Friday, December 28, 2018
Wednesday, December 26, 2018
Sunday, December 23, 2018
ඇත්ත
විප්පයෝගයෙන් පෙලි පෙලි
මගේ තුනී තුරුණු හදවත
උඹ එතැයි බල බලා ඉන්නකොට
උඹෙන් හිස්වුණ ඉඩට
ඌ ඇවිත් හෙමිහිට
මා ලඟින් හිටියම
උඹ නැතිව මගේ හිත
ඌ වටා එතුණට
ඔව්, මම වැරදිකරු ස්වාමිනී
එල්ලා මරාපල්ලා මාව!
ඌ ගියේ පෙම ගැන
මගේ හැම හැඟුමක්ම අරගෙන,
උඹට විතරක් තිබ්බ ටික නැතුව..
දැන් ඉතින්..
උඹ කොහොමටත් නැතුව
උන්නොත් එකයි මළොත් දාහයි
මට..!
මගේ තුනී තුරුණු හදවත
උඹ එතැයි බල බලා ඉන්නකොට
උඹෙන් හිස්වුණ ඉඩට
ඌ ඇවිත් හෙමිහිට
මා ලඟින් හිටියම
උඹ නැතිව මගේ හිත
ඌ වටා එතුණට
ඔව්, මම වැරදිකරු ස්වාමිනී
එල්ලා මරාපල්ලා මාව!
ඌ ගියේ පෙම ගැන
මගේ හැම හැඟුමක්ම අරගෙන,
උඹට විතරක් තිබ්බ ටික නැතුව..
දැන් ඉතින්..
උඹ කොහොමටත් නැතුව
උන්නොත් එකයි මළොත් දාහයි
මට..!
Sunday, October 21, 2018
Friday, October 19, 2018
Thursday, October 18, 2018
Wednesday, October 10, 2018
Monday, October 8, 2018
Friday, October 5, 2018
තනියාගේ ජංගම දුරකථන ඉතිහාසය
ඉතින් පින්වත් බ්ලොග් රසික රසිකාවියනි, තනියාගේ බයිට්වීම් ඕනෑතරම් මේ වෙද්දි ඔහේලා කියවලා ඇති. එහෙමයි කියලා නොලියා ඉන්නවා නෙවෙයි. ලියන්න ලියන්න මුවහත් වෙනවයි කියලා කතාවක් තියෙනවා නෙව. ✍
ඉතින් පින්වත් රසික රසිකාවියනි, තනියා නමේ හැටියටම තමයි ඉතින් වැඩ. ඔය විසාකාවක් සේ හෙමිහිට ඇවිදින්න, ඇසෙන නෑසෙන ගණනට කතා කරන්න, අහිංසක ලාලිත්‍ය මවා පාන්න වගේ "වනිතා වැඩ" මේ ඇත්තිගේ බොහොම අඩුයි. ඉතින් මේ කසිලි බිසිලි ගමන එහෙම නිසාත් කිව යුතු දේ සක්කර දෙයින්නාන්සෙට උණත් කියලා දාන හින්දත් තනියට වෙන විපත්තිවලින් නම් අඩුවක් නැහැ. ඒ වගේ සමහර දේවල් විපත්වලට වඩා පෙරණයක් ලෙස ක්‍රියාත්මක වෙලා තනියාට නොදිරන (මේ කියන්නේ කසල ගැන නෙවෙයි ඒත් කසල වගේ දේවල් ගැනයි ) මිනිස්සු සහ දේවල් අයින් කරලා මාර්ගය පිරිසිදු කරලා දෙන අවස්ථාත් නැතුවා නෙවෙයි.
ඉතින් මේ වගේ අද පාන්දරින් සිද්ධ වුණ විපැත්තියක් නිසා තනියා අද දවසම ඉතා මළ මුස්පේන්තුකමිනුත්, අනාගතය පිළිබඳ විශාල විචිකිඡ්ඡාවකිනුත් තමයි ගත කරන්න යෙදුණේ.

Thursday, September 20, 2018
Tuesday, July 31, 2018
කුවේණි
මෙතන ඉඳන් ඈතට දිවෙන තද නිල් පාට මුහුදයි තඹ පාට වැල්ලයි ඊටත් උඩින් විසිරුණු සැහැල්ලු ලා නිල් අහසයි කුවේණි දකින්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයි..ඒත් ඒ මුහුදු නිලයි, අහස් නිලයි, තඹ පාටයි, ගස් ගොමුවේ කොළ පාටයි කවදාවත් ඈට එපා වුණේ නෑ.. කුවේණිට දැනෙන්නේ ඒ සේරම අයිති ඒත් අයිති කරගන්න බැරි, ලස්සන වුණත් වචන කරගන්න බැරි හීනයක් වගේ. ඈ සළුවක් වියන්න මෙතනම තෝරගන්න හේතුවත් ඒකමයි. ඒක තමන්ගේ තැනක්ය කියන්න හිමිකමක් නොපවරවාම කුවේණි ලියාගෙන හිටියා. සළුව වියන්නම විතරක් නෙවෙයි කුවේණි මෙතනට එන්නේ, එතනට තියෙන මිදෙන්න බැරි ලෙන්ගතුකමක් හින්දා. ඇයි කියලා නිශ්චිත හේතුවක් නැති බැඳීමක් ඈට මෙතනට තියෙනවා. තනිවෙන්න හිතුණම, හිත රිදුණම, සතුටක් ඇතිවුණාම ඒ කොයි හැඟීමත් බෙදාගන්න ඇයට මතක්වෙන්නේ මෙතන.
ජීවිතේ හිමින් ගලනකොටත් සුනාමියක් වගේ වියරු වෙනකොටත් ඈ මෙතන මෙහෙම වාඩිවෙලා සළුව වියනවා හරියට තමන්ගේ වටේ රාක්ෂයෝ කැරකෙන බවක් නොදන්නවා වගේ.
ඇත්තටම කුවේණිට සළුවක් වියන්න ලොකු ආසාවක්වත් හීනයක්වත් තිබ්බේ නැහැ. සමවයසේ කෙල්ලෝ සළු වියන්න හීන දැක්කේ වැඩිවිය පත්වෙන්නත් කලින් ඉඳන් වුණත් කුවේණිට ඒ ගැන කිසිම විශේෂත්වයක් තිබ්බේ නෑ. හැබැයි හිත පිරෙන්න ආදරේ කරන්න නම් කුවේණිගේ හිතේ ලොකු හීනයක් තිබ්බා. සමහරවෙලාවට සළු වියමන යටපත් කරගෙන ඇගේ හිත අතීතයේ කිමිදෙන වෙලාවල් තියෙනවා. ඒත් එහෙම ආදරයක් හමුවුණාද කියන ප්‍රශ්නාර්ථයෙන් ඈ ඒ හීනවලින් මිදිලා ආයිත් සළුව වියන්න පටන් ගන්නවා.
කුවේණි දැනගෙන හිටියා මේ ලෝකේ වියපු කිසිම සළුවක් සර්වසම්පූර්ණ නැහැ කියලා. අණ්ඩ දාගෙන වියපු සළු පැත්තකින් නවලා තියන් නිරුවතින් උන්නු උන් අතරේ තමන් වියාගත්ත සළුව ඇඳන් ඇවිදින්න තරම් හයියක් කුවේණිට තිබ්බා. ඒත් ඒ ගමන තමන්ගේ ආත්ම අභිමානයට විතරක්ම වෙන ගමනක් බව කුවේණි තේරුම් අරන් හිටියා.
ඇත්ත කොයිතරම් තිත්ත වුණත් තමන්ගේ වියමනට ලකුණු දෙන්නවත් ඒක අනෙක් වියමන් එක්ක සන්සන්දනය කරන්නවත් කුවේණි උත්සහ කරන්නේ නැහැ.. හිත කලකිරවගෙන අතෑරලා දාන්න බැරි තැනකට තමන්ව ගෙනාපු සළුවක් තියෙන ඕනම කෙනෙක් තමන් වගේ හිතනවා ඇති කියලා චරිත සහතික දෙන්න කුවේණිට බැහැ. සමහරවිට එහෙම අතෑරලා දාලා අළුත් සළු වියන්න ගත්තු මිනිස්සු ජීවිතේ සුන්දරයි කියනවත් ලෝකේ නිරුවතින් ඇවිදින අනික් උන් ඒවට හිනාවෙනවත් කුවේණි දැකලා තියෙනවා.

Saturday, July 14, 2018
ෆිට්නස් රැල්ලේ නන්නත්තාරවීම!
ලංකාවේ බහුතරයක් පුරුෂයෝ තමන්ගේ බිරින්දෑවරුන්ගේ රූපය පවත්වාගෙන යාමට තියෙන අලසකම ගැන විවිධාකාරයේ චෝදනා කරනවා. භාර්යාවෝ කියනවා එහෙම නෙවේය, අතීතයේ වාගේ තමන්ගේ හැඩ බලන්න තමන්ගේ පුරුෂයාගේ කිසිම උනන්දුවක් නැතිය කියලා. කොහොමවුණත් ඔය කතන්දරවල දෙපැත්තක් තියෙනවා. භාර්යාවන්ගෙන්ම පටන් ගනිමුකෝ. දැන් ඔය අද කාලේ ඉන්න භාර්යාවෝ බහුතරයක් පුරුෂයන්ගේ ඉළ ඇටයකින්ම මැවිච්ච එකේ ආනිශංස ඉහටත් උඩින් විඳවමින් ඉන්න බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. උදේ පාන්දර උයා පිහාගෙන, දරුවන්ට බව්වන්ට පූසන්ට කන්න බොන්න දීගෙන, දරුවෝ ලකලැහැස්ති කරගෙන, මනුස්සයගේ ගෙම්බර් බලාගෙන, උන්දැටත් බත් බැඳගෙන රස්සාවට දුවලා යහපාලනෙන් කිව්ව හැටියට කාර් ගන්න බැරිවෙච්චි හින්දා බස්වල, කෝච්චිවල තෙරපිලා, තැම්බිලා, පෑගිලා, හිංසනයට ජැක් ගැසීමට ලක්වෙලා එහෙම කාර්යාලයට යනවා. එතනත් පැය 9ක් තිස්සේ මැරිලා (අයිස් ගහන ඇත්තියෝ ඇරුණුකොට) ආයිත් උදේ විදියටම බස්වල, කෝච්චිවල තෙරපිලා, තැම්බිලා, පෑගිලා, හිංසනයට ජැක් ගැසීමට ලක්වෙලා කීල්ස්, කාගිල්ස්, ආපිකෝ නැත්නම් හන්දියේ කඩෙන් බඩු මල්ලකුත් උණ්ඩි කරන් ගෙදර ගිහින් උයලා පිහලා, පොඩි උන්ගේ හෝම්වර්ක් කරවලා, මනුස්සයගේ ටීවී චැනල් මාරුව දිහා උපේක්ෂාවෙන් බලන් ඉඳලා, උන් සේරටම කවලා පොවලා නිදිකරවලා එහෙම මහ රෑ ජාමේ නින්දට යනවා. ඉතින් ඒ අස්සේ මූණූ පොත්වලයි පොෂ් අක්කිලායි, නිළි නංගිලයි එහෙම කියනවා අපි වර්ක් අවුට් කරනවාය, ඩයට් කරනවාය, දවසට පැය බාගයක් තමන්ට කියලා වෙන්කරගන්න කාන්තාවෝ හැමෝම උත්සහ කරන්න ඕනය කියලා. එතකොට අපේ භාර්යාවෝ එක්ක දත්මිටිකනවා නැත්නම් හූල්ල හූල්ල ඊලඟ දවසට ලකලෑස්ති වෙනවා.
එතකොට පුරුෂයෝ මොකද කරන්නේ..?
Tuesday, May 29, 2018
ප්‍රස්න..!
නින්දක් නැතිය
මට ඉන්සොම්නියාවය
ඇහැ වසන්නට ගිය තැන
දහසකුත් ප්‍රස්නය
රටේ ලොවේ ඒවාය
එව්වා විසඳන විට
කෝපි තිබහය
බඩගිනිය
සාලේ මැද මේසෙක
තුනීවට වැඩ හිඳන්
උකුල්-උඩ තුමෝ
මට අඬගසනවාය
චිත්‍රපටියක් බලමුදැයි
පුරුෂයෙක්වත් නැති තරම්
ආදරෙන් අහනවය
හුස්මක් හෙලාවත්
හැරෙන්නට බැරිය
මටත් ඇත්තේ
ගෑණු හිතමය
ඒ අතරපතරින්
හිතුවිලිත් මැවෙනවය
ලියාපියකෝ කියා
හිත බැණ අඬනවය
කොටන්නට මැලිකමට
අලගු තියතියා මං
කළුම කළු කෝපිවල
කිඹුල් තඩි හොයනවය!
මට ඉන්සොම්නියාවය
ඇහැ වසන්නට ගිය තැන
දහසකුත් ප්‍රස්නය
රටේ ලොවේ ඒවාය
එව්වා විසඳන විට
කෝපි තිබහය
බඩගිනිය
සාලේ මැද මේසෙක
තුනීවට වැඩ හිඳන්
උකුල්-උඩ තුමෝ
මට අඬගසනවාය
චිත්‍රපටියක් බලමුදැයි
පුරුෂයෙක්වත් නැති තරම්
ආදරෙන් අහනවය
හුස්මක් හෙලාවත්
හැරෙන්නට බැරිය
මටත් ඇත්තේ
ගෑණු හිතමය
ඒ අතරපතරින්
හිතුවිලිත් මැවෙනවය
ලියාපියකෝ කියා
හිත බැණ අඬනවය
කොටන්නට මැලිකමට
අලගු තියතියා මං
කළුම කළු කෝපිවල
කිඹුල් තඩි හොයනවය!
Monday, February 5, 2018
Saturday, January 20, 2018
නැතිවීම, නැතිවී ඇති බව දැනගැනීම සහ සෙවීම
සාංසාර කාලයකට පස්සේ වගෙ දැනිච්ච දිග කාලයකට පස්සේ ලෙන්ගතු හැන්දෑවක් ගෙවන්නට ලැබීමේ හීනි සතුටක් එක්ක මට ආයෙමත් බ්ලොග් එක මතක් වුණා. ඒ 'සෙව්වා' නිසා. සමහර කාලවල අන්තරස්ත්දාන වෙලා හිටියත් ආයෙමත් පුරුදු හිනා කටහඬින්ම මට කතා කරලා මහ බැංකුව(ක්) කඩන්න තරමට හම්බෙන්න සැලසුම් ගහලා ඒත් හම්බෙන්න බැරිවෙච්ච අවුරුද්දකට විතර පස්සේ ආයිමත් 'සෙව්වා' මට හම්බුණා, තවත් ඒ වගෙම සුන්දර මිතුරියෙක් එක්ක.
මම බ්ලොග් එකක් කරන බව දැනගත්ත දා ඉඳන් ඒකේ පරණ පෝස්ටු පවා ඇද ඇද, මහා හයියෙන් හිනාවෙවි ඒවා උපරිමයට රස විඳපු (සමහරුන්ට හිනා නොයන ඒවාට පවා), හිනාව ඉවසගන්න බැරි වෙලාවට මට කෝල් කරලා "මම කැමතිම උඹ උඹටම හිනාවෙන එකට. හැමෝටම ඒක කරන්න බෑ" කියකියා හිනාවෙන, සමහර පෝස්ටුවල අතීත කතා, නිධාන කතා හාරාවුස්සන්නෙ නැතුවම ඒවා රස විඳින්න පුළුවන් සෙව්වා, අදත් ඒ ගැන අනෙක් යාළුවට කියද්දි එහෙම රසවතෙක් ඉතුරුවීම ගැන මට නිහතමානී සතුටක් ඇතිවුණා. මම හිතන්නෙ ඒ සතුටයි සෙව්වාටම පින් සිද්ධවෙන්න ගෙව්ව රසබර පොතක් එළිදක්වීමේ හැන්දෑවයි හින්දා මට ආයෙමත් ලියන්න ආස හිතුණා. ඉතින් සෙව්වාට පින්!
ලියන්න දහසකුත් දේවල් හිතට ආවත්, අකුරක් නොලිව්ව තනියාට මම මග දිගට නෝක්කාඩු කියකියා ගෙදර ආවා. තනියාගේ හිතට බොහොම දක්ෂ නීතිඥයෙක් ලැබිලා තිබ්බා. උන්දෑ තනියාගෙන් ඇහුවා "හැමදාම පොඩි දේටත් කඳුළු පෙරන් හිනාවෙන උඹ අන්තිමටම එහෙම හිනාවෙච්ච දවස මතක් කරපන් බලන්න" කියලා. තනියා තට්ටමට හෙණ්ඩු පාරක් වැදිච්ච අලියෙක් වගේ බීරාන්තවෙලා හයිලෙවල් පාරේ නැවතුණා.
නෑ, අලියෙක් වගේ මතක ශක්තියක් තියෙන තනියට ඒක මතක නෑ. ඒ තනියා නැතිවෙලා බව මට තේරුණේ එතකොටයි.

Subscribe to:
Posts (Atom)