සබැඳිය..
නිශ්ශබ්දයි හැමතැනම...
මතක ඇති කාලෙක ඉඳන් මම ආසා කළේ නිහඬකමට..ඒත් මේ නිහඬකම වගේ එකකට නෙවෙයි...මේක මට නුහුරුයි..
ශෂී ඉන්නකොට ගෙදර නිශ්ශබ්ද නෑ..මම හැමදාම කළේ ඒ තොරතෝංචියක් නැති ගීතමය හඬ අහන් ඉන්න එක..අතීතේ, වර්තමානේ, අනාගතේ ඒ ඔක්කොම ගැන එකපාර කතා කරන්න පුළුවන්කමක් තිබ්බ මම දැනන් හිටිය එකම ගෑණි ශෂී..ලස්සනට නැලවිලි ස්වරයෙන් කතා කර කර ඉඳලා එක් සැරේම විප්ලවකාරියෙක් වෙන්න තිබ්බ මේ ගෑණිගේ හැකියාවට මට පුදුම නොවී ඉන්න බැරිවුණා..මුල් කාලේ මම ඒ පුදුමේ පිට දැම්මා "කොහෙන්ද ඔයාට ඔය වචන එන්නේ?"..සුදු රතු සීනි සුරුට්ටුවක් වගේ බීම බටේ අතෑරලා හීනි කට හැදුව තාලේට මම දැනගත්තා පොල්ලෙන් ගහන්නා වගේ "කටින්" කියන බව..එහෙම කියලා මහ හොර වැඩක් කළ පොඩි එකියෙක් වගේ හිනාවෙන බව...
කාලෙකට කලින් ශෂී කිව්වා එයා කොහෙදෝ මන්ද කියෙව්වා කියලා ගෑණියෙක්ට භද්‍රකාලි අම්මා වෙලා ලෝකේට පිහිට වෙන්න වගේම සොහොන්කාලි අම්මා වෙලා විනාශය ගේන්නත් පුළුවන් කියලා..එහෙම කිව්වේ අපි හවසක ඔහේ ඇවිදන් යන වෙලාවක..මම ඉතින් ඔළුව වනලා නිකං හිටියා..එයා කියන සමහර දේවල් ගැන මගේ ලොකු උනන්දුවක් නැතිවුණත් ඒ හඬ උස්පහත්වෙන, මුහුණේ භාවයන් වෙනස්වන හැටි බලා ඉන්න එක හරි අපූරු අත්දැකීමක් වුණා මට..මෙච්චර කාලෙකට නොලබපු..
මම ආදරේ කළේ ඒවටද නැත්නම් මේ අමුතු ගෑණිටද කියලා මට අදටත් තේරුම්ගන්න බෑ..