1949 දෙසැම්බර් 1දා කොළොම්බියාවේදි උපන් Pablo Escobar කොළොම්බියාවේ සිටි මත්කුඩු ජාවාරමේ මහමොළකරුවෙක්, අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක් නැත්නම් කොළොම්බියානු කුඩු රජෙක් හැටියටයි සැලකෙන්නේ. 1993 දෙසැම්බර් 2දා ඝාතනයට ලක්වූ පැබ්ලෝගේ එතෙක් ගණනය කරන ලද වත්කම (1993දී) ඩොලර් මිලියන 30කට ආසන්න වූ බව සඳහන්. ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවක් වන Narcos පැබ්ලෝගේ චරිතය වටා ගෙතුණක්.
Saturday, March 28, 2020
Thursday, March 26, 2020
Confessions of an Economic Hit Man by John Perkins
ආර්ථික විද්‍යා විශේෂඥයෙක්ගේ ස්වරූපය දරමින් එක්සත් ජනපදයේ ගෝලීය අධිරාජ්‍යය ගොඩ නැංවීමට කටයුතු කළ ආකාරය පිළිබඳ ස්වයං පාපොච්චාරණයක් හැටියටයි ඔහු මේ පොත ලියා තිබෙන්නේ. ඉන්දුනීසියාව, වියට්නාමය, ඉක්වදෝරය, පැනමාව, පේරු, චිලී, සවුදි අරාබිය, ඉරානය, ඉරාකය ආදී වශයෙන් රටවල් ගණනාවක රහසිගතව ක්‍රියාත්මක වූ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරන ලද මෙහෙයුම්වලදී ඔහු ලද අත්දැකීම් අදාල තහවුරු කිරීම් සහිතව ලේඛකයා විසින් ලියා තිබෙනවා.
කාලයක් තිස්සේ ලෝක බලවතා වශයෙන් තම බලය තහවුරු කරගැනීමට එක්සත් ජනපදය විසින් corporatocracy යන ආකෘතිය (සංකල්පයකට එහා ගිය) අනුව යමින් කරන ඉතා විචක්ෂණශීලී සහ බැරෑරුම් මෙහෙයුම් ගණනාවක් මෙහි විස්තරාත්මකව දැක්වෙනවා. විශේෂයෙන්ම අද අපව පුදුමයට පත් කරමින් වැජඹෙන සවුදි අරාබිය මුදල් යහමින් තිබූ නමුත් එය නිසිලෙස කළමනාකරණ ට දැක්මක් නොතිබූ බව හා ඔවුන්ගේ ස්වභාවික උද්ධච්ච ගතිපැවතුම් නිසා විදේශ වහල් සේවය අරඹමින් වක්‍ර ආදායම් මාර්ග ද දියුණු නගර සංකල්පය හඳුන්වා දී සෘජු ආදායම් මාර්ග ද පෙට්‍රෝවිනිමය නැවත එක්සත් ජනපදය වෙතම ඇද ගැනීමට කල සැලසුම්, රජ පවුල තම ආධිපත්‍යයට නතු කර ගත් ආකාරය සඳහන් වෙනවා. ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ ඉක්වදෝරයේ හිටපු ජනාධිපති Jaime Roldós සහ පැනමාවේ Omar Torrijos ඝාතන පිළිබඳව ද පසුබිම් කතාවන් අන්තර්ගත වෙනවා. ඉරාකයේ සදාම් හුසේන්ට විරුද්ධ සටනේ සැබෑ තත්ත්වය සහ ඔසාමා බින් ලාඩන් සෝවියට් දේශයට එරෙහිව ඇෆ්ගන් සටන කරනා තාක් ඔහුට මුදල් සහ ආයුධ සැපයූ ආකාරයත් ඔහුගේ සමීපතයන් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ආරක්ෂාකාරීව රටින් පිට කළ ආකාරයත් සඳහන් වෙනවා.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපට 'විදේශ කුමන්ත්‍රණ, ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය අධිරාජ්‍යවාදී බලවේග' යනාදිය විහිළුවක් ලෙස දැනුණාට මේ පොත කියැවූ පසු හිනාවෙන්නට කලින් දෙපාරක් හිතාවි කියා හිතෙනවා. උනන්දුවක් ඇති නම් කියවා බලන්න.
Wednesday, March 25, 2020
කොටි දියණියකගේ පාපෝච්චාරණය (Tamil Tigress by Niromi de Soyza) - පරිවර්තනය සුනිලා විජේසිංහ
සටහන
නිරෝධායන කාලයේ උපරිම ප්‍රයෝජන ගනිමින් පොත් කිහිපයක්ම කියවා ඉවර කරන්න අවස්ථාව ලැබුණා. පොත් කියවන අය සමූහයේ පළ කල සටහන් කීපයක් බ්ලොග් එකේත් පළ කරන්න හිතුවා.මේ අදහස ලබාදුන් මනෝරම වීරසිංහට ස්තූතියි😊
--------
කොටි දියණියකගේ පාපෝච්චාරණය
(Tamil Tigress by Niromi de Soyza) -
පරිවර්තනය සුනිලා විජේසිංහ
පහුගිය දවස් කිහිපයක් එක දිගට ඊ-පොත් කියවීම නිසා විඩාපත් වුණ ඇස්වලට සහ ඔලුවට විවේකයක් දීමේ උවමනාව නිසා කාලෙකින් මුද්‍රිත පොතක් අතට ගත්තා.
සමස්තයක් හැටියට ගත්තොත් මේ පොත සම්බන්ධව මගේ මතය මෙය සමබර ලිවීමක් නොවන බවයි. කොටි සංවිධානය හැරගියා යැයි කියන නිරෝමි ද සොයිසා (සැබෑ නම නොවේ) බොහෝ තැන්වල කොටි සංවිධානය වක්‍රාකාරයෙන් සාධාරණීකරණය කරන අතර සංවිධානයේ බොහෝ ක්‍රියාවන් සුළු කොට තකමින් රජයේ හමුදාවන්වල ක්‍රියාවන් උලුප්පා දක්වන ගතියක් මුලු පොත පුරාම දැකිය හැකියි.
නමුත් සමස්තයක් වශයෙන් පරිවර්තනය ප්‍රශස්ත මට්ටමක තියෙනවා.
Sunday, March 22, 2020
Amunhotep සහ කොරෝනා
ක්‍රිස්තු පූර්ව 13වන සියවසේදී ඊජිප්තුවේ රාජ්‍යත්වයට පත්වන Amunhotep (Amunhotep IV), Amunhotep the Magnificent (Amunhotep III) සහ ඔහුගේ අග මෙහෙසිය වූ Tiyeගේ පුත්‍රයෙක්. පිය රජතුමා මහත් වෑයමක් දරා අසල්වැසි රාජ්‍යයන්ද ඊජිප්තුවට ඈඳා ගත්තාට මේ Amunhotep කුමාරයා සේනා සංවිධානයේවත් යුධ ශිල්පයේවත් උනන්දුවක් නැති, අවුරුදු 2000ක් ඊජිප්තු වැසියන් ඇදහූ Amun නම් ප්‍රධාන දෙවියා ප්‍රමුඛ දේව මණ්ඩලයම වළලා දමා Aten හෙවත් සූර්යයා නැමදීමේ නව ආගමක් ප්‍රචලිත කිරීමේ උවමනාවකින් පෙලුණු, Amunhotep the Builder ලෙස ඉතිහාසගතවීමේ තණ්හාවකින් පෙලුණෙක්. උද්ධච්ච, මුරණ්ඩු කලබලකාරයෙක් ලෙස සැලකෙන ඔහු පාලනය කරගැනීමට මව් බිසව Tiye තම සහෝදරයාගේ දියණියක වූ Nefertiti එවිටත් විවාහකව සිටි Amunhotep කුමාරයාට සරණ පාවා දෙනවා. නමුත් සිදුවන්නේ ඔවුන් බලාපොරොත්තු වූ දෙය නෙවෙයි. අතිශය රූමත් නමුත් Amunhotepහට නොදෙවැනි අහංකාරකමකින් සහ කපටිකමින් පිරුණු Nefertiti තම බලය තහවුරු කරගන්නේ Amunhotepගේ සෑම මුග්ධ ක්‍රියාවකටම අනුබල දීමෙන්. ඔවුන් දෙදෙනාගේ අනුග්‍රහයෙන් Aten දෙවියන්ට වෙන්වූ Amran නම් නගරය නිර්මාණය වෙන අතර Amun නම් පැරණි දේවියාට වෙන්වූ දේවාල කඩාබිඳ දමා එහි වස්තුව රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන එනවා. තම රටවැසියා නම්මාගන්න ඔවුන් කරන්නේ Nefertitiගේ පෞර්ෂත්වය නිසා ඇය දෙවියන් හා සමාන බවට ඒත්තු ගැන්වීම සහ මුදල් සහ නොමිලේ ආහාරපාන බෙදා දීම. ෆාරාවෝවරුන් දෙවියන්ගේ මෙලොව නියෝජිතයින් ලෙස සැලකුණ නිසා එය එතරම් අපහසු කටයුත්තක් වන්නේ නැහැ.
Saturday, March 14, 2020
Subscribe to:
Comments (Atom)
