැඩියි වස්තුවේ, මිල්ක් ෂේක් බොන්න' කියලා..
සුපුරුදු චර්යාවෙන් මිදිලා තනියා තීරණය කෙරුවා සුරංගනා කිව්ව දේ අහලා මිල්ක් ෂේක් බොන්න...ඉතින් ඔය තීරණය ගන්න කල් මම එතැන මක් කොරා කියලද ඔහේලා හිතන්නේ..? ආයේ මොනවද එහාට හැරිලා ඇඩ් බාගයයි මෙහාට හැරිලා ඇඩ් බාගයයි ඇඟිල්ලක් කටේ ගහන් කල්පනා මෝඩ් එකෙන් ඇඩ් බාගයයි අහිබැමක් උස්සන්න තව ඇඩ් බාගයයි..! අන්තිමට සමෝසා 3යි ෆලූඩා දෙකයි මිල්ක් ෂේක් එකයි..!!
දැන් පින්වතුනි මෙව්වා හිටගෙන කෑවොත් ගෙදර යන්න කලින් කකුල් මහත් වෙනවා..ඉතින් අපි සමෝසා පිඟානයි බීමයි උස්සන් අරහෙට මෙහෙට රූං රූං ගාලා යාන්තම් පුටු දෙකක් හොයන් වාඩිවුණා කියමුකෝ..වැඩිහිටි ගෞරවේට කියලා මායි අම්මයි වාඩිවෙලා, නගා හිටගෙන..ඒකත් ඉතින් අර ඇඩ් එකේ ඉතුරු කොටස සඳහාමයි..ඔව් ඉතින් කැෂියර් කූඩුව ඉස්සරහමයි..!
දැන් මම සුරංගනා කියන දේ ඇහුවට අපේ නගාගේ සුරංගනා කියලා තිබ්බා 'අක්කා පව් වස්තුවේ, ඔයාගේ ෆලූඩා ටිකක් එයාටත් දෙන්න' කියලා..ඉතින් අපේ නගා හද පිරී ඉතිරී ගිය සහෝදර ප්‍රේමයෙන් යුතුව මට ෆලූඩා උගුරක් බොන්න දුන්නා...ආයේ මක්කටෙයි එපා කියන්නේ, මාත් පැනලා බිව්වා...
ෂාආආආඅ.....!
කියන්න ඕන වුණේ එහෙම...
මල සේකර කිව්වලු, කටට ගත්තු ෆලූඩා උගුර ගිලෙන්නේ නැහැ යකොව්!
ගිල්ලා ගිල්ලා ගිල්ලා...!!
උන්දැ රෝං සයිඩ් ගිහින්..මට හුස්ම ඉහළ ගන්නත් බෑ, පහළ ගන්නත් බෑ...හිරවෙලා!!
ෆුල් ට්‍රයි එක දැම්ම කහින්න...ම්හු...හෑස්ස්ස්ස්ස් කියලා මගේ පෙනහළු දෙක රේස් වෙනවා...ඒවුණාට ගියර් වැටෙන්නේ නෑ..!
දැන් මට තේරෙනවා මගේ ඇස් වපර වේගෙන යනවා..පපුවත් අල්ලං එක සැරයක් හුස්ම ඇද්දා ආයෙත් ඉතින් ඇද්දම තමයි..!
"සුදු නංගියේ, උඹේ සුරංගනාට පින් සිද්ධ වෙන්න මම ඉතින් යන්න යනවා.." කඳුළුත් පනිනවා...ඒ අස්සේ නගා නිකං මිකී මවුස් කෙනෙක් වගේ වෙලා ඇස් දෙක තිබ්බේ යටි පිල්ලම හරියේ..! මුල් යුගයේ නිහඬ චිත්‍රපටියක් වගේ..හඬ නෑ වැඩ විතරයි...නංගි 'අනේ අම්මා අක්කා' කියන්න වගේ කට අරිනවා තොල් හෙලවෙනවා මට ස්ලෝ මෝෂන් පේනවා..සද්දේ තරමට වටේට මුකුත් ඇහෙන්නෙත් නෑ නේ, ඉතිං මෙච්චර දෙයක් වෙලා ලොකු එකී කූරියා ගහන්න යන බව අපේ අම්මා දන්නෙත් නෑ, මොකද අම්මා ආතල් එකේ ෆලූඩා එක බිබී වටේ පිටේ මිස් වෙච්චි කඩවල් හොයනවා...:D :D
කොහොමහරි මගේ මේ මරුවිකල්ල ගැන අම්මට තේරුණාම මම දැක්කා අම්මා ෆලූඩා එක තියල එක පිම්මක් මම ලඟට පනිනවා..
"අක්කි..අක්කි...අනේ මොකද වුණේ..?" පිටට තට්ටු කරනවා, වතුර ගේනවා, කොටින්ම සෙකියුරිටි අන්කල් පවා ඇවිල්ලා..වටේ පිටේ හිටිය මිනිස්සුන්ගේ උණු බල්ලෝ උන් නොකන නිසා මැස්සෝ ලොවිනවා..කැෂියර් එකේ හිටිය මාඤ්ඤමික කොලුවෝ ටික අයියෝ අපරාදේ තරුණ ජීවිතේ වගේ තක්කුමුක්කු වෙලා බලා ඉන්නවා..
දැන් බොලා අහන්න එපා එච්චර මරණාසන්න අවස්ථාවක ඔය ඕපාදූප සේරම මීටර් වුණේ කොහොමද කියලා එහෙම..එව්වා එහෙමයි..පැස්ටෝල් නැතත් සිස්ටම් වැඩ!
මට කියාගන්න පුළුවනැ ඉතින්..ඇස් වලින් සමුදෙන්න තමයි වෙන්නේ..!
බෑ බෑ බෑ මැරෙන්නේ කොහොමද එහෙම රතූ පාට බූන්දි පාර්සලයක් මගේ බඩට සින්න වෙන්න ප්‍රේමාන්විත බැල්මෙන් බලා ඉන්නකොට..
ඊටත් මේ සෙනග මැද්දේ..! මොන වස නිංගිරාවක්ද මේ මට වෙන්න යන්නේ!
මම හිතුවා පෙණහළු කඩන් යන්න රේස් කරලා හරි ෆුල් ඩම් එක දාල කහිනවා කියලා..
කැස්සා පින්වතුනි කැස්සක්..ආයේ නෑ ඉතින් කාසේට හපන්..කැස්සේ සැප ඇස්වලින් මදිවෙලා නහයෙන් පවා එළියට පැන්නා..කොටින්ම ඇඳන් හිටි වස්තරේ නම්බුවත් ගියා ඕං..බම්බුවේ නම්බුව වගේද බං මගේ හුස්ම පොද..! නැද්ද මම අහන්නේ..පස්සේ නම් ඉතින් මිනිස්සු හිනාවෙන්න ඇති ඉතිං..ඒ වගේද මම නැවත ඉපදීම..!
කොහොමෙන් කොහොමහරි එදා මට මරු කැඳවන්නට හේතුවුණේ අර ෆලූඩා උඩට දාන සර්ව පිත්තල කෑලි ටික!! එතැන තිබ්බ පොඩි නයිලෝන් නූල් කෑලි වගේ රතුපාට එව්වා..අන්න ඒකක් තමයි හැමෝම යන පාරේ යන්න බෑ මම යනවා උඩුගං පාරේ කියලා මගේ ශ්වාසනාලය දිගේ ගමන් කොරලා ඩෙඟක් නැටෙව්වේ..
ඉතින් පින්වතුනි, බොලාගේ කරුමෙට මම කැහැලා හරි තාම ජීවතුන් අතර ඉන්නවා..හැබැයි එදා ගෙදර යනකම්ම අනික් දෙන්නා හිටියේ හෙණ අවුලෙන්..නොමළ හින්දද මන්දා..:D :D
ඕක ඉතින් මෙහෙම පෝස්ට් ලියලා දාන්න තරම් දේකුත් නෙවෙයි බලන් ගියහම..මොකද ආයේ පුරුදු වෙන්න කියලා හිරවෙච්චායැ? ඒත් ඉතින් ඔහොම ප්‍රසිද්ධ සභාවක මාරයාට ඔච්චරටම කිට්ටු වෙන්න ලැබිච්ච මැන්ඩිස් අතිවිශේෂ අවස්ථාවක් ලෙස ඕක අපේ ලොග් පොත්වල සටහන් වෙනවා...
මට තාම ෂුවර් නැත්තේ අර මල් ඇටයක් නහයේ ගිය කුමාරිගේ වගේ හිර වෙච්චි කෙන්ද කැස්සත් එක්ක විසිවෙලා ගිහිං කාගේහරි උණු බල්ලෙක් මත පතිත වුණාවත්ද කියලා..හැක් හැක් හැක්!!
එහෙම වුණා නම් ගැත්තාට සමාවී වදාරනු ඇතැයි සිතන මා,
කැස්සෙන් යලි උපන්,
තනියා..
අඩේ මාරක ෂොපිං ලියද්දි පෝස්ටු 100ක් වෙලාලු!!

ඒක නම් මරු සිද්ධියක්... ලියපු භාෂාව අති ඉහළයි ! හිකිස් :)
ReplyDeleteකලකින් කියවපු ජෝලි පොස්ට් ඒක.
අඩේ දිනේෂ් මලයා..තැන්කූ තැන්කූ වේවා! :D
Deleteඅඩේ අමතක උනා, 100ට සුබ පැතුම්..
Deleteතැන්කූ මචෝ..මටත් ඒක මීටර්වුණේ පස්සේ..උඹ ඇවිත් ගියාට පස්සේ 100 අප්ඩේට් කළේ..:)
Deleteකරුමෙ ඩබල්.පින සිංගල් කිවුවළුනේ.අපරාදේ මල බත.වට්ටක්කයි ,කරෝලහොදියි, ලූණුසම්බෝලයි.මගේ ෆේවරිට්.කොහේද ගෙදර හදන්නේ නෑනේ ඒවා.ඒත් ඉතින් තෝ මලත් ඕක කන්න හම්බවෙන්නේ නෑනේ.කවුරු කියන්නද මලගේ.මේ...අර ඉතුරු මිල්ක් ශේක් ටික දාලා ආවද උඹ?
ReplyDeleteතනියා ඉට්ටැයිල් මරු හොඳේ.....
මම බොට කිව්වා කියලා හිතාගං කටුස්සෝ! හහ්! අනික් දවසේ ඉස්මොලේ ගියොත් මම පටාස් ගාල බොට ඇස් ඇම් ඇස් එකක් ගහන්නම් ඈ..වට්ටක්කයි බතුයි කන්න වර කියලා..:P
Deleteපිෂ්ෂු ද සහෝදරයා..එහෙමත් දාලා එනවද මිල්ක් ෂේක්! මාරක ළිඳේ බයිසිකල් පැදීමෙන් අනතුරුව එකටත් වග කියලම තමයි ආවේ..ආයෙ නැතුව! :D
තැන්කූ ඈ..;)
අම්මපා ඇත්ත සීය නියමයි
ReplyDeleteසුභ පැතුම්
ජ යවේ වා !!!
ආනේ..විදානේ!
Deleteකොහේහරි එහෙනම් ජීවතුන් අතර ඉඳලනේ..
තැන්කූ තැන්කූ :)
එයි උඔ ලියන්නෙ නැද්ද මලදානයෝ
Deleteමෙන්ඩා +++++++
Deleteඕකා වස කම්මැලියා!
අඩෝ මලදානෙ කොහෙද බොල හැංගිලා ඉන්නෙ.
Delete100 ට සුභ පැතුම් ...!
ReplyDeleteකථා විලාශය නම් නියමයි හොඳේ ...!
හරි.. හරි.. ( අඬන්න එපා ) කථාවත් හොඳයි තමා, ඉතිං ... : D : D
සඳරු තැන්කූ තැන්කූ..
Deleteකථාව ලිව්වට වඩා හොඳට ඇති රඟපාලා කිව්වා නම්..හැක් හැක්..
යේල යේලා..............
ReplyDelete100 අගට තව බිංදු දෙක තුනක්ම එකතු වේවා... මේ වගේ බොග් වල මකුළු දැල් නොබැදේවා... ජාති ජාතිත් බොග් පිටුවක ම වාත වේවා
හිහි
ඉට්ටෝරියත් පස්ට ඈ... පස්ටයි කියන්නෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ හිහි
තැන්කූ තැන්කූ මහේෂ්..
Deleteඋඹේ බ්ලොගේ දැකුළු මල් කඩන්නේ නැද්ද?
අපි මළත් ඉට්ටෝරියක් ලියලා හරිය? :P
මාරක ෂොපින්.. හැක්.. හැම උන්දැම ෂොපිං වලදි ඔහොම මාරක අත්දැකීමකට මූණ දීලා ආයිනම් මළත් ෂොපිං කරන්න යන්නේනම් නෑයි කියල සපථ කරනවනම්.. ඒක තමයි පිරිමි අපේ වාසනාව.. ගියා ගත්තා ආවා.. ආතල් එකේ හිටියා..
ReplyDeleteසෙන්චරියට කොන්ග්‍රැට්ස් එහෙනම්.. දෙසීය ලියවෙනකොට අපි ජීවතුන් අතර ඉඳීද දන්නෙත් නෑ ඇයි එච්චර ෆාස්ට් ලියනවනේ.. ජය ශ්‍රී!
කමියෝ උඹ ඇත්තටම ගෑණු ජාතිය ගැන ඕනම හීනයක් දැකපන් ඕක නැතුව..හික් හික් හික්...
Deleteතැන්කූ ෆො ද විෂස්..:)
අපේ මොළේ ලිවිලි භාර අංශය උඹලගේ වගේ ඕල්වේස් ඔන් ඩියුටි නෑ බං..හික් හික්..ඔය වේගේ මදිදි ලියන? :(
මදෑ නොමැරි බේරුනා!
ReplyDeleteසිරාවටම මම හිතුවෙම එදා තමයි දවස කියලා..
Deletehttp://nelumyaya.com/?p=2643
ReplyDeleteතැන්කූ කමී..:)
Deleteතනියම හිනාවෙවී කියෙව්වේ බං. සීයට සුභපැතුම් ඈ! අපරාදෙ තෝ එච්චර හරියක් වෙලත් මලේ නෑනෙ.
ReplyDelete:P
හැක් හැක්..ඇයි යකොව් එදා මලා නම් කෝ තනි තරුවක් අද? :P
Deleteඉස් පොල්ලෙ යනව කියන්නෙ ඕකට වෙන්න ඇති.
ReplyDelete100 ට සුබ පැතුම්
ස්තූතියි මධ්‍යස්ථ :)
Deleteඔව් නේද? සමහරු ඉස්මොලේ යනවා කියනවා..ඉස්පොල්ලේ යනවා කියනවා..පිට උගුරේ යනවා කියනවා..එක එක පැතිවලට ආවේණික වචනවලින් හැඳින්වෙනවා නේද?
ගෑනු එක්ක ෂොපිං යනවට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලාට සිංහල කියලා දෙනවා.
ReplyDelete:D :D මෙන්ඩාගේ එහා ගෙදර බල්ලා නියමෙට සිංහල කතා කරනවා කියන්නේ..:P
Deleteඅඩේ සීයද බොක්කෙන්ම සුභපැතුම් ඈ. පට්ට ජොලියේ කියෙව්වා.නියමයි.ලියපු විදිය එල.
ReplyDeleteතැන්කූ මචෝ..හිනාවක් ආවා නම් එච්චරයි! :D
Delete100 ට සුභ පැතුම් ඈ.තව නූලෙන් මං මැරෙන්නේ හිනාව හිරවෙලා
ReplyDeleteහැක් හැක් හැක්..එහෙනම් එළ..මම කිව්වේ අඩුගාණේ ඔයා හිරවෙන්න ගියේ හිනාව කියලාවත් දැනගෙන හිටියා, අනේ අහිංසක මම ඒකට..හැක් හැක්
Deleteමොනව කරන්නද බං.. උඹ ගෙනාපු ආයුශ තව ඇති.එතකං අපි මේ කරුමෙ අදින්න එපැයි...
ReplyDeleteබොනිකර තරුවගේ සීයට සුභ පැතුම් සමඟින් ආච්චි දක්වා යාමට සුභ ප්‍රාර්ථනා ගෙන එන්නේ...හිතාදර , අවිහින්සක , සුවිනීත , ...... ගස්ලබ්බා විසිනි.
ජයවේවා..!!!
ඇත්ත ගස්ලබ්බා අවිහිංසක සුවිනිතයි සුරා සුදුවෙන් තොරයි කාමයට පොඩ්ඩක් බරයි.
Deleteපොඩ්ඩක්??? අපහාස කරන්න එපා මෙණ්ඩෝ...
Delete'මාව මරපං.. ඒත් මගෙ චරිතෙ ඝාතනය කරන්න එපා'
(මම නෙමෙයි කිව්වෙ.)
හෙහ් හෙහ්...
හැක් හැක්..කමක් නෑ බං කර්මයක් තියෙනවා නම් ගෙවලා ඉවර කරන්නත් එපැයි..
Delete//.හිතාදර , අවිහින්සක , සුවිනීත // කා ගැනද දන්නේ නෑ ඒ කිව්වේ? පැහැදිලි මදි..:P
මෙන්ඩා ++++++++++++++++++
ගස් උඹ තුන්වෙනි ශික්ෂාපදය වැඩිපුර පේන තැනක ගහගෙන ඒ අනුව හැසිරියන්..බලපන්කෝ ලැජ්ජාව ෂිකේ..පුතා උඹ දැන් ඉන්න ඒරියල් එකේ නම් ඔහොම හැසිරෙන්න එපා..දන්නවනේ අර සයිට් එකේ කලින් හිටි *** මහත්තයට වෙච්චි දේ.. :P :P
චැක් විතරක්... එහෙනම් ඒකයි උනේ නේද? මම හිතන්නේ මෙහෙන් චුතවෙන්න කියල හදනකොට අපායේ ලොක්කගේ පඬුපුල් ආසනේ රත්වෙලා සහලෝල උණ අරගෙන උන්දැට... ඒ මනුස්සයාගේ හිතසුව පිණිස උඹව එහෙට බාරගන්න එක ටික කාලෙකට අත්හිටුවන්න ඇති. එක අතකට ඒක එහෙම වෙච්ච එකමයි හොඳ... හැක් !
ReplyDeleteඔය මාරක ෂොපින් නේද? ඔව්ව කියන්න ගියහම වාද බයිලා වගේ වෙනවා. අන්තිමට පටි රෝල් වෙලා. මම නම් ගොඩක්ම ෂොපින් යන්නේ තනියෙන්. හැබැයි මගෙත් අක්කා නියම ෂොපින් මේට් ! දැක්ක දැක්ක දේ කන්නේ හරියට සෝමාලියාවෙන් අද ආවා වගේ. මම කරන්නේ ඇස් කරක කරක කොල්ලෝ හොයනවා.. වැඩේ කියන්නේ උන් දුවනවා මාරදුතිකාව දැක්ක වගේ... පව් නේ මම!?
උඹට කියන්න මචෝ, පඬුපුල් ආසනේ රත්වෙච්චි තරමට මිනිහගේ තට්ටම් දෙකේම දියපට්ටා දැම්මලු නිකං ඉස්සර බබල්ගම් දවටනේ හිටි එකා පුම්බන බෝලේ විතර සයිස්!පව් බං මිනිහා දිවිය ලෝකේ දවස්වලින් සතියක්ම හිටගෙනමයි ඉඳලා තියෙන්නේ..පව් නේ? දිවිය ලෝකේ දවසක් කියන්නේ මිනිස් ලෝකේ අවුරුද්දක් විතර වෙනවා මගේ හිතේ..!ඒ නිසා එයා කිව්වා "ඔයා එන්න එපා සත්තලං, එන්න හදලා මට මෙහෙම වුණා නම් ආවොත් මොකක් වෙයිද" කියලා..
Deleteමාත් තනියෙන් ෂොපිං යන්නත් බොහොම කැමති..මොකද ඕන හැටියකට කාලේ අරන්, හති වැටෙනකල් පෙරලි පෙරලි හරි ෂොපිං කරන්න පුළුවන් නේ..අම්මා එක්ක ගියාමත් අවුලක් නෑ..නගා එක්ක ගියාම එක රාක්කයකට සැරයක්, කඩයකට වතාවක් වගේ බොන්න ඕන වෙනවා..
පව් නේන්නම්..උඹ ඇස් කරකෝන වේගේ වැඩිකමට උන් හිතනවා ඇති උඹ වපරයි කියලා..මීටපස්සේ ඇස් කැරකීමේ වේගේ ටිකක් අඩුකරලා හොයන්ටකෝ බලන්ට..:P
100 ට සුබ පැතුම් !!
ReplyDeleteඅපරාදෙ ෆලුඩ එකක් හිරවෙලා මැරිච්ච පළවෙනිය කියන ගිනස් රෙකෝඩ් එක නූලෙන් මිස් වෙලානෙ.
තැන්කූ ප්‍රසන්න..:)
Deleteඔව් අප්පා..ඒක නම් හැබෑම අපරාධයක්.:( :D
කොහොම හරි පෝස්ට් 100 ලියනකං පණ බේරුනානේ ඒ මදෑ.....! ඒකට සුභාෂිංසන !
ReplyDeleteහැබැයි ඉතින් අර පණ යන වෙලාවෙත් අවට සිද්ධ වෙන ඔක්කොම සීන් කෝන් ඕපා දූප ටිකත් රෙකෝඩ් වෙලා තියෙන නිසා හිතන්න වෙනවා මේ ගෑණුන්ට පණ ගියත් අර සික්ස්ත් සෙන්ස් එක වැඩ නේද කියලා.....! ඒ කියන්නේ කවදහරි මැරිලා මිනී පෙට්ටියේ බුදියගෙන ඉන්නකොටත් පේන්නේ, කවුරු හරි ගෙනාපු මල් වඩමේ තියෙන්නේ දාස් පෙතියද, ඕකිඩ්ද කියලා තමයි.....!
තැන්කූ දුමී..
Delete//ඒ කියන්නේ කවදහරි මැරිලා මිනී පෙට්ටියේ බුදියගෙන ඉන්නකොටත් පේන්නේ, කවුරු හරි ගෙනාපු මල් වඩමේ තියෙන්නේ දාස් පෙතියද, ඕකිඩ්ද කියලා තමයි.....!//
+++++++++++++++++++++
සිරා කමෙන්ට් එක!! හැක් හැක් හැක්!!
මැරිලා එහෙම වුණොත් කියන්නම් ඈ! :P