බලය ඇතිදාට නැති නෑයෝ ඇදෙති
බලය නැතිදාට බල්ලොත් ගස්සාවී
කළගුණ සියල්ලම මොහොතින් නැතිවේවී
අඟ ලොකුවී කණ කපලා වළ දාවී
බුකියේ බ්ලොගේ මහ මඟ කන්තෝරුවේ
බසයේ දුම්රියේ හංදියේ තැබෑරුමේ
ගහ බැනගෙන පිහි ඇනගෙන නිස්කාරණේ
අපි උඹලා නොවෙයි රජවන්නේ අවසානයේ
ඒ තේරුම් නොගෙන කරනා අඬදබර
නැතිකරනවා මෙතුවක් කල් රැකි සෙනෙහ
අපි අපි අතර ඇතිවෙන ඔය අමනාප
ලොක්කෝ ඇවිත් නොකරනවා නෙව සාම
අතේ ඇඟිලි පහ එක වගේ නැත
පොල් අත්තක පොල්කොළ එක වගේ නැත
උඹෙයි මගෙයි හිතුවිලි එක වගේ නැත
උඹට හොඳයි මට නරකයි කමක් නැත
ජනේරුවේ අට වෙනිදට එළිවෙන්න
බුදුන් පුදා ගොස් මනාපේ දී එන්න
ප්රතිඵල බලා කූරියා ගැසුවොත් ඔන්න
මොකෙක්වත්ම නැතිවෙයි උඹ වලලන්න
අසනීපෙකට, අව හෝ වෙන මඟුලකට
ඇවිත් යන්න හෝ දෙඩුමෙන් දිරිදෙන්ට
එදත් උන්නේ අපි මිස වෙන කවරෙක්ද
හෙටත් එහෙමමයි එහි මොන වෙනසක්ද
ඡන්දේ ඇවිත් ගිනි තියලා අපෙ දිවිය
තව එකෙක්ට සුර සැප දෙයි මේ කැටය
එබැව් හිතා සිහි නුවණින් සියළුදෙන
කෝප නොගෙන ඉවසාපං මේ ටිකට
බලය නැතිදාට බල්ලොත් ගස්සාවී
කළගුණ සියල්ලම මොහොතින් නැතිවේවී
අඟ ලොකුවී කණ කපලා වළ දාවී
බුකියේ බ්ලොගේ මහ මඟ කන්තෝරුවේ
බසයේ දුම්රියේ හංදියේ තැබෑරුමේ
ගහ බැනගෙන පිහි ඇනගෙන නිස්කාරණේ
අපි උඹලා නොවෙයි රජවන්නේ අවසානයේ
ඒ තේරුම් නොගෙන කරනා අඬදබර
නැතිකරනවා මෙතුවක් කල් රැකි සෙනෙහ
අපි අපි අතර ඇතිවෙන ඔය අමනාප
ලොක්කෝ ඇවිත් නොකරනවා නෙව සාම
අතේ ඇඟිලි පහ එක වගේ නැත
පොල් අත්තක පොල්කොළ එක වගේ නැත
උඹෙයි මගෙයි හිතුවිලි එක වගේ නැත
උඹට හොඳයි මට නරකයි කමක් නැත
ජනේරුවේ අට වෙනිදට එළිවෙන්න
බුදුන් පුදා ගොස් මනාපේ දී එන්න
ප්රතිඵල බලා කූරියා ගැසුවොත් ඔන්න
මොකෙක්වත්ම නැතිවෙයි උඹ වලලන්න
අසනීපෙකට, අව හෝ වෙන මඟුලකට
ඇවිත් යන්න හෝ දෙඩුමෙන් දිරිදෙන්ට
එදත් උන්නේ අපි මිස වෙන කවරෙක්ද
හෙටත් එහෙමමයි එහි මොන වෙනසක්ද
ඡන්දේ ඇවිත් ගිනි තියලා අපෙ දිවිය
තව එකෙක්ට සුර සැප දෙයි මේ කැටය
එබැව් හිතා සිහි නුවණින් සියළුදෙන
කෝප නොගෙන ඉවසාපං මේ ටිකට
මම පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා වල නියැලෙන්න ඉන්නේ,
ReplyDeleteමහින්ද දිනුවොත් මම උඹට වෙඩි තියෙනවා
MY3 දිනුවොත් මම උඹට වෙඩි තියනවා
ඔන්න වෙන එකෙක් දිනුවොත් උඹ මට වෙඩි තියපන් ඈ :P
ඔන්න ඔය පශ්චාත් භාගේ බේරන් නිකං හිටිං..:P :P
Deleteඈ බොල MR දින්නත් MY3 දින්නත් මටද වෙඩි තියන්නේ??
පීප්පවලට වෙඩි තියලා තුවක්කුව වරද්දගන්න එපා හරිය? :P :P
ඡන්දෝපදේශ කවි පෙළක් නේද?
ReplyDeleteනියමයි
ඡන්දෝපදේශ කවි! අන්න නියම නම..
Deleteබොහොම ස්තූතියි වර්ණ කුලකය :)
හුදී ජනයාට බයනතුව කැත නැතිව පාරේ බැහැලා යන්න තියෙනවා නම්,
ReplyDeleteකාලා ඇඳලා ඉන්න තියෙනවා නම් සහ
අපේ කියන්න පුළුවන් ඒකීය රටක් තියෙනවා නම්
මොකා රජ කලත් ප්රශ්නයක් නැහැ.
අනිවාර්යෙන්ම මකසි..
Deleteමොකද සිංහල ඩයස්පෝරා නෑ නේ අපි වෙනුවෙන්..
කතාව ඇත්ත.. අපි මෙහේ මරාගත්තට කට්ටිය ඡන්දෙන් පස්සෙත් සෙට් වෙලා රෑට ආප්ප කාවි..
ReplyDeleteඅහ් දිනේෂ් මලයා..කාලෙකින්..:D
Deleteඒක තමයි වෙන්නේ...;)
තිත්ත ඇත්ත......
ReplyDeleteජය වේවා උඹට.....
සීනි ඕන..තිත්තයි!
Deleteජය වේවා! ;)