නේක වර්ණ කොණ්ඩ, මුහුණු පේන තරමට දිලිසෙන කළු සපත්තු, දිලිසෙන රිදි රත්රන් මුහුවෙච්ච අබරණ, කසුකුසු කතාවල්, විලවුන් සුවඳ, ඇරෙන පියෙන තද රතු තොල්, බැරෑඬි පිරිමි හඬවල්.,සියුම් සිලිං හඬක් නගමින් එකිනෙක ගැටෙන වීදුරු, පහන් එළිය වැදී දිලිසෙන රන් පැහැ දියර...
හැමදෙනෙක්ම කාර්යබහුලයි...කතා කරන්න, හිනාවෙන්න, හොරැහින් එකිනෙකාගේ ඇඳුම් ආයිත්තම් මැනගන්න, හිනාවක් වශියක් ඉහිරන්න, ඇස් කොණකින් ඉඟියක් කරන්න..
ඒත් ඔය හැමදේම සුපුරුදුයි..හිස නොහරවාම පිටුපසින් එල්ලවෙන සරාගී ආරාධනාවක් මැනගන්න තරම් දැන් මගේ ඉඳුරන් ප්රවීණයි..මට තියෙන්නේ බන්දේසියක පාවෙන ෂැම්පේන් බඳුනක නටුවෙන් අල්ලා නෙලාගන්න ගමන් අතිශය සාමාන්ය ආකාරයට ඒ පැත්තට හැරෙන්න විතරයි..සමහරවිට ආරාධනාව තිගැස්සෙන්නත් පුළුවන්...ඒත් නැත්නම්, සුවපහසු යහනක උඩ හෙට උදේ රවී මුණගැහෙන්නත් පුළුවන්..
අද එහෙම ආරාධනාවක සංඥාවක් ආවේ හරිම කලබලේකින්..තාම සාදය පටන් ගත්තා විතරයි...එහෙම කියන්න පුළුවන් පාවෙන බන්දේසි එක්ක සුදු කළු ඇඳි ඡායාවල් මට තාම පේන හින්දා...සාමාන්යයෙන් ඒවා අපිට පෙනිය යුතු නැහැ..
"හායි" ඇගේ රළු නමුත් සරාගි හඬ මට පිටුපසින් ඇහෙන්නේ රහසක් වගේ..බෙල්ලේ පිටුපස රෝම රොද කෙළින් සිටුවන්න ඒ රහසට පුළුවන් බව ලොවෙන් වසන් කරන කබායට මම ස්තූතිවන්ත වෙන්න ඕන..දිගටි ඇඟිලි සහිත රවුම් අත්ලක් රතු වයින් බඳුනක බඳ මගෙ තරම් තදින් බදාගෙන ඉන්න බව නොහැරීම වුණත් මට දැනෙනවා..ඈ එක්ක දොඩමළු වෙන කෙස් පැහි හිසේ කණ්ණාඩියෙන් පිටිපස තියෙන ගිලිච්චි ඇස් මේ දැන් ගැඹුරු ගවුම් කරෙන් ඇතුළට පැන්න සද්දේ මට ඇහුණේ වෙඩිල්ලක් වගේ...දිගටි අතැඟිලි අල්ලා සොලවන ගමන් දුඹුරු පැහැ කැරළි කොණ්ඩයක් ඇගේ කළු කැරළි කොණ්ඩය යටින් යන්තමින් පේන සියුම් කන්පෙත්තට මෙරූන් පාට තොල් පෙති තියද්දි ඇගෙන් පනිනා රළු මන්ද්ර ස්වරයේ හිනාවට තිගැස්සෙන කලින් පැන්න ඇස් දෙක තව ටිකක් පහළට රූටලා යන්නැති කියලා හිතෙනකොට නම් මට හිතෙන්නෙම ෂැම්පේන් නටුව කඩලා ඒ ඇස් ගෙඩි දෙක නටුවේ අමුණන්න...
"ඔයා මහා ඉරිසියාකර රෝමියෝ කෙනෙක්" අර රහස් හඬ මගෙ ඝන කණ්පෙතිවල ඇතිල්ලි ඇතිල්ලි ඔච්චම් කරනකොට මට ඉවසන්න පුළුවන්ද?
ඉවසන්න..?
තවත්?..