Friday, January 27, 2023
සුරතල්
Thursday, January 26, 2023
නිදහස් උත්සවේ පවත්වන්ට ඕනි!
සාධාරණ ප්රශ්න ජනාධිපතිතුමාට තියෙන්නේ. මේක ගත්තේ නැත්නම් රට්ටු සහ ලෝකයා නොයෙකුත් කතා කියනවා!
(අනිවාර්යයෙන්ම! මොකද ලෝකයා කෙසේ වෙතත් රට්ටු මගුලක් නොගත්තත් බැණලා, ගත්තත් බැණලා, කාලා බීලා ඇවිල්ලත් බණින ජාතියක්නෙ😂)
ඔය එපා කියන කටවල්වලින්ම 2026 පෙබරවාරියේ දී නෝක්කාඩු කියන බව ලොක්කා දන්නවා (ජනහද හඳුනන රනිල්😉)
'රට්ටු කතා කරන්නේ මං මයිත්රී ලව්වා ජයමංගල ගාථා කියවනවා වගේනෙ. ඔයාලගෙම අය තමයි ඉතින් බජට් කරලා තියෙන්නේ! හා දැන් හොඳ ළමයි වගේ ගිහින් මේ ගණන් ටික ආයෙ හරියට හදාගෙන එන්න'😂
ඒ ඔක්කොම හිතේ තියාගෙන හිනාවෙලා..
නිදහස් උත්සවය පවත්වන්ට ඕනි!
ඒකට එකඟයි❤️🇱🇰
~✏️ Aash Weerasinghe
#AW #thaniya #medusa #lka #trendingnow
Saturday, January 21, 2023
දම්පාට අකුණු
Wednesday, January 18, 2023
විරහ රැල්ල
අපි මේ සතියේ හැප්පෙන්නෙ විරහ රැල්ල එක්ක.
සිදුවීම පිළිකුල්සහගතයි! කණගාටුයි.
මිනීමරුවට මානසික ආබාධයක් පිටින් දාලා නිදහස්වෙන්න මග හදාගන්න පුළුවන් ද? ක්ෂණික නිදහසක් නොවුණත් යම් කාලයකට පස්සෙ නිදහස්වෙයි. හැබැයි හෘද සාක්ෂියේ සදාකාලික හිරකාරයෙක් වෙයි. පසුතැවීම් විලංගු වගේ දැනෙයි.
යම් දවසක කථිකාචාර්යවරු, ආචාර්යවරු, මහාචාර්යවරු වෙන්න පුළුවන් ලක්ෂණ පෙන්නුම් කරගෙන ඇවිල්ලා මගදී එහෙම යූ-ටර්න් ගැහුව ලෝකේ පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. හැබැයි ඔහොම ආකල්ප එක්ක එතනට ගියානම්, ඊටපස්සේ?
මේ ලෝකේ මිනීමරන්න අවි ආයුධම අවශ්ය නෑ. වචනවලටත් පුළුවන් මිනිස්සුන්ව මරන්න,නැති භංගස්ථාන කරලා දාන්න.
හරි. දැන් කවදාවත් කාටවත් එහෙම නොකරපු එකෙක් ඇවිල්ලා පළවෙනි ගල අතට ගන්න!
~✏️ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow