Wednesday, May 27, 2015
Monday, May 25, 2015
මාරක ෂොපිං සහ මගේ 100
කාලේකට පස්සේ මට හිතුණා මගේ බයිට් කතාවක් ලියන්න ඕනි කියලා..මෙව්වා මෙගා බයිට්-මගේ බයිට් කියලා වුණත් හිතාගන්නට ඇහැකි ඕන නම්..
ඔන්න පින්වතුනි, ගැහැණු උදවියගේ ෂොපිං යෑම ගැන නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවයැ නේද? විවාහක-අවිවාහක, තරුණ-මහළු භේදයකින් තොරව සියළු (නෑ මම හිතන්නේ බහුතරයක්) ගැහැණුන්ගේ ඇස් කාන්තිමත්වෙන්න හේතුවක් තමයි ෂොපිං කියන්නේ (උර එහෙම නෙවෙයි හරිය!).ඔන්න ඉතින් තනියාටත් ඉතින් වෙනසක් නෑ ඕකේ..මහ රාත්තිරිය වෙනකම් හරි කඩ ඇරලා තියෙනවා නම්, ණය කාඩ් එකේ හරි කමක් නෑ සල්ලිත් තියෙනවා නම්, නොයෙකුත් වෛවාරණ ඇඳුම් සපත්තු අරව මෙව්වා අතගාල මිරිකලා ඇඳලා බලලා හරි සැනසෙන්න තියෙනවා නම්, ප්‍රයිස් ටැග්වල අග බිංදු එහෙම කොහේහරි හැලිලා නැතිවෙලා යනවා නම්...හප්පේ...තව මොනවද ඉතින් එහෙනම්..!
ඉතින් ඔන්න ඔය හැම අවුරුද්දකම අවුරුදු කාලෙයි නත්තල් කාලෙයි අපි අනිවාර්යෙන්ම යනවනේ ඔහොම සවාරි..ඔය හැමෝම දන්නවා ඇති නෙව SLECC එකෙත් නිතරම වගේ ඔහොම සේල් තියෙනවයි කියලා.ඒ අවට ඔෆීසිවල බවලත් උදවිය ඕවට දුවන්නේ හරියට හෙළුවෙන් ඉන්නැහේ!හැබැයි ඉතින් ඕවා නමට සේල් ඈ! මොකෝ ඉතින් වෙන අහක රුපියල් 200ක් විතර වෙන චීත්ත සංගියක් වුණත් ඔතැන රුපියල්ම 400ක් විතර වෙනවා..ඒ වුණාට ඔය ආරුක්කු බූරුක්කු අතගාමින් හැඩ බලමින්, බූන්දි ටිකකට එහෙම වග කියමින්, (ආ..මතක ඇතුව දොරෙන් එළියට එද්දිම තියෙන අච්චාරු කඩේටත් යන්න ඕන..) හැප්පි හැප්පි ෂොපිං කිරීමේ වෙනම ආතල් එකක් තියෙනවා පුරුෂ පක්සෙට නොතේරෙන..ඒක නිසා දැන් ඔන්න මායි, අපේ නගායි, අම්මයි තුන්දෙනා ඔය විසාල සේල් පොලට රිංගා ගත්තා..

Monday, May 18, 2015
වීරයෝ
ජාතක කළ දෙමව්පියන්ට ශාප කරන අළුත් පරපුර, ඉපිද හැදුණු වැඩුණු මව්බිමට ගරහන අළුත් පරපුර, ලැම්බොගිනි ඉල්ලා හඬාවැටෙන අළුත් පරපුර,
රටට පලක් ඇති යමක් නොකොට බුල් කෙලින අළුත් පරපුර
ගණිකාවන්ට, කුඩ්ඩන්ට, බල්ලට ගිය අළුත් පරපුර..
කොහොම හොටු හූරන් ඇඬුවත් තොපි වීරයෝ වෙන්නේ නෑ අපිට..!
ඇවිද සැතපුම් සිය ගණන් දරන් බර අවි තොගය
වෙහෙසට පියන්නට නොහෙන ඇසිපියක් මොහොතකට
සිහිවුණත් අඹු දරු දුවන්නට නොහෙන
තමා වෙනුවෙන් නොව රටක් වෙනුවෙන් නැසුණ
සටන අත්නොහළ අවසාන සුසුම හෙලනා තෙක්ම
කොයිතරම් තිබෙන්නට ඇතිද හිතේ දේවල් කියන්ට..
මියෙන්නට පළමුව වරක් ආදරය විඳින්නට..
තවෙකෙකුට රැකගන්න අතපය සතර
කැපකිරීම් කොපමණද ගණින්නට නොහෙන
කොයිතරම් සාප කරන්නට තිබුණිද එහෙනම් උඹලාට..
මනුෂ්‍යත්වයේ නාමයෙන් අමනුෂ්‍යයන් හා සටන් වැද
සදා නොමියෙන සිහ පුතුන් උඹලා ය!

Saturday, May 16, 2015
ෂාජහන්ගේ කතාව
සබැඳිය..
නිශ්ශබ්දයි හැමතැනම...
මතක ඇති කාලෙක ඉඳන් මම ආසා කළේ නිහඬකමට..ඒත් මේ නිහඬකම වගේ එකකට නෙවෙයි...මේක මට නුහුරුයි..
ශෂී ඉන්නකොට ගෙදර නිශ්ශබ්ද නෑ..මම හැමදාම කළේ ඒ තොරතෝංචියක් නැති ගීතමය හඬ අහන් ඉන්න එක..අතීතේ, වර්තමානේ, අනාගතේ ඒ ඔක්කොම ගැන එකපාර කතා කරන්න පුළුවන්කමක් තිබ්බ මම දැනන් හිටිය එකම ගෑණි ශෂී..ලස්සනට නැලවිලි ස්වරයෙන් කතා කර කර ඉඳලා එක් සැරේම විප්ලවකාරියෙක් වෙන්න තිබ්බ මේ ගෑණිගේ හැකියාවට මට පුදුම නොවී ඉන්න බැරිවුණා..මුල් කාලේ මම ඒ පුදුමේ පිට දැම්මා "කොහෙන්ද ඔයාට ඔය වචන එන්නේ?"..සුදු රතු සීනි සුරුට්ටුවක් වගේ බීම බටේ අතෑරලා හීනි කට හැදුව තාලේට මම දැනගත්තා පොල්ලෙන් ගහන්නා වගේ "කටින්" කියන බව..එහෙම කියලා මහ හොර වැඩක් කළ පොඩි එකියෙක් වගේ හිනාවෙන බව...
කාලෙකට කලින් ශෂී කිව්වා එයා කොහෙදෝ මන්ද කියෙව්වා කියලා ගෑණියෙක්ට භද්‍රකාලි අම්මා වෙලා ලෝකේට පිහිට වෙන්න වගේම සොහොන්කාලි අම්මා වෙලා විනාශය ගේන්නත් පුළුවන් කියලා..එහෙම කිව්වේ අපි හවසක ඔහේ ඇවිදන් යන වෙලාවක..මම ඉතින් ඔළුව වනලා නිකං හිටියා..එයා කියන සමහර දේවල් ගැන මගේ ලොකු උනන්දුවක් නැතිවුණත් ඒ හඬ උස්පහත්වෙන, මුහුණේ භාවයන් වෙනස්වන හැටි බලා ඉන්න එක හරි අපූරු අත්දැකීමක් වුණා මට..මෙච්චර කාලෙකට නොලබපු..
මම ආදරේ කළේ ඒවටද නැත්නම් මේ අමුතු ගෑණිටද කියලා මට අදටත් තේරුම්ගන්න බෑ..

Sunday, May 3, 2015
රැජිණිගේ මිණිපිරී!
කාලෙකට පස්සේ ගොඩවුණා මූණු පොතට..ඔහෙලට කියන්න ආයිබොංඩ ..ආයිබොංඩ නේන්නම් වටින්නේ..රැජිණක් පහළ වෙච්චි එක ලේසි පහසු කාර්යක්ද බොලව්..
රැජිණක්?? මොකෝ අර සැටලයිට් වහන්තරාවට රජකමවත් ලැබිලද??
චැහ්! ඒ මොන රැජිණක් ද බං..! එයා නෙවෙයි..! අපේ එළිසබෙත් නෝනා ඉන්නේ බං අර එළිසබෙත් නෝනා..අර මේස් දාන කොට සුදු නෝනා..
ඔව් ඔව්..ඔය කියන්නේ අපේ මේ එළිසබෙත් මහ රැජිණි නේ!!
ඔව් බං...ආං එයැයිගේ පුතා ඉන්නේ චාර්ලිස්..
චාල්ස් චාල්ස්! චාර්ලිස් නෙවෙයි අනේ චාල්ස්! මොකද්ද අනේ පොෂ් විදියට කියන්නකෝ ගොඩයෙක් වගේ නැතුව..!
හරි හරි..ආං එයාගේ පුතා ඉන්නේ විලියොං..
ආයෙත් කියනවා..! විලියම් අනේ විලියොං නෙවෙයි..!

Friday, May 1, 2015
මිදි යුෂ
කටහඬවල්..සැර ස්ප්‍රීතු ගඳ...දිගු කොරිඩෝවක පසුවන විදුලි ලාම්පු...
තිරස්ව වේගයෙන් ඇදීගෙන මම මේ යන්නේ කොහේටද?
වේගයෙන් ඇදෙන රෝදයක හඬ එක්ක අඩවන් ඇස්වලට එබෙන තවත් ඇස් දෙකක්...මං දකින්නේ අවිනිශ්චිතත්වය ද? කණගාටුව ද? තැවිල්ලක් ද? සිතුවිලි තේරුම් බේරුම් කරගන්නට නොහැකි තරමේ විඩාවක් දැනෙන්නේ ඇයි..?
"පේෂන්ට්ව තියටර් 1 එකට දාන්න.."
"ඩොක්ට..පේෂන්ට් රෙඩි.."
පරඬැල් පතක් මෙන් දුබලව වැනෙන මගේ ගත ඔවුනට අවැසි ලෙස හසුරුවා ගන්නා හැටි..මට අයිති නැති මම..
"සිහිය තියෙනවා.."
"දැන් හරි යයි.."
ගිණිකන වැටෙන එළිය මගේ අඩවන් ඇස්වලට නොදැනුණාවත් ද?
**************************************
ලේ...මගේ ලේ...
කොළ පාට පොරෝනාවල...
රිදී පාට මුවහත් තල මස් කපාගෙන යන හැටි...ඒ රිදී පාට දෝවාගෙන උතුරන රතු පාට ලේ..
ඒත්..මම ඔයතරම් නිශ්චලව වැතිරිලා ඉන්නේ කොහොමද?
නිල් පාට ලෝගුවල නිල් මුකවාඩම්වලින් උඩ රැඳිච්ච කල්පනාකාරී බැල්ම සැරින් සැරේට තිරයකට යොමුවෙන හැටි...
ඒ වැතිරිලා ඉන්න මං දිහා කොහොමද මම මෙහෙම බලන් ඉන්නේ?
රික්තයක වගේ...කිසි හඬක් නෑසී..
නිශ්ශබ්දතාවය බර වැඩියි..
නැහැ...මට මෙතැන ඉන්න බැහැ..මම යන්න ඕන..

Subscribe to:
Posts (Atom)