Saturday, April 4, 2015
Thursday, April 2, 2015
අවුරුදු උල්
අළුත උපන් එකා
ඉර එක්ක තරහට
ගිරියේ සයිරන් එක
ඩීජේ එක පරාදයි..
අහළ පහළ කට්ටියම
කර දික් කරකර බලයි...
'පිස්සුද මන්දා පොඩි උනුත් ගෙනත්'
තුනී සංස්ථා ලෑල්ලක
රතු පාට කටක්..!
තරහා ගන්නත් බැරි තරම්
මට බොහොම වෙහෙසයි..
ඒ ඔක්කොමත් අස්සේ..!
ඒසීයේ ගොරොද්දය
බඩු ලැයිස්තුවත් උදුරන්..!
අම්මාට, තාත්තාට,
මාමණ්ඩීට, නැන්දම්මාට,
අරූට මූට, මූට අරූට
උල් සපත්තුවක ඇමිණිලා
රාක්කයක් ලඟ නතරවෙන..
'අනේ ඒයි අර ලිස්ට් එක'
පුළුවන් තරම් වෙට්ටු දමාන
සපත්තුව පස්සෙන්
දුවන පෙම්බරාට,
'මේ මොන සමයමක්'ද
සපත්තුව රවන..
'මිස්, මගේ ලිස්ට් එක
පයට පෑගිලා නේද?'
'ආහ්..සොරි, ගන්න'
වැදුණ උල් පහරට
දෙකඩ වුන කොළය
'ඔය ඇති සුදූ අපි යමු
පොඩි එකාගේ කිරිපිටිත්
ඉවරයිනේ අද රෑට..'
පසු සටහන:
කවිය සාර්ථක නැතුවා ඇත.ප්‍රස්තුතයක් ලද නිසා ලිවීමි.

Monday, March 23, 2015
පළවෙනි එක..!
දැන් ටික දවසකට කලින් අපේ දේශකයා ලියලා තිවුණා නේ "පළවෙනි පාර" ගැන..ඕක කියෙව්වම මට මතක් වුණා තවත් පළවෙනි පාරක්..
එතකොට මම පොඩියි..පොඩියි කියන්නේ 2 වසරේ..කලින් "එකා යකා" ලියද්දිත් මම කිව්වානේ පොඩි කාලේ එච්චර එළියට පහළියට බැහැලා සෙල්ලම් කරන්න ලැබුණේ නෑ කියලා..ඒකට ඉතින් සාධාරණ හේතු තිබ්බා හරිය?
අපේ ගෙවල් ලඟ හිටියා නිමල් කියලා කොල්ලෙක්..ඒ කොලුවා හිටියේ නැන්දා කෙනෙක්ගේ ගෙදර මම හිතන්නේ අම්මා තාත්තා නැහැ වගේ මොකක් හරි නිසා තමයි එහේ නැවතිලා හිටියේ..ඒ ගෙදර නැන්දාගේ වුණාට උන් මේ ළමයට සැලකුවේ වැඩකාරයෙක් හැටියට මිසක් ඥාතියෙක් හැටියට නම් නෙවෙයි..ඒ නිසාමද මන්දා මිනිහා මහාම මහා ඇට්ටරයා..5 වසරේ හිටියට නිකන් 2 වසරේ විතර ඇති උන්දැගේ සයිස් එක..වැඩ ගත්තත් හැබැයි ඒ ගෙදරින් ඒකව ඉස්කෝලෙත් යැව්වා..මම හිතන්නේ ගෙදර තියාගන්න බැරිකමටම වෙන්න ඇති..:D

Thursday, March 19, 2015
ජාතික කොඩි ගීත මක්කටද?
කාලෙකින් මේ පැත්තට එන්නට බැරිවුණාය.පහුගිය දොහේ නාහේටත් උඩින් වැඩ ගොස් ඉස්මොළේ ගියාය.ඒකට බලා උන් උදවිය(හිටියා නම්) සමාව අයදිමි ය.
ඕකෙන් මේකෙන් මරු මරු වැඩ ටිකක් ගැන යාවත්කාලීන වුණේත් ආවාට ගියාටය.මෝඩිත් ඇවිත් ගියාලුය.දකුණු පළාත් සභාව තියා බස්නාහිරටවත් ගිය බව ආරංචි නැතත් උතුරට නම් ගිය බවක් දුටුවෙම්ය.එව්වා යුතුකම්ය!
අපේ පඹාදිපති තැන්පත් සිරිසේන උන්නැහේත් එංගලන්තේ ගොහින් ඇවිල්ලා පුරාජේරු ගසා තියෙනුත් දුටුවෙම්ය.
"මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳ. බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සේලා දකින්න ඇතිනේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා.
නිල නිවසෙන් එළියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්‌කගෙන ගියේ. බ්‍රිතාන්‍ය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස් ගලවලා."
-දිවයින 18/03/2015

Tuesday, March 3, 2015
යහපාලිතයන් අවංක ද?
"බහුතර" යහපාලන අනුගාමිකයන් නිරීක්ෂණයෙන් පෙනී යන දේ:
1.පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝ / කුහකයෝ
යහපාලනයට කඩේ ගිය/යන ඇත්තෝ බහුතරයක් "මහින්ද ඇර ඕන එකෙක්" යන තදබල පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝය.බොහෝවිට සොයා බලද්දි ඊට හේතුව මහින්දගෙන් ඍජුව සිදුවූ දේකුත් නොවේය.කොටින්ම කාලා ඇඳ ඉන්නට බැරිතරම් කිසිම දුකක් ඇත්තේත් නැති උන්ය.ඒවුණාට උන්ට ප්‍රෙෂර්ය.ඒ ප්‍රෙෂර් එක කාගේ හෝ පිටින් ඇරියේ නැතිනම් අමාරුය.වැරදිලාවත් මහින්දට පෙර ජනාධිපතිව හිටියේ සිරිසේන නම් ඒත් ඔය මන්තරයම මතුරනු නොඅනුමානය.සමහරුන්ට තමන්ගේ නොහැකියාව හෝ නොලැබීම, ඊර්ෂ්‍යාවෙන් මඩිනු ලදුව පිටාර ගලන්නට මිටි තැනක් සොයනා සිත ජනප්‍රියත්වයක්, හැකියාවක් ඇත්තෙක් සොයා ගලනවාය. මෙවන් සමහරක් සංගක්කාර නොව තමාගේම එකෙක්වුව දියුණට පත්වනවා දක්නට බැරි අමන කුහකයෝය.මෙවන් සමහරක් වයසින් මෝරා ගියද නාමික ගුණධර්මයන් ගැන වැදි බණ තෙපලන්නෝය.
Subscribe to:
Posts (Atom)