ලෙයට ලෙය..
එසේය ලෙය ගනකම්ය
ගලායන වතුරට වඩා..
නුඹට මට වාගේම
හැමෝටම පොදු සත්‍යය,
සමාජවාදියාට ඒකාධිපතියාට
උපාසකයාට මැරයාට..
ඉඳහිට තියරියෙන් බැහැරවන
නරුමයන්ද ඇත අප අප අතර
එකල්හී නරක් නම්
ලෙයට ලෙය නොසැලකීම
ගනිමු අපි ඉඟුරු දී මිරිස්
ඉතිහාසේත් කළ නිසා ඕනෑ තරම්!
පරංගි යවන්නට
ReplyDeleteලංසි ගෙනා අපිට
උන්ව යවනන්ට
සුද්දෝ ගෙනා අපට
ඉන්දු රිලව් යවන්නට
කොටින්ට අවිදුන් අපට
ඕකත් කජ්ජක්ද
ඒකත් ඇත්ත බං..හැමදාම කොරල තියෙන්නේ ඒක තමා! :D
Deleteඅතීතයෙන් පාඩම් ඉගෙන ගෙන් නැති මේ හැත්ත කවදාවත් හැදෙන්නේ නැහැ. වෙන රටවල් යන්නේ මාස්ටර් ප්ලෑන් අනුව . අපේ උන් කරන්නේ ගහන මාස්ටර් ප්ලෑන් කඩන එක
ReplyDeleteමකසි..සිරාවටම..මුං වැඩක් කරන්නෙත් නෑ බලයට ආවම කරන එකාට කරන්න දෙන්නෙත් නෑ..පිදුරු මඩුවේ බල්ලෝ වගේ...
Deleteඉගුරු අැති වුණාම මිරිස් වුණත් කෑවාම මොකද????? ඉගුරු නම් දැන් තිත්තයි හිටං
ReplyDeleteකුගැගීපො
Deleteමට නම් හිටං මිරිස් කන්න බෑ හිටං..:P
කොහොම කොහොමත්
ReplyDeleteඅපි දන්නේ
ඉගුරු දී මිරිස් ගන්න පමණකි
වෙනසක් ඔනෑම නං
ඉගුරුත් මිරිසුත් දෙකම
දූරි භූත කල යුතු;
බැව් නොවැටහේද
ඉඟුරුත් මිරිසුත්
Deleteකන්නට හිතෙන
උඹෙයි මගෙයි
හිතයි දිවයි
කපලා දාමු මහ මුහුදේ..! :D