Sunday, November 20, 2022

නිකා මාකටින්

ආයෙත් නිකා කතාවක් ඇදිලා ඇවිත්නේ? කාලෙන් කාලෙට මතුවෙනවා.

සාමාන්‍යයෙන් ක්‍රිකට් ගැන මම දන්න අලබෝලයක් නැතිවුණත් මාකටින් ගැන දන්නවා. මේ කියන නිකායට ජනප්‍රිය චරිත ගෑවීම සහ ඒ ජනප්‍රියත්වය මොහොතකින් අංශක 180කින් හැරවීම (සමහරු 360කින් හැරවීමක් ගැන කියනවා. ගණිතමය සංකල්පයේ හැටියට ඒක එහෙම කළොත් හිටිතැනටම තමා එන්නේ‍😜) පහුගිය කාලය පුරාම නිරන්තරයෙන් උදාහරණ දැකදැක සංගක්කාර වගේ මාකටිං කප්පිත්තෙක් (Captain = කප්පිත්තා) මේ තරම් යෝධ පිම්මක් පනින්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද?

Any marketing is better marketing කියලා හිතලා වැඩ කරන ඇතැම් අයගේ කුලකයට මෙතෙක් කල් නොවැටුණු සංගා ඇයි දැන් එච්චර දරුණු තීරණයක් ගන්නේ?
යෙහාලි වෙනයි සංගා වෙනයි වගේ රැඩිකල් ඉන්ඩිපෙන්ඩන්ට් ටෝක්ස් දෙන්න කට ඇරපු අය පොඩ්ඩක් ඉවසන්න. මේක ලංකාවනේ. මෙච්චර කල් කීල්ස් කරත්තේ තල්ලු කරපු එකේ ඉඳන් ඔක්කොම බ්‍රෑන්ඩින් එකට කරපු, ආදර්ශමත් යුවලක් ලෙස කැපී පෙනුණු ඒ දෙන්නා අතරට ඔය ඔයාලගේ අනවශ්‍ය විෂබීජ දාන්න එපා ප්ලීස්! 😅

සංගක්කාර මාකටින් කප්පිත්තෙක් කියලා මං උඩ කිව්වේ ඇයි? ලංකාවේ ක්‍රිකට්වල හැම තලයකම, පසුබිමකම වගේ නියෝජනයන් තියෙනවා. එතකොට ලංකාවේ පොෂ් පීපල් හෝ වැඩිමනත් වෙන්ඩ පොෂ් පීපල්ට සනත්ගෙ බැටිං, මුරලිගෙ බෝලිං අර්ජුනගේ කූල් ඇටිටියුඩ් විතරක් බලලා චියර් කරන්න තමයි තිබ්බෙ. හැබැයි අර ඒගොල්ලොන්ගේ idols එතන නැතිකමේ niche එක ගාණට අඳුනගත්ත කෙනෙක් සංගා. අනිවාර්යයෙන්ම සංගා හොඳ යහපත් පසුබිමක් සහිත උගත් මනුස්සයෙක්. එතකොට ඔය අපේ මුවග නිතර රැඳෙන උගත් බුද්ධිමත් සංකල්පය තියෙනවනෙ. ඒක තිබුණේ සීමිත ක්ෂේත්‍ර කීපයක් අරඹයා විතරනෙ. ඒ සංකල්පයේ ඌනතාව මෑත කාලයේදී ක්‍රිකට්වලට තිබ්බ බව හරිම ලස්සනට තමන්ව position කරලා පෙන්නලා දෙන්න සංගා සමත්වුණා, ඒකෙ ඉතින් ආයෙ කතා දෙකක් නැහැ. මගෙ අදහසට අනුව නම් සංගාගේ personal branding එක හොඳ හින්දම තමයි සමහර ප්‍රේක්ෂකයන්ට ඕන වුණේ දේශපාලනයට ගන්නත්. ඔහුගේ ව්‍යාපාරවලත් මුදල් හැරුණම ප්‍රධානම පදනම ඔහුගේ ප්‍රතිරූපය.

මේකෙන් කියන්නේ නෑ ඔහුට කලින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැදගත් මිනිස්සු, මහත්හොරු නොවන මහත්වරු, උගත් බුද්ධිමත් මිනිස්සු හිටියේ නෑ කියලා. මෙතන වෙලා තියෙන්නේ යම් වෙලාවක ඇතිවුණ හිස්කමකට,එතන එහෙම හිස්කමක් තිබ්බා නේද කියලා දැනෙන්නම තමන්ගෙන් ලස්සනට පුරවන්න සංගා සමත්වුණ එකයි. අන්තිමට brand is a perception නේ!

හැබැයි ඒ එක්කම එන දුර්වලතාත් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම brand එකක් මාකට් ලීඩ් වෙද්දී පොඩි අභිමානයක්, තමන් ගැන අධිතක්සේරුවක් ඇතිවීමේ අවධානමක් තියෙනවා. ඒ අවධානම ඇතිවීම සහ ඒවායෙ පසුවිපාක සම්බන්ධයෙන් ඕනැතරම් ගෝලීය උදාහරණ තියෙනවා.

හැබැයි, සංගා කියන්නේ හොඳ marketing product එකක්. මාකට් කරන්න පුළුවන්, උත්සහ නොකළත් දැන් නිකම්ම මාකට් වෙන brand එකක්. (signal, sunlight වගේ).
අනෙක් අතට කියනවා නම් he is a product on sale. (no offence) සිංහලෙන් කිව්වොත් අපහාසයක් හැටියට ගන්න ඉඩ තියෙන නිසා සරලව එහෙම කියමු.

එතකොට ඔන්න දැන් අහන්න තියෙන ප්‍රශ්නය:
තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපට තියෙනවා. (ඒ නිදහස වැඩිවීමේ ප්‍රශ්න වෙනම කතාවක්)

ඇයි සංගා negative බව දැන දැන ඔය නිකා දායකත්වය ප්‍රසිද්ධ කරන්නේ (තමන්ගෙ බිරිඳ හරහාවත්)?
වැරදිලාද? ලණුවක්ද? සල්ලිවලටද?

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #religiousfreedom #SLCricket #branding

4 comments:

  1. තුවාන් මොහොමඩ් ඩිල්ශාන්, සුරාජ් මොහොමඩ් ක්‍රිකට් ගහන්න ආගම් මාරු කරලා බුද්ධාගමට ආවා.. සංගා, මැතිවුස්, භානුක නිකාය මාරු කරා.. මම වගේ උන් ක්‍රිකට් ආගමක් කරගෙන ඒකම බලලා කෙලවගත්තා..

    ReplyDelete
    Replies
    1. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න පුතා මේ මං වගේ😜

      Delete
  2. ලංකාවෙ බොහෝ දෙනෙක් දෙවියන් පස්සෙ නොයන අය නිසා යෙහෙලි ගේ දෙවියන් ඇදහීමට හිනා වීම සාධාරණයි නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ කතාවත් ඇත්ත. ඒත් සාමාන්‍ය දෙවියන් ඇදහීම සහ බුදුන් වැඳීම පිළිකෙව් කරන 'නිරාගමික' සෙට් එක මේ ගැන නිශ්ශබ්දයි නේද?
      තමන් කැමති බලවේගයක් හෝ ආගමක් හෝ ආගමික දර්ශනයක් ඇදහීමේ නිදහස තියෙනවා. නමුත් මේ කල්ලිය පිල්ලියක් බවයි මගෙ හැඟීම.

      Delete