නික්මන
නුඹෙන් සමුගෙන
සෙමෙන් පියමැන
ඉතින් මම යන්නම්..
එකම වරකට
නුඹේ නෙත් මත
ඇදුණු රුව දැක
ඉතින් මම යන්නම්...
නුඹට පෙරදින
බැඳුණු සෙනෙහස
සිතේ සිරකර
සුසුම් නොහෙලා
කඳුළු නොසලා
නුඹේ රුව නෙත්
පතුලේ රඳවා
ඉඳින් පියමැන
දුරස් වෙන්නම්..,
එකම වරකට
හැරී නොබලා
නුඹේ ප්‍රේමය
රැගෙන දෝතින්
ඉතින් මම යන්නම්...
ඉතින් මම යන්නම්... :(
ReplyDelete:(
Deleteහැම ලවක්ම 'ඉනික්බිතිව ඔවුහු සියල්ලෝම සතුටින් ජීවත්වූහ' කියලා ඉවර වුනොත් නිර්මාණකාරයෝ බංකොලොත් වෙනවා තමයි. :D
ReplyDeleteඅනිවාර්යෙන්ම..;) අපිත් බංකොලොත් වෙනව නේ..:P
Deleteහදේ උණුසුම
ReplyDeleteදැනුණ මොහොතක
අහම්බෙන් හෝ සිනාසෙන්නට
එකම වරක් නතර වෙන්නම් !
සිතින් අදිනවා ආපසු යන්න නොදී ද? :P
Deleteඔබෙන් වෙන්වී ඔබට රහසින්
ReplyDeleteගෙවෙන දිවියේ කඳුළු අතරින්
මැවෙන රසබර මතක ගොන්නේ
හිමින් ඇවිදින්නම්
පෙමක නටඹුන් මත රැදුනු අප
පා ලකුණු මත නුඹේ සුවඳ පොද
සිතින් විඳගන්නම්
ෂා!! කටුස්සගේ කවිය මාරම ලස්සනයි..:)
Deleteකටුස්සාගේ කවියත් ලස්සනයි.
ReplyDeleteමේ කවිය මේ දවස් වල මම ලියාගෙන යන කතාවටත් ගැලපෙනවා.
http://nelumyaya.com/?p=3488
ස්තූතියි අජිත්..:)
Deleteඔව් මමත් කැමති කටුස්සගේ කවියට..
කල්ප ගණනක්
ReplyDeleteබැඳුනු හදවත්
කෙසේනම් වෙන්වී හිඳින්නද
ඔබේ හැඩයට
හදේ ඉදිවුන
කුටිය යලි සිඳ බිඳ දමන්නද
ඔබව සොයනා
දෑස සනසා
යලි හැරී මගෙ ලඟට එනවද
//ඔබේ හැඩයට
Deleteහදේ ඉදිවුන
කුටිය යලි සිඳ බිඳ දමන්නද// +++++++++++++++++++
අඩේ උඹ සිරා පෙම් කවි ලියනවනේ..! අර බ්ලොගේ දැකුළු මල් කැඩුවොත් නරකද මහත්මයා? මේක කියලම මගේ ඇඟිලිත් ගෙවිලා දැන්..:@
හිමි නොවුනු නුඹ මට
ReplyDeleteඅහිමි වූයේ
කෙලෙසදැයි සිතමින්
ඉතින් මම යන්නම්
සබරේ ඇනෝ වෙල්කම් ටු තනි තරුව..
Deleteඒ අදහසත් මරු! :)
.
ReplyDeleteපුන ගැයුම නිමවෙන්න කලියෙන්
එක්වරම මුව ගොළු වෙයි.
වෙණ තත් බිඳෙන හඬකින්
පින්සල් පහර ඇදවෙයි.
ලියා අවසන් නොවූ කවියක්
කසල බඳුනක සැඟවෙයි.
පියා ගන්නට නොදී නෙත් යුග
කඳුළු පොකුරක් දඟලයි
සීනු හඬ දෙනවා තමයි
සිනමාපටය හරි මැද,
උදෑසන පාඩමක් අවසන,
අල්තාරයට නගින්නට පෙර,
සීනු හඬ දෙනවා තමයි.
කුඩා ඉසිඹුවකට පෙර!
ඉන් පසුව කැරකෙන්නෙ පෘථිවිය
පෙරට වැඩියෙන් ලලිත ගමනින්....
මෝඩයෝ,
සීනු හැඬුවේ විරාමයකට පමණය!
~ බස්සි ~
පට්ට කවිය බස්සි!
Deleteසුපර් ලයික් ඈ! :)
නොයන්නැයි කිව නොහැක මට කිසිවිටෙක
ReplyDeleteහිමිකම කල් උකුත් වී ඇති බැවින්
නිශාන්දයේ පිපි පුෂ්පයක් නම්
නිශාන්තයේදී මිය යා යුතුමදැයි
පමණක් ඔබෙන් විමසමි
//නිශාන්දයේ පිපි පුෂ්පයක් නම්
Deleteනිශාන්තයේදී මිය යා යුතුමදැයි
පමණක් ඔබෙන් විමසමි//
හ්ම්ම්ම්...ඒකත් හැබෑව..
එකම වරකට
ReplyDeleteහැරී නොබලා
හැරී නුඹ
යනු කෙලෙස සඳවත
දුන් හීන
හිම මෙන් මිදී
සිර වෙලා ඇත අද
මගේ හදවත
තවත් ලස්සන කවියක් දිලිනි..
Deleteලයික් ලයික්! :)