හිත පහුරු ගාගෙන
හොරහොරෙන් එබෙනකොට නුඹ..
වැලලුණු හීන සුවඳක්
උණනවා තවම හිත් කොණක...
මතක පෙල ගැහී දිගට
මතුවනාවිට හිත් තලට..
හැරී දුවනවා තමා ආයෙම
වැරදෙන්න පටන් ගත් තැනට...
හාදුවකට හැකි තමයි
දිගු නින්දකින් ඇහැරන්න..
සාපයක් හරවන්න
හාදුවක් බර මදි නැද්ද?
ඒ නිසා නුඹ ඔහොම
හිත් කොණක ගුලිවෙන්න
මුළු හිතම දෙන්න බෑ
ආයෙමත් රිදවෙන්න...
හොරහොරෙන් එබෙනකොට නුඹ..
වැලලුණු හීන සුවඳක්
උණනවා තවම හිත් කොණක...
මතක පෙල ගැහී දිගට
මතුවනාවිට හිත් තලට..
හැරී දුවනවා තමා ආයෙම
වැරදෙන්න පටන් ගත් තැනට...
හාදුවකට හැකි තමයි
දිගු නින්දකින් ඇහැරන්න..
සාපයක් හරවන්න
හාදුවක් බර මදි නැද්ද?
ඒ නිසා නුඹ ඔහොම
හිත් කොණක ගුලිවෙන්න
මුළු හිතම දෙන්න බෑ
ආයෙමත් රිදවෙන්න...
ඇත්තටම දුක් බරයි
ReplyDeleteලස්සනයි
ජයවේ!
බොහොම ස්තූතියි වර්ණ..:)
Deleteඑහෙමමත් දවසකට
ReplyDeleteහිටිවනම නතර වෙයි
තත්පර
සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර
අක්බඹරු කෙහෙ කැරලි
පෙලයි යලි යලි පෙලයි
හද සත්සර
කුඩා තාරුකාවක්
ගිනි අරන් පොලවට වැටෙයි
ඇස් තෙත්කර
//සැලෝලයිඩ් සිතුවමක
Deleteඉපැරණි රස්තියාදුවක
විස්තර//+++++++++
පට්ටයි!!
අනන් හරි අක්කෙ ආයෙම නම් මුළු හිතම දෙන්න එපා ;)
ReplyDeleteඅනිවා !! :)
Deleteඕකනේ අපි ලව් කරන්නේ නැතුව මේ අහිංසක විදිහට ඉන්නේ :P
ReplyDeleteපව් දෙයියනේ!! :P
Deleteදෙන හිතක් කොටස් වලට දුන්න නම් හරිනේ!!
ReplyDeleteවරකට එක බැගින්!!
ඈ බං රූපේ කොටස් වෙළඳපොල කියලා හිතුවද? :P
Deleteහාදුවක බර හුස්ම
ReplyDeleteනිදි හිතම ඇහැරාන
නුඹේ මතකෙත් කොනහගෙන
හෙමි හෙමින් පටං ගෙන
සෝලි තියනකොට මටම
ඉන්නෙ කෝමද දුරින් ඉඳගෙන....
ලස්සනයි තරු. ජයවෙවා
උඹේ කවියත් ලස්සනයි..ඒ භාෂාව මරු..
Deleteබිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙනා..
ReplyDeleteසහතිකෙන්ම කමියෝ..මම ආස වචන ටිකක්..
Deleteනොලියවුනු කතාවක
ReplyDeleteනොගැයවුනු ගීතයක
පදවැලක් වැනිය නුඹ
සිතෙහි ලියවුනු කොනක
පෑරුනු සිත් ඇතිව
පියනගන රුවක් දෙස
දුර සිට දකිමි මම
නොදුටුමුත් කිසි දිනෙක