අම්බරු රෑන දක්කාගෙන යන කලට
එකැස් කණෙක් පඹ රාලෙක් හදනු දැක
පඹයට ඇස් තියන් කියනා සෙල්ලමට
වමාරා කන ලොල්ලෙක් ආපි පැන
මුට්ටිය වෙනස් කළ යුතුමය අපෝ කැත
කලින් එකාගේ මුට්ටිය හරිම පත
මූට තියමු මේ මුට්ටිය අයින් කර
කිරි උතුරන්න ගෙන ආ හිල්වෙච්චි එක
පරණ එකාගේ සරමට වැඩිය හොඳ
ස්ලිම් ෆිට් ජාතික ඇඳුමක් මහලා ගෙන
අන්දමු එවිටවත් මුගේ මේ තියෙන කැත
වැහෙයි නේද ඩාලිං මේ ඇදවෙච්චි ඇඟ
ඔක්කොම හරිය මුගෙ ඔලුවේ පිදුරු ටික
තියෙන හිලෙන් කට වෙනුවට එන්නේ පැන
ඕවා දුටුවොතින් නම් එන ගිරා කැල
හදනු ඇත කූඩු මුගේ ඔළු ගෙඩිය උඩ
පඹයා තනිව තියනට බැහැ කුඹුර මැද
එකැස් කණා හිටියයි පළවෙනි මුරට
දෙවනුව ලොල්ලා තව ලොල්ලෙක් සමඟ
සහවාසයෙන් බැලුවයි පඹයගේ ගැන
මුර කරන්ට පුට කංචෙක් නැතුව බැරි
ඌවත් එක්ක වර ඌටත් හිටිය හැකී
උඩහ ගෙදර කාවඩියත් ආවොතින් හරී
බැරිම වුණොත් කටුසු හකා ගේනු හැකී
රෑන ගිරා කොබෙයි පියා සලා නැවී
ඈතින් හිඳන් බැලුවයි පඹ වාහේ හැටී
ටිකක් වෙනස් ඒත් මදැයි අපිට හැපී
ඕන වුණෙත් පොඩි වෙනසක් අපිට සකී
එසේ මෙසේ පඹයෙක් නම් නොව මේකා
මුගේ සිරිත්වලින් තොපට සෙත් වේවා
හිටවා කෙලින් කල පසු මූ කුඹුර මැදා
තොපිටත් හැකිය නෙලනට අස්වනු මා හා
රෑන ගිරා කොබෙයි බලති උනුන් දෙස
ඒ නම් යසය අදහස නම් සිරාමය
වරෙව් කොල්ලනේ අපි මූ කෙලින් කොට
ගනිමු අපට පාදාගෙන මෙදා පොට
චැසිය ඇද පඹයා දැන් කෙලින් වෙලා
මෙලෝ රහක් නැත ඒ පුක් මූණ පුරා
එකැස් කණයි ලොල්ලො ගොඩයි ඔකඳ වෙලා
පිදුරු හෙවු උන්ටත් දැන් සතුටු සිනා
ඔහොම යමං පඹයෝ උඹ පිදුරු කකා
හැබැයි දීපියව් අපෙ නම් කොටහ නොකා
කෙලින් කලෙත් අපි නම් උඹ හොරා කකා
පෙරලලා දාන්නෙත් අපිමයි කියමු දුකා
එකැස් කණෙක් පඹ රාලෙක් හදනු දැක
පඹයට ඇස් තියන් කියනා සෙල්ලමට
වමාරා කන ලොල්ලෙක් ආපි පැන
මුට්ටිය වෙනස් කළ යුතුමය අපෝ කැත
කලින් එකාගේ මුට්ටිය හරිම පත
මූට තියමු මේ මුට්ටිය අයින් කර
කිරි උතුරන්න ගෙන ආ හිල්වෙච්චි එක
පරණ එකාගේ සරමට වැඩිය හොඳ
ස්ලිම් ෆිට් ජාතික ඇඳුමක් මහලා ගෙන
අන්දමු එවිටවත් මුගේ මේ තියෙන කැත
වැහෙයි නේද ඩාලිං මේ ඇදවෙච්චි ඇඟ
ඔක්කොම හරිය මුගෙ ඔලුවේ පිදුරු ටික
තියෙන හිලෙන් කට වෙනුවට එන්නේ පැන
ඕවා දුටුවොතින් නම් එන ගිරා කැල
හදනු ඇත කූඩු මුගේ ඔළු ගෙඩිය උඩ
පඹයා තනිව තියනට බැහැ කුඹුර මැද
එකැස් කණා හිටියයි පළවෙනි මුරට
දෙවනුව ලොල්ලා තව ලොල්ලෙක් සමඟ
සහවාසයෙන් බැලුවයි පඹයගේ ගැන
මුර කරන්ට පුට කංචෙක් නැතුව බැරි
ඌවත් එක්ක වර ඌටත් හිටිය හැකී
උඩහ ගෙදර කාවඩියත් ආවොතින් හරී
බැරිම වුණොත් කටුසු හකා ගේනු හැකී
රෑන ගිරා කොබෙයි පියා සලා නැවී
ඈතින් හිඳන් බැලුවයි පඹ වාහේ හැටී
ටිකක් වෙනස් ඒත් මදැයි අපිට හැපී
ඕන වුණෙත් පොඩි වෙනසක් අපිට සකී
එසේ මෙසේ පඹයෙක් නම් නොව මේකා
මුගේ සිරිත්වලින් තොපට සෙත් වේවා
හිටවා කෙලින් කල පසු මූ කුඹුර මැදා
තොපිටත් හැකිය නෙලනට අස්වනු මා හා
රෑන ගිරා කොබෙයි බලති උනුන් දෙස
ඒ නම් යසය අදහස නම් සිරාමය
වරෙව් කොල්ලනේ අපි මූ කෙලින් කොට
ගනිමු අපට පාදාගෙන මෙදා පොට
චැසිය ඇද පඹයා දැන් කෙලින් වෙලා
මෙලෝ රහක් නැත ඒ පුක් මූණ පුරා
එකැස් කණයි ලොල්ලො ගොඩයි ඔකඳ වෙලා
පිදුරු හෙවු උන්ටත් දැන් සතුටු සිනා
ඔහොම යමං පඹයෝ උඹ පිදුරු කකා
හැබැයි දීපියව් අපෙ නම් කොටහ නොකා
කෙලින් කලෙත් අපි නම් උඹ හොරා කකා
පෙරලලා දාන්නෙත් අපිමයි කියමු දුකා
හිනා කාලා මැරුනා.
ReplyDeleteඊලඟ එපිසෝඩ් එකේ තව චරිතයක් ඇවිත්. එයා මෙහෙම කියනවා.
''වැලි හාරන, ගස් කපනා හොර දෙටුවෝ
මරඳ ගහේ ඔලු පලනා සුරු විරුවෝ
අල්ලා ගෙනත් දීපිය පරිසර මරුවෝ''
එතුමා අපිට සිහනද කළ හැටි දුටුවෝ
ඒ සිහ නදෙන් කොර වී ගිය මුත් හෙල්ලී
මා ගැසු විසිල් ඇහුනද, ගැලරියෙ එල්ලී?
සමා වෙන්න මගෙ මල්ලිල කළෙ ජල්ලී
අම්මා උන්ව හැංගුව වහලයෙ පොල්ලී
1-ගඟ කාලා වැලි අදිනා සුදු මල්ලී
2-ගස් කපලා කොට අදිනා කිරි මල්ලී
3-වී හංගා බත් පතටත් කෙලි මල්ලී
4-ටෙලිකොං එකේ ලී ඉරනා පොඩි මල්ලී
වැලි හාරා දැන් ගඟ ඉවරෙට ඉවරයි
ගස් කාලා දැන් පැල විතරක් ඉතුරුයි
වී මෝලා දැන් කැසිනෝ ජය සමරයි
කැට පාලා කියමි එතුමා මුන් වනසයි
//1-ගඟ කාලා වැලි අදිනා සුදු මල්ලී
Delete2-ගස් කපලා කොට අදිනා කිරි මල්ලී
3-වී හංගා බත් පතටත් කෙලි මල්ලී
4-ටෙලිකොං එකේ ලී ඉරනා පොඩි මල්ලී//
සහෝදර සමාගම් නෙවෙයි ඕවා..අරහෙන් මෙහෙන අහුලගත්තුවා වෙන්නැති..! :D :D :D
ගයාත්‍රි ++++++++++++++++++++++++++++++
DeleteThis comment has been removed by the author.
Deleteරාජ් කපුරු මතක් වුනා. අස්වනු පාලු කරන කුරුල්ලන් එලවන්න් ගෙනා මේ පබයා ගේ ඇඟේ කුරුල්ලන් කුඩු හදයි වගේ. අන්තිමට පබයා මුර කරන එකැස් සහ ලොල්ලා කුබුරේ මායිම් වෙනස් කරාවිද?
ReplyDeleteමකසි
Deleteරාජ කපුරු වගේ තමයි..හැක් හැක්..
එකැස් කණාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ කලින් පඹයානේ..දැන් මෙයාම හදාගත්තු එකා නිසා කල්ල මරේ වගේ නැතැ..ඔය කෙලින් කෙරුව ගිර කොබෙයියන්ටත් කිව්වනේ අස්වනු නෙලන්න පුලුවන් කියලා එකට..සමහරවිට කුඹුරේ කෑල්ලක් දීලා දාවි තමයි..ලොල්ලාත් ඒකට දත කෑවනේ කලින්...:D
ස්ලිම් ෆිට් නෙවෙයි තරුවෝ මෝඩිගෙ හැට්ටේ
ReplyDeleteකාවඩි නැන්දාය ගොම ඉලුවේ නැට්ටේ
කටුසු හකා නිදි ''එක්නැලි '' හම් කොට්ටේ
සිනහව නැති මූන නම් වගෙයි තට්ටේ
තට්ටෙත් හැඩයි ඒ මූණට වඩා මට
Deleteමෝඩිගේ හැට්ටේ ඇන්දා නෙව හැබෑවට
දැන් අඳිනවා ජාතිකයක් ඇඟට හිර
කිටිකිටියේ බඩ තදවී තියෙයි වට :D :D
නියමයි...
ReplyDelete:O තැන්කූ තැන්කූ දේශෝ!
Deleteරතු එලියේ නැත දැන් බඩු ගහන්නේ
ReplyDeleteරාජිතයා නැත හොරකම් කරන්නේ
පිටුපස දොරෙන් ආ අගමැති සමගින්නේ
සිරිසේනයා ගවපාලන කරන්නේ
කොරනට පාලනේ ගව අපේ හරක් රැල
Deleteදුන්නේ පැනලාය වෙනසක් කරන්නට
යහ නම් නැතෙයි පෙනෙනට මුන්දැලා තුල
රාජිතයා තමයි හොඳම උපාසක! :D
නාමල් බේබි ගේ ලියුමට විස්ව විද්යාල ඇතුලත්වීම ලබාදීම ගැන විස්සොප වූ කස්ටිය සිරිසේන ගෙ ලියුමට අගවිනිසුරු කම ලබා දීම ගැන හරි ආඩම්බරයි මෙයා
Deleteසරස:
Deleteආයෙත් අහලා බං ආඩම්බර නොවී කොහොමද? නාමල් බේබි ඇක්සෙකටිව් පවර්ස් පාවිච්චි කොරලනේ සලකලා බලන්න ලියුම ගැහුවේ...ඒ වගේද සිරිසේන ගැහුවේ ඇක්සෙකටිව් පවර්ස් පාවිච්චි කොරලයැ...! ඕන් බලපන් ලංකාවේ අධිකරණයක් එක ලියුමෙන් හොල්ලන්න පුළුවන් යහපාලනයක් රටට ගෙනාවේ කවුද අපේ පඹපාල සිරිසේන ප්‍රමුඛ ආඬි රොත්තනේ...ආඩ්ම්බරේ තරම රෙද්ද පල්ලෙන් බේරෙනවා...
''සේනා-සිරී'' යහ පාලන ගුණ මූද
Deleteහානා හීය අඬහැරයෙන් පෙනුනාද?
හූනා වගේ කිව්වේ මේවා නේද
නෝනා නෑවෙ සාරිත් ඇඳගෙන නේද?
@ Gayathri +++ එල ම තමා
Deletegayathri සුපිරි ++++++++++++
Deleteහෙහ්, මේක සුපිරියි..
ReplyDeleteතැන්කු තැන්කු මලයා! :)
Deleteඅඩෝ පට්ටයි බොල...
ReplyDeleteමට මතක් වුනා ආපහු අර බස්සි ලියපු " පඹයෝ දෙන්නක් දවන්ධ සටනක" කවිය ..
කවිය අවියක් කරන් ලියනට
අවිය සටනට මුවත් තියනට
තනියා ලියනා කවිය අහන්ට
එන්ට ඕනා යලි දවාලට
තැන්කු තැන්කු මචෝ..
Deleteබස්සි ලිව්වේ කුඹුර වෙනස් කරන කතාවක් වගේ එකක් නේද? කොහොමත් උගෙයි මගෙයි දේශපාලන මතේ පරස්පරයි, නිමිත්ත එක වුණාට..
කෝ උඹ දවාලේ කවි මඩුවට ඇවිත් නෑ වගේ...:P
අද දවාලේ ආවේ බොල
Deleteඑකම දේශපාලන මතේ දෙන්නෙක් ඉන්න ඕඅන නෑ බං. පරස්පර මත තියෙන නිසා තමයි ලෝකේ ලස්සන වෙන්නේ , විවිධාකාර වෙන්නේ. වැදගත් වෙන්නේ අන්මතය ඉවසීමට පුරුදු වීම . එතකොට ප්‍රශ්න මොනවත් නෑ.
Deleteඒක ඇත්ත..හී හී..දවාලේ ආයෙත් එන්න ඕන කියලා තිබ්බ නිසයි බං ඇහුවේ..:D
Delete