Tuesday, July 14, 2015

විරහව..

හිත පහුරු ගාගෙන
හොරහොරෙන් එබෙනකොට නුඹ..
වැලලුණු හීන සුවඳක්
උණනවා තවම හිත් කොණක...
මතක පෙල ගැහී දිගට
මතුවනාවිට හිත් තලට..
හැරී දුවනවා තමා ආයෙම
වැරදෙන්න පටන් ගත් තැනට...
හාදුවකට හැකි තමයි
දිගු නින්දකින් ඇහැරන්න..
සාපයක් හරවන්න
හාදුවක් බර මදි නැද්ද?
ඒ නිසා නුඹ ඔහොම
හිත් කොණක ගුලිවෙන්න
මුළු හිතම දෙන්න බෑ
ආයෙමත් රිදවෙන්න...



15 comments:

  1. ඇත්තටම දුක් බරයි
    ලස්සනයි
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ..:)

      Delete
  2. එහෙමමත් දවසකට
    හිටිවනම නතර වෙයි
    තත්පර

    සැලෝලයිඩ් සිතුවමක
    ඉපැරණි රස්තියාදුවක
    විස්තර

    අක්බඹරු කෙහෙ කැරලි
    පෙලයි යලි යලි පෙලයි
    හද සත්සර

    කුඩා තාරුකාවක්
    ගිනි අරන් පොලවට වැටෙයි
    ඇස් තෙත්කර

    ReplyDelete
    Replies
    1. //සැලෝලයිඩ් සිතුවමක
      ඉපැරණි රස්තියාදුවක
      විස්තර//+++++++++
      පට්ටයි!!

      Delete
  3. අනන් හරි අක්කෙ ආයෙම නම් මුළු හිතම දෙන්න එපා ;)

    ReplyDelete
  4. ඕකනේ අපි ලව් කරන්නේ නැතුව මේ අහිංසක විදිහට ඉන්නේ :P

    ReplyDelete
  5. දෙන හිතක් කොටස් වලට දුන්න නම් හරිනේ!!
    වරකට එක බැගින්!!

    ReplyDelete
    Replies
    1. ඈ බං රූපේ කොටස් වෙළඳපොල කියලා හිතුවද? :P

      Delete
  6. හාදුවක බර හුස්ම
    නිදි හිතම ඇහැරාන
    නුඹේ මතකෙත් කොනහගෙන
    හෙමි හෙමින් පටං ගෙන
    සෝලි තියනකොට මටම
    ඉන්නෙ කෝමද දුරින් ඉඳගෙන....

    ලස්සනයි තරු. ජයවෙවා

    ReplyDelete
    Replies
    1. උඹේ කවියත් ලස්සනයි..ඒ භාෂාව මරු..

      Delete
  7. බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙනා..

    ReplyDelete
    Replies
    1. සහතිකෙන්ම කමියෝ..මම ආස වචන ටිකක්..

      Delete
  8. නොලියවුනු කතාවක
    නොගැයවුනු ගීතයක
    පදවැලක් වැනිය නුඹ
    සිතෙහි ලියවුනු කොනක

    පෑරුනු සිත් ඇතිව
    පියනගන රුවක් දෙස
    දුර සිට දකිමි මම
    නොදුටුමුත් කිසි දිනෙක

    ReplyDelete